බෞද්ධ කතෝලික හින්දු මුස්ලිම් හැමෝටම අති පූජනීය තැන් තියෙනවනේ. ඔතනින් තුනක අති පූජනීය තැන්වලට අන් ජාතීන්ට ආගමිකයින්ට යෑමේ තහනමක් මම දන්න තරමට නෑ. ඒත් මුස්ලිම් අයගේ මක්කම ඇතුලට යන්න තියා ඒ තැන පිහිටලා තියෙන වර්ග කිලෝමීටර් ගානක් ඇතුලත වෙන ආගමිකයෙක් ගෙන්න ගන්න නෑලු. දැන් කොහොමද කියහන්කෝ මවුලවි කෙනෙක් එක්ක හිතේ සැකයක් කහටක් කොස්සක් නැතුව වැඩ කරන්නේ? ඔය සැකය හාමුදුරුනමක්, ෆාදර් කෙනෙක්, හින්දූ පූජක කෙනෙක් වෙනුවෙන් ඇතිවෙයිද? සැකය ඇතිවෙන්න සාධාරණ හේතු තියෙනවද? ඔන්න ඔතනයි බං ප්‍රශ්නේ. අපිට ඕනේ නෑ අන් ආගමිකයින් හෝ ජාතීන් මහා සංහාර කරලා නැති කරලා දාන්න. අපිට ඕනේ අපිව නැති කරන්න එන උන් ගෙන් ආරක්ෂා කරගන්න විතරයි. අපි එකතු වෙන්න හදන්නේ අන් ආගමිකයින්ට අගුල් දාගෙන බෞද්ධයින්ට යන්න එන්න විතරක් අවසර තියෙන පන්සලකට නෙවෙයි. හැමෝටම විවෘත වෙච්ච පන්සලකට. එහෙම තැනක නායකත්වය දරන හාමුදුවො අන් ආගමිකයෙකුට හෝ අන් ජාතිකයෙකුට පේනකොට නුරුස්සනව නම් අකමැත්තක් දැනෙනව නම්, මොනා හරි හිතේ තද කරගෙන ඉන්නව නම් එතන අනිවාර්‍යෙන්ම ලොකූ ප්‍රශ්ණයක් තියෙනවා. කතෝලික පල්ලියේ ෆාදර්ටත් හින්දු කෝවිලෙ පූජකතුමාටත් ඔය කතාවම අදාලයි. මවුලවිලා ගැන නම් කතා කරන්න එපා.
ආගමක් අදහනකොට ඔහොම තමා බන් එක එක අයගේ විස්වාස වෙනස් නෙ. මුස්ලිම් අය අපි එනවට කැමති නැත්තන් අපිට බලෙන් යන්නත් බෑ. අපේ පන්සලට ඕනේ කෙනෙකුට එන්න කියල කීවට එන්නෙ නැත්තන් අපිට බලෙන් ගෙන්නගන්නත් බෑ. අපි පන්සල හැමෝටම විවෘතයි කීවට අනිත් ආගමේ මනුස්සයට එක තමන්ගෙ ආගමේ අදහස් වලට විරුද්ධ දේ කියන තැනක්, හාමුදුරුවෝ කියන්නෙත් තමන්ගේ දෙවියෝ කියපු දේට විරුද්ධ දේ කියන කෙනෙක්. අපිට කියන්න බෑ ඉතිං අපි ඔච්චර නිදහසක් දීල තියෙද්දී ඇයි ඔයාල හාමුදුරුවෝ දිහා සැකෙන් බලන්නේ කියල. එක ස්වභාවිකව එන එකක්. ඒ සැකේ වැඩිවෙන දේවල් නෙ පහුගිය කාලේ උනේ.
ඉතිං එක තමයි ඕකට හොඳම විසඳුම ආගම ගාවගන්නෙ නැතුව ඉන්න එක කියල මම කිවේ. වැඩේ නොවෙන විදිහක් නෙවේ කෙරෙන විදිහක් නෙ බලන්න ඕනේ. උඹ කියන කතාව සම්පුර්නෙන් වැරදි කියල කියන්නෙ නෑ මම. ඉතිහාසේ ඉඳන් අපේ පුරුද්දනේ ඉතිං මොනව උනත් ගමේ පන්සලේ හාමුදුරුවෝ එක්ක කතා කරන එක. හාමුදුරුවෝ මුලිකත්වේ ගත්තම ඕන වැඩක් මිනිස්සු බැහැල කරනවනෙ. හැබැයි එහෙම කියල අපි හාමුදුරුවෝ පාර්ලිමේන්තුවට යවන්න හරි, හාමුදුරුවෝ ලව්වා නඩු අහන්න හරි නැත්තන් ඉරානේ වගේ රටේ ඔක්කොම දේවල් නායක හාමුදුරුවන්ගෙන් අහල ක්‍රියාත්මක කරන තත්වෙට වැටෙන්න ඕනේ නෑ නෙ. හැබැයි හෙළ උරුමේ වගේ පක්ෂ හරි බොදු බල සේනාව වගේ සංවිධාන හැදුවම අපි තල්ලු වෙලා යන්නේ අර තැනට.