සිංහල ..... 18+

palamu

Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    [FONT=&quot]සිංහල ..... 18+[/FONT]
    [FONT=&quot].[/FONT]
    [FONT=&quot].[/FONT]
    [FONT=&quot].[/FONT]
    [FONT=&quot].[/FONT]
    [FONT=&quot]කාලෙකින් කිරිය පැත්තේ අවේ.. [/FONT]:)[FONT=&quot] අද බස් එකේ යද්දී නිකමට හිතුනු දෙයක් කොටන්න හිතුන..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේක තනිකරම මට අපේ රට ජාතිය ගැන හිතුනු දෙයක් ඔයාලගේ අදහස් මේකට එක් කරයි කියල හිතනවා..[/FONT]
    [FONT=&quot]එහෙනම් මේකයි කාරණේ...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]සිංහල බෞද්ධ ශ්‍රී ලංකාවේ අනාදිමත් කාලයක සිට පැවතගෙන එන අභිමානවත් පරපුරක්.. අපේ රටේ මේ දවස්වල සිද්දවෙන දේවල් ටිකක් මහජනතාව පිඩාවට පත්කරන දේවල් කිවුවොත් හැමෝම එකට එකඟ වෙයි.. ඇත්තටම අයි මෙහෙම වෙලා තියෙන්නේ? නිකමට වත් හිතුනද? මගේ විස්වාසේ හැටියට නම් අපේ උතුම් ශ්‍රී ලංකාව රැකෙන්නේ බුදු දහම අපේ රටේ පවතින නිසා එකට සාක්ෂි සාධක මම ඉදිරිපත් කරන්න ඕන වෙන එකක් නෑ ඔයාලම දකින්න ඇති පහුගිය ස්වභාවික/ආපදා තත්වයන් වලදී. කොහොම උනත් සිංහලයෝ කියන්නේ හැම අතින්ම ආගන්තුක සත්කාරයට ලැදි සාමකාමිව ජීවත්වෙන මිනිස්සු.[/FONT]
    [FONT=&quot]මේ රට එදත් අදත් හෙටත් පවතින්නේ සිංහල කොල්ලෝ කෙල්ලෝ කැපවීම කරලා අරගල කරලා මේ රට හැම උවදුරකින්ම බෙර ගන්න හින්ද, එහෙම නැතුව මාධ්‍ය ඉස්සරහ තප්පුලන අම්මබරුවෝ වත් ගොඩ වැඩිකරගන්න දඟලන ඌරෝ හින්ද වත් නෙමෙයි කියන එක කවුරුත් මතක තියාගන්න ඕන. මේ හැමෝම දැනගනී දවසක සිංහල කොල්ලෝ කෙල්ලෝ මේ රටේ නැති වුනොත් එදාට ශ්‍රී ලංකාව කියන එක ලෝක සිතියමේ වත් ඉතුරු නොවෙන වග.. [/FONT]
    [FONT=&quot]එක නිසා සිංහල බෞද්ධ ජාතිය විදියට අපි කුහක නොවී ඉමු.. තමන් කරගන්න අකුසල කර්ම වල විපාක කවදාහරි ලැබෙන බව අපි විස්වාස කරන නිසා මගේ යෝජනාව මුලින් අපි හැදිලා ඉමු.. අපේ පෞරුෂය ලෝකෙට පෙන්නපු විරුවන්ගේ නාමෙන් සිංහල නංගියේ මල්ලියේ අයියේ අක්කේ අපේ හැදියාව අපි හදාගමු.. අරය කරනකම් මෙයා කරනකම් බලන ඉදල වැඩක වෙන්නේ නෑ.. පුද්ගලයයි හදාගන්න ඕන.. මේ සිංහල රටේ අපි කවුරුවත් එලවන්න හදන්නේ නෑ කාටවත් රිද්දනනත් අපිට ඕන නෑ.. මේ සිංහල අපේ රට අපි හදාගමු.. [/FONT]
    [FONT=&quot]අන්තිමට කියන්න තියෙන්නේ “ සිංහලයන් හට සිංහල දේසෙට සරණයි දළදා සමිඳුන්ගේ” කියල...[/FONT]

    [FONT=&quot]සියලුම අයිතීන් කර්තෘ වන [email protected] වන මා සතුය. [/FONT]:):):):)[FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    සිංහල , දෙමල ,මුස්ලිම් නෙවෙයි අපි එකම ඡාතියක් ලෙස හිතන්න පුරුදු වෙන්න .අනිත් එක බුදුපිලිම හා ස්භාවික විපත් අැතිසම්බන්ධයක් නෑ ගොඩ නැගිලි වගේ නෙවෙයි පිලිම කියන ඒව එක හින්දා ස්භාවික අපාදා වලට ඔ‍රොත්තු දෙනවා එක ඔනේම පිලිමයකට එකයි ‍.අනිත් එවුන් හදන්න පෙර තමන් හැදෙන්න ඔනේ එකට නම් මම එකගයි.

    ps

    kauda ekek meka cp eke dala :angry::angry:

    reputation_neg.gif
    සිංහල ..... 18+
    Elkhorn-Mountains-Pano-Tight-123114.jpg
     
    Last edited:
    • Like
    Reactions: palamu

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    සිංහල ක්‍රිස්තියානි අයට මොකෝකරන්නේ ? මුහුදට දාමුද ගිලිල මැරෙන්න :oo:

    සිංහල බෞද්ධ වෘක්ෂය යට, ඒ වෘක්ෂයට හානියක් නොකරන තාක්කල් සියළු ආගම් වලට සියළු ජාතීන්ට කිසි කරදරයක් නැතුව ඉන්න පුලුවන්.

    මම කිව්ව දේ ඇත්තද බොරුද කියලා උබම හිතලා. උබම තීරණයක් ගනින්.
     
    • Like
    Reactions: palamu

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හරි බන් එත් ආගමට වඩා ජාතිය වැදගත් නේද ? සිංහල බෞද්ධ කියනවට වඩා සිංහල විතරක් කියන එක හොඳ නැද්ද ? :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි බන් එත් ආගමට වඩා ජාතිය වැදගත් නේද ? සිංහල බෞද්ධ කියනවට වඩා සිංහල විතරක් කියන එක හොඳ නැද්ද ? :oo:

    නෑනෙ... ක්‍රිස්තියානි උන් කියන්නෙ..සුද්දනට රෙද්ද උස්සපු පරම් පරාවකින් පැවතෙන උන්නෙහ්... උන් සින්හල ජතියෙ උන් නෙමෙයි.... :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: palamu

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    හරි බන් එත් ආගමට වඩා ජාතිය වැදගත් නේද ? සිංහල බෞද්ධ කියනවට වඩා සිංහල විතරක් කියන එක හොඳ නැද්ද ? :oo:

    මුලින්ම කියන්න ඕනේ කොයි ආගමෙත් අන්තවාදියෝ ඉන්නවා. ඒ අය ගැන කතා කරලා වැඩක් නෑ. අනික තමයි, අනුන් අපිට සලකන හැන්දෙන් තමයි අපි ඒ අයට බෙදන්නේ.

    එහෙම කියන එක හොඳයි නරක නෑ. මට කොච්චර ඉන්නවද බන් කතෝලික යාළුවො. කොටින්ම කියනව නම් සමහර උන් කතෝලික කියලා දැනගත්තේ නත්තලට උන්ගේ ගෙදර එන්නයි කිව්වම. දානයක් පිරිතකට ගෙදර අවිල්ලා ධාතු කරඬුවට මුතු කුඩේ අල්ලන්න කිව්වම මට බෑයි කියන්නෙත් නෑ. කතෝලික යාළුවො අපෙන් වෙන් වෙන්න වෙනස් වෙන්න ඇඟිලි ගැන ගැන නෙවෙයි ඉන්නේ. උන් අපි එක්ක එකට නොකා ජේසු තුමාට කැප කරපු කෑම හොයන්න යන්නේ නෑ. අපි කැහැපටේ ගැහුවොත් කතෝලික යාළුවොත් කැහැපටේ ගහගන්න ලෑස්තියි. ඇඳුමෙන් වෙන් වෙන්න දුරස් වෙන්න උන් දඟලන්නේ නෑ. කිසි අව්ලක් නෑ අපි හොඳින් ඉන්නවා.

    ඒත් මචන් යම් කිසි දෙයක් අපි කතා කරගෙන යනකොට අපිට පන්සල නැතුව බැරි තැනක් එනවා. අතීතයෙත් සිංහලයා හිරවෙච්ච වෙලාවේ පන්සලේ හාමුදුරුවො තමයි නායකත්වය දුන්නේ. අන්න ඒ නිසයි මම සිංහල බෞද්ධයා කිව්වේ. මම මෙතන සිංහල බෞද්ධයා කිව්වේ බෞද්ධ නොවෙන සිංහල අයගේ හිත රිද්දන්න බලාගෙන නෙවෙයි. එහෙම උනා නම් සමාවෙයන්.

    කතෝලික රටවල් වල බෞද්ධයෝ නැද්ද පන්සල් නැද්ද? තියෙනවනේ. එහෙම තිබ්බයි කියලා අපි ඒ රටවල් බෞද්ධ කරන්න ඔනෑ. කතෝලිකයෝ නැති කරන්න ඕනෑ කියලා අපේ මෙහෙයුම් කරන්නේ නෑනේ. අපි මහා ආගම වෙන කතෝලික වෘක්ෂය යටතේ ඒ අයට කිසි අභියෝගයක් කරන්නේ නැතුව ජීවත් වෙනවා. ඔහොම කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ඉස්ලාම් රටක් කියපන් පුළුවන් නම්.

    අන්තවාදී වෙලා මහා වෘක්ෂයට අභියෝග කරනවද. මහ වෘක්ෂයට කරදරයක් නැතුව ඒ සෙවනේ හැදෙනවද, අන්තවාදීන්ගෙන් මහා වෘක්ෂය ආරක්ෂා කරන්න කටයුතු කරනවද, නිහඬව ඉන්නවද, නැත්නම් අන්තවාදියෝ එක්කම එකතුවෙනවද කියන එක කියලා ඉතින් උබලම තීරණය කරපන්.
     
    ඔව් එක ඇත්ත, එත් කෙලින්ම බෞද්ධාගම වෙනුවෙන් කරන වැඩකදී ඇරෙන්න අනිත් තැන් වලදී ආගම ගාවගන්නේ නැතුව ඉන්න එක හොඳයි කියලයි මගේ අදහස. එකෙන් වෙන්නෙ පටන්ගත්ත වැඩේ පහු වෙනකොට වෙන වෙන පැති වලට යන එක අර බොදු බල සේනාව කරගත්ත වගේ. අනික ඉස්සර රජකාලේ වගේ නෙවේ දැන් ඉන්න හාමුදුරුවරු කරන්නෙත් බිස්නසුයි දේශපාලනෙයි. රට වෙනුවෙන් කියල කට්ටිය එකතු කරගෙන වැඩක් කරන අය හරි අඩුයි. ඉතිං අනිත් ආගම් වල උන් ඒක දිහා බලන්නේ සැකෙන්. අපිත් එක්ක අවුලක් නැතුව සහයෝගෙන් ඉන්න උන් උනත් පස්ස ගහනව වැඩකදී එකතු වෙන්න ගියාම, ඊළඟට හොඳට හිටපු උනුත් වෙනම කල්ලි හදාගන්නව.

    කෙටියෙන් කිවොත් රට හදන්න වැඩ කරද්දී ආගම අමතක කරනවනං හොඳයි කියලයි මගේ අදහස. මොකෝ ආගම ඕන කෙනෙක්ට වෙනස් කරගන්න පුළුවන් නෙ. උපන්න රට එහෙම බෑනේ.

    හැබැයි උඹ කිව වගේ අපිට බෙදන හැන්දෙන් තමා අපි අනිත් අයට බෙදන්න ඕනේ. අපි රට හදන්න කියල ආගම අමතක කරලා එකතු වෙද්දී, වෙන සෙට් එකක් යටින් වෙන වෙන ගේම් ගහන්න එනවනං ඒවට ගැලපෙන්න උත්තර දෙන්න ඕනේ.
     
    මීට කලින් නූලක උබෙන් රිප්ලයි එකක් බලාපොරොත්තුවෙන් හිටියත් උබෙන් රිප්ලයි එකක් ආවේ නෑ. එහෙම එකක් මේ ලඟදි උනා. මම මේක උබට ලිව්වේ කීප සැරයක්ම හිතලා මොකද උබට සමහර වෙලාවට රිප්ලයි කරන්න අමතක වෙනවා. උබේ අදහස් වලටයි මතයටයි මම ගරු කරනවා. හැබැයි මචන් මට නම් තියෙන්නේ ඊට ටිකක් වෙනස් මතයක් අදහසක්. මම ඒක කිව්වා. අපිට තියෙන්නේ පන්සල මූලික කරගත්තු පසුබිමක්. අතීතයේත් සිංහලයා අමාරුවේ වැටුන වෙලාවෙදි ගමේ සමිති සමාගම් වල නායකයෝ නායකත්වය දීලා සිංහලයව නැගිට්ටුව නම් හොඳයි. ඒත් එහෙම නායකත්වයකට ජාතියක් නැගිටවන්න බැරි උනා. ඒත් ගමේ පන්සලේ හාමුදුරුවො අවශ්‍ය පන්නරය දීලා නැගිට්ටුවා. ඉතින් බන් අපිට වර්ථමානයේ දේශපාලන පක්ෂයක් හෝ වෙනත් සමිති සංවිධාන වලට වඩා ගමේ පන්සල ගැන විශ්වාසයක් තියෙනවා. මොකද අතීතයේ සිදුවීම මතකයි. ඒ නිසයි වෙනත් ඒවා පස්සට දාලා කතා කරන්නේ. නැතුව කාගේ වත් හිත් රිද්දන්න නෙවෙයි. උබලටත් පුළුවන් පල්ලි වලට එකතුවෙලා වැඩ කරන්න. හාමුදුරුවරුයි ෆාදර්ලයි කාතා නොකරන මිනිස්සු නෙවෙයි. ඒ අය එකතු වෙලා අපිව මෙහෙයවයි.

    ඒ නිසා පන්සල කියන එක ප්‍රශ්නයක් කරගන්නේ නැතුව. ආමණ්ත්‍රනය කරන්නේ බහුතරයෙ පොදු දේට බව තේරුම් ගන්න. අනිත් අය කොන් කිරීමක් ඒකෙන් අදහස් වෙන්නේ නෑ. පන්සල නොකියා ආගමික ස්ථානය කියලා කියමුකො කියන්නත් එපා. යම්කිසි දෙයක් ගැලපීමක් වගේම කියන දේ එකපාරටම බහුතරයකටම අවබෝධ වෙන එකත් වැදගත්.

    "අනික ඉස්සර රජකාලේ වගේ නෙවේ දැන් ඉන්න හාමුදුරුවරු කරන්නෙත් බිස්නසුයි දේශපාලනෙයි." උබ මෙහෙම කතාවක් කිව්ව. මම මේකට 100%ක් එකඟ නෑ මචන්. උබ කියපු කතාවේ යම් කිසි ඇත්තක් නැත්තෙත් නෑ. ඒත් ඒ පිරිස දිහා විතරක් බලලා මුළු සංඝ රත්නයම උබ කියපු විදිහටම තීරණය කරන්න නීර්ණය කරන්න අපි සූදානම් නෑ.
     
    Sorry බන් මට මතක නෑ එහෙම තැනක්, පුළුවන් නං මොන නුලේද කියල පොඩ්ඩක් මතක් කරපන්. මම එහෙම හිතල රිප්ලයි නොකර ඉන්නෙ නෑ වැදගත් දෙයක් නං.

    අනිත් එක මම ක්‍රිස්තියානි කෙනෙක් නෙවේ :yes: මාත් සිංහල බෞද්ධ පවුලක කෙනෙක්. හැබැයි අනිත් වර්ගවල අය මම ටිකක් වැඩිපුර ආස්සරේ කරලා තියෙනව. කොටින්ම ගොඩක් අයට හම්බෙන්නේ නැති උතුර නැගෙනහිර ඉඳන් ආපු දෙමල අයත් ආස්සරේ කරලා තියෙනව. ඉන්න පැත්තත් 100% බෞද්ධ අය ඉන්න පැත්තක නෙවේ. ඒ හින්දයි මට ටිකක් වෙනස් විදිහට මේක පෙන්නේ කියල හිතනව.

    ගමේ පොදු වැඩ වලදී පන්සල මුලිකත්වය ගන්න එක ගැන මට ප්‍රශ්නයක් නෑ මචන්. පන්සල පල්ලිය ගමේ වැඩ වලදී එකට වැඩ කරනවට ඕන තරන් උදාහරණ තියෙනවනෙ. එකේ අවුලක් නෑ. ඒත් මම කිවේ ජාතික මට්ටමේ වැඩ වලදී රටක් විදිහට මිනිස්සුයි නායකත්වේ ගන්න ඕනේ. එහෙම වෙලාවට ආගම ජාතිය වගේ කාරනා මත කට්ටිය නායකත්වෙට පත්උනාම එක ඇත්ත අරමුණෙන් පිටපනින්න තියෙන ඉඩ වැඩියි. අපිට අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනවනේ ලංකාවේ දැන් ඉස්සර වගේ නෙවේ හැම ජාතියෙම් ආගමේම මිනිස්සු ඉන්නව කියල. රටේ මිනිස්සුන්ගෙන් තුනෙන් එකක් සිංහල බෞද්ධ නෙවේ නෙ. අපිට ඔය තුනෙන් එක අයින් කරන්න බෑනේ එකට ඉස්සරහට යනකොට. එහෙම වෙලාවට හැමෝම එකට එකතු කරන්න නං හැමෝටම පිළිගන්න පුළුවන් නායකත්වයක් තියෙන්න ඕනේ. දේශපාලනේ දි උනත් හෙළ උරුමේ, මුස්ලිම් කොන්ග්රසේ වගේ පක්ෂ ඕනේ නෑ කියල මම හිතන්නේ, මොකෝ ඒ මිනිස්සුන්ට රට හදනව වෙනුවට වෙන වෙන ප්ලෑන් තියෙන්නෙ ආගම මුල් කරගත්ත. කොටින්ම රටේ ඉහල මට්ටමේ වැඩ වලදී ආගම ගාවගන්න ඕනේ නෑ කියලයි මගේ අදහස.

    අනික ඔය සහජීවන කතා එන්නෙත් වෙනස් ආගම් ජාති ඉන්න තැනක ආගමික නායකයො ටික මුල් පුටුවල ඉන්නකොට. කවුරුත් කැමති නෑ දෙවැනි වෙන්න. ඉතිං ඔක්කොමල්ල පෙලට ඉඳගෙන සහජීවනේ කියල වැඩ කරන්න හදනව, නිකන් ෂෝ එක විතරයි සහජීවනයක් ඇත්තෙත් නෑ වැඩක් කෙරෙන්නේත් නෑ. අදහන ආගම අමතක කරල හැමෝම පිළිගන්න මනුස්සයෙක් නායකත්වේ ගත්තනං වැඩේ ඉවරයි.

    හාමුදුරුවරු ගැන මම කිවේ හැමෝම නරකයි කියල නෙවේ. එත් අපිට උදේ හවා පේන ගොඩක් අය ගැන මගේ නං පැහැදීමක් නෑ.
     
    ආගමික ස්ථාන මුල් නොකරගෙන ප්‍රශ්ණ විසඳගන්න පුළුවන් නම් හොඳයි. ඒත් ජාතික ප්‍රශ්ණ විසඳගන්න ආගමික ස්ථාන මුල් නොවෙච්ච උදාහරණ ලෝකේ අඩුයි. ලෝකේ ගොඩක් රටවල් වල ඇති උන ජාතික ප්‍රශ්ණවලදිත් ඒවා විසඳන්න මූලස්ථානය උනේ බහුතරගේ ආගමික ස්ථානය. අමරිකාව සුදු කළු ගැටුම් තියෙන කාලේ, මුස්ලිම් අය හිටියේ නැද්ද? යුදෙව්වෝ හිටියේ නැද්ද? ඒත් ඒ ප්‍රශ්න වලට විසඳුම් හෙව්වේ කතෝලික පල්ලිය මූලික කරගෙන. ඒක මුස්ලිම් යුදෙව්වන් හෝ වෙනත් ජාතීන් ආගමිකයින් ප්‍රශ්නයක් කරගත්තද? නෑ කවුරුත් ප්‍රශ්නයක් කරගත්තේ නෑ. අප්‍රිකාවේ ඉන්දියාවේ ජාතික ප්‍රශ්ණවලත් ඔය කතාවම තමයි. බහුතරයගේ ආගමික ස්ථානය. ඇතීතයේ ලංකාවට ආපු විවිධ ආක්‍රමන වලදිත් මුල් උනේ පන්සල. ඒනිසා සියළු ආගමිකයින් ජාතීන් රැකුනා. පන්සල පන්සලේ වගකීම ඉටු කරා. හැබැයි ඒක ඉස්සර හිටපු දෙමළ මුස්ලිම් අය ප්‍රශ්නයක් කරගත්තේ නෑ. හැබැයි අද ඒක ප්‍රශ්ණයක් වෙලා. අන්න ඒක අපිට ලොකු ප්‍රශ්ණයක් මචන්..

    දේශපාලනේ පැත්තෙන් බැලුවොත් දෙමළ කට්ටිය පනස් ගනන් වලදිම දෙමළ අයට පක්ෂයක් දේශපාලන සංවිධානයක් හදාගෙන හිටියා(මට ඒකේ නම මීටර් නෑ, අද තියෙන TNA එක නෙවෙයි) එතකොට ඒ කාලේ සිංහල පක්ෂ තිබ්බද? තිබ්බේ එජාපය. එජාපයේ ජාතියටයි ආගමටයි කිසිම ස්ථානයක් දෙන්නේ නෑ. පස්සේ ශ්‍රිලනිපය ඇති උනා. බන්ඩාරනායකයා සෑම ජාතියක් නියෝජනය කරලා මහලේකම්වරු පත් කරා. පස්සේ ජවිපෙ ඇති උනා. උන්ට ඇති ආගමක් නැතිබව අලුතෙන් කියන්න දෙයක් නෑනේ. ජවිපෙ මෙහමත් එජාපය අරවිදිහටත් ශ්‍රිලනිපය මේ විදිහටත් වැඩ කරේ බෙදෙන්න ඕන හින්දද? හැබැයි එදා ඉඳලම අර දෙමළ සංවිධානය ජාතිවාදයට රට මෙහෙයවන්න දත කකා හිටියා.

    මුස්ලිම් කොන්ග්‍රසය ගත්තත් ඒක හැදුනේ මීට අවුරුදු 35ට විතර කලින්. උබ කියන විදිහට ජාති වාදි ආගම් වාදි ඒ කාලේ තිබ්බ සිංහල පක්ෂය මොකක්ද කියපන්. එහෙම එකක් තිබ්බේ නෑනේ මචන්. ඉතින් දැන් කවුද කියපන් හෑන්ඩ් ශේක් එකක් කරනව නම් මුලින්ම අත ගසා දැම්මේ? හෙල උරුමෙද බොදු ජන පෙරමුනද එහෙමත් නැත්නම් වෙනත් එකක්ද? සිංහලයද බෞද්ධයද? කතෝලිකයද? තනි ඇතින් හෑන්ඩ් ශේක් කරන්න බැරි බව අපි තේරුම් ගන්න ඕනේ. තමන් වෙන් වෙලා යායුතුයි කියලා තීරණය කරේ කවද්ද එදාම ඒකට විරුද්ධ පක්ෂයක් හෝ සංවිධානයක් හෝ පිරිසක් ඇතිවෙනවා. ඇත්තටම මට තියෙන ප්‍රශ්ණය හෙල උරුමෙටයි බොදු ජන පෙරමුනටයි වෙනත් පක්ෂවලටය් බිහි වෙන්න ඇයි මෙච්චර කල් ගියේ කියන එකයි.

    සහජීවනය අදුනන්නේ නැති උනට නම් කොහෙවත් ජීවත් වෙන්න බෑ. අමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, ජර්මනියේ, ප්‍රංශයේ ලෝකේ ඉන්න හැම ජාතියක්ම ජීවත් වෙනවනේ. පෙන්නපන් කොහෙද තියෙන්නේ කියලා බෞද්ධ පන්සල් අපේ රටට තර්ජනයක් කියන රටක්. හැබැයි ඉස්ලාමිකයින් තර්ජනයක් කියලා උද්ගෝෂන ඔනෑ තරම් ඔය රටවල් වල වෙනවා. ඉතින් ඒ නිසා සහජීවනය අදුනන්නේ නැති කවර හෝ ජාතිකයින් කුමන හෝ ආගමිකයින් සහජීවනය කියන්නේ උන්ගේ රටේ හැදිලා උන්ගේ රටේ වැඩිලා උන්ගේ රටේ මැරිලා කවදා හෝ කොතනකදි හෝ කොහොමහරි උන්ගේ රට අල්ලන්න ඕනේ කියලා හිතන් ඉන්න උන එක්ක අපිට ඕන සහජීවනයක් නෑ.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඔව් එක ඇත්ත, එත් කෙලින්ම බෞද්ධාගම වෙනුවෙන් කරන වැඩකදී ඇරෙන්න අනිත් තැන් වලදී ආගම ගාවගන්නේ නැතුව ඉන්න එක හොඳයි කියලයි මගේ අදහස. එකෙන් වෙන්නෙ පටන්ගත්ත වැඩේ පහු වෙනකොට වෙන වෙන පැති වලට යන එක අර බොදු බල සේනාව කරගත්ත වගේ. අනික ඉස්සර රජකාලේ වගේ නෙවේ දැන් ඉන්න හාමුදුරුවරු කරන්නෙත් බිස්නසුයි දේශපාලනෙයි. රට වෙනුවෙන් කියල කට්ටිය එකතු කරගෙන වැඩක් කරන අය හරි අඩුයි. ඉතිං අනිත් ආගම් වල උන් ඒක දිහා බලන්නේ සැකෙන්. අපිත් එක්ක අවුලක් නැතුව සහයෝගෙන් ඉන්න උන් උනත් පස්ස ගහනව වැඩකදී එකතු වෙන්න ගියාම, ඊළඟට හොඳට හිටපු උනුත් වෙනම කල්ලි හදාගන්නව.

    කෙටියෙන් කිවොත් රට හදන්න වැඩ කරද්දී ආගම අමතක කරනවනං හොඳයි කියලයි මගේ අදහස. මොකෝ ආගම ඕන කෙනෙක්ට වෙනස් කරගන්න පුළුවන් නෙ. උපන්න රට එහෙම බෑනේ.

    හැබැයි උඹ කිව වගේ අපිට බෙදන හැන්දෙන් තමා අපි අනිත් අයට බෙදන්න ඕනේ. අපි රට හදන්න කියල ආගම අමතක කරලා එකතු වෙද්දී, වෙන සෙට් එකක් යටින් වෙන වෙන ගේම් ගහන්න එනවනං ඒවට ගැලපෙන්න උත්තර දෙන්න ඕනේ.

    ඔක්කොමත් හරි. තම්බියත් හරි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආගමික ස්ථාන මුල් නොකරගෙන ප්‍රශ්ණ විසඳගන්න පුළුවන් නම් හොඳයි. ඒත් ජාතික ප්‍රශ්ණ විසඳගන්න ආගමික ස්ථාන මුල් නොවෙච්ච උදාහරණ ලෝකේ අඩුයි. ලෝකේ ගොඩක් රටවල් වල ඇති උන ජාතික ප්‍රශ්ණවලදිත් ඒවා විසඳන්න මූලස්ථානය උනේ බහුතරගේ ආගමික ස්ථානය. අමරිකාව සුදු කළු ගැටුම් තියෙන කාලේ, මුස්ලිම් අය හිටියේ නැද්ද? යුදෙව්වෝ හිටියේ නැද්ද? ඒත් ඒ ප්‍රශ්න වලට විසඳුම් හෙව්වේ කතෝලික පල්ලිය මූලික කරගෙන. ඒක මුස්ලිම් යුදෙව්වන් හෝ වෙනත් ජාතීන් ආගමිකයින් ප්‍රශ්නයක් කරගත්තද? නෑ කවුරුත් ප්‍රශ්නයක් කරගත්තේ නෑ. අප්‍රිකාවේ ඉන්දියාවේ ජාතික ප්‍රශ්ණවලත් ඔය කතාවම තමයි. බහුතරයගේ ආගමික ස්ථානය. ඇතීතයේ ලංකාවට ආපු විවිධ ආක්‍රමන වලදිත් මුල් උනේ පන්සල. ඒනිසා සියළු ආගමිකයින් ජාතීන් රැකුනා. පන්සල පන්සලේ වගකීම ඉටු කරා. හැබැයි ඒක ඉස්සර හිටපු දෙමළ මුස්ලිම් අය ප්‍රශ්නයක් කරගත්තේ නෑ. හැබැයි අද ඒක ප්‍රශ්ණයක් වෙලා. අන්න ඒක අපිට ලොකු ප්‍රශ්ණයක් මචන්..

    දේශපාලනේ පැත්තෙන් බැලුවොත් දෙමළ කට්ටිය පනස් ගනන් වලදිම දෙමළ අයට පක්ෂයක් දේශපාලන සංවිධානයක් හදාගෙන හිටියා(මට ඒකේ නම මීටර් නෑ, අද තියෙන TNA එක නෙවෙයි) එතකොට ඒ කාලේ සිංහල පක්ෂ තිබ්බද? තිබ්බේ එජාපය. එජාපයේ ජාතියටයි ආගමටයි කිසිම ස්ථානයක් දෙන්නේ නෑ. පස්සේ ශ්‍රිලනිපය ඇති උනා. බන්ඩාරනායකයා සෑම ජාතියක් නියෝජනය කරලා මහලේකම්වරු පත් කරා. පස්සේ ජවිපෙ ඇති උනා. උන්ට ඇති ආගමක් නැතිබව අලුතෙන් කියන්න දෙයක් නෑනේ. ජවිපෙ මෙහමත් එජාපය අරවිදිහටත් ශ්‍රිලනිපය මේ විදිහටත් වැඩ කරේ බෙදෙන්න ඕන හින්දද? හැබැයි එදා ඉඳලම අර දෙමළ සංවිධානය ජාතිවාදයට රට මෙහෙයවන්න දත කකා හිටියා.

    මුස්ලිම් කොන්ග්‍රසය ගත්තත් ඒක හැදුනේ මීට අවුරුදු 35ට විතර කලින්. උබ කියන විදිහට ජාති වාදි ආගම් වාදි ඒ කාලේ තිබ්බ සිංහල පක්ෂය මොකක්ද කියපන්. එහෙම එකක් තිබ්බේ නෑනේ මචන්. ඉතින් දැන් කවුද කියපන් හෑන්ඩ් ශේක් එකක් කරනව නම් මුලින්ම අත ගසා දැම්මේ? හෙල උරුමෙද බොදු ජන පෙරමුනද එහෙමත් නැත්නම් වෙනත් එකක්ද? සිංහලයද බෞද්ධයද? කතෝලිකයද? තනි ඇතින් හෑන්ඩ් ශේක් කරන්න බැරි බව අපි තේරුම් ගන්න ඕනේ. තමන් වෙන් වෙලා යායුතුයි කියලා තීරණය කරේ කවද්ද එදාම ඒකට විරුද්ධ පක්ෂයක් හෝ සංවිධානයක් හෝ පිරිසක් ඇතිවෙනවා. ඇත්තටම මට තියෙන ප්‍රශ්ණය හෙල උරුමෙටයි බොදු ජන පෙරමුනටයි වෙනත් පක්ෂවලටය් බිහි වෙන්න ඇයි මෙච්චර කල් ගියේ කියන එකයි.

    සහජීවනය අදුනන්නේ නැති උනට නම් කොහෙවත් ජීවත් වෙන්න බෑ. අමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, ජර්මනියේ, ප්‍රංශයේ ලෝකේ ඉන්න හැම ජාතියක්ම ජීවත් වෙනවනේ. පෙන්නපන් කොහෙද තියෙන්නේ කියලා බෞද්ධ පන්සල් අපේ රටට තර්ජනයක් කියන රටක්. හැබැයි ඉස්ලාමිකයින් තර්ජනයක් කියලා උද්ගෝෂන ඔනෑ තරම් ඔය රටවල් වල වෙනවා. ඉතින් ඒ නිසා සහජීවනය අදුනන්නේ නැති කවර හෝ ජාතිකයින් කුමන හෝ ආගමිකයින් සහජීවනය කියන්නේ උන්ගේ රටේ හැදිලා උන්ගේ රටේ වැඩිලා උන්ගේ රටේ මැරිලා කවදා හෝ කොතනකදි හෝ කොහොමහරි උන්ගේ රට අල්ලන්න ඕනේ කියලා හිතන් ඉන්න උන එක්ක අපිට ඕන සහජීවනයක් නෑ.

    උඹ ඔය කතාව කියන්නෙ ගොඩක්ම මුස්ලිම් අය සහ ටිකක් විතර දෙමල අය ඉලක්ක කරනගෙන කියලයි මට හිතෙන්නෙ. සහජීවනය ඕනේ නැති අය එක්ක සහජීවනේ ඕනේ නෑ තමා. එකට ඉන්න බැරි නං එකට අපිට කරන්න දෙයක් නෑ නෙ. හැබැයි හොඳට ඉන්න අයත් අර අන්තවාදියන්ගේ ගොඩට නොවැටෙන විදිහට අපි වැඩ කරන්න ඕනේ.

    සුළු ජාතික නායකයෝ වෙනම පක්ෂ හදාගෙන උන්ගේ වෙනම වැඩපිළිවෙලවල් යටින් ගෙනියනකොට අපිත් ඒ වගේම කල්ලි හදාගෙන ඒ තියරියටම වැඩ කරොත් වෙන්නෙ තවත් බෙදෙන එක විතරයි. දේශපාලනේ ගත්තත් උන් මුස්ලිම් කොන්ග්රසේ හරි දෙමල සන්ධානේ හරි හදාගෙන වෙන් වෙන්න හදනකොට අපිත් හෙළ උරුමය හරි බොදු බල සේනාව හරි හදල හරියන්නේ නෑ. අපි UNP SLFP වලට තවත් දෙමල,මුස්ලිම් අය ගන්නයි ට්‍රයි කරන්නයි ඕනේ. කොච්චර උනත් මුස්ලිම් කොන්ග්‍රස් එකට රටේ මුසලීම් අය ඔක්කොම චන්දෙ දෙන්නේ නෑනෙ කොටසක් අනිත් ලොකු පක්ෂ වලට එනව නෙ. ඒ එන්නෙ ජාතිය,ආගම විකුණල චන්ද කඩාගන්න මුස්ලිම් කොන්ග්‍රස් එක ගැන කලකිරිච්ච මිනිස්සු. ඒ මිනිස්සුන්ට එහෙම කලකිරුනම චන්දෙ දෙන්න ආගම ජාතිය මත පදනම් නොවිච්ච පක්ෂ තියෙන නිසානෙ ඒ මිනිස්සු ඒවා වටේ එකතුවෙන්නෙ(මනාපේ දෙන්නේ තමන්ගේ ජාතියේ අයට වෙන්න පුළුවන්, එත් අන්තවාදී පක්ෂෙකට නොදී මෙහෙම දෙන එක හොඳයි නෙ). නිකමට හිතපන්කෝ රටේ වෙන පක්ෂෙකට තිබ්බේ සිංහල බෞද්ධ අය ඉන්න හෙළ උරුමේ විතරයි කියල. එහෙම උනානං මොන ප්‍රශ්න තිබුනත් අර මිනිස්සු හෙළ උරුමෙට චන්දෙ දෙන්නේ නෑ නෙ මුස්ලිම් කොන්ග්‍රස් එක අයින් කරල. එකතුවෙලා වැඩකරන්න කැමති මිනිහටත් අකමැත්තෙන් උනත් අර අන්තවාදී සෙට් එකේ ඉන්න වෙනව වෙන කරන්න දෙයක් නැතිකමට.

    ගිය චන්දෙදි දෙමල මිනිහ පවා මයිත්‍රී ට චන්දෙ දුන්නේ මනුස්සය කිසිම ආගමක් ජාතියක් නියෝජනය නොකරපු නිසානේ. ඔතනට අපි සිංහල බෞද්ධ කතාව කියල හාමුදුරු කෙනෙක් දැම්මනං මොකෝ වෙන්නෙ. එහෙනං දෙමල මුස්ලිම් මිනිස්සු මලාට සහය දෙන්නේ නෑ නෙ. තවත් වෙන් වෙන එකයි වෙන්නෙ.

    උඹ කිව විදිහට ඉස්සර කාලේ පන්සලේ හාමුදුරුවෝ මුල් වෙලා වැඩ කරද්දී අනිත් ආගම් වල මිනිස්සුන්ට ප්‍රශ්නයක් තිබුනේ නැතිඋනාට අද තත්වේ වෙනස්. අපි කවුරුත් කැමති නෑ නෙ මුස්ලිම් මවුලවි කෙනෙක් යටතේ පල්ලියේ කරන වැඩකට සෙට් වෙන්න. මුස්ලිම් මනුස්සයෙක් නායකයා වෙච්ච සන්විධානෙකට එකතුවෙන්න අපි කැමතිත් නෑ නෙ. යටින් මොකක්දෝ අකමැත්තක් තියෙනව. ඒ අකමැත්ත අනිත් උන්ටත් තියෙනව හාමුදුරු කෙනෙක් දැක්කම. අකමැත්ත යටපත් කරන් ඉන්නෙ උන් සුළු ජාතිය හින්ද කරන්න දෙයක් නැතිකමට. අනික බොදු බල සේනාව කරපු වැඩ හින්ද දැන් සිවුරක් දැක්කත් ඇති උන් පස්ස ගහනව වැඩකට සෙට් වෙන්න. දැන් කියයි උන්ට බැරි නං අපිට මොකෝ උන් අපිට ඕනේ නෑ කියල. එත් රටක් විදියට ඉස්සරහට යන්න බෑ නෙ දිගටම ඔහොම. අන්තිමට ආය යුද්ධයක් ඇවිල්ල තමා නතරවෙන්නේ. එකයි මම කිවේ ආගම ගාවගන්න ඕනේ නෑ කියල ජාතික මට්ටමේ කිසිම දෙකට.
     
    උබ කියනව වගේ එකතු වෙන්නේ නෑනේ. ඒ අය එකතුවෙන්නේ ශ්‍රීලනිපයටයි සංධානයටයි එජාපයේ පෙරමුණටයි දෙමළ මුස්ලිම් සුළුපක්ෂ විදිහට. උන් එහෙම එකතුවෙන්නේ මොනා මොනා හරි එකඟතා වෙනුවෙන් බව ඕන එකෙක්ට තේරෙනවනේ. උබ හරි අපි කල්ලි ගැහෙන එක හොඳ නෑ. ඒත් වෙනත් වෙනත් අය කල්ලි හැදෙනකොට, අපි කැමති උනත් නොවුනත් මේ පැත්තෙ බහුතරයෙන් කොටසක් ගැලවිලා තවත් කල්ලියක් හැදෙන එක නවත්තන්න බැරි දෙයක්.

    හිතමුකෝ අපි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ආගම කතෝලිකනේ. මොකක් හරි කරදරයකදි හෝ උත්සවයකදි කතෝලික පල්ලිය මූලිකත්වය අරගෙන වැඩ කරනව නම් අපිට පල්ලියට යන්න එන්න වෙනව නම්, ෆාදර්ස්ලා සිස්ටර්ස්ලාගේ දේශන වලට සම්බන්ධ වෙන්න තියෙනව නම්. පල්ලියෙන් එලියට බැහැලා කෙල ගහන්නෙත් නෑ. ෆාදර්ස්ලා දැක්කම නුරුස්සන ගතියක් එන්නෙත් නෑ. කවදාහරි මේ පල්ලිය කඩලා පන්සලක් හදන්න ඕන කියලා හිතන්නෙත් නෑ. මුස්ලිම් පල්ලි වලට නම් අපිට යන්න බෑනේ බන්. කෝවිලේ පූජකතුමා ගැනත් කිසි තරහවක් එන්නේ නෑ. කේන්තියක් යටපත් කරගන්න හේතුවකුත් නෑ. අනේ මන්දා බන් මගේ එහෙම අවුලක් නෑ.

    දවසක් මම බස් එකේ යනකොට වැඩි වයසක් නැති ටිකක් අමුතු ඇඳුමක් ඇඳ ගත්තු කෙනෙක් දැක්කා. සිස්ටර් කෙනෙක් කියල මට මීටර් වෙලා නැගිටලා සීට් එක දුන්නම. කමක් නෑ මල්ලි ඔයා වාඩි වෙන්න කිව්වා. මම කතෝලික යාළුවෙක්ට ඔය සීන් එක කිව්වම, ඌ කිව්වා අපිවත් එහෙම සීට් දෙන්නේ නෑ කියලා. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔන්න ඔහොමයි බන් අපි.
     
    කතෝලික අය නං එහෙම තමා බන් මමත් පොඩි කාලේ ඉංග්‍රීසි ඉගෙනගත්තේ බර්ගර් කෙනෙක් ගෙන්. ඒ මිනිස්සු අපෙන් බලෙන් අහගන්නව සිංහල කෑම හදන හැටි එහෙම. එයාලට කිසි ප්‍රශ්නයක් නෑ ඕනේ තැනකට හැඩගැහිලා ඉන්න. ඉස්කෝලේ උන් උනත් එහෙමයි. ආගම වෙනස් උනාට ජාතියයි භාෂාවයි එකම නෙ එක වෙන්න ඕනේ.

    මුස්ලිම් අය ගැන නං මොකද්ද මන්ද මහා අමුතු හැඟීමක් තියෙනව මට නං. ක්‍රිස්තියානි පල්ලියේදී, කෝවිලේදී නොදැනෙන අමුත්තක් තියෙනව මුස්ලිම් පල්ලියක්ට ගාවදි. කියන්න තේරෙන්නේ නෑ. අනික දෙමල කතාකරන නිසා තවත් ප්‍රශ්නයක්, උන් කියන එක තේරෙන්නේ නෑ නෙ.
     
    බෞද්ධ කතෝලික හින්දු මුස්ලිම් හැමෝටම අති පූජනීය තැන් තියෙනවනේ. ඔතනින් තුනක අති පූජනීය තැන්වලට අන් ජාතීන්ට ආගමිකයින්ට යෑමේ තහනමක් මම දන්න තරමට නෑ. ඒත් මුස්ලිම් අයගේ මක්කම ඇතුලට යන්න තියා ඒ තැන පිහිටලා තියෙන වර්ග කිලෝමීටර් ගානක් ඇතුලත වෙන ආගමිකයෙක් ගෙන්න ගන්න නෑලු. දැන් කොහොමද කියහන්කෝ මවුලවි කෙනෙක් එක්ක හිතේ සැකයක් කහටක් කොස්සක් නැතුව වැඩ කරන්නේ? ඔය සැකය හාමුදුරුනමක්, ෆාදර් කෙනෙක්, හින්දූ පූජක කෙනෙක් වෙනුවෙන් ඇතිවෙයිද? සැකය ඇතිවෙන්න සාධාරණ හේතු තියෙනවද? ඔන්න ඔතනයි බං ප්‍රශ්නේ. අපිට ඕනේ නෑ අන් ආගමිකයින් හෝ ජාතීන් මහා සංහාර කරලා නැති කරලා දාන්න. අපිට ඕනේ අපිව නැති කරන්න එන උන් ගෙන් ආරක්ෂා කරගන්න විතරයි. අපි එකතු වෙන්න හදන්නේ අන් ආගමිකයින්ට අගුල් දාගෙන බෞද්ධයින්ට යන්න එන්න විතරක් අවසර තියෙන පන්සලකට නෙවෙයි. හැමෝටම විවෘත වෙච්ච පන්සලකට. එහෙම තැනක නායකත්වය දරන හාමුදුවො අන් ආගමිකයෙකුට හෝ අන් ජාතිකයෙකුට පේනකොට නුරුස්සනව නම් අකමැත්තක් දැනෙනව නම්, මොනා හරි හිතේ තද කරගෙන ඉන්නව නම් එතන අනිවාර්‍යෙන්ම ලොකූ ප්‍රශ්ණයක් තියෙනවා. කතෝලික පල්ලියේ ෆාදර්ටත් හින්දු කෝවිලෙ පූජකතුමාටත් ඔය කතාවම අදාලයි. මවුලවිලා ගැන නම් කතා කරන්න එපා.