සිංහලුන්ට ‍ෆ්‍රී ඉන්ටනෙට් තව මාස දෙකකින්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සිංහලුන්ට ‍ෆ්‍රී ඉන්ටනෙට් තව මාස දෙකකින්

Google සමාගම ඔවුන්ගේ අලුත්ම ව්‍යාප්තියක් ලංකාව තුළ අාරම්භ කිරීමට එකග වී අැත. මෙය සැමට නොමිලේ ඉන්ටනෙට් ලබාදීමට ගන්නා උත්සාහයකි. මෙමගින් බලාපොරොත්තු වන්නේ ඩිජිටල්කරනය තුලින් අලුත් ආර්ථික ව්‍යුහයක් සැකසීමය.

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ද ගූගල් සමාගමේ අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් ව්‍යාපෘතියක් දියත් කිරීමට ලංකාවට පැමිණි අතර ඒ සදහා බැසිල් රාජපක්ෂ මහතා මැදිහත්වී ඒ හරහාද වාසි ලබා ගැනීමට උත්සාහ කළේය. මේ තත්වය වටහා ගත් ගූගල් සමාගමේ අධ්‍යක්ෂකවරු ව්‍යාපෘතිය අතහැර දමා අාපසු ගියේය.

දැන් ලංකාවේ පවතින වාතාවරණය පිළිබද සතුටට පත් එම සමාගම ලංකාව තුළ ඔවුන්ගේ අලුත්ම ව්‍යාප්තිය දියත් කිරීමට සූදානම්ය.මේ සමග ගුගල් සමාගම සමග එක්වී සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි අන්තර්ජාල පහසුකම් සපයන ලෝකයේ පළමු රට ශ්‍රී ලංකාව බවට පත්වේ.

මුළු රටම ආවරණය වන පරිදි අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීම සදහා ගුගල් ආයතනය සමග ඓතිහාසික ගිවිසුමක් අද (28) දින අත්සන් කෙරෙන බව විදේශ කටයුතු, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනය කර සිටියි.ඒ වෙනුවෙන් ගූගල් සමාගමේ සභාපතිවරයාද ලංකාවට පැමිණියේය.

ඉහල උන්නතාංශයකින් සමන්විත බැලූන් උපයෝගී කරගනිමින් ගුගල් ලූන් ඔස්සේ ශ්‍රී ලංකාවේ සෑම බිම් අඟලක්ම ආවරණය කරමින් අන්තර්ජාලයට පහසුවෙන් ප්‍රවේශ වීමට හැක.

සමස්ත රටම අන්තර්ජාල සම්බන්ධතාවයෙන් ආවරණය වූ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව දැන් පිය නගනු ඇත.

මේ පිළිබදව අදහස් දක්වමින් අමාත්‍ය සමරවීර මහතා සදහන් කරන්නේ ගුගල් සමාගම සමග එක්වී සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි අන්තර්ජාල පහසුකම් සපයන ලෝකයේ පළමු රට ශ්‍රී ලංකාව බවයි.

ඔහු වැඩි දුරටත් පවසන්නේ, 21 වන ශතවර්ෂයේ දී අපගේ ජීවිතයේ සියළු අංග අන්තර්ජාලය හරහා යලි හැඩගැස්වෙනු ඇති බවත් අපගේ සිසුන්ට දැන් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පාඨමාලා සජීවීව හැදෑරිය හැකිවා පමණක් නොව, දුර්ලභ පාලි අත්පිටපත් පවා අන්තර්ජාලය හරහා ලබාගැනීමට හැකි වී ඇත. එමෙන්ම පර්යේෂණ මගින් පෙන්වා දෙන පරිදි අන්තර්ජාලයට සම්බන්ධ කුඩා ව්‍යාපාර පෙර පැවතියාට වඩා දෙගුණයකින් වේගවත්ව ව්‍යාප්ත වන බව ද පෙන්වා දී ඇත.

නමුත් ලෝකයා සමග නියෙදීම පමණක් සම්බන්ධකතාව ලෙස හැදින්විය නොහැක. එය ශ්‍රී ලාංකිකයන් හා රාජ්‍ය සේවාවන් අතර අන්‍යෝන්‍යය සබදතාවක් ඇති කිරීමටද ඉවහල් වනු ඇත. සිංහල හා දමිළ මාධ්‍යෙව්දීන් හට “ගුගල් පරිවර්තන” හරහා ඉංග්‍රීසි භාෂාවෙන් ඇති තොරතුරු පරිවර්තනය කරගනිමින් සහෝදර මාධ්‍යවේදීන්ගේ පුවත්පත් වාර්තා හා ලිපි කියවා දැනගැනීමටත්, විවිධ භාෂා කථාකරන රටවල් අතර පවත්නා දුරස්ථ බව අවම කරගැනීමටත් ඉන් හැකියාව ලැබී ති‍බේ. නුදුරු අනාගතයේ දී “ස්මාර්ට් දුරකථන” ඔස්සේ සිංහල හා දෙමළ භාෂා අතර සමගාමී හඬ පරිවර්තනය මගින් සබඳතා වර්ධනය කරගැනීම වඩාත් ප්‍රචලිත වනු ඇත. අක්‍රමිකතා හා දුෂණ මර්ධනය කිරීමට හා රාජ්‍ය සේවාවන් වලට පහසුවෙන් ප්‍රවේශ වීමට අවකාශ සැලසීම පිණිස රජය විසින් අන්තර්ජාලය හරහා පහසුකම් ලබාදීමට බලාපොරොත්තු වෙමු.

තත්වය එසේ වුවද, බොහෝ ශ්‍රී ලාංකිකයන් හට තවමත් අන්තර්ජාල පහසුකම නැත. රජය විසින් තම දින 100 යේ වැඩපිළිවෙළ තුල ජනතාව නිරන්තරයෙන් ගැවසෙන ප්‍රසිද්ධ ස්ථාන අරඹයා නිදහස් wi-fi කලාප 150 ක් ඇතිකිරීමට පියවර ගන්නා ලදී. නමුත් එය ප්‍රමාණවත් නොවේ. මින් මතුවට “මාතර ආවරණය කරන ලදි.යාපනය ආවරණය කරන ලදි.'' වශයෙන් දැන්වීම් ඉතිහාසයේ මතක සටහන් වනු ඇත.

අද දින ගූගල් සමාගම සමඟ අත්සන් තබන මෙම ගිවිසුම හරහා ‘ගුගල් ලූන්’ තාක්ෂණය ඔස්සේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා සමස්ථ ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි පහසු මිලට අධිවේගී අන්තර්ජාල පහසුකම ලබාගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන් හට උදාවීම සමබන්ධයෙන්, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මම ඉතාමත් ආඩම්බර වෙමි. එමගින් සමස්ත රටම ජාල සම්බන්ධතාවයෙන් ආවරණය වූ ලෝකයේ පළමු රට බවට ද ශ්‍රී ලංකාව පත්වනු ඇත.

හිතවතුනි, ඒ අනුව බාහිර ලෝකය හා එකිනෙකා අතර ඇති සබඳතාවය යලිත් ගොඩනගාගැනීමේ මාවතට ශ්‍රී ලංකාව අවතීර්ණ වී ඇති බව අවසන් වශයෙන් මා ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. “ශ්‍රී ලංකාව ආවරණය කරන ලද බව” තව මාස කිහිපයකින් අපට සැබවින්ම පැවසීමට හැකි වනු ඇත."
 
  • Like
Reactions: AnuradhaRa

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    බම්බු ගහන් පකේ ටෝක් දෙන පොන්න unp එක මොකද මෙච්චර බය වෙලා දඟලන්නේ පාද යාත්‍රාවට?

    govt2.gif




    පාද යාත‍්‍රාවට තුච්ච බාධා.. හයිඞ් පිටිය පුරා බොරු වලවල් කපයි..
    July 28, 2016 at 12:01 am | lanka C news
    පාද යාත‍්‍රාවට තුච්ච බාධා.. හයිඞ් පිටිය පුරා බොරු වලවල් කපයි..


    අද දිනයේ මහනුවරින් ආරම්භ වී දින පහක් තිස්සේ පා ගමනින් කොළඹට පැමිණ අගෝස්තු පළමුවැනිදා හයිඞ් පිටියේදී පැවැත්වීමට සූදානම් කර තිබූ ජනරැළියට විශාල වශයෙන් බාධා එල්ල වෙමින් ඇති බව ඒකාබද්ද විපක්‍ෂය කියයි.

    ඒකාබද්ද විපක්‍ෂය විසින් අගෝස්තු පළමුවැනිදාට හයිඞ් පිටිය වෙන් කරගෙන තිබුණද ඊයේ දිනයේ එම පිටිය පුරා විශාල වලවල් හාරමින් ඇති බව ඔවුන් කියා සිටී.

    ඉදිරියේ පැවැත්වෙන වැඩසටහනක් සඳහා මෙම ප‍්‍රතිසංස්කරණ කෙරෙමින් ඇතැයි කොළඹ නගර සභාව කියුවද එවන් සත්‍ය වශයෙන්ම සිදු වන්නේ එම පිටිය ලබා නොදීමට තුච්ච කටයුතු කරමින් තිබීම යයිද ඔවුන් පෙන්වා දෙයි.

    පින්තූරවලින් දැක්වෙන්නේ හයිඞ් පිටියේ තැන තැන වලවල් හාරා ඇති ආකාරයයි.


    පාද යාත‍්‍රාවට එක දිගට කෙණෙහිලි.. කොලඹ සියළු පිට්ටනි ආණ්ඩුවෙන් වෙන් කර ගනී..
    July 28, 2016 at 9:20 am | lanka C news
    පාද යාත‍්‍රාවට එක දිගට කෙණෙහිලි.. කොලඹ සියළු පිට්ටනි ආණ්ඩුවෙන් වෙන් කර ගනී..


    කොළඹ මහ නගර සභා සීමාව තුල පිහිටි සියළුම ක‍්‍රිඩා පිටි ජූලි 25 වන දින සිට අගෝස්තු 06 වන දින දක්වා විවිධ පුද්ගලයින් විසින් මුදල් ගෙවා වෙන් කර ගෙන ඇති බව නගර සභා ආරංචි මාර්ග පවසයි. ප‍්‍රසිද්ධ රැස්වීම් පවත්වන ක‍්‍රිඩා පිටි 10ක පමණ ප‍්‍රමාණයද මේ අතර වෙයි.

    කොළඹ මහ නගර සභාවේ හිටපු එජාප මන්ත‍්‍රීවරයෙකු විසින් විවිධ පුද්ගලයන්ගේ නම් වලට මෙම ක‍්‍රිඩා පිටි වෙන් කරවාගෙන ඇතැ බවද පැවසෙයි.

    මේ අතර ඒකාබද්ද විපක්‍ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් අගෝස්තු පළමුවරනිදා වෙන් කරන ලද කොළඹ හයිඞ් පිටියේ හිදිසි ප‍්‍රතිසංස්කරණ කටයුත්තක් ආරම්භ කර ඇති අතර එහි පලමුවැනිදාට රැුස්වීමක් කල හැකි තත්වයක් නොපවතී.

    පාද යාත්‍රාවට කිරිඇල්ගෙන් ගුටිබැට.. මයන්තගෙන් ජාපාල, අත්තන ඇට සිසිල් බීම දන්සැල් සූදානම් කෙරේ..
    July 28, 2016 at 1:03 am | lanka C news
    පාද යාත්‍රාවට කිරිඇල්ගෙන් ගුටිබැට.. මයන්තගෙන් ජාපාල, අත්තන ඇට සිසිල් බීම දන්සැල් සූදානම් කෙරේ..

    මහනුවරන් ආරම්භවීමට නියමිත ජන සටන පාද යාත්‍රාවට සහභාගීවන පෙළපාලිකරුවන් සමග ගැටඹ ප්‍රදේශයේදී ගැටුමක් හදා ගැනීමට ලක්ෂමන් කිරිඇල්ල ඇමතිවරයා සැලසුම් කොට ඇති බව වාර්තාවේ.

    එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය පුළුල් කිරිමේ වැඩසටහනකට සහභාගීවන සාමාජිකයන් එම ගැටුමට යොමු කිරීමට ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාගේ කණ්ඩායමක් යොදවා ඇති බවට සාක්ෂි අප වෙත ලැබී ඇත.

    ඒ අතර මයන්ත දිසානායක මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් තවත් වැඩ දෙකක් සැලසුම් කොට ඇති බවට තොරතුරු ලැබී ඇත. පළමු වැන්න කඩුගන්නාව සුනිල් එස්. අබේසුන්දර ක්‍රීඩාංගණයේ නවතා තබන බස් කිහිපයක පිරවූ සෙනග පාරට ගෙන ඒ මගින් ගැටුමක් නිර්මාණය කිරීමයි.

    දෙවැන්න මිත්‍රශිලී සංග්‍රහ කිරිමේ මුවාවෙන් පෙළපාලිකරුවන්ට අත්තන සහ ජාපාල වැනි ඹෟෂධ මිශ්‍රකල සිසිල් පැන් පානය කිරීමට සැලැස්වීමයි.

    අත්තන ඇට වලින් මානසික අවුල් ඇතිකරන අතර ජාපාල වලින් බඩ බුරුල්වීම ඇති කරන බව වෛද්‍යවරු පවසති.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දුන්න ෆ්‍රී වයිපයි ඇති බන්.....
    මෙච්චර දේවල් මොනවට දෙනවද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මම නං දැනුත් නොමිලේ හම්බුන වයි-පයි වලින් ඉන්ටනෙට් එන්නෙ. හරිම වේගවත්, හරිම පහසුයි. ස්තුතියි ජනාදිපති මාමේ. :)