සිංහල භාෂාව මැරීම

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිංහල භාෂාව මැරීම

    තමන්ගේ මව් රටත් කෑලි කරලා සුළු ජාතීන්ට පුදන්න තරම් ත්‍යාගවන්තභාවයක් සහිත සිංහල යැයි කියා ගන්නා නායකයින් සිටින රටක එරට ජාතික භාෂාවට අත් වෙමින් ඇති ඉරණම සම්බන්ධව මොනවා කතා කරන්නද නේද? අනාගත පරම්පරාව සිංහල භාෂාව කොයිතරම් හොඳින් භාවිතා කරනවද කියලා බලාගන්න පුලුවන් හොඳම තැන නූතන එෆ් එම් ගුවන් විදුලි නාලිකා සහ රූපවාහිනී නාලිකාය.ඔවුන් සිංහල භාෂාව මළ බසක් කිරීමට විශාල දායකත්වය සපයන බව පෙනෙන්නට තිබේ.

    සිංහල භාෂාව විකෘති කර භාවිතා කිරීම විද්‍යුත් මාධ්‍ය පමණක් නොව මුද්‍රිත මාධ්‍යත් සිදුකරන දෙයකි.උදාහරණයක් ලෙස පුවත්පතක පළවූ මෙම වැකිය ගෙන බලමු.​


    "රාජකාරි වැඩකට කොළඹ ඇවිත් අනුරාධපුරයට යද්දී ග්‍රෑන්ඩ්පාස්වල තිරිසනුන් පිරිසක් කෝච්චියට ගැසූ ගලක් වැදී උතුරුමැද අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා මරණයට පත්විය."


    මෙම වැකියෙන් කියන්නට උත්සාහ කර තිබෙන්නේ පිරිසක් විසින් ගැසූ ගල් පහරක් වැදි කෝච්චියෙන් අනුරාධපුරය බලා යමින් සිටි අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මරණයට පත්වූ බවයි.​


    *අධ්‍යක්ෂකවරයා කෝච්චියේ ගමන් කල බව එම වැකියේ සඳහන්ව තිබේද? නැත.​

    "රාජකාරි වැඩකට කොළඹ ඇවිත් අනුරාධපුරයට යද්දී ග්‍රෑන්ඩ්පාස්වල තිරිසනුන් පිරිසක්" යන්නෙන් කියවෙන්නේ ග්‍රෑන්ඩ්පාස්වල තිරිසනුන් පිරිසක් රාජකාරි වැඩකට කොළඹ ඇවිත් අනුරාධපුරයට යද්දී කෝච්චියට ගල් ගැසූ බවයි.​

    මරණයට පත් අධ්‍යක්ෂකවරයා රාජකාරි වැඩකට කොළඹ ආ බවක් හෝ ඔහු අනුරාධපුරයට යමින් සිටි බවක් හෝ එම වැකියේ සඳහන් නොවේ.​

    තිරිසනුන් පිරිස ගල් ගැසූ කෝච්චියේ අධ්‍යක්ෂකවරයා සිටි බව සඳහන් ව නැතිවිට තිරිසනුන් ගැසූ ගල් පහර එතුමාට වැදුනේ කෙසේද යන්න එම වැකියෙන් කිසිවකුට තේරුම් ගත නොහැකිවේවි.​



    ඉහත වාක්‍යය නිවැරදි විය යුත්තේ මෙසේය.

    "රාජකාරි වැඩකට කොළඹ පැමිණි උතුරුමැද නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක අනුරාධපුරයට කෝච්චියෙන් යද්දී ග්‍රෑන්ඩ්පාස් හි තිරිසනුන් පිරිසක් ඊට ගැසූ ගලක් වැදී මරණයට පත්විය."​

    මෙම ලිපිය පළකර තිබුණේ 2016 .08.23 පළවූ ලංකාදීප පුවත්පතේය.ලියුම්කරු-ප්‍රේමචන්ද්‍ර අල්විස්ය​


    සිංහල වැකිවල තිබෙන මෙවැනි වැරදි සම්බන්ධව බොහෝ කාලයකට පෙර ලංකාදීප පුවත්පතේ කුඩා ලිපිපෙළක් පළවිය.එම ලිපි කියවද්දී මෙරට ලේඛකයන්ගේ,ලියුම්කරුවන්ගේ සිංහල භාෂා ඥානය ගැන සිතාගත හැකි විය.එම ලිපිපෙළෙහි කතෘවරයා කවුදැයි අමතකය.හැකි නම් මෙවැනි සිංහල වැකිවල වැරදි විග්‍රකල ලිපි ඔබ සතුව ඇත්නම් පළකරන්න.
     
    • Like
    Reactions: sudokuu