සිංහල තේරවිලි -1

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිංහල තේරවිලි -1

    තේරවිලි යන්න ශ්‍රැති හෙවත් ශ්‍රවණය මුල් කරගත් ජනශ්‍රැතියට අයත් එක අංගයකි.ජන කවිය, ජන කතාව , ජන ක්‍රිඩාව ,ජන ආගම , ජන ප්‍රවාද ,ප්‍රස්තාපිරුළු ආදිය ජනශ්‍රැතියේ සෙසු අංගයෝ වෙත්.තේරවිලි යන්නට ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයෙහි අර්ථ නිරූපණය කොට ඇත්තේ ප්‍රහෙලිකාව ,පිළිතුරු දෙන්නට අපහසු ප්‍රශ්නය,පටලැවිලි සහිත ප්‍රශ්නය ලෙසය. තොරා දිය යුතු දෙය , අර්ථය සැඟවුණු කියමන හෝ වාක්‍යය හෝ කවිය , ප්‍රහේළිකාව යනුවෙන් ප්‍රායොගික සිංහල ශබ්ද කොෂයේහි තේරවිල්ල අර්ථ දක්වා තිබේ . නූතන භෂාවේදියකු වන මහාචාර්ය ජේ බි දිසානායකයන් තේරවිල්ල හඳුන්වන්නේ ගැට ගැසු පද කැටිය ලෙසය. වැඩිදුරටත් අදහස් දක්වන ඔහු ගැට ගසා ඇති පදවලින් කියා ඇත්තේ කුමක්ද කියා තේරිය යුතු නිසා එය තේරවිල්ල යන නම ලබයි යනුවෙන් සඳහන් කරයි.

    මේ අනුව තේරවිල්ලේ මාධ්‍යය ඒ ඒ සමාජයේ ව්‍යවහාර බස බව පැහැදිලිය . ඒ අනුව තේරවිලි විමසිම හා ඒ සඳහා පිළිතුරු දීම සිදු කෙරෙන්නේ බසෙහි පද අනුසාරයෙනි. ’ශ්‍රැතිය’ ජන ශ්‍රැතියේ ආත්මය වන නිසා අතිතයේ ‘තෙරවිල්ල’ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මුඛ පරම්පාරවෙන්ම පැවත එන්නක් විය, එහෙත් වර්තමානයේ තේරවිලි මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන් මඟින් සංරක්ෂණය වී තිබේ. ඒ අනුව තේරවිල්ල තවදුරටත් ජනශ්‍රැතියාංගයක් වන්නේද යන්න වෙනමම විමසා බැලිය යුතු කරුණකි. ව්‍යවහාර බස අනුව මෙහි විමසිල්ලට ලක් කරන තෙරවිලි ආශ්‍රිත කරුණු හා තෙරවිලි ‘සිංහල තෙරවිලි ‘ ලෙස හැදින්විය හැකිය .

    නොතෙරෙන එකා ,මේහේ තෙරුමක් තියෙන්න එපායැ, අපිම තෙරුම් බෙරුම් කරගමු ,එච්චරම නොතෙරෙන්න අපි බබ්බුද වැනි යෙදුම් සිංහලයට කවදා කෙසේ ඇතුල් විණිදැයි නිගමනය කිරිමට අපහසුය. කෙසේවෙතත් ලක්දිව බෞද්ධ ශිෂ්ටාචාරයේ මූලාරම්භය ලෙස සැලකෙන මහින්දාගමනය සිදු වු මොහොතේ දෙවනපෑතිස් රජු හා අනුබුදු හිමියන් අතර සිදුවු සංවාදයේ තේරවිලි ලක්ෂන ඇත.

    එය මහාවංශයේ සඳහන් වන්නේ මෙසේය.“මහරජාණෙනි! මේ රුක කිනම්දැ”යි විචා‍ළසේක. රජතෙමේ “මේ තුර අඹ නමැ”යි කිය. “මේ හැර අඹ රුකෙක් ඇද්දැ”යි විචාළසේක. “බොහෝ අඹතුරු ඇත්තාහ”යි කිය. “මේ අඹතුරද ඒ අඹතුරුද හැර වෙන තුරු ඇද්දැ”යි විචාළ සේක. “වහන්ස! බොහෝ තුරු ඇත්තාහ. ඒ තුරු අඹ නොවේනි”යි කීයේය. “ඒ අඹත් නොඅඹත් හැර වෙන තුරු ඇද්දැ”යි විචාළසේක. “ස්වාමිනි මේ අඹරුකය”යි කීයේය.නරෙශ්වරය! පණ්ඩිතයෙහි”යි වදාළසේක. “මහරජ! තොපගේ නෑයෝ ඇද්දැ”යි විචා‍ළසේක.ක “බොහෝ දෙනෙක් ඇත්තාහ”යි කීයේය. “‍ෙනානෑයෝත් ඇද්දැ”යි විචාළසේක. බොහෝ නොනෑයෝ ඇතියහ”යි කීයේය. “ඒ නෑයනුත් නොනැය නුත් හැර අනිකෙකුත් ඇද්දැ”යි විචාළසේක. “මමමය”යි කීයේය. “මහරජ! මැනව තෙපි පණ්ඩිතැ”යි වදාළසේක .

    මෙම සංවාදය ඉතිහාසගතවි ඇති ප්‍රථම බුද්ධි පරික්ෂණය වශයෙන් සැලකිය හැකි බවත් ,බැලු ල්මටම ලෙහෙසි පහසුයැයි පෙනෙන නමුත් පිළිතුරු දිමට නිසල පැහැදිලි සිතක් අවශ්‍ය බව ලක්දිව බුදුසමයේ ඉතිහාසය නම් ග්‍රන්ථයේ මහාචාර්ය වල්පොල ශ්‍රී රාහුල හිමියෝ දක්වති. මේම සිද්දිය තේරවිලි සමග කිහිපාකාරයකින් ගැලපෙයි. එනම් තේරවිල්ලක් කෙනෙකුට ඉදිරිපත් කිරිමෙන් බලාපොරොත්තු වනනේ ද මිහිඳු මාහිමියන් දෙවනපෑතිස් රජුට අඹ ,නෑදෑ ප්‍රශ්නය විමසිමෙන් කර ඇත්තේ අභියොග්යක් ඉදිරිපත් කර බුද්ධිය පරික්ෂා කිරිමත් යමක් අන්‍යාකාරයෙන් විමසා බැලිමත්ය. ඒ අනුව තේරවිලිවල මුල් බිජය මිහිඳු-පෑතිස් සංවාදයේ ගැබ්ව ඇති බව නිගමනය කල හැකිය.

    බෞද්ධ සාහිත්‍යයේ ද තේරවිලිම නොවුවද තේරවිලි ලක්ෂණ දකිය හැකි අවස්ථාද හමුවෙයි. දීර්ඝතම ජාතක කතාව ලෙස සැලකෙන උම්මග්ග ජාතකයේ තේරවිලි ලක්ෂණ ඇතුලත් සිද්ධීන් බහුලය . සත් හැවිරිදි මහෞෂධ
    පණ්ඩිතයන්ගේ නුවන පරික්ෂ කිරිමට වේදේහ රජුගේ පුරෝහිතයන් වන සේනක පුක්කුස ආදීන් ඉදිරිපත් කරන්නේ තේරවිලිය.

    දිනක් සර්‍වාංගයෙන් ධවලවූ පය අං ඇති ඉස මොල්ලියක් ඇති කාලත්‍රය නොයික්මවා හඬන්නාවූ ගොනකු එවත්වයි යව මැඳුම්ගම වැස්සන්ට පෙරසේම කියා යවූහ. ගම්වැස්සෝ පණ්ඩිතයන් වහන්සේගෙන් විචාළහ. පණ්ඩිතයන් වහන්සේ රජ්ජුරුවෝ තොප අතින් හැළිකුකුළකු ගෙන්වතියි වදාරා පය පොරකටු ඇති බැවින් පය අං ඇත්තේවෙයි. ඉසමල් ඇති බැවින් ඉස මොල්ලියක් ඇත්තේවෙයි. හුස්ව, දීර්‍ඝ, ජලුත යන තුන්කාලයට උච්චාරණ ශූධකොට හඬනගන හෙයින් කාලත්‍රය නොයික්මවා හඬන්නේවෙයි. එබැවින් මෙබඳු කුකුළකු යවවයි වදාළසේක.

    ඉහත සිදුවිම පහත තේරවිලි කවිය සිහියට නංවයි.

    යකඩ නැතුව දෑකැති තැනුවේ කවුරු
    යකඩ නැතුව උල් කටු තැනුවේ කවුරු
    යකඩ නැතුව හිරමන තැනුවේ කවුරු
    ලිතක් නැතුව නැකතක් බැලුවේ කවුරු
    සොලොස්වියට පත් මහෞෂධ පඬිතුමා විවාහයට සුදුසු කුල කුමරියක් තෝරා ගන්නේ ස්වයංවරයෙනි. ඔහුට ඒ සඳහා ඔහුට තම සොහොයුරිය වු උදුම්බරා දේවියගේන්ද වේදේහ රජ්ජුරුවන්ගේන්ද අවසර ලැබේ .එහිදි උතුරු යව මැඳුම් ගමට ගිය මහෞෂධයන් අමරා දේවිය හමු වෙයි. ඇගේ ස්ත්‍රී ලක්ෂබ බලා බිරිඳට සුදුසුයි සිතු මහෞෂධයන් අමරා දේවිය ගේ විවාහක බව විමසා සිටින්නේ ඇඟිලි හකුළුවා මිටි කළ හස්ත මුද්‍රාවෙනි.එවිට අමරාදේවි ඇඟිලි විහිදුවා තමා අස්වාමික බව පළ කරයි.

    මෙම හස්ත මුද්‍රාව ක්‍රමයද තේරවිලි ස්වරුපයක් දෙයි. මහෞෂධ-අමරාදේවි හමුවේ ඇතිවන සංවාදය හුදෙක්ම තේරවිලි ස්වභාවයක් ගන්නා අතර එයින් දෙදෙනාගෙම සහජ බුද්ධිය ප්‍රකට වෙයි.ඒ මෙසේය


    එගම දුප්පත්ව සිටි පුරාතන සිටුකුලයෙක “අමරාදේවී” නම් රූපත් මහා පිනැති දුවක් වූවාය. ඈ එදවස හුළුකැන් පිසගෙන පියාණන් සානතැනට යන්නී පණ්ඩිතයන් වඩනා මගට පිළිපන්හ. පණ්ඩිතයන් වහන්සේ ඒ කුමාරිකාව දැක “මෝ තොමෝ මට බිරින්දට සුදුසුයයි සිතූසේක. අමරා දේවියද පණ්ඩිතයන් දැකලා ඉදින් මෙබඳු පුරුෂයෙක් ඇත්නම් වස්තු රැස්කරන්ට පිළිවනැයි සිතූහ. ඉක්බිති පණ්ඩිතයන් වහන්සේ මැගේ සැමියන් ඇති නැති බව නොදනිමි. එපවත් හස්ත මුද්‍රායෙන් විචාරමි. ඉදින් මෙ නුවණැත්තී විනම් එය දැන ගන්නීයයි සිතා දුර සිටම “ඇඟිලි හකුළුවා මිට හළසේක”. ඈත් මේ පුරුෂයා මාගෙන් සැමියන් ඇත්ත, නැත්ත විචාරන්නේයයි දැන “අත්ල විදහාලූහ” පණ්ඩිතයන් වහන්සේ ඈ සරණ නූනබව දැන සමීපයට ගොස් සොඳුර තෙපි කිනම්මු දැයි විචාළේය. ස්වාමීනී ගිය දවස වේවයි දැන් වේවයි මතු දවස වේවයි මුළු ලෝකයෙහි යම් නමෙක් ඇත්නම් මම ඒ නමි”යි කීහ. ඇගේ නම අමරා” බව දැනගත් පණ්ඩිතයන් වහන්සේ සොඳුර කවුරුන්ට කැඳගෙන යව්දැයි විචාළහ. පූර්‍ව දේවතාවන්ට යයි කීහ.පූර්‍ව දේවතාවෝ නම් මව්පියෝය.තොපගේ සිටාණෝ කුමක් කෙරෙත්දැයි විචාළහ. එකක් දෙකක් කෙරෙතියි කීහ. එකක් දෙකක් කිරීම නම් සී සෑමය. තොපගේ පියාණෝ කොතනක සාත්දැයි විචාළසේක. යම් තැනකට එක්වරක් ගිය කෙනෙක් නොඑද්ද එතැනයයි කීහ.එසේ තැන නම් සොහොනය. සාන්නේ සොහොනක් සමීපයේය. සොඳුර අදම එව්දැයි විචාළසේක. ඉදින් ආවොත් නොඑමි. නාවොත් එමි. කීහ පියා ගඟකින් එතර සාති.ගඟදිය ආවොත් නො එන නියාව කී බව තේරුම්ගෙන එසේදැයි විමසීය. එසේයයි කීහ. ඉක්බිති අමරාදේවී හුළුකැන් පූව මැන. ස්වාමීනි පැවරූහ. පණ්ඩිතයන් වහන්සේ ප්‍රථමයෙන් කළ ආරාධනාව නොඉවසීම අවමඟුලැයි සිතා යහපත බොමියි වඳාලසේක. අමරා දේවිය කැඳ සැලිය ඉසින් බා තැබූහ. පණ්ඩිතයන් වහන්සේ ඉදින් මණ්ඩය නොදෙව අතට පැන් නොදීම කැඳ අතට දිනි නම් මෙතැනම හැරපියා යෙමි’යි සිතූසේක. ඈ මණ්ඩයෙන් පැන් ගෙන අතට දීලා සිස් මණ්ඩය අත නොතබා බිම තබා සැළියේ කැඳ අල්ලා හුළු කැනින් මණ්ඩය පුරාලූහ. ඒ කැඳෙහි හුළු මඳ වූයේය. පණ්ඩිතයන් වහන්සේ කිමෙක්ද? සොඳුර හුළුකැන් ඉතාම බොල්වනැයි වදාළසේක. පැන් නොලද්දේය. ස්වාමීනියි කීහ. තොපගේ කුඹුර පූදිනා අහදිය නොලද්දයි සිතමියි වදාරා හුළු කැන් සියල්ලම පානය කොට අත කට සෝදා සොඳුර තොපගේ ගෙට මග කියවයි වදාළසේක. අමරාදේවිය යහපතැයි, ගෙට මග කියන්නී “මේ මග ඔස්සේ ගොස් ඇතුළු ගමට වන්කළ යම් තැනක අත්සුණු තබා විකුණන සල්පිලක්ද ඉන් ඔබ්බට ගියකල යම් අතකින් අනුභව කරත්ද ඒ අත මග යන්ට කියමි. ඒ යව මැඳුම්ගම අපගේ දෙමාපියන්ගේ ගෙට මඟය. මා හඟවා කීමග දැන වදාළ මැනවයි” කීහ.

    මෙම සිද්ධිය නුතන සරල ගීයකටද වස්තු බීජය වි තිබේ. විශාරද දයාරත්න රණතුංග සහ මහාචාර්ය අමරා රණතුංග මේම ගිතය ගයනා කරයි.පදරචනය ස්වර්ණදාස හේරත්ගෙන්ය.

    මෙතැනින් අසන්න

    දෙවන කොටස බලාපොරොත්තුවන්න.

    සංස්කෘතික කටයුතු දෙපාර්තුමෙන්තුවෙන් ප්‍රකාශිත සාහිත්‍යය 2003 විශේෂ කාලාපයේන් උපුටා ගැනිමකි.
    Source
     
    • Like
    Reactions: xcute_shake

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    images