සිංහල දෙමළ සහෝදරත්වයේ නාමයෙන් කරන පුංචි &#3465

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,286
    12,346
    113
    Ohio, USA
    සිංහල දෙමළ සහෝදරත්වයේ නාමයෙන් කරන පුංචි &#3465

    මේ පොඩි ලිපිය ලියන්න හිතුවේ මා දැනට සිටිනා විශ්වවිද්‍යාලයේම වැඩිදුර අධ්‍යාපනය ලබන යාපනයේ දෙමළ සහෝදරවරුන් කිහිප දෙනෙකු සමග දින කිහිපයක් තිස්සේ වරින් වර ඇති වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියටයි. අද යාපනයේ වැසියන් විශාල ලෙස පීඩාවට පත්ව සිටිනවා විශාල සංඛ්‍යා වශයෙන් එහාට පැමිණෙන සිංහල සංචාරකයන් හා වන්දනාකරුවන් නිසා. ඒ එතරම් විශාල ජන පිරිසකට අවශ්‍ය පහසුකම් ඒ ප්‍රදේශයේ හිග බැවින්. ඒ නිසා වැසිකිලි ලෙස බාවිතා වන්නේ ඇතැම්විට පොදු ඉඩම් පිට්ටනි වැනි ස්ථාන. ඒ වගේම එකවර විශාල සංචාරක පිරිස් සෑම දිනෙකම අපි ජීවත්වන ප්‍රදේශයේ රෑ දවල් නැතිව සැරිසරන්න ගත්තොත් එය අපගේ එදිනෙදා ජීවිතයට කොතරම් බලපාවිදැයි මෙය කියවන ඕනෑම කෙනෙකුට වැටහෙනවා ඇති.

    එසේ ම නල්ලූර් කන්දසාමී කෝවිල ඉදිරිපිට පදික වේදිකාවේ කුඩා කඩ දමාගෙන සිටින පිටතින් ගිය වෙළෙන්දන් තමන්ට අවශ්‍ය වැසිකිළි පහසුකම් නැති බැවින් ඒ කටයුත්ත සඳහා බාවිතා කරන්නෙත් කෝවිල් භූමියට අයත් ඉඩමමයි. නමුත් ඒ ගැන නෙවෙයි මම ලියන්න යන්නේ.

    යාපනයට යන බොහෝ දෙනෙකුට ඒ ප්‍රදෙශයේ ජීවත්වන අයගේ සංස්කෘතිය ගැන අවබෝධය අඩුකම නිසා දෙමළ වැසියන්ගේ හිත් රිදවන බොහෝ දෑ අද සිදුවෙමින් පවතිනවා. දෙමළ හින්දු අය තම පූජ්‍යස්ථානවල ලිං සලකන්නේ ශුද්ද වූ ස්ථාන හැටියට. ඒ ලිං ජලය නෑමට ඇඳුම් සේදීමට පාවිච්චි කරන්නේ නෑ. නමුත් අද එහි යන සිංහල ජනයා විශාල ලෙස එය සිදුකරනවා. එය හින්දු ජනයා ගේ හිත් දැඩිලෙස පාරවන්නක්. දෙවනුව ඔවුන් පූජ්‍යස්ථාන ගොඩනැගිල්ල තුළ ද ඉන් පිටත ද ගමන් කරන්නේ අපි දාගැබ පැදකුණු කරන ආකාරයටයි. එනම් දකුණු අත නිතරම පූජනීය ස්ථානය දෙසට පවතින ලෙස. වම් අත ඒ දෙසට තිබෙන ලෙස ගමන් කළහොත් ඒය සැලකෙන්නේ ආගමික ස්ථානයට කරන අපහාසයක් ලෙස. මේ ගැනත් එහි යන අයට අවබෝධයක් නෑ. අපේ බුදුපිළිමය ඇති විහාර ගෙට පිටින් පැමිනෙන කෙනෙක් සපත්තු දමාගෙන හෝ තොප්පියක් දමාගෙන ගියොත් එය කොහොම පිළිගනීවිදැ'යි ඔබම හිතන්න.? සාමාන්‍ය හින්දු ජනයාට මේවා සුලු කාරණා නොවෙයි. නමුත් ඒවා වෙනස් කරන්න ඔවුන්ට හැකියාවක් නෑ. පහුගිය දා බුදුදහමට නිගරු කළාය කියා 'අකෝන්'ට රටට ඇතුළුවීම ද තහනම් කළා සේ තම ආගමික විශ්වාසවලට අපහාසවන ලෙස කටයුතු කරන කාට හෝ එරෙහිව කිසිම තීරණයක් ගැනීමට දෙමළ ජනයාට නොහැකි බව අපි හැම දෙනා ම දන්නවා නේ.

    තව බොහෝ කරුණු ඇතත් තව එක්කරුණක් ගැන විතරක් සඳහන් කර මේ ලිපිය හමාර කරනවා. ඒ මෑතක සිට උතුරට පැමිණෙන හමුදාවේ පිරිස්වල පවුල්වල අයට නවාතැන් දීමට යාපනයේ වැසියන්ට සිදුවීමයි. මෙය සිදුවන්නේ "හෙට/අනිද්දා අපේ පවුලෙ මෙච්චර පිරිසක් යාපනයට එනවා. දවස් දෙකක් ඒ අයට ඕගොල්ලන්ගෙ ගෙදර නවාතැන් දෙන්න" කියා කරන ඉල්ලීමක් ලෙසට. ඇතම් තැනක මෙය බලය යොදා කළ අවස්ථාත් ඇති බව මාගේ මිත්‍රයන් පැවසුවා. මෙය සිදු වෙනවා ඇත්තේ යාපනයට එන පිරිස්වලට අවශ්‍ය තරම් නවාතැන් පහසුකම් නැතිකම නිසාත් යාපනයට එන තම ඥාතීන් නිසි පහසුකම් නොමැතිව දවස් ගතකිරීමට ඉඩහැරීම යාපනයේ සිටින තමන්ගෙ වගකීම් පැහැර හැරීමක් ලෙස එහි සේවය කරන හමුදා භටයින් සිතන නිසාත් විය හැකියි. නමුත් මහනුවර කොතරම් නවාතැන් ප්‍රශ්න තිබුනත් අම්පාරෙන් එහියන මට නන්නාදුණන ගෙදරක නවාතැන් සකසා දෙන්න එහිසේවය කරන මගේ හමුදා ඥාතියෙකුට බෑ. එහෙම ඉල්ලීමක් කරන්න වත් කවුරුවත් උත්සාහ කරන්නේ නෑ. නමුත් මෙය අද යාපනයේ සිදුවෙමින් පවතිනවා.

    මෙය ලියන්න ආසන්නතම හේතුව වුනේ අප අතර සිටින එක් මිත්‍රයෙකුගේ නිවසට පෙරේදා පැමිණි හමුදා බට පිරිසක් තව දින දෙකකින් යාපනයට එන තම ඥාතීන්ට නවාතැන් සපයන ලෙස ඔහුගේ වයෝවෘධ දෙමාපියන්ට පැවසීමයි. මාගේ මිත්‍රයා මෙයින් දැඩි හිත් පීඩාවට පත්ව සිටිනවා. මේ කතාව ඇසූ එක් සිංහල සහෝදරයෙක් කියා සිටියේ ඇයි ඔයා අධිකරණයට යන්නේ නැත්තේ, මේක මානව අය්තිවාසිකම් කඩවීමක් කියායි. නමුත් මාගේ දෙමළ මිත්‍රයාගේ පිළිතුර ඉතාම වැදගත්. ඔහු කීවේ මට අධිකරනයෙන් වත් දෙමළ දේසපාලකයන්ගෙන්වත් මේකට උත්තර හොයන්න ඕන නෑ. ඒකෙන් වෙන්නෙ අපි තව භේදවෙන එක. සිංහල අය අතර මේක සාකච්ඡාවට ගැනිලා මේව නවත්ත ගන්න ක්‍රමයක් ඇතිවෙන එකයි මට ඕන කියායි. යාපනයට එන ජන සංඛ්‍යාව එහි ඇති පහසුකම්වල ප්‍රමානයට සීමා කළහොත් හමුදාවට අපේ ගෙවල් ගන්නට වෙන එක්ක නෑ කියායි.

    මේ කියවන හැමගෙන්ම ඉල්ලනවා මේ කාරණයට හැකි ආකාරයෙන් මැදිහත් වෙන්න. මිනිස්සු දැනුවත් කරන්න පුළුවන් හැම ක්‍රියා මාර්ගයක්ම ගන්න. ඔබ දන්නා මාධ්‍යවලට සම්බන්ධ අය ඉන්නවානම් මේ ගැන ලියන්න සාකච්ඡාකරන්න පොළඹවන්න. රජය හෝ එහි යන ජනයා විවේචනය කරන්න නෙවෙයි. එය මගේ මිතුරාගේ බලාපොරොත්තුව නෙවෙයි. ඒ වෙනුවට ඔවුන් දැනුවත් කරන්න.

    අප නොදන්නා කාලයේ දෙමළ ජනයා අප රට තුළ අවමානයට ලක්ව ඇත්නම් එයට අපට කරන්නට දෙයක් ඉතිරිව නෑ. ඒත් අප ජීවත්වන කාලය තුළ සිදුවන එවැනි දේ සම්බන්ධයෙන් අපට වගකීමක් තිබෙනවා. මේ කියවන (පෙර ලිපිවල මා ඉදිරිපත් කර ඇති අදහස්වලට පක්ෂ විපක්ෂ) සහෝදර සහොදරියන් හැම කෙනෙක්ම පුලුවන් යමක් කරයි කියල අපේක්ෂා කරනවා.

    SOURCE : http://pitastharayablog.blogspot.com/2010/04/blog-post.html

    • Like
    Reactions: BC_Dilum

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    හෝටලයක් පටන් ගනින්කෝ යාපනේ හොදට නැගලා යයි.

    ප්‍රැක්ටි කල් දේ නම් ඒක තමයි
    පබ්ලික් ටොයිලට් එකකුත් හැදුවානම් සල්ලි ගන්න

    ඕක සල්ලි කරන්න පුලුවන්
    මිනිසුන් එහෙම පහසුකම් තිබේ නම් අවුලක් නැහැ
    කොළඔ ඔයිට වඩා අන්තයි
    හදිස්සියකට ටොයිලට් යන්න වත් තැනක් නැහැ
    :(
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ප්‍රැක්ටි කල් දේ නම් ඒක තමයි
    පබ්ලික් ටොයිලට් එකකුත් හැදුවානම් සල්ලි ගන්න

    ඕක සල්ලි කරන්න පුලුවන්
    මිනිසුන් එහෙම පහසුකම් තිබේ නම් අවුලක් නැහැ
    කොළඔ ඔයිට වඩා අන්තයි
    හදිස්සියකට ටොයිලට් යන්න වත් තැනක් නැහැ
    :(
    එක නම් ඇත්ත කොළබ තමා අඩුම පහසුකම් තියෙන්නේ දැන්
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ඕක සම්භන්ධයෙන් රජය දැනුවත්කිරීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕන කියලයි මට හිතෙන්නේ. ලිපියට තුති. ඒත් මේ විදිහෙ සංචාරකයන් එන එකෙන් ලොකුම වාසිය ලබන්නෙත් ඔවුන්මයි. විශේෂයෙන් ඒ ප්‍රදේශවලට අවුරුදු ගාණකින් නොලැබුනු විදිහෙ ආර්ථික ප්‍රබෝධයක් ලැබිල තියෙනව කියන එක අමතක කරන්න එපා. හැබැයි හමුදාවේ අය ඒ විදිහට කරනවනම් ඒක මහ බලු වැඩක්..:no::no::no:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    එක නම් ඇත්ත කොළබ තමා අඩුම පහසුකම් තියෙන්නේ දැන්

    හම්බන්තොට තමයි වැඩිම පහසුකම් තියෙන්නෙ....ලොකු වරායකුත් තියනවැයි කියන්නෙ..:eek::shocked::shocked::shocked:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මේ පොඩි ලිපිය ලියන්න හිතුවේ මා දැනට සිටිනා විශ්වවිද්‍යාලයේම වැඩිදුර අධ්‍යාපනය ලබන යාපනයේ දෙමළ සහෝදරවරුන් කිහිප දෙනෙකු සමග දින කිහිපයක් තිස්සේ වරින් වර ඇති වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියටයි. අද යාපනයේ වැසියන් විශාල ලෙස පීඩාවට පත්ව සිටිනවා විශාල සංඛ්‍යා වශයෙන් එහාට පැමිණෙන සිංහල සංචාරකයන් හා වන්දනාකරුවන් නිසා. ඒ එතරම් විශාල ජන පිරිසකට අවශ්‍ය පහසුකම් ඒ ප්‍රදේශයේ හිග බැවින්. ඒ නිසා වැසිකිලි ලෙස බාවිතා වන්නේ ඇතැම්විට පොදු ඉඩම් පිට්ටනි වැනි ස්ථාන. ඒ වගේම එකවර විශාල සංචාරක පිරිස් සෑම දිනෙකම අපි ජීවත්වන ප්‍රදේශයේ රෑ දවල් නැතිව සැරිසරන්න ගත්තොත් එය අපගේ එදිනෙදා ජීවිතයට කොතරම් බලපාවිදැයි මෙය කියවන ඕනෑම කෙනෙකුට වැටහෙනවා ඇති.

    එසේ ම නල්ලූර් කන්දසාමී කෝවිල ඉදිරිපිට පදික වේදිකාවේ කුඩා කඩ දමාගෙන සිටින පිටතින් ගිය වෙළෙන්දන් තමන්ට අවශ්‍ය වැසිකිළි පහසුකම් නැති බැවින් ඒ කටයුත්ත සඳහා බාවිතා කරන්නෙත් කෝවිල් භූමියට අයත් ඉඩමමයි. නමුත් ඒ ගැන නෙවෙයි මම ලියන්න යන්නේ.

    යාපනයට යන බොහෝ දෙනෙකුට ඒ ප්‍රදෙශයේ ජීවත්වන අයගේ සංස්කෘතිය ගැන අවබෝධය අඩුකම නිසා දෙමළ වැසියන්ගේ හිත් රිදවන බොහෝ දෑ අද සිදුවෙමින් පවතිනවා. දෙමළ හින්දු අය තම පූජ්‍යස්ථානවල ලිං සලකන්නේ ශුද්ද වූ ස්ථාන හැටියට. ඒ ලිං ජලය නෑමට ඇඳුම් සේදීමට පාවිච්චි කරන්නේ නෑ. නමුත් අද එහි යන සිංහල ජනයා විශාල ලෙස එය සිදුකරනවා. එය හින්දු ජනයා ගේ හිත් දැඩිලෙස පාරවන්නක්. දෙවනුව ඔවුන් පූජ්‍යස්ථාන ගොඩනැගිල්ල තුළ ද ඉන් පිටත ද ගමන් කරන්නේ අපි දාගැබ පැදකුණු කරන ආකාරයටයි. එනම් දකුණු අත නිතරම පූජනීය ස්ථානය දෙසට පවතින ලෙස. වම් අත ඒ දෙසට තිබෙන ලෙස ගමන් කළහොත් ඒය සැලකෙන්නේ ආගමික ස්ථානයට කරන අපහාසයක් ලෙස. මේ ගැනත් එහි යන අයට අවබෝධයක් නෑ. අපේ බුදුපිළිමය ඇති විහාර ගෙට පිටින් පැමිනෙන කෙනෙක් සපත්තු දමාගෙන හෝ තොප්පියක් දමාගෙන ගියොත් එය කොහොම පිළිගනීවිදැ'යි ඔබම හිතන්න.? සාමාන්‍ය හින්දු ජනයාට මේවා සුලු කාරණා නොවෙයි. නමුත් ඒවා වෙනස් කරන්න ඔවුන්ට හැකියාවක් නෑ. පහුගිය දා බුදුදහමට නිගරු කළාය කියා 'අකෝන්'ට රටට ඇතුළුවීම ද තහනම් කළා සේ තම ආගමික විශ්වාසවලට අපහාසවන ලෙස කටයුතු කරන කාට හෝ එරෙහිව කිසිම තීරණයක් ගැනීමට දෙමළ ජනයාට නොහැකි බව අපි හැම දෙනා ම දන්නවා නේ.

    තව බොහෝ කරුණු ඇතත් තව එක්කරුණක් ගැන විතරක් සඳහන් කර මේ ලිපිය හමාර කරනවා. ඒ මෑතක සිට උතුරට පැමිණෙන හමුදාවේ පිරිස්වල පවුල්වල අයට නවාතැන් දීමට යාපනයේ වැසියන්ට සිදුවීමයි. මෙය සිදුවන්නේ "හෙට/අනිද්දා අපේ පවුලෙ මෙච්චර පිරිසක් යාපනයට එනවා. දවස් දෙකක් ඒ අයට ඕගොල්ලන්ගෙ ගෙදර නවාතැන් දෙන්න" කියා කරන ඉල්ලීමක් ලෙසට. ඇතම් තැනක මෙය බලය යොදා කළ අවස්ථාත් ඇති බව මාගේ මිත්‍රයන් පැවසුවා. මෙය සිදු වෙනවා ඇත්තේ යාපනයට එන පිරිස්වලට අවශ්‍ය තරම් නවාතැන් පහසුකම් නැතිකම නිසාත් යාපනයට එන තම ඥාතීන් නිසි පහසුකම් නොමැතිව දවස් ගතකිරීමට ඉඩහැරීම යාපනයේ සිටින තමන්ගෙ වගකීම් පැහැර හැරීමක් ලෙස එහි සේවය කරන හමුදා භටයින් සිතන නිසාත් විය හැකියි. නමුත් මහනුවර කොතරම් නවාතැන් ප්‍රශ්න තිබුනත් අම්පාරෙන් එහියන මට නන්නාදුණන ගෙදරක නවාතැන් සකසා දෙන්න එහිසේවය කරන මගේ හමුදා ඥාතියෙකුට බෑ. එහෙම ඉල්ලීමක් කරන්න වත් කවුරුවත් උත්සාහ කරන්නේ නෑ. නමුත් මෙය අද යාපනයේ සිදුවෙමින් පවතිනවා.

    මෙය ලියන්න ආසන්නතම හේතුව වුනේ අප අතර සිටින එක් මිත්‍රයෙකුගේ නිවසට පෙරේදා පැමිණි හමුදා බට පිරිසක් තව දින දෙකකින් යාපනයට එන තම ඥාතීන්ට නවාතැන් සපයන ලෙස ඔහුගේ වයෝවෘධ දෙමාපියන්ට පැවසීමයි. මාගේ මිත්‍රයා මෙයින් දැඩි හිත් පීඩාවට පත්ව සිටිනවා. මේ කතාව ඇසූ එක් සිංහල සහෝදරයෙක් කියා සිටියේ ඇයි ඔයා අධිකරණයට යන්නේ නැත්තේ, මේක මානව අය්තිවාසිකම් කඩවීමක් කියායි. නමුත් මාගේ දෙමළ මිත්‍රයාගේ පිළිතුර ඉතාම වැදගත්. ඔහු කීවේ මට අධිකරනයෙන් වත් දෙමළ දේසපාලකයන්ගෙන්වත් මේකට උත්තර හොයන්න ඕන නෑ. ඒකෙන් වෙන්නෙ අපි තව භේදවෙන එක. සිංහල අය අතර මේක සාකච්ඡාවට ගැනිලා මේව නවත්ත ගන්න ක්‍රමයක් ඇතිවෙන එකයි මට ඕන කියායි. යාපනයට එන ජන සංඛ්‍යාව එහි ඇති පහසුකම්වල ප්‍රමානයට සීමා කළහොත් හමුදාවට අපේ ගෙවල් ගන්නට වෙන එක්ක නෑ කියායි.

    මේ කියවන හැමගෙන්ම ඉල්ලනවා මේ කාරණයට හැකි ආකාරයෙන් මැදිහත් වෙන්න. මිනිස්සු දැනුවත් කරන්න පුළුවන් හැම ක්‍රියා මාර්ගයක්ම ගන්න. ඔබ දන්නා මාධ්‍යවලට සම්බන්ධ අය ඉන්නවානම් මේ ගැන ලියන්න සාකච්ඡාකරන්න පොළඹවන්න. රජය හෝ එහි යන ජනයා විවේචනය කරන්න නෙවෙයි. එය මගේ මිතුරාගේ බලාපොරොත්තුව නෙවෙයි. ඒ වෙනුවට ඔවුන් දැනුවත් කරන්න.

    අප නොදන්නා කාලයේ දෙමළ ජනයා අප රට තුළ අවමානයට ලක්ව ඇත්නම් එයට අපට කරන්නට දෙයක් ඉතිරිව නෑ. ඒත් අප ජීවත්වන කාලය තුළ සිදුවන එවැනි දේ සම්බන්ධයෙන් අපට වගකීමක් තිබෙනවා. මේ කියවන (පෙර ලිපිවල මා ඉදිරිපත් කර ඇති අදහස්වලට පක්ෂ විපක්ෂ) සහෝදර සහොදරියන් හැම කෙනෙක්ම පුලුවන් යමක් කරයි කියල අපේක්ෂා කරනවා.

    SOURCE : http://pitastharayablog.blogspot.com/2010/04/blog-post.html

    This blog is a MUST READ blog for everybody.:yes:
    I read the whole blog.:shocked:
     
    Aug 10, 2010
    347
    11
    0
    අපේ එවුන් කනවා බන් වෙලාවක ලොවෙත් නැති වෙන්න දෙමළ උන්ගෙන්
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    සිංහල හෝ දෙමල ඕනෑම කෙනෙක්ට
    නිදහසේ ජිවත් වීමේ අයිතිය තියනවා
    හමුදාව එහෙම කරනවානම් වැරදි වැඩක් එක
    මේකට රජය මැදිහත් වෙන්න ඕනේ
    එහෙම නොවුනොත් තව ප්‍රබාකරන් කෙනෙක් බිහි වේවි
     
    • Like
    Reactions: ela_eluwa120

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සිංහල හෝ දෙමල ඕනෑම කෙනෙක්ට
    නිදහසේ ජිවත් වීමේ අයිතිය තියනවා
    හමුදාව එහෙම කරනවානම් වැරදි වැඩක් එක
    මේකට රජය මැදිහත් වෙන්න ඕනේ
    එහෙම නොවුනොත් තව ප්‍රබාකරන් කෙනෙක් බිහි වේවි
    හරියට හරි බ්‍රෝ:)
     
    bump

    Member
    Dec 24, 2010
    93
    5
    0
    දෙමල අයට අනවශ්‍ය විදිහට හිරිහැර කරන එක මහින්ද චින්තනය කියන්නේ:lol::lol::lol:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mama anthima sereta jaffna giya welawe mata tamil uncle kenek api bus stand eken muna hoda hoda innawa dekala eyage gedara ekkagena giya, apita eda client kenek meet wenna giye, api dennekta eda dawasa kanna bonna, mage awashyathawayata transport service serama nikan karala dunna. a minissu hari hodai ban, ape godak aya ehe gihin hesirenna danne nehe..