සිංහල_ජෝක්ස්

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    උපුටාගැනීම http://www.thelastrow.net

    අන්ගොඩ කතා

    පොලිස් කතා ලියන්න ගිහිල්ලා බැනුම් අහන්නත් උනා…මම නාකි වැඩියිලු අන්තිම පේලියට…
    ඉතින් පිස්සන් කොටුවෙදි වෙච්ච එකක් ලියන්න හිතුනා..මට නෙමෙයි..පිස්සෙකුට….
    එලියට වඩා පිස්සන් කොටුවෙ ඇතුලේ ටිකක් නිදහස තියෙනවා පිස්සන්ට…ඒ කියන්නෙ අපි වගේ අයට..
    දවසක් ඔය නිදහස බුක්ති විඳමින් ඉන්නකොට…(තාප්පෙට උඩින් පාර බලගෙන ) පිස්සන් කොටුව ඉස්සරහා මහත්තයෙක් වාහනේ රෝදයක හුලන්ග් ගිහිල්ලා ටයර් එක මාරුකරන්න ඇණ හතර ගලවලා කප් එක උඩින් තියලා ජැක් කරනකොට කකුල වැදිලා ඇණ ටික වැටුනා පාරෙ තිබිච්ච මෑන් හෝල් එකකට…
    දැන් ඉතින් මහත්තයා ඔලුවෙ අත ගහගෙන කල්පනා කරනවා කොහොමද දෙය්යනේ රෝදෙ හයි කරගන්නේ කියලා…
    මේක බලන් හිටිය තාප්පේ පිස්සු බුවා කියපි සර් රෝදෙ හයි කරන විදිය කියලා දෙන්නද කියලා..
    මහත්තයට මල පැන්නා..යනවා ඕයි යන්න අමාරුවෙ වැටුනාම විහිලු කරන්න එන්නේ….
    මහත්තයා එහෙම කියලා ඔලුවේ අත ගහගෙන ආයි කල්පනා කරනවා..
    එතකොට අපේ තාප්පේ බුවා කියනවා…සර් අනිත් රෝද තුනෙන් ඇණේ ඇණේ ගලවලා ඇණ තුනකින් ඔය රෝදෙ හයි කරගෙන අන්ගොඩ හන්දියෙ ගරාජ් එකට ගියානම් ඇණයක් ගන්න පුලුවන් කියලා..
    මහත්තයට හරි සන්තොසයි…
    තැන්ක් යු මල්ලි ඔයා පිස්සා උනත් දුන්න අයිඩියා එකනම් එල…..
    එතකොට තාප්පේ පිස්සු බුවා කියනවා… මහත්තයො…මාව පිස්සන් කොටුවට එව්වෙ පිස්සු නිසා මිසක් මම මෝඩ නිසා නෙවේ කියලා....:rofl::rofl:


    **************************************************************


    ජනේලේ ඇරියම…

    මේකත් මගෙත් එක්ක වැඩ කරන අයියා කෙනෙක්ට වෙච්ච සීන් එකක්. පොර දවසක් මොකක් හරි වැඩක් කරගන්න ඇවිත් යන්ඩ ගොඩක් රෑ වෙලා කටුබැද්ද හන්දියෙන් කළුතර A/C බස් එකකට නැගලා. දන්නවනේ ඉතින් රෑ උනාම දුර ගමන් බස් කාරයෝ ළඟ බහින්නත් ගන්නවනේ. අපේ අයියත් ඉතින් බස් එකට නැගලා සීට් එකක හරිබරි ගැහිලා වාඩි උනාලු. රියදුරු මහත්තයට පිටි පස්සේ තියෙන පොඩි සීට් එකේ ඉන්නවලු හොඳටම බීපු ඩයල් එකක්. පොර බීලා කියල බස් එකෙන් එළියේ ඉන්න එවුන්ට පවා තේරෙන ගනන්ලු.
    ටික වෙලාවක් යනකොට අපේ අයියට තෙරුනලු අර ඉස්සරහ ඉන්න පොර කබරයා දාන්ඩ වගේ ට්‍රයි එකක් දෙනවා. හිතුව වගේම පොර තමන්ගේ දෙපාමුලටම කබරයා පාර දැම්මලු. ඩ්‍රයිවර් කාරයට මලම පැන්නලු. පොර කියනවලු, “මොකක්ද ඕයි… එක්කෝ කලින් කියන්ඩ ඕනේ වමනේ යන්ඩ එනවා කියල, නැත්තන් ජනේලේ ඇරලා එලියට දාන්ඩ එපයි කියල”… බීපු ඩයල් එකත් කතාව ඇත ඇරියේ නෑලු. පොර ගත් කටටම කිව්වලු “පිස්සුද ඕයි තමුසෙට, ජනේලේ ඇරියම A/C එක එලියට යනවනේ” කියල… අර මිනිහට දෙකක් ඇත අරින්ඩ කියල හිතන් හිටපු කොන්දයි, ඩ්‍රයිවරුයි දෙන්නාම පානදුරේට යනකන්ම මුළු බස් එකේම හිටපු උන් එක්ක හිනා වේවි ගියාලු…:rofl::rofl:


    *********************************************************************

    PARLIMENT JOKES


    ඔන්න _____ ජනාධිපති තුමාගෙ කාලෙදි එක දවසක් කැබිනට් එකට ජනාධිපති තුමාම යොජනාවක් ගෙනවාලු ” සියලුම සිOහල මැති ඇමති වරු තමන්ගේ නමට ඉදිරියෙන් ඇති මුලකුරු සිOහලෙන් භාවිතා කල යුතුයි කියලා එහෙම කියලා උදාහරන හැටියට මෙන්න මෙහෙම වි.ජ.මු. ලොකුබන්ඩාර,ර.මු.රත්නායක, ර.ප්‍රේමදාස , ද.මු.දසනායක වගේ නම් සෙට් එකක් කියවාගන යනවලු.
    ඔය මේ අස්සෙ මුනිදාස ද සිල්වා මන්ත්‍රී තුමා ( ඒ දවස් වල මෙතුමා මන්ත්‍රී ද ඇමතිද කියලා මට මතක නැහැ.) නැගිටලා පට්ට ගේමක් ඉල්ලනවලු ජනාධිපති තුමාත් එක්ක මේ යොජනාවට විරුද්දව.පස්සෙ ඉතින් ජනාධිපති තුමා ඇහුවලු මුනිදාස මන්ත්‍රී තුමාගෙන්, ඇයි ඔබතුමා මේ තරමට මෙ වගේ යොජනාවකට අකමැති කියලා.
    මුනිදාස සිල්වා මන්ත්‍රී තුමා කියනව මෙහෙම
    ජනාධිපති තුමනි මගේ භාවිතා වෙන නම මුනිදාස ද සිල්වා, ඔබ තුමා කියන විදිහට නමේ මුලකුරු සින්හලෙන් දැම්මොත් මට කරන අපහාසයක් විදියට තමා මම මෙක සලකන්නෙ,මොකද මගෙ සම්පුර්න නම් ” හුන්ගම කන්කානම්ලාගෙ මුනිදාස ද සිල්වා “ ඔය නමට ඔබ තුමා කියන විදියට සින්හලෙන් කියන්න ගියොත් කියවෙන්නෙ හු. _.මු .ද . සිල්වා කියල
    ……
    පාර්ලිමේන්තුවෙන් එලියට දැම්මත් මට නම් බැහැ ඔය යොජනාවට කැමති වෙන්න කියල වාඩි වෙල හිටියලු යොජනාව ඉල්ලා අස් කරගන්නකන් ……………. :D:D



    *************************************************************************



    ගඳට මොකද කරන්නෙ


    බැඳපු කපල් එකක් පිටරට ට්‍රිප් එකක් ගියාලු, එන ගමන් දෙන්න පෙට් ශොප් එකකින් සත්තු දෙන්නෙක් ගත්තලු, මිනිහ ගත්තෙ, සර්පයෙක්වලු, ගෑනි ගත්තෙ උරුලෑවෙක්ලු
    දෙන්න ආපහු එන්න ආප. එනකොට එයාර්පොර්ට් එකෙදි ගහල තිබුනලු “සතුන් ගෙනයාම තහනම්” කියල.
    ගෑනි ඇහුවලු මිනිහගෙන් දැන් අපි මොකද කරන්නෙ කියල, මිනිහ ටික වෙලාවක් කල්පනා කරල ගෑනිට කිවුවලු
    “මම සර්පයාව ඉනේ බැඳ ගන්නව , ඇහුවොත් මං කියනව මේක සර්ප හමින් කරපු බෙල්ට් එකක් කියල”
    එතකොට ගෑනි ඇහුවලු “ඉතින් උරුලෑවට මොකද කරන්නෙ?” කියල.
    මිනිහට මල පැනල කිවුවලු “තමුසෙ ඔක රෙද්ද අස්සෙ ගහගන්නව” කියල,
    ගෑනි ඇහුවලු “එතකොට ගඳට මොකද කරන්නෙ” කියල,
    එතකොට මිනිහ මෙහෙම කිවුවලු
    “ගඳට උරුලෑව මැරුනොත් ඉතින් කරන්න දෙයක් නෑ” :rolleyes::rolleyes:



    ***************************************************************************


    ආගන්තුකයා සහ බල්ලා…



    මේක මහ බලු කතාවක්. බලු කතාවක් කිව්වෙ කතාවේ බල්ලෙකුත් ඉන්න නිසා.
    ඔන්න දවසක් මෑන් කෙනෙක් තව මෑන් කෙනෙකුගෙ ගෙදර ගියාලු. හරිය? (මාතර උන්ටත් තේරෙන්ඩ එපායැ – සමාවෙන්න ඕනි විහිළුවට )
    ඉතින් මෑන්ලා ඩබල පුටු දෙකක වාඩි වෙලා කතාව පටන් ගන්න කොටම ගෙදර හිටපු දඩෝරියාත් (බල්ලා) ඇවිත් ආගන්තුක මෑන්ගෙ පුටුව යටින් වකුටු ගැහිලා නිදා ගත්තලු. ඔන්න ඉතින් මෑන්ස්ලා ඩබලගේ කතාව යන අතර තුරේ අර ආගන්තුක මෑන්ට පොඩි බඩේ අප්සට් එකක් වෙලා ප_යක්(වාතයක්) යන්න සෙට් උණාලු.
    ඇරලත් බෑ. අරින්නැතුවත් බෑ. මොනවා කරන්නද හීනියට අරින්න ඕනි කියලා ඇරියලු.
    අම්මට හුඩු හෙන සද්දෙයිලු. පලාතෙ ඉන්නත් බැරි තත්ත්වයක් උද්ගත උණාලු. මෙන්න ඒපාර ගෙදර මෑන් බල්ලගෙ දිහා රවලා බලලා මෙහෙම අනතුරු ඇඟවීමක් කළාලු.

    “බල්ලෝ…”

    දැන් අපේ මෑන්ට තේරුණා සීන් එකට බල්ල තමයි මාට්ටු උණේ කියලා. ඊලඟ පාර මූ කිසි බයක් නැතිව සද්දෙටම වාතය ඇරියා.
    ඒපාර ගෙදර මෑන්ට තවත් මළ. මූ බල්ලට තවත් සැර වුණා.
    “බල්ලෝ මම උඹට දැන් සැරයක් කිව්වා…”
    ආගන්තුක මෑන්ට ආතල් එකේ නිමක් නෑ. මොනවට බය වෙන්නද කියලා මූ ආයෙත් ටිකකින් තුන්වෙනි වාතයත් ඇරියා.
    මේ සැරේ ගෙදර මෑන්ට උපරිම මළ පැන්න.
    “බල්ලෝ මම ආයෙත් කියන්නෑ. ඔතනින් අයින් වෙයන්. මේ යකා උඹේ ඇඟ උඩට රෙන්නයි හදන්නේ….:lol::lol::P:P


    *******************************************************************************
    උපුටාගැනීම http://www.thelastrow.net


    කැමති නම් රෙප් දෙන්න..රීපොස්ට් නම් සොරි වෙන්න ඕනේ...:D:D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    parliment jokes ekai ballage kathawai den ikakata kalin northtech dala tibunane......... :confused:

    අහ්...මම මේක දැම්මේ ඊයේ නේ...අනික මම මේ සේරම ගත්තේ එකම තැනකින්..ගත්තා තැනත් එක්කම දාල තියෙන්නේ ඒකනේ....:rolleyes::rolleyes::P:P