සිකුරු සබන් සහ දේශීය කිරිපිටි
සිකුරු සබන් සහ දේශීය කිරිපිටි
=====================
(රුවන් විජේමාන්න ගේ සටහනක් )
හැත්ත ගණන් වල මුල් කාලෙ කියන්නෙ උපාලි විජේවර්ධගෙ හොඳම කාලයයි. ඔහු අත ගහන හැම ව්‍යාපාරයක්ම සාර්ථක විය. චොකලට්, ගුවන් විදුලි, රථ වාහන,ටොෆි සහ ගුවන් සේවා දක්වා ඒ ව්‍යාපාර පැතිරුණි. සිරිමා ආණ්ඩුවේ ස්වයංපෝෂිත දේශයක් වැඩසටහන නිසා මේ දේශීය ව්‍යාපාර වලට ලොකු තල්ලුවක් ලැබුණි. ඒ අතර උපාලි ව්‍යාපාර සබන් නිෂ්පාදනයටද අත ගැසුවේය. "සිකුරු" නමින් එම සබන් වර්ගය කෙටි කලකින්ම දේශීය වෙළෙඳපලේ ප්‍රචලිත විය. එය එතෙක් වෙළෙඳපල අල්ලාගෙන සිටි බහුජාතික සමාගම් වලට වැදුණු මරු පහරක් විය.
එනපොට හොඳනැති බව දැනගත් බහුජාතික සමාගම් කලේ සිකුරු සබන් සඳහා කෘතිම ඉල්ලුමක් ඇති කිරීමයි. වෙළෙඳ පොලට නිකුත් වන සිකුරු සබන් දින කීපයක් තුල අවසන් විය. ඒ බහුජාතික සමාගම් වල ඒජන්තයන් විසින් තොග ලෙස මිලදී ගත් නිසාය. සාමාන්‍ය ගැනුම්කරුවන් නැවතත් බහුජාතික සමාගම් වල නිෂ්පාදන වලට හුරු වූයේ සිකුරු සබන් හිඟය ගැන ව්‍යාපාරිකයන් ටද බැන වදිමිනි. උපාලි ව්‍යාපාර කළමනාකරුවන් කලේ නව නිෂ්පාදනාගාර සදා නිෂ්පාදනය තෙගුණ කිරීමයි. ඉන්පසු බහුජාතික සමාගම් ඇති කළ කෘතිම ඉල්ලුම නවත්වන ලදී. සතියෙන් දෙකෙන්, සබන් තොග පිටින් නැවත කම්හලටම හරවා එවීමට සිදි වූයේ ඒ වන විටත් සාමාන්‍ය මිනිසුන් නැවතත් බහුජාතික සමාගමේ නිෂ්පාදන වලට හුරු වී තිබු නිසාය. එයම සිකුරු සබන් වල අවසානය විය.
පසුගියදා පා.ම. බුද්ධික පතිරණ මංත්‍රීවරයා කීවේ බොහොමයක් ආනයනික කිරිපිටි වලින් සිදුවන සෞඛ්‍ය හානියයි. වෛද්‍ය සංගමය විසින් ආනයනික කිරිපිටි නිසා වන බෝනොවන රෝග 21ක ලයිස්තුවක් එළි දක්වන ලදී. මෙවන් පසුබිමක පාරිභෝගිකයන් බොහොමයක් දේශීය කිරිපිටි හෝ දියර කිරි වෙත යොමු විය. ආරියශීල වික්‍රමනායක මහතා පැවසුවේ ඔහුට රටටම කිරි දිය හැකි බවයි. නමුත් ගිය සතියේ සිට මේ අවට කිසිම වෙළෙඳසලක පැල්වත්ත හෝ හයිලන්ඩ් කිරිපිටි මිලදී ගැනීමට නැත. පැල්වත්ත කිරි තිබෙන රාක්කය හිස් ය. ඔවුන්ගෙන් ඇසුවිට කියන්නේ තොග අවසන් බවයි. කිරිපිටි ආයතනයෙන් ඇසු විට පවසන්නේ ප්‍රමාණවත් තොග නිකුත් කරන බවයි.
දේශීය කිරි වලටත්, සිකුරු සබන් වලට වුණු සන්තෑසියම වෙනවාදෝ යි, මට නිකමට සැක සිතේ.
- රුවන් විජේමාන්න.