සිංහල කොල්ලන්ට මොකද වෙන්නේ

inspiron

Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    අපේ පැත්තට ඇවිල්ලා සුද්දොන්ට ස්කූටර් හරි රෙන්ට් හරි රෙන්ට් එකට දීපල්ලා. ගොඩක් රශියන් උන් ඉන්නවා මාස තුන තුනහමාර මෙහේ ඉන්න උන්. උන්ට දුන්නොත් ඉතින් ගොඩම තමා.
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    607
    385
    63
    මේ වගේ ත්‍රෙඩ් දාලා නිදන් ඉන්න අය අවදි කරන්න හදන එක ගොඩක් වටින පිං කමක්. මටත් වයස 24ක් වෙනවා දැන්. පොඩි කාලේදී ලොකු ටාර්ගට් එකක් තිබුනා කවදා හරි IT පැත්තෙන් ලොකු තැනකට එනවා කියලා. O/L කරා, A/L කරා, Computer Hardware, Graphic Design Diploma, JAVA Course කරා... එක එක ජොබ් කරා එක එක තැන් වල. ආමි එකේ සිවිල් පදනමටත් ගියා Technical. ඔහොම කාලයක් යනකොට හදිස්සියේම මගේ තාත්තා නැති උනා. ජිවිතේ කවදාකවත් නොදැනුන ලොකු හිස් බවක් දැනුනා මට. ගොඩක් ආසාවෙන්, මහන්සි වෙලා ලබා ගන්න හදන මේ හැම දෙයක්ම මොකටද කියල හිතෙන්න ගත්තා.. මම කර කර ඉදපු දේවල් වලිනුත් මම අයින් උනා, ජොබ් එකෙනුත් අයින් උනා..

    මම සෑහෙන්න කාලයක් ඒ හිස් වෙච්ච හැගීම් වල හිර වෙලා හිටිය. මගේ වටේ ඉදපු අය ගොඩක් උත්සහ කරා මට උදව් කරන්න. එත් මම කොහේදෝ නොදන්නා ලෝකෙක, දන්න අදුනන අය අතරේ තනි වෙලා හිට්යා. අවුරුදු ගණනාවක්..

    දැන් මම එතන නැහැ තවදුරටත්. මට වගකීම් ගොඩක් තියෙනවා ඉටු කරන්න. මගේ අම්මව, නංගිව, ආච්චිව බලා ගන්න ඕනේ මම. මට මගහැරුණ ලෝකය මම දින ගන්න ඕනේ.

    ඒ හැමදෙයක් ගැනම හිතලා මම දන්න දෙයින් ජිවිතේ අයි පටන් ගන්න තීරණය කරා, බින්දුවේ ඉදන්. මම මහා ලොකු දේවල් දන්නේ නැහැ. Computer Hardware පැත්ත ගැන පොඩිකාලේ ඉදන් ලොකු උණක් තිබුන නිසාත්, Shop එකක කාලයක් වැඩ කරලා තිබුන නිසාත් මට හිතුනා එතනින් පටන් ගන්න.

    මගේ බැංකු පොතකවත් ඉතුරු කරපු දෙයක් නැහැ. අම්මා ලගවත්, ආච්චි ලගවත් මහලොකු සල්ලියක් නැහැ. ඒක නිසා මුලින්ම යාළුවොන්ගෙන් උදව් අරන් මුලික ටූල් ටිකක් අරන්, පොඩි පෝස්ටර් ටිකක් ගැහුවා ගිය මාසේ අපේ පැත්තේ. ගෙවල් වලටම ඇවිත් Computer Repair කරනවා කියලා. පලවෙනි සතියේ දෙකේ නම් එක call එකක්වත් ආවේ නැහැ. දැන් නම් ටික ටික එනවා.

    ගෙදරත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. හිතට ලොකු ප්‍රෙෂර් එකකුත් එනවා වෙලාවකට. එත් මට මේ ජීවිතේ දිනන්න ඕනේ. මන් වෙනුවෙන්ම නොඋනත් මාව විශ්වාස කරන, මම වටේ ඉන්න අය වෙනුවෙන් හරි. ප්‍රශ්න තිබුනා, තියෙනවා, ඉස්සරහටත් ඒවි. එත් දැන්නම් මම අතාරින්නෙ නෑ. මම ඒක කොහොමහරි කරනවාමයි!

    ඔයාගේ කලින් දාපු ත්‍රෙඩ් එහෙමත් මම කියවල තියෙනවා. ඒ වගේම මම තව සහෝදරයෝ කීප දෙනෙක්ගේම මේ වගේ වටින ත්‍රෙඩ් දැකල, කියවල තියෙනවා. ලොකු පිනක් ඔය අය කරන්නේ.

    ජය වේවා!


    උබට ජය වේවා සහෝදරයා
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මෙහෙමත් කේස් එකක් තියෙනවා.. අපේ උන් ඉගෙන ගන්නේ විභාග ඉළක්ක කරගෙන මිසක් තමන්ට නෙමෙයි.. උදා:- ඒලෙවල් පාස් වෙලත් කැම්පස් යන්න බැරි එකෙක්ට කරන්න පුළුවන් ජොබක් කියපන්.. ඌට බිස්නස් එකක් පටන්ගන්න බිම් මට්ටමේ දැනුමක්වත් ලැබිලා තියෙනවද..? ගොඩක් උන් ඉස්කොලේ කාලෙම තමා ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙන්නේ.. හේතුව ඉච්චබංගත්වය..
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    මෙහෙමත් කේස් එකක් තියෙනවා.. අපේ උන් ඉගෙන ගන්නේ විභාග ඉළක්ක කරගෙන මිසක් තමන්ට නෙමෙයි.. උදා:- ඒලෙවල් පාස් වෙලත් කැම්පස් යන්න බැරි එකෙක්ට කරන්න පුළුවන් ජොබක් කියපන්.. ඌට බිස්නස් එකක් පටන්ගන්න බිම් මට්ටමේ දැනුමක්වත් ලැබිලා තියෙනවද..? ගොඩක් උන් ඉස්කොලේ කාලෙම තමා ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙන්නේ.. හේතුව ඉච්චබංගත්වය..

    මොකක්ද බං ඉච්චබංගත්වය කියන්නෙ
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    සිංහල ජාතිය ගොඩදාන්නනම් අපි පුක ඉරාන කෑගහලා විතරක් හරියන්නේ නෑ බොලව්. ඉගෙනගනිල්ලා.
     

    hirandazec

    Member
    Jun 17, 2008
    470
    11
    0
    this is absolutely true, i always try to take sinhala boys to my company but pathetic its very difficult to find a proper person,
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙහෙමත් කේස් එකක් තියෙනවා.. අපේ උන් ඉගෙන ගන්නේ විභාග ඉළක්ක කරගෙන මිසක් තමන්ට නෙමෙයි.. උදා:- ඒලෙවල් පාස් වෙලත් කැම්පස් යන්න බැරි එකෙක්ට කරන්න පුළුවන් ජොබක් කියපන්.. ඌට බිස්නස් එකක් පටන්ගන්න බිම් මට්ටමේ දැනුමක්වත් ලැබිලා තියෙනවද..? ගොඩක් උන් ඉස්කොලේ කාලෙම තමා ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙන්නේ.. හේතුව ඉච්චබංගත්වය..


    උන්ම තියරිය උගන්නලා උන්ම ප්‍රශ්න හදලා උන්ම ලකුනු දීලා අපිට උන් කිව්ව එක කොච්චර මතකද කියලා විතරක් බලන අද්‍යාපන ක්‍රමයක්නේ තියෙන්නේ
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    kelawila iwarayi mcn...............................

    සිංහල කොල්ලො ටොයි බයි ලෙස බෙදී කෙළගනිත්. අනිත් උන් සමගියෙන් ඉහලටම යත්.
     

    U Dinesh

    Member
    Apr 24, 2014
    72
    1
    0
    තරහ වෙන්ඩ එපා මෙහෙම කියුවට, සිංහල ජාතිය ගොඩ දාන්ඩනම් පුක ඉරාගන කෑගහලවත්, අධයාපනයෙන්වත් බැහැ. සිංහල ජාතිය ගොඩ දාන්ඩ නම් ජානමය වෙනසක් කරන්ඩ වෙනවා. ජන්ම ගති වෙනස් කරන් නැතිව සිංහල ජාතිය ගොඩ දාන්ඩ බැහැ. මම කොහොමත් ඔය සිංහල බෞද්ධ කම් ගැන කතා කරන්ඩ කැමති නැහැ. දෙමල මිනිහ දෙමල මිනිහ ගැන හිතනවා. මුස්ලිම් මිනිහ මුස්ලිම් මිනිහ ගැන හිතනවා. ඒත් සිංහලය තරම් තමන්ගේ ජාතියේ එකාට කපන එකෙක් මේ ලෝකේ තවත් ඉන්නවද? සිංහලයෙක් වෙලා ඉපදුනාට වඩා හොදයි දෙමළෙක් වෙලා ඉපදුනානම් කියල හිතෙනවා. සිංහලය හැමදාම අවුරුදු 2500 ක ඉතිහාසේ ගැනයි "අපේකම" ගැනයි පම්පෝරි ගහනවා මිසක් ඉදිරියක් ගැන හිතනවද? පොඩ්ඩක් හිතල බලන්ඩ ඔය පාරවල් ගානේ රස්සාවල් ඉල්ලලා, අයිතිවාසිකම් ඉල්ලලා, පඩි වැඩිවීම් ඉල්ලලා කෑ ගහන උද්ගෝෂණ කරන මිනිස්සු අතරේ දෙමල, මුස්ලිම් මිනිස්සු කී දෙනෙක් ඉන්නවද කියල. ඒ මිනිස්සු තම තමන් ගොඩ නැගෙනවා. සිංහලය හැමදාම අනුන්ට බැන බැන පාරට වෙලා කෑගගහ ඉන්නවා.

    ඔය රැකියාව කියන කාරණය ගත්තොත්, ඔතන තියෙන්නේ ආකල්පමය හේතු. සරලවම කියනවනම් යටහත් චින්තනය. බහුතරයක් තරුණ, තරුණියෝ හිතන්නේ ඉගනගන, හොද ජොබ් එකක් හොයාගන, ලෝන් එකක් හරි දාල ගෙයක් දොරක් හදාගන, ලීසිං එකක් දාල කාර් එකක් අරන්, කසාදයක් බැද ගත්තම ජීවිතේ හරි කියල. එතනින් එහාට තමන්ගේම කියල දෙයක් ගොඩ නගන්ඩ උත්සාහ කරන්නේ කීයෙන් කී දෙනාද? දරුවෙක්ගේ ළමා කාලයේ ඉදන්ම දෙමවුපියෝ ඔලුවට දාන්නේ දොස්තර කෙනෙක්,ඉංජිනේරුවෙක්, ගුරුවරයෙක් වගේ රස්සා මිසක් වයාපාරිකයෙක් වෙන්ඩ කියල කවදාවත් කියනවද? කෘෂිකර්මය වගේ ක්ෂේත්‍ර වලට යොමු වෙන්ඩ පවා අද තරුණ පරම්පරාව ලැජ්ජයි. දරුවන්ව ඒවාට යොමු කරන්ඩ දෙමවුපියෝ ඊටත් වඩා ලැජ්ජයි. මොකක් හරි ජොබ් එකක් පස්සේ දුවල අනුන්ට කබුරන්ඩ තමයි බලන්නේ.

    මගේ ඉහලම අධ්‍යාපන සුදුසුකම උසස් පෙළ. එතනින් එහාට අධ්‍යාපනයෙන් ඉදිරියට නොගියේ විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්ඩ සුදුසුකම් නැති නිසා නෙමෙයි. මම උසස් පෙළ කෙරුවේ ගණිත අංශයෙන්. ප්‍රතිපල B 3 යි. engineering යන්ඩ බැරි උනාට physical යන්ඩ පුළුවන් කම තිබුන. ඒත් එතනින් එහාට ඉගන ගන්ඩ නොහිතුවේ මගේ මුල ඉදන්ම රස්සාවක් කරන්ඩ බලාපොරොත්තුවක් නොතිබුණු නිසා. engineering සිලෙක්ට් උනානම් මම කැම්පස් යනවා. මොකද මම engineering වලට ආසයි. ඒ ගියත් මම අවසානයේ එන්නේ මගේම ව්‍යාපාරයක් කියන තැනට මිසක් ඉන්ජිනේරුවෙක් වශයෙන් රැකියාවකට නෙමෙයි. මම මුල ඉදන්ම බලාපොරොත්තු උනේ සුලුවෙන් හරි මගේම කියල ව්‍යාපාරයක් පටන් අරන් ඉස්සරහට යන එක. මට මුලින්ම බාධකය ආවේ ගෙදරින්මයි. ඒ ගොල්ලන්ට ඕන උනේ මම හොද ඔෆිස් එකක හරි බැංකුවක හරි ජොබ් එකක් කරනවා දකින්ඩ. එතෙන්දි මට ලොකු සටනක් කරන්ඩ උනා මගේ මතය වෙනුවෙන්.

    ව්‍යාපාර කියන්නේ හැමතිස්සෙම අවදානමක්. බිස්නස් මැනේජ්මන්ට් උපාධි කල පමණින් බිස්නස් කරන්ඩ බැහැ. ඒකට වැදගත්ම දේ ස්වාධීන චින්තනයක් තියෙන්ඩ ඕන. අනිත් දේ තමයි කැප කිරීම. දැන් මට අවුරුදු 30 යි. ඇත්තටම මම මගේ හොදම තරුණ කාලය මගේ වයසේ අනිත් අය තරම් භුක්ති වින්දේ නැහැ. මාව නැත්තටම නැති වෙන මට්ටමට කඩා වැටිච්ච අවස්ථා ගොඩක් තිබුන. හුගක් දේවල් නැති උනා. ඉහලට ඉගනගෙන ජොබ් එකකට ගියානම් ඒ වගේ දුක් විදින්ඩ වෙන්නැහැ තමයි. ඒත් ආපස්සට හැරිලා බලද්දී මට ආඩම්බරයක් දැනෙනවා මම එදා ගත්තු තීරණය ගැන. මහා ලොකු සල්ලි කාරයෙක් නොවුනත්, උපාධි අරගන විවිධ පෞද්ගලික හා රාජ්‍ය ආයතන වල රැකියා කරන මගේ සමකාලීන යාලුවන්ට වඩා අද මම සැලකිය යුතු ආර්ථික මට්ටමක ඉන්නවා. සල්ලි වලට වඩා වැදගත්ම දේ මම භුක්ති විදින ස්වාධීනත්වය සහ නිදහස. පැය 8 රස්සාවක් කරනවට වඩා පැය 24 ම වැඩ කලත් මගේම දෙයක් වෙනුවෙන්නේ මහන්සි වෙන්නේ කියන හැගීම තියනවා. මම කවුරුත් යටතේ වැඩ කරන්ඩ කැමති නැහැ. කවුරු හරි මට නියෝග දෙනකොට මට තරහ යනවා. එහෙම කියනකොට හිතන්ඩ පුළුවන් මම මහා උද්දච්ච මිනිහෙක් කියල. නැහැ, මම පොලවේ පයගහල ඉන්න කෙනෙක්. නමුත් මගේ ඒ යටත් නොවන ස්වාධීන මානසිකත්වය තමයි මාව වයාපාර පැත්තට පෙලබෙවුවේ.

    මම කොහොමත් ලගදීම ලංකාවෙන් යනවා සදහටම. ලංකාවේ දේශපාලනීකරනය නොවුනු ක්ෂේත්‍රයක් නැහැ. ලංකාවේ තව අවුරුදු 15, 20 ඉදිරිය ගැන හිතද්දී අනාගතය ගැන විශ්වාස කරන්ඩ අමාරුයි. වැටි වැටී කට්ට කාල මගේ ජීවිතේ හදා ගත්තේ මගේ උත්සාහයෙන් මිසක් පාරේ අයිතිවාසිකම් ඉල්ලලා කෑගහලවත්, උද්ගෝෂණ කරලවත්, දේශපාලකයෝ පස්සේ ගිහින්වත් නෙමෙයි.

    aniwa mcn,eth plwnnm lankawema idpn
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    රන් අකුරින් නම ලියවුනු
    රංකැටි පුතුනට පමනයි
    සිංහාසන සැදුනේ... සිංහාසන සැදුනේ
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    කතා කරලා වැඩක් නෑ බන්. Interview එකක් කරන්න ගියාම එපා වෙනවා. එන්නෙ නම් ලෝඩ් පකීර්ලා වගේ, එ්ත් දන්න ලබ්බක් නෑ.