කොල්ලෙක් තමන්ට වඩා සල්ලි තියන කෙල්ලෙක් කසාද බැදගෙන සැපේ ඉන්නවා දකිද්දි ගොඩක් උන්ට ඇහේ කටු අනිනවා වගේ. උන් දෙන්නා කොච්චර ආදරෙන් හිටියත් ගොඩක් උන් බලු කතා හදනවා, මිනිහා පාන් ගෙඩියක් ගේන්න වත් කඩේ යනවා දකින්න බෑ ඌව වැඩකාරකමට තියන් ඉන්නෙ කියනවා. ගෑනිත් වාහනේ කැඩුන දවසකවත් ත්රීවිල් එකක යනවා දැක්කොත් ඒකි ගෙදර වාහනෙකුත් තියාගෙන ත්රීවිල් කාරයොත් එක්ක මගුලෙ යනවා කියලා කතාවක් හදනවා. ගෑනිගෙන් කාලා ඉන්න එකා කියලා මිනිහට හිනාවෙනවා, ඒම කියලා අත්දෙක වන වන ආපු තමන්ගෙ ගෑනි දිහා බලලා ඒකිට කන්න අදින්න දෙන්න තමන් හම්බකරන්න කන ගූ කට්ට හෙන වීරකමක් කියලා හිතලා හිත හදාගන්නවා.