සිංහ ලේ

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
ආශ්‍රිත ග්‍රන්ථ:
* මහා වංශය - ගුණපාල වීරසේකර සංස්කරණය - ප්‍රථම මුද්‍රණය - 1955 ජනවාරි - තුන්වන මුද්‍රණය 2011 ගොඩගේ ප්‍රකාශකයෝ


* වංසත්ථප්පකාසිනී - මහා වංශ ටීකාව සිංහල අනුවාදය - අකුරටියේ අමරවංශ නාහිමි, හේමචන්ද්‍ර දිසානායක - පළමු මුද්‍රණය 1994 විද්‍යාලංකාර මුද්‍රණාලය කැළනිය. - කැළනිය විශ්ව විදයාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ ප්‍රකාශනයකි.



මේ දිනවල ශ්‍රී ලංකාවේ සමහරුන් තුල “සිංහ ලේ“ පිලිබඳව අප්‍රමාන උනන්දුවක් ඇති වී තිබේ. එය කොතරම් දරුණු එකක්දැයි කිවහොත් සමහරු එම වචන තම සිරුරේ හංවඩු ගසා ගන්නට පවා පෙළැඹී සිටිති. මේ සිංහ ලෙය සිංහල ජාතියේ සාඩම්බර සංකේතයක් ලෙස ඔව්හු විශ්වාස කරති. සිංහල ජාතියත් සිංහ ලෙයත් අතර ඇති සබඳතාවය සඳහන් වන්නේ සිංහලයාගේ වංශකතාව වන මහා වංශයේ ය. එහෙයින් සිංහල ජාතියට සිංහ ලෙය සම්බන්ධවන්නේ කෙසේදැයි මහා වංශයේ දැක්වෙන ආකාරය වඩාත් හොඳින් දැන ගැනීම කාට කාටත් හොඳය.




මහා වංශයේ දැක්වෙන ආකාරය සරලව විස්තර කරතොත් මෙසේය.
ඉතා අතීතයෙහි ඉන්දියාවේ වගු රට වගු රජ නමින් රජ කෙනෙකු වාසය කෙළේය. ඔහුගේ බිසව කළිඟු රට මායාවතී නමැත්තියකි. ඒ දෙදෙනාට සිටියේ එකම එක දියණියකි. ඇගේ නම සුප්පා දේවී විය. ඇය බිළිඳු වයසේදී නක්ෂත්‍ර කරුවන් පවසා ඇත්තේ ඈ වැඩි විය පත්ව සිංහයෙකු සමග සංවාසය කරන බවය. මේ කුමරිය හිතුවක්කාර එකියක්ම විය. වැඩි වියට පත්ව තමා කැමැති ලෙස වාසය කරනු සඳහා ඇය වෙස් වලාගෙන රජ මාලිගයෙන් පැන ගොස් මගධ රට බලා යන ගැල් සාත්තුවක් පසුපස වැටී ගමන් කරන්නට වූවා ය.
ගැල් සාත්තුව ලාට රටට පැමිණි විට එහි වනාන්තරයක් මැද දී ගැල් සාත්තුව ඉදිරිපිටට ආවේ සිංහයෙකි. සිංහයා දැක බියපත් වූ වෙළෙන්දෝ තම කරත්ත ද අතහැර දමා හිස් ලූ ලූ අත පලා ගියෝ ය. වෙස් වලාගෙන සිටි සුප්පා දේවිය දිව ගියේ සිංහයා සිටි දිශාවටම ය. කුමරියගේ රූපශ්‍රීයෙන් වසඟ වූ සිංහයා කන් නවාගෙන වලිගය වනමින් ඈ සමීපයට ආවේ ය. අතීතයෙහි පේන කියන්නන් කියූ අනාවැකිය ද සිහිපත් වූ කුමරිය බිය සැක නැතිව සිංහයාගේ අඟ පසඟ අත ගා ඔහු වසඟ කර ගත්තා ය. අවසානයේ සිංහයා කුමරිය තම ලෙනට කැටුව ගියේ ය. මේ දෙදෙනාගේ වාසයෙන් ඇයට නිවුන් දරු දෙදෙනෙකු ලැබුනා ය. පිරිමි දරුවා සිංහ බාහු ලෙසත් දිය‍ණිය සිංහ සීවලී ලෙසත් නම් කෙරිණි.
අද නූතන ජීව විද්‍යාවෙහි ඩීඑන්ඒ තාක්ෂනයට අනුව අප දන්නා පරිදි සිංහයෙකු සමග කාන්තාවකගේ සංවාසයෙන් සිංහ පැටවුන් හෝ මිනිස් දරුවන් ඉපදිය නොහැකිය. එහෙයින් සුප්පා දේවියට සිංහයා සමග සංවාසයෙන් දරුවන් ලැබුනේ නම් මේ “සිංහයා“ නොවැරදීම මිනිසෙකු විය යුතුය. සමහර විට ඇඟපුරා රෝම බහුලව ඇති වනයෙහි වාසය කළ වනචාරී මිනිසෙකු විය හැකිය. නැතහොත් සිංහයෙකු සුරතලයට ඇති දැඩි කරමින් වනවාසීව ජීවත් වූ පුද්ගලයෙකු සිටින්නට ඇත. ඔහු තම අවශ්‍යතාවයන් සපුරා ගැනීමට වනය මැදින් වැටී ඇති මගෙහි යන එන්නන් සිංහයා ලවා බියවද්දා ඔවුන් අතහැර දමා යන දේවල් පරිහරණය කළා විය හැකිය. එසේම මේ වනචාරී මිනිසා සිංහ සමකින් විලි වසා ගත්තෙක් වීමට ද පිළිවන. තවත් අනුමාන කළ හැකි කරුණක් නම් මේ පුද්ගලයා අදත් ඉන්දියාවේත් ලංකාවේත් පවත්නා ‘සිංහ‘ වාසගමක් ඇති ජයසිංහ විජේසිංහ වික්‍රමසිංහ වර්ණසිංහ වැනි නමක් ඇත්තෙකු විය හැකි බවය.
කෙසේ හෝ වේවා කල් යාමේ දී සිංහ බාහු තම මෑණියන්ගෙන් ඇයගේ අතීත ප්‍රවෘත්තිය අසා දැන ගනී. වනවාසයෙන් ජනවාසයට යෑමට ඇති කැමැත්ත නිසා තම පියා ලෙනෙන් පිටව ගිය මොහොතක් බලා ඔහු තම මවද නැගනියද කැටිව පලා ගියේ ය. ඔව්හු තිදෙන ජනාවාස ප්‍රදේශයට පැමිණි කල එහිදී හමුවන සුප්පා දේවියගේ මස්සිනා කෙනෙකු වන අමර නමැති සේනාධිපතියෙකු ඔවුනට පිළිසරණ වෙයි.

මේ අතර ලෙනට ආ සිංහයා තම බිරිඳත් දරුවනුත් නොදැක වියරු වැටී ගම් බිම් පෙලමින් ඔවුන් සොයන්නට පටන් ගනී. ඉන් පීඩාවට පත් ජනතාව මේ බව රජුට පැමිණිලි කරති. සේනාධිපතියන්ද සමග සේනාවක්ම සිටියදී සිංහයා අල්ලා ගන්නට සමත් කිසිවෙකු රාජ්‍යයෙන් සොයා ගන්නට නොහැකි වන රජු කහවනු දහසක් ඇතෙකු පිට තබා සිංහයා අල්ලා මෙල්ල කරන කෙනෙකුට ඒ කහවනු දහස හිමි යැයි අඬ බෙර යවයි. ඊට ඉදිරිපත් වන්නට යන සිංහ බාහු ඔහුගේ මව සුප්පා දේවිය විසින් පළමුවර වළක්වනු ලබයි. දෙවන වර කහවනු දෙදහසක් ද, තුන් වන වර කහවනු තුන් දහසක් ද තෙක් ත්‍යාගය තෙගුණ වූ විට සිංහ බාහු මවට ද නොදන්වා රජු බැහැ දැක කටයුත්ත බාර ගනී.

මහා වංශයේ දැක්වෙන අන්දමට රජුට අවශ්‍ය වූයේ සිංහයා මෙල්ල කිරීම වුවත් සිංහ බාහු වනයට යන්නේ සිංහයා නැසීම අරමුණු කරගෙන දුණු හී ආදියද රැගෙන ය. ඔහු ලෙනට ලං වූ කල සිංහයා තම පුතා දැක හඳුනා ගනී. තම පිය සිංහයා මෙල්ල කර ගැනීමට හිංසාවෙන් තොර කිසිදු වෑයමක් නොකරන සිංහ බාහු දුන්න මානා සිංහයාගේ හිස ඉලක්ක කොට ඊතලයක් විදී. මහා වංශය කියන පරිදි සිංහයා තුල වූ දාරක ස්නේහය නිසා තෙවරක්ම විදින ලද ඊ තල සිංහයාගේ හිසෙහි වැදී කිසිදු හානියක් නොකරම ආපිට හැරී සිංහ බාහුගේ දෙපා ලඟ වැටේ. සිව් වන වර වන විට තම පුත්‍රයාගේ කරුණා විරහිත බව නිසා සිංහයා තුල වූ ස්නේහය ලිහිල් වේ. එවිට සිංහ බාහුගේ සිව් වන ඉලක්කය සිංහයාගේ හිස සිදුරු කර ඔහු මරා දමයි.
සිංහලයාගේ ප්‍රධානතම ආගම වූ බුදු දහමේ දැක්වෙන ආකාරයට සිංහ බාහු සිදුකරන්නේ ආනන්තරීය පාපකර්මයකි. එනම් තම පියා මැරීම ය. ඒ අර්ථයෙන් ගත් විට ඔහු පීතෘ ඝාතකයෙකි. ඔහු පීතෘ ඝාතකයෙකු නොවන්නට නම් මේ සිංහයා ඔහුගේ පියා නොවිය යුතුය. ආනන්තරීය පාප කර්මය යනු මෙළොව දී ද පටිසන් දෙන්නකි. එහෙත් සිංහ බාහු ට එවැන්නක් සිදු වූ බවක් මහා වංශයේ නොදැක්වේ. එසේ නම් ඔහු මරා දැමුවේ ඔහුගේ සැබෑ පියා නොව වෙන අයෙක් ද ? සිංහයා ඔහුගේ සැබෑ පියා නොවේ නම් සිංහ බාහුගෙන් පවතින පරපුරකට සිංහ ලේ ලැබෙන්නට පිළිවෙලක් නැත. අනෙක් අතට නවීන විද්‍යාව අනුව සිංහ බාහු උපන්නේ මිනිසෙකුට දාව නම් ඔහු නිසි පරිදි සඳහන් පියෙකු නැති අවජාතක දරුවෙකි. සිංහ ලේ ගැන ආඩම්බර වන පච්ච සිංහලයෝ තම ආදිතම මී මුත්තා අවජාතකයෙකු බව පිලිගැනීමට සූදානම්ද? තවත් අර්ථයෙකින් ගත් කල සිංහ බාහු තම පියා ඝාතනය කරන්නේ රජුගේ කහවනු වලට ඇති කෑදර කමට ය. එය වත්මන් කොන්ත්‍රාත් මිනීමරුවෙකුගේ ක්‍රියාවට වෙනස් එකක් වන්නේ කෙසේද ?
මරා දමන ලද සිංහයාගේ හිස කපා ගෙන සිංහ බාහු නගරයට එන විට රජු මිය ගොස් ය. ඇමැතිවරු සිංහ බාහුට රජකම දෙන්නට යෝජනා කළ ද ඒ වන විට තම මව සමග වාසය කරන අනුර නම් සෙන්පතියා හට රජ කම පැවරූ සිංහ බාහු තම නිවුන් සොහොයුරිය ද රැගෙන නැවත වනයට ගොස් තම පියා වූ සිංහයා වාසය කළ බිමෙහි සිංහපුරය නමින් නව ජනපදයක් පිහිටුවයි. සිංහබාහු සහ සිංහ සීවලී දෙදෙනාගේ සංවාසයෙන් සිංහ සීවලිය සොලොස් (16) වතාවකදී නිවුන් දරුවන් තිස් දෙදෙනෙකු ලැබූ බව මහා වංශයෙහි වැඩි දුරටත් සඳහන් වේ. ඒ අනුව සිංහ බාහු තම බිසව ලෙස අඹුකමට තබා ගත්තේ අන් කිසිවෙකු නොව තමන්ගේම එක් කුස උපන් නිවුන් සහෝදරියයි.
සිංහ බාහු සහ සිංහ සීවලී යන දෙදෙනාගේ පළමු දරුවා විජය නම් විය. ඔහු විෂම චරිතයක් ඇත්තෙකි. අද අපගේ අර්ථයෙන් ගත් කළ තම පියාගේ රාජ්‍ය බලය අයුතු ලෙස යොදවන ජන පීඩකයෙකි. ඔහුටම සරිලන මැර පිරිසකට ඔහු නායකත්වය දෙයි. විජයගේ පීඩාවන් ඉවසා ගත නොහැකි ජනයා රජුට පැමිණිලි කළහ. රජු පුත්‍රයාට කිහිප විටක්ම අවවාද කළ ද ඉන් ප්‍රයෝජනයක් නොවූ තැන විජය සහ ඔහුගේ පිරිවර 700 ක් පිරිස අල්ලා දඬුවමක් ලෙස හිස අඩක් මුඩු කර නැවක නංවා රටින් පිටුවහල් කෙළේය.

මින් කියැවෙන්නේ විජය අකීකරු ප්‍රචණ්ඩ සාහසිකයෙකු බවය. ඔහුගේ සැහැසිකම් නිසා රට වැසියන් පීඩාවට පත් වූවා මෙන්ම තම පියාණන්ටවත් තව දුරටත් රටෙහි තබා ගත නොහැකි තරමේ දුර්ජනයෙකු බව ය.

අවසානයේ විජය සහ පිරිස පැමිණි නැව ලංකා දිවයිනේ තම්බපණ්නියට පැමිණේ. ඒ වන විට දිවයින ජනාවාස ය. එහිදී ඔහුට හමුවන්නේ කුවේණිය (කුවණ්නා) නම් යක්ෂ ගෝත්‍රික කාන්තාවකි. ඇය විජය සමග පෙමින් බැඳී ලංකා රාජ්‍ය ලබා ගැනීම පිණිස තම පරපුර නැසීමට විජයට උපකාර කරයි. විජය සහ ඔහුගේ පිරිවර යක්ෂ ගෝත්‍රිකයන් නසා ලංකා රාජ්‍යය අත්පත් කර ගනිති. විජය නිසා කුවේණියට දරුවන් දෙදෙනෙකු උපදී. ජීවහත්ත සහ දිසාලා (දිපෙල්ලා) යනු ඔවුන්ගේ නම්ය. මේ අතර රාජ්‍යය ස්ථාවර කර ගැනීමෙන් පසුව විජය රජු ලෙස රාජ්‍යයෙහි අභිෂේක කර ගැනීමට ඇමැතියෝ සූදානම් වෙති. එහිදී රාජ වංශයට අයත් ක්ෂත්‍රීය බිසවක නැතිව රජ වන්නට ඔහු සූදානම් නැති බව විජය කියයි. ඇමැතියෝ ඉන්දියාවේ පාණ්ඩ්‍ය රජු වෙත හසුන් පත් යවා එම රජුගේ දූ කුමරිය විජයගේ බිසව ලෙස ගෙන්වා ගැනීමට කටයුතු කරති. එය සාර්ථක වූ කල විජය කුවේණිය අමතා දරුවන් ඔහු වෙත තබා මාලිගයෙන් පිටව යන ලෙස අණ කරයි. කුවේණිය දුකට සහ කෝපයට පත්ව විජයට සහ ඔහුගේ පරපුරට ශාප කොට මාලිගයෙන් පිටව ගියා ය. කුවේණියගේ එකී ශාපය දිවි දෝශය ලෙස පුරාවෘත්තයන්හි සඳහන් ය. ඉතිරිව සිටි යක්ෂ ගෝත්‍රිකයන් වෙත ගිය ඇය වරිගය පාවා දුන් කතක් යැයි දෝශාරෝපනය කොට ඝාතනය කරන ලදී. දරුවන් දෙදෙන පලා ගොස් සමනල අඩවියෙහි වාසය කරන්නට පටන් ගත්තෝ ය.

මේ මහාවංශයේ කියැවෙන පරිදි සිංහ ලේ පරපුරේ සංක්ෂිප්ත කතාවයි.
පච්ච සිංහලයන්ගේ මතය සැබෑ නම් මහා වංශයේ සඳහන් කරුණු වලට අනුව සිංහ ලේ පරපුර ආරම්භ වන්නේම තිරිසනෙකු සමග සංවාසයේ යෙදීමේ සහජ විකෘති ආශාවක් සහිත කාන්තාවකගෙනි. මේ කතාවේ එන සෙසු චරිත අකීකරුය, ප්‍රචණ්ඩය, සාහසිකය, මුදලට ගිජුය, අකෘතඥය, පරපීඩකය, බල ලෝභීය, අකාරුනිකය. ඒ සියල්ල පච්ච සිංහ ලේ උරුමයයි.

 

JilbuwaT

Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    bump මචං තව දෙයක් , විජයට කලින් ලංකාවේ හිටපු අය තමයි ලංකාවට සබැ උරුම කම් කිවේ. කොටින්ම විජය ඇතුළු පිරිස ආකමනිකයෝ .
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    bump මචං තව දෙයක් , විජයට කලින් ලංකාවේ හිටපු අය තමයි ලංකාවට සබැ උරුම කම් කිවේ. කොටින්ම විජය ඇතුළු පිරිස ආකමනිකයෝ .

    Ithin ban Sinhalayo pewathenne Wijayagen neda?

    Wijaya kalin hitapu ayawa Kuwenita kiyala merewwa kiyanne?

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුද බන් ඔය කතා විශ්වාස කරන්නේ. සින්හයෙක්ගෙන් පැවතෙනව කියන්නේ හදපු කතාවක් මිසක් ඇත්ත නෙවේ :D උඹලත් නිකන් පොඩි ළමයි වගේනෙ.
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63

    Ithin ban Sinhalayo pewathenne Wijayagen neda?

    Wijaya kalin hitapu ayawa Kuwenita kiyala merewwa kiyanne?


    ඔක්කොම මැරුවේ නැ නේ බන් , කොටින්ම සිංහ ලේ නෙවි බන්, සිංහ ලේත් කවලම් බන්. හෙළයෝ කියලා වගේ අවා නම් හරි . පඩු අබා කතාවේ එහෙම තියන්නේ
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    කවුද බන් ඔය කතා විශ්වාස කරන්නේ. සින්හයෙක්ගෙන් පැවතෙනව කියන්නේ හදපු කතාවක් මිසක් ඇත්ත නෙවේ :D උඹලත් නිකන් පොඩි ළමයි වගේනෙ.

    එකත් එහම වෙන්න පුළුවන් . ඒ උනත් විස්වාස කරන උනුත් ඉන්නවා නේ :D:D
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    කවුද බන් ඔය කතා විශ්වාස කරන්නේ. සින්හයෙක්ගෙන් පැවතෙනව කියන්නේ හදපු කතාවක් මිසක් ඇත්ත නෙවේ :D උඹලත් නිකන් පොඩි ළමයි වගේනෙ.

    Oya katha enne Maha Wanshaye ne. Sinhala godak aya Mahawanshaya wishwasa karanawa. :yes: Ape National flag eke Sinhayek inneth ekane (Sinhalayawa niyojanaya karanna)
     

    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    මේක මං කොග්ගල නිළමේ පොතේ දැක්ක කතාව.
    ඉස්සර ලංකාව හදුන්වලා තියෙන්නේ හෙළය කියලා.
    විජය එන්න කලින් ලංකාවේ ගෝත්‍ර 4ක් ඉදල තියෙනවා.
    යක්ෂ, රාක්ෂ, දේව, නාග කියන්න මේ ගෝත්‍ර 4.
    මේ හතර එකතු වෙලා තමා සිව්හෙලය ගොඩනගල තියෙන්නේ.

    පස්සේ විජය ඔහුගේ සිංහ වංශයේ නම හෙළයට එකතු කරලා සිව් අයින්කරලා සිංහ + හෙළය හැදුවලු.
     

    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    මේක මං කොග්ගල නිළමේ පොතේ දැක්ක කතාව.
    ඉස්සර ලංකාව හදුන්වලා තියෙන්නේ හෙළය කියලා.
    විජය එන්න කලින් ලංකාවේ ගෝත්‍ර 4ක් ඉදල තියෙනවා.
    යක්ෂ, රාක්ෂ, දේව, නාග කියන්න මේ ගෝත්‍ර 4.
    මේ හතර එකතු වෙලා තමා සිව්හෙලය ගොඩනගල තියෙන්නේ.

    පස්සේ විජය ඔහුගේ සිංහ වංශයේ නම හෙළයට එකතු කරලා සිව් අයින්කරලා සිංහ + හෙළය හැදුවලු.

    ube kathawa hri bn..:yes::yes:
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    නෑ විජය ඇවිල්ලා තියෙන්නෙ අද පන්ජාබ් කියල හඳුන්වන පැත්තෙන්, ඒ පැත්තෙ ගොඩක් නම් තියෙන්නෙ, සිං කියල