සිරිමා ගොන් බඩුවත් කලේ මිනිස්සු නොමරා මරපු එක.
ජේආර් වේසාවා විවෘත ආර්තිකේ ගෙනල්ල කලේ ඊට වඩා විනාසයක්.
ඔක්කොම එකයි ඔක්කොම වග කියන්න ඕන මේවට.
සිරිමාවෝ බණ්ඩාරනායක ගේ වැඩේ උණේ පිටරටින් ගෙන එක තහනම් කරා . එක සැර වැඩියි අපේ අයට .
කරන්න තිබ්බේ ආනයන අදර්යමත් කරන එක මචං බදු වැඩි කරලා එක එක සීමා පනවලා .
ගණන් වැඩි උණත් ලංකාවේ දෙයක් ගන්න කොට ඩොලර් ප්රශ්නයක් නෑ . ඩොලර් පිටට යන්නේ නැහැ මචං.
තෙල් . බොර තෙල් , Hightech දේවල් ලංකාවේ හදන්න බැරි දේවල් පිටරටින් ගෙන්වන්න තිබුණා ඒ ඉතුරු වෙන ඩොලර් වලින්.
එතකොට ආනයන වලට යන වියදම අඩු වෙනවා අපනයන ආදායම වැඩියි .
අපි කරේ සුවදකුරු, පපඩම්, ලුණු හාල් , ඇදුම්, පල්ස්ටක් බඩු , ගෑනුන්ගේ සනීපාරක්ෂක තුවා ඉඳන් පිටරටින් ගෙනාවා තෙල් ගන්න තිබ්බ සල්ලි වලින්. දැන් තෙලුත් නැහැ
මේ වගේ වැඩකට නැති ආර්ථික ප්රතිපත්ති වලට දේශපාලකයෝ වගේම එදා ඉදන්ම හිටපු මහබැංකු නිලධාරී වාදයත් වග කියන්න ඕනේ.
ලංකාවේ මිනිස්සු ත් වග කියන්න ඕනේ කොහේ හරි රටකින් ආයෝජකයෙක් ආවොත් අපේ රටේ මිනිස්සු කියන්නේ රට විකුණනවා කියලා කෑ ගහනවා . අළුතෙන් Hotel එකක් ගැහුවොත් කැලේ කපනවා කියලා කෑ ගහනවා. රටට ආපු අයෝජකයානුත් strike කරලා පන්න ගන්නවා .
අළුතෙන් පාරක් හදන්න බැහැ එකට විරුද්ධව උද්ගෝෂඅන කරනවා . මෙහෙම රටක් කොහොමත් දියුණු රටක් වෙන්නේ නැහැ .
දේශපාලකයින් මොඩයින් නම් ජනතාව බුද්ධිමත් වෙන්න ඕනේ . ලංකාවේ එහෙම උණේ නැහැ .
දැන් ලෝකේ දුප්පත්ම රට
පුදුම වෙන්න දෙයක් නැහැ
හිත හදාගෙන ඉන්න වෙන්නේ