සිංහල කාන්තාවන්

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    සිංහල කාන්තාවන්

    320718_604781472866809_344656251_n.jpg


    අල කන්ටේනරයක් තුළ සගවා ගබ්සා එන්නත් කුප්පි තිස්දහසක් පමණ පාකිස්තානු ජාතිකයෙකු විසින් මෙරටට ගෙන්වා ඇත්තේ කාගේ අවශ්‍යතාවටද යන්න සහ එය පිටුපස සිටින පුද්ගලයින් රටට හෙළි කරන්නැයි කෝට්ටේ නාගවිහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ ඉල්ලා සිටිති.

    ඒ සදහා පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම රජයේ යුතුකම බවද පෙන්වා දෙන උන් වහන්සේ සිංහල කාන්තාවන් වදභාවයට පත්කිරීම සදහා රහස් ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක වන බවට රට පුරා ආන්දෝලනයක් පවතින බව සදහන් කරති.

    මෙතරම් විශාල ගබ්සා එන්නත් කුප්පි තොගයක් මෙසේ අසුවීම තුළින් එම ආන්දෝලනය සනාථ වන බවද වැඩිදුරටත් පවසන උන් වහන්සේ මේවා ගෙන්වූ වගකිවයුත්තන් හෙළි කළ යුතුව ඇතැයිද අවධාරණය කරති.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ගබ්සා එන්නත් ගෙන එන්නේ සිංහලයෝ වද කොරන්ඩද හාමුදුරුවනේ ?ගබ්සාව සදහා ලංකාවේ නීතියෙන් ඉඩක් නැහැ , එකයි ගබ්සාව කියන දේ ජාවාරමක් වෙලා තියෙන්නේ ,සිංහලයෝ වද කරන්න කියල ජාතිවාදී ස්වරුපයක් පෙන්වන්නේ ඇයි ? ගබ්සාව නීතිගත නැති අනෙකුත් රටවලත් මේ ජාවාරම් සිද්ධ වෙන්නේ ඒ රටවල ජාතින් වද කරවීමේ කුට උපක්‍රමයක් හැටියටද ? හොර ආයුධ බිස්නස් ,මිනිස් ජාවාරම් ,මත්ද්‍රව්‍ය ජාවාරම් ,ශාක කොටස් වෙලදාම් ,සත්ව ජන වෙළද ම , මිනිස් අවයව විකිණීම ,විවිධ තහනම් උත්තේජක,ඖෂධ ජාවාරම් ඇතුළු විවිධ ආකාරයේ නීතියට එපිට ජාවාරම් තියනවද ලෝකේ ,මේ තව එහෙම ජාවාරමක්,

    කව්රුවත් බලෙන් ගබ්සා කොරන්ඩ බැහැනේ , ගේනවා ඇත්තේ ලංකාවේ විකුනන්න පුළුවන් නිසානේ ...මෙච්චර එන්නත් ගෙනාපු එකෙන්ම තේරෙනවා ඇතිනේ ලංකාවේ ඇතුලත ගබ්සාව සදහා කොයිවගේ වෙළද පොලක් හැදිල තියනවද කියල ?

    ඔය වහන්සේලා හරි ජාති ආල පොරවල්නම් .හොද නැද්ද මිනිස්සු නීති විරෝධී ගබ්සා වලට යොමු වෙන්නේ මොන හේතු නිසාද කියල හොයල එකට විසදුමක් ගෙනාවොත් ...? එහෙම බැහැනේ ? මේවා හම්බ කුමන්ත්‍රණ නේ ? හැබයි කුමන්ත්‍රණ මන්තරේ ගහ ගහ හිටියට හාමුදුරුවනේ ඉල්ලුමට සැපයුම නම් නවතින එකක් නැහැ ...එහෙයි කියල පිළිගන්න එහෙයියල ටිකටනම් හරි සෝක් මාතෘකා නේද මේවා ?
    එකෙන්ම මමත් දේශප්‍රේමී වෙනවා ඔං ..."බලපියවූ හම්බයන්ගේ වැඩ අපේ ගනුන්ව වද කොරන්ඩ කුය්මන්ත්‍රණය කොරනවා" ....හැක හැක හැක ...
     
    Last edited: