සිංහල සින්දු ලස්සනයි..
කැඩපතකින් නෑ කිසි දවසක ගමරාළ මූණ බලලා..
මගේ වැටේ තිබුණ කැඩපතක් අහුලගෙන තම පිළිරුව දැකලා..
අඩමාණයක්ම නෑ මේ ඉන්නේ මගෙ පියා තමයි කියලා..
බිරිඳටත් හොරෙන් උදේ හවස කැඩපතට මිනිහා වැඳලා..
_____________________________________________
දෙමව්පියන්ගේ කීම අසාලා.. තියෙන නිදහසත් අනෙ මම නැති කර ගත්තා..
දැන් ගෑනුන්ගේ හැටි තේරෙනවා.. හරියන්නැති කසාදයක් මං බැඳ ගත්තා..

අද කතා නැත්තෙ මොකද උබ ලතා.. උබ එපා අඬන්නට මගේ සුදා..
මට නිකං ලැබුණෙ බං.. ඒක නිසයි බිව්වෙ මං..
නාඩං මගෙ බත් ටික බෙදපන්..

මගෙ දිගට හැඩට තිබුණ කොණ්ඩෙ ටික ටික ගැලවෙනවා..
ලස්සන තිබුණ රැවුලත් දැන් ටික ටික සුදු වෙනවා..
අනෙ මොකක් නමුත් ලොකු වෙනසක් ටික ටික සිදු වෙනවා..
ටික ටික මං ටික ටික වයසට යනවා..

කෑම බීම බැලන්ස් කරොත් පරෙස්සමට හොඳයි..
කොලෙස්ට්‍රෝල් සුගර් ප්‍රෙසර් ලෝක ලෙඩක් තමයි..
ගෙදර නෝනා හිතේ බයට කරු කුරුවක් දමයි..
අනෙ ඒ වුණාට මගෙ වැඩ ගැන දන්නෙ එයා තමයි..

මම සුනිල් පෙරේරා මහත්තයගෙ ජිප්සීස් සංගීත කණ්ඩායමේ සින්දු වගයක් දැම්මෙ. කියන්න උත්සහ කරේ සිංහල භාෂාව කොච්චර ලස්සනද ? සරලව සහ අරුත්බරව අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් අතිශය නිවැරදි භාෂාවක්. මේ වගේ සරල අදහස් සහ අරුත්බර පණිවිඩ සහ අදහස් දෙන්න පුළුවන් සින්දු තව ගොඩක් තියෙනවා. මේවත් බටහිර සංගීතය තමයි. ඒත් බලන්න සිංහල යොදා ගෙන තියෙන අපූරුව. ඩවුන්ලෝඩ් කරන් අහන්න. සුනිල් එදිරිසිංහ මහත්තයගෙ සින්දුත් ගොඩක් තියෙනවා. මේ වගේ ලස්සන සින්දු. මට නම් මේ වගේ සින්දු යනකොට චිත්ත රූප මැවිලා පේනවා. ඒ තරම් ඒවා රස වින්දනාත්මකයි. ඔයාලත් ඔයාලගෙ නංගිල මල්ලිලා, දුවලා පුතාලා ඉන්නව නම් මේවා අහන්න දෙන්න. දැන් තියෙන ටකරන් සංගීත ගැන මම කතා කරන්න යන්නෑ.