සිංහල භාෂාවේ අනාගත ඉරණම කුමක්‌වේද?

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
සිංහල භාෂාවේ අනාගත ඉරණම කුමක්‌වේද?

සිංහල භාෂාවේ අනාගත ඉරණම කුමක්‌වේද?​

ඉන්දු ආර්ය භාෂා ගණයට අයත්වන පැරණිතම බසක්‌ වන සිංහල භාෂාව වචන හා අදහස්‌ ප්‍රකාශ කිරීම අතින් ඈත අතීතයේ සිටම පොහොසත් වූ බසකි. ඊටම වෙන්වූ වදන් වැලක්‌ මෙන්ම අක්‌ෂර සංකේත ද සිංහල භාෂාව සතුව ඇත. පාලි හා සංස්‌කෘත මෙන්ම දෙමළ, ඉංග්‍රීසි භාෂා මගින් ද එය පෝෂණය වී තිබේ. ඉංග්‍රීසිය අද ලොව පුරාම පැතිරුණ බසක්‌ වුවද ඊටම වෙන්වූ අක්‌ෂර සංකේත නොමැත. එය ලියන්නේ රෝමන් අක්‌ෂරවලිනි. ප්‍රංශ, ජර්මන්, ඉතාලි, රුසියන් ආදි භාෂා ද එසේමය. එහෙත් ඈත අතීතයේ පටන්ම ඊටම වෙන්වූ අක්‌ෂර සංකේත සිංහල භාෂාව සතුව පවතී. එහි එන "ඇ" ශබ්දය ලොව කිසිදු බසක නොමැත. සිංහල කතා කරන සිංහලයන්ට ලොව ඕනෑම බසක්‌ එම භාෂාව කතා කරන අය ලෙසින්ම කතා කිරීමේ හැකියාව ඇත්තේ ද එහි අක්‌ෂර මාලාවේ පොහොසත් බස නිසාමයි. ඕනෑම ගැඹුරු කරුණක්‌ වටහාදීමේ ශක්‌තිය ද සිංහල භාෂාවට ඇත. එදා මිහිඳු මහ රහතන් වහන්සේ බුදු දහම වටහා දීමට පාලියෙන් කියූ අටුවා සිංහල භාෂාවෙන් තැබුවේද ඒ නිසයි. මෙවන් වූ උතුම් බසක්‌ ආරක්‌ෂා කොට පෝෂණය කිරීම අප රටේ උගතුන්ගේ මෙන්ම දේශපාලකයන්ගේද ප්‍රමුඛ කාර්යක්‌ විය යුතු නමුත් එය ඉටු වන බවක්‌ නොපෙනේ.

අතීතයේ මෙරටට පැමිණි වෙළෙඳුන් සඳහා මෙන්ම රටේ කොටසක්‌ වරින් වර පාලනය කළ සොළී රජුන් නිසා දෙමළෙන් ලියූ සෙල්ලිපි කීපයක්‌ ඇතත් දෙමළ බස මෙහි ව්‍යවහාරයට පත්වූයේ ලන්දේසීන් මෙරට මුහුදුබඩ පාලනය කළ යුගයෙන් පසුවයි. රටේ සාම්ප්‍රදායික පිළිගැනීමට අනුව මහනුවර යුගයේ වඩුග රජවරු බෞද්ධයන් වූ නමුත් ඔවුන් භාවිත කළේ දෙමළ බසයි. ඒ නිසාම රජගෙදරට සම්බන්ධ සිංහලයන්ද දෙමළ බස ව්‍යවහාර කරන්නට ඇත. දෙමළ කථාකිරීම හෝ ලිවීම නොකළ හැකි වුවද, එදා රදලයන් තම අත්සන තැබුවේ දෙමළෙන් බව ඉංග්‍රීසීන්ට රට බාරදීමේ ගිවිසුමට අත්සන් තබා ඇති ආකාරයෙන් පෙනී යයි. මේ නිසාම පසුකාලීනව පටබැඳුණු කවියක්‌ ද ඇත.

"සිහළ බස වැඩක්‌ නෑ. ඒ උගැන්මෙන් පලක්‌ නෑ

සකුමඟද කමක්‌ නෑ ඒක දන්නා කෙනෙක්‌ නෑ

අහලක උගතෙක්‌ නැත්නම් කොහේ හරි ගිහිල්ලා

දෙමළ බස ටිකක්‌වත් පාඩුවක්‌ නෑ උගත්තොත්"

මෙය උපහාස කවියක්‌ වුවද එදා ඇතැමුන් දෙමළ බසට යොමු වූ බවට ඉඟියක්‌ ද ලබා දෙයි.

ඉංග්‍රීසි ආධිපත්‍යය මෙරට වසර 133 ක්‌ එක දිගට පැවැතීම නිසා සිංහල සමහරු ඉංග්‍රීසිය වන්දනා කරන තැනට පත්වූහ. එහෙත් වරින්වර දෙමළ ආක්‍රමණිකයන් රටින් කොටසක්‌ පාලනය කළ නමුත් සිංහල රජ කුමාරවරු යළි යළිත් රට තුළ සිංහල බලය තහවුරු කිරීම නිසා දෙමළ බස මෙරට තුළ බලපෑමක්‌ ඇති කළේ නැත. මුස්‌ලිම් අය ද වැඩිදෙනා සිංහල කතා කළත් ඔවුන්ගේ ලියන කියන බස දෙමළ වීමත් ඉංග්‍රීසි පාලන සමයෙහිදී සිංහලයන් මර්දනය කිරීමට දෙමළ හා මුස්‌ලිම් අයට ඉංග්‍රීසි ඉගැන්වීමේ පහසුකම් ලබා දී ඔවුන් රජයේ තනතුරුවලට යොදා ගැනීමත් නිසා සිහළ බසට තදබල පහරක්‌ එල්ල විණි. ඒ සමඟම සුද්දන් යටතෙහි සේවය කළ සිංහලයන්ද සිහළ බස ගරු නොකළ ඉංග්‍රීසිය වන්දනා කළ අය වූහ. මුල් යුගයෙහි උසස්‌ අධ්‍යාපනය ද ඉංග්‍රීසියෙන්ම ලැබිණි. මෙම හේතු සාධක මත අතීතයේ මෙන් සිංහල භාෂාවෙන් විශ්ව සාහිත්‍ය නව නිර්මාණ බිහිවීමද සිදු නොවිණි. පියදාස සිරිසේන, ඩබ්ලිව්. ඒ. සිල්වා, වැන්නන්ගේ නවකතා මෙන්ම කුමාරතුංගයන්ගේ භාෂා ප්‍රේමී වැඩපිළිවෙළ නිසා සිංහල භාෂාවට නව පණක්‌ ලැබී පොත පත ලියෑවෙනට ද කරුණු යෙදුණි. මුල් යුගයේ සිංහල සිනමාව හා නාට්‍ය ද සිංහල භාෂාවේ පෝෂණයට හේතු විය. කවරම රටක වුවද මවුබසින් මිස වෙනත් බසකින් නව නිර්මාණ බිහි නොවේ. නව නිර්මාණ බිහි නොකරන ජාතියක්‌ ලොව දියුණුව කරා ද පියනඟන්නේ නැත. එය කුමාරතුංගයන් මෙසේ දක්‌වා ඇත.

"අලුත් අලුත් දැ නෙතනන ජාතිය ලොව නොනඟී - හිඟා කෑම බැරිවූ තැන ලගී ගයා මර ගී"

එබැවින් මවුබස ප්‍රගුණ කිරීම අතිශයින්ම අවශ්‍ය දෙයකි. කෝට්‌ටේ යුගය දක්‌වාම සිංහල භාෂාවෙන් විශ්ව සාහිත්‍ය කෘති නිර්මාණය වුවද බටහිර ආධිපත්‍යය හා ඉංග්‍රීසියේ බලපෑම නිසා සිංහල බසින් එවැනි ශ්‍රේෂ්ඨ කෘති බිහිවීම ද සිදු වී නැත. 1948 ඉංග්‍රීසීන්ගෙන් දේශපාලන නිදහස ලබාගත් පසුව වුවද ඉංග්‍රීසිය වන්දනා කිරීම නතර වී නොමැත. හරිනම් විය යුතුව තිබුණේ නිදහස ලබා ගත් දා සිටම සියලු කටයුතු සිංහල භාෂාවෙන් සිදු කිරීමයි. එහෙත් නිදහස සමඟ මෙරට පාලන බලය හිමිවූවන්ට සිංහල බැරිකම නිසා ඉංග්‍රීසියෙන්ම සියලු කටයුතු සිදු විණි. වත්මන් යුගයෙහි සිංහල බස මැරීමට මුලින්ම දායක වූ පිරිස ඔවුන්ය. කවදා හරි ඉංග්‍රීසීන් රට හැර ගියත් උන්ගෙන් පසුව බලයට එන කළු සුද්දන් ඉංග්‍රීසීන්ටත් වඩා හොඳින් ඉංග්‍රීසිය රජ කරවමින් සිංහලකමත් බෞද්ධකමත් විනාශ කරනු ඇතැයි අනගාරික ධර්මපාලතුමන් එදා කී අනාවැකිය ටිකෙන් ටික සනාථ වෙමින් පවතී. ඊට ඉඩහැර බලාසිටියහොත් සිදු වනුයේ ඉතිහාසය පුරා මහා ශිෂ්ටාචාරයක්‌ ගොඩනැඟීමට උපකාරී වූ සිංහල බස මෙන්ම එම ශිෂ්ටාචාරය ද විනාශ වී යැමයි.

ලොව අද වන තුරුත් ආරක්‌ෂා වී පවතින පැරණිතම ශිෂ්ටාචාර දෙකකි. එකක්‌ චීනයේ චීන ශිෂ්ටාචාරයයි. අනෙක සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයයි. සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය පෝෂණය වූයේ ආරක්‌ෂා වූයේ සිංහල භාෂාව මුල්කරගෙනයි. මෙරටට වැදගත් වන රටේ අනන්‍යතාව වනුයේද මෙම ශිෂ්ටාචාරයයි. එය මතුවටද ආරක්‌ෂාවීමට මේ සිංහල භාෂාව ද පෝෂණය වෙමින් පැවතිය යුතුමය. එසේ නොවුණහොත් ඒ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයද අනාගතයේදී අද රෝම, ග්‍රීක්‌ ශිෂ්ටාචාරය මෙන්ම අතීතයට පමණක්‌ උරුම වූවක්‌ වනු ඇත. එසේ වීමට අප ඉඩ දිය යුතු නැත. අපේ රටේ අනන්‍යතාව රැක දීමට නම් සිංහල භාෂාව ආරක්‌ෂා කොට පෝෂණය කළ යුතුමයි.

අපේ රටේ සියලු දෙනාට හෝ වැඩි දෙනෙකුට ඉංග්‍රීසි හෝ දෙමළ ඉගැන්වීම අවශ්‍ය නැත. ඉංග්‍රීසි මෙන්ම ඊටත් වැඩියෙන් දෙමළ බස ද පාසල්වල ඉගැන්වීමට (විෂයයක්‌ වශයෙන්) යෙදීම අවශ්‍යයි. එහෙත් සියලුම දෙනාට සිංහල ඉගැන්වීම නම් සාධාරණයි. එය කළ හැකි දෙයක්‌ද වෙයි. රටේ සම්බන්ධීකරණ භාෂාව විය යුත්තේ ඉංග්‍රීසිය නොව සිංහල භාෂාවයි. මේ බව නොතේරෙන හෝ නොහිතන දේශපාලකයන් මෙන්ම අධ්‍යාපන විශේෂඥයන් ද රටට හිතකර අය නොවේ. එවැන්නන් නිසා රටේ දියුණුවක්‌ අපේක්‌ෂා කළ නොහැක. අද දේශපාලනය ගැන පමණක්‌ සිතන හෙවත් රටේ හා ජාතියේ අනාගතය ගැන නොසිතන රැකියා සඳහා මිනිසුන් තැනීමේ පහත් අරමුණ මත අධ්‍යාපනය සකස්‌ කරන දේශපාලකයන් හා උගතුන් නිසා ලොව ඉතා ශ්‍රේෂ්ඨ භාෂාවක්‌ මෙන්ම ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක්‌ ගොඩ නැඟූ භාෂාවක්‌ වන සිංහල භාෂාවත්, සිංහල ශිෂ්ටාචාරයත් විනාශ වී යන තැනට කරුණු යෙදිමින් පවතියි. අපේ රටේ කිසිවෙකුටවත් ඉංග්‍රීසි හෝ දෙමළ ඉගෙන ගෙන ලොව ජයගත නොහැක. එහෙත් සිංහලය හොඳට ඉගෙන ගතහොත් එමගින් ලොවටද වටිනා නව නිර්මාණ කළ හැකිය. බටහිර ක්‍රමයට මනස හදාගත් උපාධි ලබාගත් එම රාමුව තුළ සිටින අයට මේවා නොවැටහීම අරුමයක්‌ නොවේ. එම ක්‍රමයට උපාධි ලබාගත් උගතෙකු වූ පලියට මිනිසුන්ගේ ඡන්දය ලබා මන්ත්‍රීකමක්‌ හෝ ඇමැතිකමක්‌ ලබා ගත් පලියට සිංහල වැටහේ යෑයි සිතා කටයුතු කිරීම මෝඩකමකි. එවැනි මෝඩ දේශපාලකයන් ඉතිහාසය ඉගැන්වීම පාසල් විෂයෙන් ඉවත් කිරීමේ විපාක රටක්‌ වශයෙන් විඳීමට අද අපට සිදු වී ඇත.

අතීතයේ සියයට සියයක්‌ම සිංහල වූ ද බටහිර ආක්‍රමණ නිසාවෙන් එම ආක්‍රමණික පාලන සමයන්හිදීත් 80% ක්‌ සිංහලයන් සිටී. අද සිංහල ජන අනුපාතය 74% දක්‌වා අඩු වී තිබේ. සිංහල බස නොතකා හැරීම යනු තවත් දශක කිහිපයක්‌ යන විට සිංහල ජන අනුපාතය තවත් අඩුවීමට හේතු වෙන එක්‌ කරුණකි. අද ඇති ජන අනුපාතය අනුව සිතුවද මුළු රටේම බස සිංහල විය යුතුය. රටේ සියලු ජනතාවට සිංහල බස කතාකිරීමට ව්‍යවහාර කිරීමට යෙදීම ඉතාම පහසු මෙන්ම ප්‍රයෝජනවත් දෙයකි. එහෙත් සිංහල විරෝධී ඊළාම්වාදී, ජාතිවාදී, ආක්‍රමණශීලී පිළිවෙත් නිසාත් උගතුන් හා දේශපාලකයන්ද ඒවාට හසු වී හෝ යටවී ඇති නිසාත් එවැන්නක්‌ සිදු වේ යෑයි සිතීම පවා උගහටය. එහෙත් විය යුත්ත නම් සිංහලය මුළු රටේම සියලු දෙනාගේම භාෂාව වීමයි.

මෙරට බස සිංහල බස වූ අතර රටේ නම ද සිංහලදීප විය. සුද්දන් විසින් ඔවුන්ගේ උච්චාරණයට අනුව .Ceහකදබ. කීවේද සිංහල යන්න මැයි (සිංහලම්, සීගලම්, සිලාන්, සිලෝන්) එසේ මේ රට පැවතුණේ සිංහල බස කථාකරන සිංහල ජාතිය වාසය කරන සිංහල රට ලෙසයි. අද එය ශ්‍රී ලංකා නමින් හැඳින්වුවද, ශ්‍රී ලංකා යෑයි බසක්‌ නොමැත. සිංහල, දෙමළ, මුස්‌ලිම් සියල්ලම ශ්‍රී ලාංකිකයන් ලෙස හැඳින්වේ. එහෙත් සියලු දෙනාම සිංහලයන් වූවානම් නොවේද වඩාත්ම සුදුසු හැඳින්වීම වනුයේ. මෙතරම් පැහැදිලි සත්‍ය ඉතිහාසයක්‌ ඇති සිංහල රට සිංහල දැය හා සිංහල බස නොතකා එය මරා දැමීමට පිඹුරුපත් තනන උගතුන් මෙන්ම දේශපාලකයන්ද ජාතිෙද්‍රdaහීන්, දේශෙද්‍රdaහීන් ලෙස සැලකිය යුතුමය.

අද කිසියම් තැනකට රැස්‌වන ඉංග්‍රීසි උගත් සිංහලයන් කතා කරනුයේ ඉංග්‍රීසියෙනි. එහෙත් ලංකාවේදී පමණක්‌ නොව විදේශයකදී වුවද දෙමළ දෙදෙනෙක්‌ හමුවූ විටෙක කතා කරනුයේ දෙමළෙනි. තමන් සිංහලයයි පෙන්වීමට සිතීමට අකැමැති හීනමානයක්‌ ඇතැම් සිංහලයන් තුළ ඇති අතර ඉංග්‍රීසි මානසිකත්වයෙන් යුතුව උජාරුවෙන් පෙනී සිටීමට කැමැති උච්ච මානයක්‌ද ඔවුන් තුළ පවතී. මෙම මාන්නය මෝඩකම සමඟ පවතින මානසික ලක්‌ෂණයක්‌ බව බුදු දහමෙහි පෙන්වා තිබේ. මෙසේ ඉංග්‍රීසි උගත්, උගතුන් මෙන්ම දේශපාලකයන්ද සිංහලය මැරීමට දායකවන අතර සුළු ජාතික විඥානයක්‌ ගොඩනඟා තම තම දේශපාලන වාසිය තකා ක්‍රියාකරන වාමාංශික දේශපාලකයෝද එසේම ඊට දායක වෙති. රැකියා අවස්‌ථා වෙනුවෙන් හා ජාත්‍යන්තරය වෙනුවෙන් සිතා ඉංග්‍රීසියට තැන දීමට ක්‍රියාකරන දේශපාලකයන් මෙන්ම සිංහලයාගේ ඡන්දය කොහොමත් ලැබෙතැයි සිතාගෙන දෙමළ හා මුස්‌ලිම් ඡන්ද ලබා ගැනීමේ පහත් අරමුණින් ක්‍රියාකරන දේශපාලකයෝද ඊටම අයත් වෙති. දෙමළ හා ඉංග්‍රීසි බස ව්‍යවහාර කරන ජනතාව ලොව පුරාම සිටිති. ඉංග්‍රීසි කතාකරන ජනගහනය කොපමණදැයි කිව නොහැකි තරම්ය. තමිල්නාඩුවද ඇතුළත් දෙමළ කතාකරන දෙමළ ජනගහනය කෝටි හතකට වැඩිය. එහෙත් සිංහල කතාකරන සිංහල බස උරුම කර ගත් ජනගහනය වැඩිම වුණොත් එක්‌කෝටි විසි ලක්‌ෂයක්‌ පමණ විය හැකිය. ඔවුන්ට හිමි එකම දේශය මේ රට (ලංකාව( පමණි. එම රටෙහි ද සිංහල බසට සිංහල ජාතියට නිසි තැන නොලැබෙන විට ලෝකයෙන් ඊට කිසිදු තැනක්‌ නොලැබෙනු ඇත. ශ්‍රේෂ්ඨ හා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන සිංහල බස, සිංහල ජාතිය හා සිංහල ශිෂ්ටාචාරය පෝෂණය කිරීමට හා ආරක්‌ෂා කිරීම සිංහලයන්ගේ පමණක්‌ නොව ග්‍රෝත්‍රික මානසිකත්වයෙන් ආක්‍රමණික මානසිකත්වයෙන් බැහැර වූ ශීලාචාර හැම කෙනෙකුගේම යුතුකම හා වගකීම වන්නේය. එහිදී අප අවධාරණය කරනුයේ සිංහල රට තුළ සිංහලයට හිමි තැන දීම මිස වෙනත් කිසිවකුගේවත් හිමිකමක්‌ ඔවුනට අහිමි කර සිංහලයට හිමිකර දීම නොවන බව ද සිහි නුවණින් යුතුව සිතා වටහා ගත යුතුය.


දේශප්‍රේමී භික්‌ෂු පෙරමුණේ ලේකම්
බෙංගමුවේ නාලක හිමි
 

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    sahathika aththa issarahata monawa weida kiyala hithaagannath baa
    dan kaale gamwala ewunuth posh wela sinhala kadi kadeene katha karanne :baffled:

    +12
     
    • Like
    Reactions: Lewke

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    sahathika aththa issarahata monawa weida kiyala hithaagannath baa
    dan kaale gamwala ewunuth posh wela sinhala kadi kadeene katha karanne :baffled:

    +12

    ස්තුතියි සහෝ

    භාශාව රැකගන්න නම් අපි ඒක නියම විදිහට හැකි හැම තැනදිම නිවැරදිව භාවිතා කරන්න ඕන. අළුත් වචන එකතුකරගෙන අනාගතයට මුහුනදෙන්න වගේම භාවිතයට සුදුසු විදිහට (විනාශ නොකර ) පරිනාමය කරගන්න ඕන. ඒ වගේම තමයි පුළුවන් තරම් හොඳ පොත් පත් පළකිරීම වගේම, ඒව කියවීමත් උනන්දු කිරීමත් වැදගත්. :yes:
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ෂ සහ ශ?
    ද්‍ය සහ ද්ය?
    ප්‍ර සහ ප්ර?
    මට නම් හිතෙන්නෙ මේවා තව හැදෙන්න ඕනෙ කියලා.
     
    අද කාලෙට ගැලපෙන මාතෘකාවක් ඒත් වැඩියෙන් කතා වෙන්නේ නැති මාතෘකාවක්. සිංහල භාෂා‍වේ ඉරණම ගැන හා අනාගතය ගැන සිංහල මහාචාර්ය කෙනෙක් ඒ දවස් වල ගොඩාක් කතා කළා මතකයි. බදාදා ලංකාදීපෙ සාහිත්‍ය සංග්‍රහය කියන එකේ ඒ ගැන හරියට ගියා. මගේ මතයන් නම් මේවයි.


    1. සිංහල රැකෙන්න නම් සිංහලයා රැකෙන්න ඕනි. සිංහලයා ආර්ථික, තාක්ෂණික හා දේශපාලන වශයෙන් ශක්තිමක් විය යුතුයි. ඉංග්‍රිසිය ලෝකෙම කතා කරන්නේ ඒ කාලේ හිටපු ඉංග්‍රීසීන් ගේ දක්ෂතාවය නිසායි. ඒ වගේම භාෂාවක් රැකෙන්න ඒ මිනිස්සු රැකෙන්න ඕනි.


    2. සිංහල භාෂාව දියුණු විය යුතුයි. උදාහරණ විදිහට දවසින් දවස තාක්ෂණය දියුණු වෙන කොට අළුත් සංකල්ප, භාණ්ඩ හැදෙන කොට අළුතින් වචන වල අවශ්‍යතාව ඇති වෙනවා. මම ඡායා රූපකරණය ගැන ලියන්න හිතුවා. ඒත් ඒක ලියන්න ගත්තමයි තේරුණේ මට අවශ්‍ය දේවල් කියන්න සිංහලේ වචන නෑ කියලා. ඔය ප්‍රශ්නය තියෙනවා. විශේෂයෙන් අළුත් තාක්ෂණික දේවල් ගැන කියන්න වචන නැති වෙන කොට සිංහල භාෂාවෙන් කියන්න බැරි වෙන කොට ඉංග්‍රිසිය යොදා ගන්න වෙනවා. අන්න එතකොට අභාවය සිදු වෙනවා.


    3. නිවැරදි ව්‍යාකරණ භාවිතය නැති කම. විශේෂයෙන් කතා කරන භාෂාවෙන් ප්‍රවෘත්ති කියවන එක, සමහර නිවේදකයින් ගේ වැරදි භාෂා භාවිතය ත් එකක්. උදාහරණයක් විදිහට අපි වෙනුවෙන් අපි කියන ප්‍රචාරණය බලන්න. සිංහල වැරදියි නේ. ඒක වෙන්න ඕනි අප වෙනුවෙන් අපි. ඒක ඉංග්‍රිසියෙන් හරියට ලියනවා we for us කියලා. ඒත් සිංහලෙන් වැරදියි. ඉංග්‍රිසියෙන් we for we කියලා තියද්දි කවදාවත්...


    4. අනික බටහිර රටවලට යන සිංහල අය තමන්ගේ ළමයින් ට සිංහල උගන්නන්නේ නෑ. ඒක අවශ්‍ය නෑ කියලා හිතනවා. ගෙදර ට කතා කරන්නෙත් ඉංග්‍රිසියෙන්. එතකොට සිංහල භාෂාව ඒගොල්ලන්ට නැති වෙනවා. භාෂාව නැති වෙනවා කියන්නේ අනන්‍යතාව නැති වෙනවා කියන එකයි.


    5. අපිට සිංහල භාෂාව රඳවා ගන්න අඩිතාලමක් නෑ. සිංහල සිනමාවක් නෑ. ඉන්දියානු වගේ ළමයි පිටරට ගියත් බොලිවුඩ් නිසා තමන්ගේ කම රැඳිලා තියෙනවා. ඒ නිසා සිංහල සිනමාව ශක්තිමත් ලෙස නැති කමත් මේකට හේතු වෙනවා.


    නමුත් මම දැන් දකින දෙයක් තමයි සමහර මුස්ලිම් අයගේ මව් භාෂාවත් සිංහල වෙන එක. ඒක හොඳ දෙයක් විදිහට තමයි මම නම් දකින්නේ.
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අද කාලෙට ගැලපෙන මාතෘකාවක් ඒත් වැඩියෙන් කතා වෙන්නේ නැති මාතෘකාවක්. සිංහල භාෂා‍වේ ඉරණම ගැන හා අනාගතය ගැන සිංහල මහාචාර්ය කෙනෙක් ඒ දවස් වල ගොඩාක් කතා කළා මතකයි. බදාදා ලංකාදීපෙ සාහිත්‍ය සංග්‍රහය කියන එකේ ඒ ගැන හරියට ගියා. මගේ මතයන් නම් මේවයි.


    1. සිංහල රැකෙන්න නම් සිංහලයා රැකෙන්න ඕනි. සිංහලයා ආර්ථික, තාක්ෂණික හා දේශපාලන වශයෙන් ශක්තිමක් විය යුතුයි. ඉංග්‍රිසිය ලෝකෙම කතා කරන්නේ ඒ කාලේ හිටපු ඉංග්‍රීසීන් ගේ දක්ෂතාවය නිසායි. ඒ වගේම භාෂාවක් රැකෙන්න ඒ මිනිස්සු රැකෙන්න ඕනි.


    2. සිංහල භාෂාව දියුණු විය යුතුයි. උදාහරණ විදිහට දවසින් දවස තාක්ෂණය දියුණු වෙන කොට අළුත් සංකල්ප, භාණ්ඩ හැදෙන කොට අළුතින් වචන වල අවශ්‍යතාව ඇති වෙනවා. මම ඡායා රූපකරණය ගැන ලියන්න හිතුවා. ඒත් ඒක ලියන්න ගත්තමයි තේරුණේ මට අවශ්‍ය දේවල් කියන්න සිංහලේ වචන නෑ කියලා. ඔය ප්‍රශ්නය තියෙනවා. විශේෂයෙන් අළුත් තාක්ෂණික දේවල් ගැන කියන්න වචන නැති වෙන කොට සිංහල භාෂාවෙන් කියන්න බැරි වෙන කොට ඉංග්‍රිසිය යොදා ගන්න වෙනවා. අන්න එතකොට අභාවය සිදු වෙනවා.


    3. නිවැරදි ව්‍යාකරණ භාවිතය නැති කම. විශේෂයෙන් කතා කරන භාෂාවෙන් ප්‍රවෘත්ති කියවන එක, සමහර නිවේදකයින් ගේ වැරදි භාෂා භාවිතය ත් එකක්. උදාහරණයක් විදිහට අපි වෙනුවෙන් අපි කියන ප්‍රචාරණය බලන්න. සිංහල වැරදියි නේ. ඒක වෙන්න ඕනි අප වෙනුවෙන් අපි. ඒක ඉංග්‍රිසියෙන් හරියට ලියනවා we for us කියලා. ඒත් සිංහලෙන් වැරදියි. ඉංග්‍රිසියෙන් we for we කියලා තියද්දි කවදාවත්...


    4. අනික බටහිර රටවලට යන සිංහල අය තමන්ගේ ළමයින් ට සිංහල උගන්නන්නේ නෑ. ඒක අවශ්‍ය නෑ කියලා හිතනවා. ගෙදර ට කතා කරන්නෙත් ඉංග්‍රිසියෙන්. එතකොට සිංහල භාෂාව ඒගොල්ලන්ට නැති වෙනවා. භාෂාව නැති වෙනවා කියන්නේ අනන්‍යතාව නැති වෙනවා කියන එකයි.


    5. අපිට සිංහල භාෂාව රඳවා ගන්න අඩිතාලමක් නෑ. සිංහල සිනමාවක් නෑ. ඉන්දියානු වගේ ළමයි පිටරට ගියත් බොලිවුඩ් නිසා තමන්ගේ කම රැඳිලා තියෙනවා. ඒ නිසා සිංහල සිනමාව ශක්තිමත් ලෙස නැති කමත් මේකට හේතු වෙනවා.

    [/FONT]
    :yes::yes::yes::yes::yes: