සිකුරු සබන් සහ දේශීය කිරිපිටි

Aakhri Pasta

Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    සිකුරු සබන් සහ දේශීය කිරිපිටි

    සිකුරු සබන් සහ දේශීය කිරිපිටි
    =====================
    (රුවන් විජේමාන්න ගේ සටහනක් )

    හැත්ත ගණන් වල මුල් කාලෙ කියන්නෙ උපාලි විජේවර්ධගෙ හොඳම කාලයයි. ඔහු අත ගහන හැම ව්‍යාපාරයක්ම සාර්ථක විය. චොකලට්, ගුවන් විදුලි, රථ වාහන,ටොෆි සහ ගුවන් සේවා දක්වා ඒ ව්‍යාපාර පැතිරුණි. සිරිමා ආණ්ඩුවේ ස්වයංපෝෂිත දේශයක් වැඩසටහන නිසා මේ දේශීය ව්‍යාපාර වලට ලොකු තල්ලුවක් ලැබුණි. ඒ අතර උපාලි ව්‍යාපාර සබන් නිෂ්පාදනයටද අත ගැසුවේය. "සිකුරු" නමින් එම සබන් වර්ගය කෙටි කලකින්ම දේශීය වෙළෙඳපලේ ප්‍රචලිත විය. එය එතෙක් වෙළෙඳපල අල්ලාගෙන සිටි බහුජාතික සමාගම් වලට වැදුණු මරු පහරක් විය.
    එනපොට හොඳනැති බව දැනගත් බහුජාතික සමාගම් කලේ සිකුරු සබන් සඳහා කෘතිම ඉල්ලුමක් ඇති කිරීමයි. වෙළෙඳ පොලට නිකුත් වන සිකුරු සබන් දින කීපයක් තුල අවසන් විය. ඒ බහුජාතික සමාගම් වල ඒජන්තයන් විසින් තොග ලෙස මිලදී ගත් නිසාය. සාමාන්‍ය ගැනුම්කරුවන් නැවතත් බහුජාතික සමාගම් වල නිෂ්පාදන වලට හුරු වූයේ සිකුරු සබන් හිඟය ගැන ව්‍යාපාරිකයන් ටද බැන වදිමිනි. උපාලි ව්‍යාපාර කළමනාකරුවන් කලේ නව නිෂ්පාදනාගාර සදා නිෂ්පාදනය තෙගුණ කිරීමයි. ඉන්පසු බහුජාතික සමාගම් ඇති කළ කෘතිම ඉල්ලුම නවත්වන ලදී. සතියෙන් දෙකෙන්, සබන් තොග පිටින් නැවත කම්හලටම හරවා එවීමට සිදි වූයේ ඒ වන විටත් සාමාන්‍ය මිනිසුන් නැවතත් බහුජාතික සමාගමේ නිෂ්පාදන වලට හුරු වී තිබු නිසාය. එයම සිකුරු සබන් වල අවසානය විය.

    පසුගියදා පා.ම. බුද්ධික පතිරණ මංත්‍රීවරයා කීවේ බොහොමයක් ආනයනික කිරිපිටි වලින් සිදුවන සෞඛ්‍ය හානියයි. වෛද්‍ය සංගමය විසින් ආනයනික කිරිපිටි නිසා වන බෝනොවන රෝග 21ක ලයිස්තුවක් එළි දක්වන ලදී. මෙවන් පසුබිමක පාරිභෝගිකයන් බොහොමයක් දේශීය කිරිපිටි හෝ දියර කිරි වෙත යොමු විය. ආරියශීල වික්‍රමනායක මහතා පැවසුවේ ඔහුට රටටම කිරි දිය හැකි බවයි. නමුත් ගිය සතියේ සිට මේ අවට කිසිම වෙළෙඳසලක පැල්වත්ත හෝ හයිලන්ඩ් කිරිපිටි මිලදී ගැනීමට නැත. පැල්වත්ත කිරි තිබෙන රාක්කය හිස්‍ ය. ඔවුන්ගෙන් ඇසුවිට කියන්නේ තොග අවසන් බවයි. කිරිපිටි ආයතනයෙන් ඇසු විට පවසන්නේ ප්‍රමාණවත් තොග නිකුත් කරන බවයි.
    දේශීය කිරි වලටත්, සිකුරු සබන් වලට වුණු සන්තෑසියම වෙනවාදෝ යි, මට නිකමට සැක සිතේ.

    - රුවන් විජේමාන්න.


    52669916_2226363390757832_7920654893440827392_n.jpg
     
    • Like
    Reactions: D_Mad and youtube

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    හයිලන්ඩ් කිරි නම් මැෂින් එකක් කැඩිලා කියලා දැන් මාසයක් වගේ කාලේකින් මාකර්ට් එකට ආවේ නැ. පැල්වත්ත නම් ලංකාවේ නෙමෙයි - නිව්සිලන්ඩ් රිපැක් කරනවා කියලා ආරංචියක් තියෙනවා.

    කොහොමත් ඇන්කර් - රත්ති බොන්නම එපා, සෙෘඛ්‍ය ඇමති පොන්නයා පසුගිය පෝය දවසේ අපිට ආදරේට මාධ්‍ය සාකඡ්ඡාවක් තියලා කිව්වා ඇන්කර් රත්ති කිසි අවුලක් නෑ කියලා.
     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83


    52482048_10210600742535116_5942131457819410432_n.jpg

    තවමත් කිරිපිටි බොන හරකුන්ගේ දැනගැනීම පිණිස
    රට කිරිපිටි අර්බුදයේ අගමුල සරලව සැකෙවින්

    1. කිරි අත්‍යවශ්‍ය ආහාරයක්ද

    කිරි යනු ක්ෂීරපායී සතුන්ට ළදරු වියේදී තම පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සැකසී ඇති ආහාරයකි. වැඩිහිටි වියේදීත් කිරි බොන සහ අනෙක් සතුන්ගේ කිරි බොන ලොව එකම සතා මිනිසා පමණි. මේ අනුව කිරි යනු කිසිසේත්ම මිනිසාට අත්‍යාවශ්‍ය ආහාරයක් නොවන අතර එයින් ලැබෙන සියලු පෝෂක වෙනත් ආහාර මගින් මිනිසාට ලබා ගත හැකිය.

    2. එහෙනම් කිරි බොන්නේ මොකටද?

    කිරි වනාහී ලෝකයේ සෑම සංස්කෘතියකම පාහේ හමුවන ආහාරයකි. කිරි ඇසුරෙන් සකස් කරගන්නා වෙනත් ආහාර වර්ග සිය ගණනක් තිබේ. ජීව විද්‍යාත්මකව අත්‍යවශ්‍ය ආහාරයක් නොවුණද කිරි යනු මිනිසාට ඉතා පහසුවෙන් සපයා ගත හැකි ආහාරයකි. මිනිසා හුදු ස්වාභාවික සත්ත්වයකු නොව සංස්කෘතික සත්ත්වයෙකි. ඔහුගේ ආහාර රටාවද ආර්ථික, සමාජීය හා සංස්කෘතික ගොඩනැංවීමකි. කිරි මිනිසාගේ ආහාර විවිධත්වය වැඩි කරගත හැකි විකල්පයක්ද වෙයි. ආහාර විවිධත්වය වැඩිවීම ආහාර සුරක්ෂිතතාවයේද අත්‍යවශ්‍ය කොන්දේසියකි. එසේම ආහාරයේ ගුණයට පමණක් නොව රසය හා විවිධත්වය කෙරේද මිනිසා සංවේදී වෙයි. මේ අනුව කිරි නැතිව මිනිසාට නොමැරී ජීවත් විය හැකි බව ඇත්තක් වුවද කිරිපිටි හෝ වෙනත් ස්වරූප ඔස්සේ කිරි පරිභෝජනය කිරීමේ කිසිදු වරදක් ඇත්තේ නැත.

    3. කිරිපිටි නොබී හිටියොත් මොකද වෙන්නේ?

    කිරිපිටි වනාහී කිරි පරිභෝජනය කළ හැකි එක් ස්වරූපයක් පමණි. කිරි මඟින් සකසා ගන්නා ආහාර වර්ග මෙන්ම කිරි පරිභෝජනය කළ හැකි ආකාරද ගණනාවක් තිබේ. කිරිපිටිවල කිසිදු විශේෂ වැදගත්කමක් නැති අතර ශ්‍රී ලංකාවට කිරිපිටි අපනයනය කරන නවසීලන්තය, ඔස්ටේ්‍රලියාව වැනි රටවල මිනිස්සුවත් කිරිපිටි පානය නොකරති. බොහෝ යුරෝපා රටවල මෙන්ම දියුණු ආසියාතික රටවල තත්ත්වයද එසේමය. ඔවුහු දියර කිරි හෝ කිරි ආශ්‍රිත වෙනත් ආහාර පරිභෝජනය කළද කිරිපිටි කිසිසේත්ම වැදගත් ආහාරයක් ලෙස නොසලකති. එසේ වුවද ලංකාවේ මෝඩයන් බොහෝ දෙනා කිරිපිටි යනු ඔක්සිජන් වායුවටත් වඩා මිනිසාට නැතිවම බැරි දෙයක් ලෙස සලකති. දරුවෙක් සිටින ගෙදරක නම් කිරිපිටි පැකට් එකක් ගන්නවත් සල්ලි නෑ වැනි කතා නිතර ඇසෙයි. මේ සටහන ලියන මා කිරිපිටි බීම නවතා වසර පහළවකට වැඩිය. මගේ සිව් හැවිරිදි දියණියට කිසිදා රට කිරිපිටි උගුරක්වත් පොවා නැති අතර කිරි ආහාර පමණක් ලබා දී තිබේ. ඇගේ සෞඛ්‍යයට අද දක්වා මේ ඊනියා පානය නොබීමෙන් සිදුවූ කිසිදු හානියක් නම් නැත. නවසීලන්තයේ මිනිස්සු ඒ බව අපට වඩා හොඳින් දන්නේ ඔවුන් කිරිපිටි නොබී යහතින් ජීවත් වන බැවිනි.

    4. අපි මේ තරම් කිරිපිටිවලට ඇබ්බැහි වුණේ කොහොමද?

    සමාගම් විසින් අප වැනි රටවලට කිරිපිටි හඳුන්වා දී ඇත්තේ, එය මහා බලසම්පන්න මැජික් අරිෂ්ඨයක් ලෙස හුවා දක්වමිනි. ඔවුන් තමනුත් නොබොන මේ මුග්ධ පානය ගැන බොරු කන්දරාවක් ලංකාව වැනි රටවල පතුරුවා හැර තිබේ. මොළේ වැඩෙන්නට එක කිරි වර්ගයකි. අස්ථි වැඩෙන්නට තව එකකි. ගැබිනි මවුවරුන්ට තව එකකි. හතලිහ පැනපු අයට තවත් එකකි. ආච්චිගේ කොන්ද කැඩීම වැලැක්වීමට තවත් එකකි. එක් එක් වයස්වල ළදරුවන්ට එක් එක් ලේබල් සහිතව එන කිරිපිටි වර්ග හැටහුටහමාරකි. මේ ඉලව් පානය බීමෙන් ගුණ නැණ බෙල සහිත විස්මකර්ම දරුවන් බිහිවන බව ඔවුහු අපට පුන පුනා පවසති. මේ බොරු සමාජගත කිරීම සඳහා වෙළෙඳ ප්‍රචාරණයට අමතරව තව තක්කඩි වැඩ රාශියක් ඔවුහු සිදු කරති. ඒවාට රැවටෙන ලාංකේය ගවයෝ කිරිපිටි නොමැතිව ජීවත් විය නොහැකි යැයි සිතා සිටිති.

    5. රට කිරිපිටිවල වස විස ඇති කතාව ඇත්තක්ද?

    ආනයනික කිරිපිටිවල ගුණාත්මක බව පිළිබඳ අවස්ථා ගණනාවකදී ලෝකයේ විවිධ රටවල, විවිධ ප්‍රශ්න මතුවී තිබේ. ඇතැම් අවස්ථාවල අධිකරණය ඉදිරියේ පවා වැරදි කරුවන් වීමට, ප්‍රසිද්ධියේ තම වැරදි පිළිගැනීමට ෆොන්ටෙරා වැනි සමාගම්වලට සිදුව තිබේ. කිරිපිටිවල පෝෂක කොටස් ඉවත් කර ඒ වෙනුවට බාල ආදේශක ඇතුළත් කරන බව නොයෙක් පර්යේෂණවලින් තහවුරු වී තිබේ. කිරි මූලික වශයෙන් සමන්විත වනුයේ කාබෝහයිට්රේට් (4.5%) ප්‍රෝටීන් (3.5%) මේදය (3.4%) විටමින් හා ඛනිජ ලවණ (0.7%) යන පෝෂකවලිනි. මේ බොහෝ පෝෂක කිරිවලින් ඉවත් කොට වෙනත් නිෂ්පාදන සඳහා යොදාගන්නා අතර ඒ හිස්තැන පුරවනු ලබන්නේ වෙනත් බාල ආදේශක එකතු කිරීමෙනි. මෙලමයින් යනු කිරිවල ඇති ප්‍රෝටීන කොටස් ඉවත් කර ඒ වෙනුවට යොදන නයිට්‍රජන් සහිත සංයෝගයකි. ෆාම් ඔයිල් යනු කිරිපිටිවල මේදය ඉවත් කොට ඒ වෙනුවට මුසු කරන ද්‍රව්‍යයකි. කිරිවල ඇති කාබෝහයිට්රේටද එසේ කෘතිමව එක්කාසු කළ හැකිය. මීට පෙර කිරිවල තිබී හමුවූ බව කියන ඩී. සී. ඩී. හෙවත් ඩයිසයිනමයිඞ් යනු තණබිම්වලට යොදන රසායනික ද්‍රව්‍යයකි. ක්ලොස්ටි්‍රඩියුම් බොටුලිනම් වැනි බැක්ටීරියා කිරිවලට මුසුව තිබුණේ නිෂ්පාදන ක්‍රියාවලියේ අඩුපාඩු හේතුවෙනි. මේ සියල්ල කරුණු සහිතව තහවුරු වී තිබියදී තවදුරටත් කිරි වැදගත් ආහාරයක් ලෙස සැලකිය හැක්කේ කාටද? නවසීලන්තය ලෝකයේ වැඩිපුරම ෆාම් ඔයිල් හා ලැක්ටෝස් ආනයනය කරන රට බව ඔවුන්ගේ වාර්තාවලින්ම හෙළිවන අතර ඒවා ගෙන්වන්නේ බාල කිරිපිටි සකසා අප වැනි රටවල හරකුන්ට පෙවීමට මිස පපඩම් බැඳීමට නොවේ. මේවා ඇත්ත වුවද බොරු වුවද රට කිරිපිටිවල ඇති එකම ප්‍රශ්නය වස විස තිබීමද නොවේ. වස විස තිබුණද නැති වුවද කිරිපිටි යනු අපේ ආර්ථිකයම බෙලහීන කරවන මහා වසංගතයකි. ඒ නිසා වස විස තිබුණද නැතිවුවද ලංකාවට කිරිපිටි ආනයනය කිරීම වහාම සීමා කළ යුත්තකි.

    6. කිරිපිටි අපේ ආර්ථිකය ලෙඩ කරන්නේ කොහොමද?

    කිරි ආහාර ආනයනය සඳහා ලංකාව වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 300ත් 400ත් අතර පමණ මුදලක් වැය කරයි. එය රුපියල්වලින් නම් කෝටි 3000කට වැඩිය. (රූප සටහන බලන්න) මේ මුදලින් 90%ක් පමණ වැයවන්නේ කිරිපිටි සඳහාය. හම්බන්තොට වරායේ පළමු අදියර වැඩ නිම කිරීම සඳහා වැයවූ මුදල ඇ. ඩො. මිලියන 361කි. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සඳහා වැයවූ මුදල ඇ.ඩො. මිලියන 292කි. මේ ඉලව් කිරිපිටි සෙල්ලමක් නිසා වාර්ෂිකව පිටරටට ඇදී යන මුදල් කන්දරාව කෙතරම්දැයි මේ අනුව සිතාගැනීම අසීරු නැත. රටේ මුදල් පිටතට ඇදී යාමට අමතරව එය රටේ ධන උත්පාදනය දුබල කරයි. දේශීය කිරි ගොවියා, කර්මාන්තකරුවා, නිෂ්පාදකයා, නන්නත්තාර කර දමයි. අපට වසර පුරා නොමිලේ ලැබෙන අව්ව, වැස්ස සහ තණකොළවලින් පහසුවෙන් ලබාගත හැකි ආර්ථික ප්‍රතිලාභ අපට අහිමි කරයි. දේශීය කිරි කර්මාන්තයට එරෙහි ප්‍රධාන සතුරා ආනයනික කිරිපිටිය. වර්ෂයකට කිරි ආහාර ආනයනය සඳහා වැයවන මුදලින් දහයෙන් පංගුවක් යෙදවිය හැකි නම් දේශීය කිරි කර්මාන්තයේ විශාල වර්ධනයක් ඇති කිරීම ලේසියෙන් කළ හැක්කකි. රට කිරිපිටි සමාගම්වලට බදු සහන ලබාදීම නිසා වාර්ෂිකව රජයට අහිමි වන මුදලින් ලංකාවේ කිරි කර්මාන්ත ශාලා එකක් නොව කීපයක් ඇති කළ හැකිය. නැත්තේ ඊට වැඩපිළිවෙළක් දැක්මක් ඇති නායකයන් පමණි.

    7. අපේ කිරි අපිටම හදාගන්න පුළුවන්ද?

    නිසි වැඩපිළිවෙලක් තිබේ නම් ලංකාව වසර කීපයක් තුළ කිරිවලින් ස්වයංපෝෂිත කිරීම කළ හැක්කකි. එය කටට එනවාට කියන කතාවක් නොව ඔප්පු කර පෙන්වා දී තිබෙන්නකි.
    පසුගිය දශකයක පමණ කාලය තුළ දේශීය ව්‍යාපාරිකයන්, විද්වතුන් ඇතුළු පිරිස් මේ ප්‍රශ්නය සම්බන්ධව විශාල මැදිහත් වීමක් සිදුකර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස, 2007 දී ජාතික අවශ්‍යතාවෙන් 22%ක් ලෙස පැවති දේශීය කිරි නිෂ්පාදනය 2017 වන විට 42% දක්වා ඉහළ නැඟ තිබේ. වසර දහයක් තුළ ලංකාව කිරි නිෂ්පාදනයේ එවැනි වර්ධනයක් අත් කරගත්තේ හොඳ වැඩපිළිවෙළක් යටතේ නොව ඊට එරෙහි දහසක් අලකලංචි මධ්‍යයේ බව අමතක නොකළ යුත්තකි. ඒ සියල්ල මැද පවා මේ කාලය තුළ රටේ කිරි නිෂ්පාදනය අඛණ්ඩව ඉහළ ගිය අතර, ඊට සාපේක්ෂව කිරි ආනයනය සැලකිය යුතු තරමකින් පහත වැටිණි. ඒ වර්ධනයට ප්‍රධාන බාධකය එල්ල වීම ජනවාරි අට විප්ලවයේ තවත් ප්‍රතිඵලයක් වූ අතර 2015 ජනවාරි මස රට භාරගත් මහා මොළයානන් වහන්සේගේ බදු ප්‍රතිපත්තිය ඊට මැනවින් හේතුවූ ආකාරය වෙනම ලිපියක් ඔස්සේ පෙන්වා දිය හැක්කකි. ආනයනික කිරිපිටි මත පනවා තිබූ බදු විශාල වශයෙන් අඩු කරමින් සමාගම්වලට සහන සැලසීමේ ප්‍රතිපත්තිය මත එතැන් සිට දේශීය කිරි ගොවියාත්, ආහාර නිෂ්පාදකයාත්, නන්න්ත්තාර වූ අතර, කිරි පාරේ හලමින් උද්ඝෝෂණ කිරීමට ගොවීන්ට සිදුවූයේ ඒ අනුවය.

    8. කතාව කෙටියෙන්ම මෙච්චරයි.

    දැන් මේ කරුණු සියල්ල සාරාංශ කරමු. ඒ අනුව කිරිපිටි අපට කිසිසේත්ම අත්‍යවශ්‍ය ආහාරයක් නොවේ. ආනයනික කිරිපිටි අහිතකර ලෙස නිෂ්පාදනය කරන බව ඔප්පු වී තිබේ. වස විස තිබුණද නැතිවුවද කිරිපිටි ආනයනය කිරීම රටේ ආර්ථිකයට විශාල හානියකි. කිරි ඕනෑම ආකාරයකට පරිභෝජනය කළ හැකි වන අතර කිරිපිටි නැතිව ජීවත් විය නොහැකි බව සිතන අය සිටී නම් ඔවුන් ඇතුළු අප සියලු දෙනාට අවශ්‍ය කිරි අපට දේශීයව නිපදවා ගත හැකිය. අපි දැනටත් සියලු අලකලංචි මැද ජාතික කිරි අවශ්‍යතාවයෙන් 42%කට වැඩි ප්‍රමාණයක් නිපදවා ගැනීමට සමත්ව ඇති අතර හොඳ වැඩපිළිවෙළක් යටතේ මෙය සීයට සීය දක්වා ළඟා කරගැනීම සිහිනයක් නොවේ. කිරිපිටි ආනයනය සම්පූර්ණ නතර කළ නොහැකි වුවත් එය විශාල ප්‍රමාණයකින් අඩු කිරීම හෝ හැකි දෙයක් බව හෝ මේ අනුව පිළිගැනීමට සිදුවෙයි. එය තවමත් එය පිළිගත නොහැක්කේ තවමත් කිරිපිටි බොන ලංකාවේ හරකුන්ට සහ ඔවුන් විසින් පත්කරගන්නා දේශපාලඥයන්ට පමණි.

    (මේ ලිපියේ ඇතුළත් සියලු කරුණු සම්බන්ධව ඊට අදාළ සියලු දත්ත, සංඛ්‍යාලේඛන, වාර්තා මා සතුව ඇති අතර කෙම්බිමට ගමනක් කෘතියේද මේ පිළිබඳ වැඩි විස්තර ඇතුළත්ව ඇත.)

    ඉසුරු ප්‍රසංග

    යුතුකම සංවාද කවය
    www.yuthukama.com
    Like us on facebook : https://www.facebook.com/yuthukama
    Source: http://www.yuthukama.com/2019/02/Kiri_23.html

     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,470
    7,241
    113
    හයිලන්ඩ් කිරි නම් මැෂින් එකක් කැඩිලා කියලා දැන් මාසයක් වගේ කාලේකින් මාකර්ට් එකට ආවේ නැ. පැල්වත්ත නම් ලංකාවේ නෙමෙයි - නිව්සිලන්ඩ් රිපැක් කරනවා කියලා ආරංචියක් තියෙනවා.

    කොහොමත් ඇන්කර් - රත්ති බොන්නම එපා, සෙෘඛ්‍ය ඇමති පොන්නයා පසුගිය පෝය දවසේ අපිට ආදරේට මාධ්‍ය සාකඡ්ඡාවක් තියලා කිව්වා ඇන්කර් රත්ති කිසි අවුලක් නෑ කියලා.

    :shocked::shocked: පැල්වත්ත ලංකාවේ නෙවෙයි කියලා උඹට ෂුවර්ද? එතකොට ලංකාවේ එකකට තියන්නේ හයිලන්ඩ් විතරද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    හයිලන්ඩ් කිරි නම් මැෂින් එකක් කැඩිලා කියලා දැන් මාසයක් වගේ කාලේකින් මාකර්ට් එකට ආවේ නැ. පැල්වත්ත නම් ලංකාවේ නෙමෙයි - නිව්සිලන්ඩ් රිපැක් කරනවා කියලා ආරංචියක් තියෙනවා.

    කොහොමත් ඇන්කර් - රත්ති බොන්නම එපා, සෙෘඛ්‍ය ඇමති පොන්නයා පසුගිය පෝය දවසේ අපිට ආදරේට මාධ්‍ය සාකඡ්ඡාවක් තියලා කිව්වා ඇන්කර් රත්ති කිසි අවුලක් නෑ කියලා.


    මට හිතෙන්නෙම හයිලන්ඩ් ප්‍රොඩක්ෂන් නතර කරන්න මහරාජ කාරයා හෙනම ගේමක් දෙනවා වගේ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පැලවත්ත ලංකාවේ බඩු...
    හයිලන්ඩ්1ට කෙලවන්න මහරජා බලාගෙන ඉන්නව නමුත් දැන් හයිලන්ඩ්1 ගේම ගහන්නේ හැරී ජයවර්දනගේ පිල්ලියක්.. ඒක නිසා සිරසේ මහ එකාට ලේසි නෑ වැඩේ. මොන එකා මොන දෙ කිව්වත් රජයෙ උනත් ප්‍රයිවට් උනත් අපෙ යුතුකම තමා අපේ රටෙ නිශ්පාදන ගැනීම. හයිලන්ඩ් සහ පැලවත්ත.. එකම විසදුම...

    හයිලන්ඩ් යොගර්ට්1ට ගහන්න යොගට්1ක් නෑ ලංකාවේ.. පොඩි පරහකට තියෙන්නේ සමහර ප්‍රඩක්ශන් ලොට් වල සීනි මදි. සීනි දාන්න අමතක වෙලා වගේ..
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,470
    7,241
    113
    පැලවත්ත ලංකාවේ බඩු...
    හයිලන්ඩ්1ට කෙලවන්න මහරජා බලාගෙන ඉන්නව නමුත් දැන් හයිලන්ඩ්1 ගේම ගහන්නේ හැරී ජයවර්දනගේ පිල්ලියක්.. ඒක නිසා සිරසේ මහ එකාට ලේසි නෑ වැඩේ. මොන එකා මොන දෙ කිව්වත් රජයෙ උනත් ප්‍රයිවට් උනත් අපෙ යුතුකම තමා අපේ රටෙ නිශ්පාදන ගැනීම. හයිලන්ඩ් සහ පැලවත්ත.. එකම විසදුම...

    අනිවාර්යෙන් බං. අපේ තාත්තා අපි පොඩි කාලේ ඉදලා ගේන්නේ හයිලන්ඩ්. ඒකට නම් හේතුව ඒක අනික් කිරිපිටි වලට වඩා රසට දැනුන එක. ඒක බීලා පුරුදු එකෙකුට අනිත් කිරිපිටි රහ නෑ. ඒ නිසා මමත් දිගටම ගත්තේ හයිලන්ඩ් එක. පස්සෙ නම් දේශීය දෙයක් නිසා රසට අමතරව හයිලන්ඩ් එක ගන්න එක ගැන සතුටු උනා. ඒක සැරින් සැරේ ගන්න නැති වෙන වොලවට පැල්වත්ත එක ගන්නවා. ඒකත් නැති උනාම තමයි වෙන මොකක් හරි උලව්වක් ගෙදර උස්සන් එන්නේ.
    කොහොමත් හයිලන්ඩ් කිරිපිටි, යෝගට්, අයිස්ක්‍රීම් හැම එකම රසයි. හයිලන්ඩ් අයිස්ක්‍රිම් එක උනත් අනිත් ඒවට වැඩිය රසයි.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    සතියක ඉදන් හොයනවා දේශීය කිරිපිටි.,
    කලින් ඉදන් බීපු අපිටත් නෑ මේ දවස් වල :(
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    උපාලි ව්‍යාපාර කළමනාකරුවන් කලේ නව නිෂ්පාදනාගාර සදා නිෂ්පාදනය තෙගුණ කිරීමයි. ඉන්පසු බහුජාතික සමාගම් ඇති කළ කෘතිම ඉල්ලුම නවත්වන ලදී. සතියෙන් දෙකෙන්, සබන් තොග පිටින් නැවත කම්හලටම හරවා එවීමට සිදි වූයේ


    Saban sathien deken expire wenawada ban? :nerd:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    උපාලි ව්‍යාපාර කළමනාකරුවන් කලේ නව නිෂ්පාදනාගාර සදා නිෂ්පාදනය තෙගුණ කිරීමයි. ඉන්පසු බහුජාතික සමාගම් ඇති කළ කෘතිම ඉල්ලුම නවත්වන ලදී. සතියෙන් දෙකෙන්, සබන් තොග පිටින් නැවත කම්හලටම හරවා එවීමට සිදි වූයේ


    Saban sathien deken expire wenawada ban? :nerd:


    expire wena eka newi wenne. othana man hithanne un karanne comis eka wadi karanawa. laba wadi eka thama shop wala wikunanne
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    පැලවත්ත ලංකාවේ බඩු...
    හයිලන්ඩ්1ට කෙලවන්න මහරජා බලාගෙන ඉන්නව නමුත් දැන් හයිලන්ඩ්1 ගේම ගහන්නේ හැරී ජයවර්දනගේ පිල්ලියක්.. ඒක නිසා සිරසේ මහ එකාට ලේසි නෑ වැඩේ. මොන එකා මොන දෙ කිව්වත් රජයෙ උනත් ප්‍රයිවට් උනත් අපෙ යුතුකම තමා අපේ රටෙ නිශ්පාදන ගැනීම. හයිලන්ඩ් සහ පැලවත්ත.. එකම විසදුම...

    හයිලන්ඩ් යොගර්ට්1ට ගහන්න යොගට්1ක් නෑ ලංකාවේ.. පොඩි පරහකට තියෙන්නේ සමහර ප්‍රඩක්ශන් ලොට් වල සීනි මදි. සීනි දාන්න අමතක වෙලා වගේ..

    :P:P:P
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    පැලවත්ත කියන්නෙත් මහරාජාගෙ එකක්. හයිලන්ඩ් නැතිවෙනකොට හයිලන්ඩ් ගන්න උන් පැලවත්ත ගන්නවනේ