සිංහල හෝඩිය

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    ✤✤✤✤✤ සිංහල හෝඩිය ✤✤✤✤✤



    මචන්ලා ඔයාලගෙන් කී දෙනෙක්ට සිංහල හෝඩිය කට පාඩමෙන් කියන්න පුලුවන්ද? :shocked::shocked::shocked::shocked:
    ( එළකිරියේ මේ ත්‍රෙඩ් එක දකින අයගෙන් ඇගිලි වලින් ගනින්න පුළුවන් කොටසකට පුළුවන් ඇති)

    මට නම් සිංහල හෝඩිය බලාගෙනවත් කියව ගන්න බැරුව ගියා.. :(:(:(
    කාට හරි English alphabet එක බැහැ කිව්වොත් අපි හිනා වෙනවා නේද?
    ඒ උනාට අපිට අපේම මව් භාෂාවේ හෝඩිය බැහැ.
    ලැජ්ජයි සහෝ...

    :no::no::no::no::(:(:(:(:oo::oo::oo:

    දැන් උබලා බලනවද මු කවුද අපිට පඩි ටෝක් දෙන්න කියල...? :frown::frown::frown:
    මමත් එළකිරියේ ගොඩාක් උන් වගේ තවත් අපත ඩයල් එකක්.. :lol::lol::lol:
    එක පාර සිංහල හෝඩිය මතක් උනේ පොඩි සීන් එකක් හින්දයි...

    මගේ ප්‍රියම්බිකාවව දෙයියනේ කියලා ගෙදර කස්ටියට හදුන්වා දුන්නා... :nerd::nerd:
    ඒ වැඩේ කොහොම හරි ගොඩ දාගන්නකොටම සුපුරුදු පරිදි තවත් බාල්දියක් පෙරලුනා... :angry::angry::angry:
    කෙල්ලගේ විස්තර කතා කර කර ඉද්දි අපේ නැන්දා කිව්වා දුව යුනිවසිටි ගිහින් හවස නිකන් ඉන්න වෙලාවට අපේ දුවටයි පුතාටයි සිංහල චුට්ටක් උගන්නන්න කිව්වා... :growl::growl::growl:
    (කියන්න අමතක උනා අපි ඉන්නේ පිට රටක ඇ :P)
    කෙල්ල මම කියලා දුන්න විදිහට ඔලුව වැනුවා...
    (ඔලුව වැනුවට එයාගේ සිංහල දැනුම 0.01)
    ඊට පස්සේ තමයි මම සිංහල හෝඩියේ විස්තර හොයලා මෙහෙයුම දියත් කෙරුවේ...



    හැමදාම වගේ මගේ පිහිටට හිටියේ විකිපීඩියා, ගුගල් සහ යුටුබ් යන මගේ අති ජාතක මිතුරන් තිදෙනා.. ( ඒ වලින් බැරුව ගියොත් මගේ සියල්ල දත් එළකිරි සහෝදරයෝ මාව ගොඩ දානවා) ඉතින් මම ඔය ගත් විස්තර මෙතන දානවා..​



    sinhala_11.jpg







    මේක තමයි නවීන සිංහල හෝඩිය



    අ අ' ආ ඇ ඈ ඉ ඊ
    උ ඌ ඍ ඎ
    ( ඏ ඐ) වත්මන් සිංහල බසෙහි නොයෙදේ
    එ ඒ ඓ ඔ ඕ ඖ

    අර්ධ ස්වර
    අං අඃ
    ව්‍යංජන
    ක් ඛ් ග් ඝ් ඪ ඟ්
    ච් ඡ් ජ් ඣ් ඤ් ඥ්
    ට් ඨ් ඩ් ඪ් ණ ඞ්
    ත් ථ් ද් ධ් න් ඳ්
    ප් ඵ් බ් භ් ම් ඹ්
    ය් ර් ල් ව්
    ශ් ෂ් ස් zස් හ් ළ් ෆ්

    සඤ්ඤක
    ඬ ඟ ඬ ඳ






    සිංහල හෝඩි කිහිපයකි

    ශුද්ධ සිංහල හෝඩිය / එළු හෝඩිය/හෙළ හෝඩිය / නුමුසු සිංහල හෝඩිය
    හෙළ බසෙහි සියළු වචන ලිවීමට ප්‍රමාණවත්ය..

    සිදත් සඟරා හෝඩිය
    දඹදෙණි යුගයේ සකසන ලද්දකි. කව් ලැකියට අවැසි අකුරු පමණක් දක්වා ඇත.

    පන්සල් හෝඩිය
    සිංහල බස ලිවීමට වඩා පාලි සහ සංස්කෘත ලිවීමට යෝග්‍යවේ

    මිශ්‍ර සිංහල හෝඩිය
    ශුද්ධ සිංහල හෝඩිය, පාලි සහ සංස්කාත වචන නිවැරදිව ලිවීමට ප්‍රමාණවත් නොවුනු බැවින් අළුතින් අකුරු යොදාගැනීමට සිදුවිය. මෙම හෝඩිය මුලින්ම දක්නට ලැබෙන්නේ 1891 පලකල A Comprehensive Crammer of the Sinhalese Language නම් ව්‍යාකරණ පොතෙහිවේ.


    සිංහල වර්ණ මාලාව

    ජාතික අධ්‍යාපන ආයතනය විසින් 1989දී සම්මතකල හොඩියයි. පෙර හෝඩි වලට සාපේක්‍ෂව මෙහි ප්‍රධාන වෙනස්කම් 3කි.
    ෆ අකුර ඇතුලත්වීම
    සඤ්ඤක අකුරු 5 ඇතුලත්වීම
    ං සහ ඃ වෙනත් ස්ථානනයක තැබීම



    සමකාලීන සිංහල හෝඩිය

    1990 වසරේදී ජේ.බී. දිසානායක විසින් මුලින්ම පලකරන ලදී.



    Sinhala_Warna_Malawa.JPG



    Pillam_-_Sinhala.jpg




    b3.jpg



    මචන් සේරම විස්තර දාන්න බැහැ බන් ... මම අනිත් ඒවල ලින්ක් දාන්නම්..
    බලලා බම්ප් එකක් දාගෙන යන්න..
    ( මේ මගේ 2000 වෙනි පොස්ට් එක)





    සිංහල අක්ෂර වින්‍යාසය




    සිංහල වර්ණ මාලාව



    හෙළ හෝඩිය



    "අ" සිංහල හෝඩියේ මුලට ඇයි?
    එය මළපත අකුරද?




    (මචන් මම මේ කියන්නේ රෙප් හිගා කනවා වගේ වෙන්න පුළුවන් එත් මේක කියන්නම ඕන.. නෙට් එකෙන් උස්සලා කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් හරි විහිලු කතාවක් හරි දැම්මහම මට මීට වඩා රෙප් හම්බ වෙලා තියනවා.. එත් හොද දෙයක් මහන්සි වෙලා දැම්මහම උබලා ගණන් ගන්නේ නැහැ.. රෙපුත් නැහැ බම්ප් එකක් වත් නැහැ...) :(:(:(:(:no::no::no::no::no::no:
     
    Last edited:

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    honda thread ekak machan:D
    You must spread some Reputation around before giving it to Robin Hood of Sherwood again.