සිංහල ප්රධානියා එලවන්න
සිංහල ප්රධානියා එලවන්න උතුරේ ලංගමය තුළ රහස් කැරැල්ලක්
උතුරේ ලං.ග.ම ඩිපෝ වල සේවකයින් විසින් දිගින් දිගටම සිදු කරණු ලබන වර්ජන හා සේවා පැහැර හැරීමේ කටයුතු හේතුවෙන් මේ දිනවල උතුරේ ගම්බද මගීන් හා පාසල් සිසුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටියි.
උතුරේ ලංගම සේවකයින් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ උතුරු පලාතේ ප්රාදේශීය කළමනාකරු වශයෙන් කටයුතු කරන සිංහල ජාතික පුද්ගලයා වහාම මාරු කරන ලෙස ඉල්ලීමක් කරමිනි.
ඔහු දරණ දේශපාලන මතවාදයට වෙනස් දේශපාලනයක් දරණ සේවකයින්ව මාරු කිරීමත් ඔවුන්ගෙන් පළි ගැනීමත් නිසා උතුරු පළාතේ ලංගම සේවකයින් දැඩි කලකිරීමකට ලක්ව සිටින නිසා ඔහුව මාරු කල යුතු බව ලංගම ඇතැම් සේවකයින් කියා සිටියි.
ඔහු ගනු ලබන තීන්දු තීරණ කිසිදු සාකච්ඡාවකින් තොරව ඔහුගේම හිතුමනාපෙට ගන්නා බැවින් මේ තත්ත්වය උදා වී ඇති බව තවත් සේවකයින් පිරිසක් ප්රකාශ කරයි.
උතුරේ බහුතරයක් දෙමළ සේවකයින් හා නිලධාරීන් මොහුව මාරු කරන මෙන් ඉතා ප්රබල හඬක් නගන්නේ ඔහු සිංහල ජාතිකයෙකු නිසා බව පෙන්වා දෙන සේවකයින් පිරිසක්ද උතුරු ප්රදේශයේ ලංගම සේවකයින් අතර සිටින බව වාර්තා වේ.