සිංහල හරකුන්ට...

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    සිංහල හරකුන්ට...



    ඔක්කෝම පිට රටින් ඕනෑ නම් මොකටද බන් ආණ්ඩුවක්. ජපනා ලැප්ටොප් එකක් හදලා පිට රට යවනකොට ඒ ගාන හම්බ කරන්ට මේ රටින් යවන්නේ ගෑණු 5 දෙනෙක්. වලං හෝදන්ට, ගුටි කණ්ට, ඇණ කන්ට, හම්බයන්ගේ අඟේ පතේ හිරි වාත සුව කොටන්ට . අවුරුදු 68ක් මී හරකුන්වම පාර්ලිමේන්තු යවපු රටකට ඉතින් වෙන අහවල් රෙද්දද විකුණන්ට තියෙන්නේ.1995 සිට අපේ රටේ මැති ඇමැති වරුන් සහ රාජ්‍ය නිළධාරීන් හොරාකාපු මුදල ඩොලර් බිලියන 89ක් ලු. බ්‍රික්ස් රටවල් ටික එකතු වෙලා ලෝක බැංකු සහ අයි.එම්.එෆ් ආධිපත්‍ය බිඳලා කුඩා රටවල් තමන්ට නතු කරගන්නට බැංකුවක් හැදුවා ඒකට රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය එකතු වෙලා දැම්ම මුදල බිලියන 50යි. හොරාකාපු සල්ලි ටිකෙන් බැංකුවක් දැම්මානම් අපේ රට ලෝක බලවතෙක් කරන්න තිබුණා. එහෙනම් අද උඹලා හම්බයන්ට බැල මෙහෙ කරන්ට යන්නේ නෑ. හම්බයෝ උඹලාට බැල මෙහෙ කරනවා. රටේ මිනිස්සු දෙපැත්ත බෙදිලා දෙපැත්තේම හොරු ටික රකිනතාක් රට.................. හිස් තැන පුරවාගන්න.

    පසුගිය වසර කිහිපය දෙන නැවත හැරී බලන්නට හැකිනම්, අපට තේරුම් ගැනීමට කරුණක් වන්නේ මේ ප්‍රධාන පක්ෂ දෙකම එකක් බවයි. මේ දෙකට මේ රට අඩියක්වත් ඉස්සරහට ගෙන යන්නට බැහැ කියලා ඔප්පු කර අවසන්. මේ තත්වය වෙනස කරන්න හිතන්නටවත් බෑ මේ ගොට්ට අල්ලන් පස්සෙන් යන වහල් ජනයා ඉන්නතාක්.
    ලෝකයේ අනෙක් රටවල් ඉතා වේගයෙන් අප පසු කර ගමන් කරමින් පවතිනවා. අපේ රටේ මිනිස්සු කල්පනා කරන්නේත් වැඩකට නැති තේරුමක් නැති දේවල්. අපි අහලා තියෙනවා, රටට කරදරයක් එනවිට එයට පිළියම් දෙන්න බැරි වනවිට මහජනයා රජ මාළිගාව වට කර රජාගෙන් බලහත්කාරයෙන් හෝ විසඳුමක් ලබාගත් බව. බැරිනම් ඒ රජු පලවා හැර එය කල හැක්කෙකු සම්මත කර ගත් බව.
    එහෙම මේ දැනට ඉන්න හැම එකාමා වට කොට පහර දී එලවා දැමිය යුතු උන්. ඒ වෙනුවට අපේ මිනිස්සු කරන්නේ උන්ව කරේ තියාගෙන යෑම. මේ රොත්තම ඔප්පු කරපු එකම දේනම් තමන් දේශපාලන ගේම් කාරයෝ ටිකක් විතරක්ම බවයි.

    අනික මගේ බුකියේ ඉන්නවා පිටරටවල් ගානක කාලයක් තිස්සේ දන්න විදේශීය යාළුවෝ. උන් එකෙක්වත් කාගෙවත් කුණු ගොඩවල්, කාගේවත් පුද්ගලික ජීවිත වල අවුල්, කුණුහරුප, අනුන්ට හෙණ ගහන, මැරිලා පල, මකබෑවිලා පල, ආදී මෝඩ පහත් පෙලේ කුණු පෝස්ට් ශෙයාර් කරන්නේ නෑ. අපේ උන්ගේ නිව්ස් ෆීඩ් එක පිරිලා තියෙන්නේ මේ අපේ සෙප්පඩ අබිලිංලාගේ, එන්සිනාලගේ මඩ වලින් අනුන්ගේ කුණු ගොඩවල්. පුදුමය උන් ඔක්කෝම බැලුවාම කියන්නේ "සිංහල බෞද්ධ" කියලා.
    මේ පොඩ්ඩයි .....
    from Fb ..
     
    • Like
    Reactions: DangerMan119

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලංකාවේ දේවල් ගන්න ලංකාවේ උන් කැමති නැහැ.රටින් ගේන ඕන ජරාවක් කීය දීලා හරි ගන්නවා..එහෙම කරලා සිංහල ජාතියට කෙලවෙනවා කිය කිය උඩ පනිනවා..:lol:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    අනික මගේ බුකියේ ඉන්නවා පිටරටවල් ගානක කාලයක් තිස්සේ දන්න විදේශීය යාළුවෝ. උන් එකෙක්වත් කාගෙවත් කුණු ගොඩවල්, කාගේවත් පුද්ගලික ජීවිත වල අවුල්, කුණුහරුප, අනුන්ට හෙණ ගහන, මැරිලා පල, මකබෑවිලා පල, ආදී මෝඩ පහත් පෙලේ කුණු පෝස්ට් ශෙයාර් කරන්නේ නෑ. අපේ උන්ගේ නිව්ස් ෆීඩ් එක පිරිලා තියෙන්නේ මේ අපේ සෙප්පඩ අබිලිංලාගේ, එන්සිනාලගේ මඩ වලින් අනුන්ගේ කුණු ගොඩවල්. පුදුමය උන් ඔක්කෝම බැලුවාම කියන්නේ "සිංහල බෞද්ධ" කියලා.​

    me kathawa nam atta.epa wenawa fb giyama :dull: