සිංහල කඩේ කටම යමු
මියගිය වෙළෙඳසැල් හිමිකරුට අයත් රෙදිපිළි ආයතනයට ඇඳුමක් මිලදී ගැනීමට කාන්තාවක් පැමිණ තිබේ. ඇඳුම තමාට සරිලන්නේදැයි බැලීම සඳහා ඇය ඇඳුම රැගෙන ‘ෆිටෝන්’ කාමරයට ගොස් එය ඇඳ බලා ඇත. ඒත් ඇය නොදන්නා දෙයක් ඒ මොහොතේ සිදුවෙමින් තිබුණි. ඒ ඇගේ සිරුරේ අඟපසඟ සියල්ල රහසිගත කැමරාවක සටහන් වීමය.
එම කැමරාවේ සටහන් වූ ඡායාරූප පෙන්වමින් ඇයට නොයෙකුත් බලපෑම් කර ඇත්තේ ඉන් පසුවය. පසුව ඇයව අවනත කරගෙන අයතා කටයුතු වලටද යොදා ගෙන ඇති අතර දිනක් ඇය කොළඹ ගෙන ගොස් තවත් මිතුරුකුට පවා ලබා දීමට කටයුතු කර ඇතැයි පොලිසිය කියයි.
බේරෙන්නම බැරිම තැන ඇය මේ සියල්ල සිය සොහොයුරාට හඬා වැළපෙමින් පවසා ඇති අතර ඉන් පසු ඇගේ සොහොයුරා නිතරම සාප්පු හිමියාට තර්ජනය කරන්නට පටන් ගෙන තිබේ.
“මේක නවත්වපන් . නැත්නම් මම උඹව මරණව“.
“ උඹට පුළුවන් දෙයක් කරපන්” .
මියයාමට මොහොතකට මත්තෙන් සාප්පු හිමිකරුගේ ජංගම දුරකථනයට ආ ඇමතුම් ඒවාය. ඊට කේන්තියෙන් පිළිතුරු දුන් හිමිකරු ඊට පැයකට පසු මහ මඟ මරා දමන්නේය.
ඝාතනය පිළිබඳ මෙම තොරතුරු හෙළිවන්නේ අපහසුතාවයට පත් පෙර කී කාන්තාවගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමෙන් පසුවය. ඇය මේ වන විට විවාහක කතක් වන අතර ඇයට විවාහ ජීවතය පවා හරි හැටි ගත කිරීමට ඉඩ නොදෙමින් ඇයව බිය කොට “ බ්ලැක්මේල්” කර තිබෙන බවත් පොලිසිය කියයි.
ඝාතනය මුදල් කොන්ත්‍රාත්තුවක් නොව සිය සොහොයුරියට වූ අපරාධයට අපහාසයට කළ දෙයක් බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.
තවත් ප්‍රවෘත්ති

Code:
lankadeepa
Code:
gossiplanka
Last edited by a moderator: