සිගරට් අරක්කු බොන කට්ටියට කන්න හොද කෑම මොŞ
අරක්කු පානය කිරීමෙන් පසු
ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා අරක්කු පානය කරන්නේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීය. මේ හේතුවෙන් අරක්කු පානය කර නිදාගැනීම සුලභ සිදුවීමකි. නමුත් ඊට පසුදින උදෑසන හිස කැක්කුම සෑදීම සහ ඇගට දැඩි අපහසුවක් දැනීම බොහෝ දෙනෙක්ට සිදුවේ. මීට හේතුව වන්නේ අරක්කු මගින් ශරීරය විජලනය කිරීමයි. අරක්කු පානය කරනාවිට සහ පානය කිරීමෙන් පසු ජලය පානය කිරීමෙන් මෙම තත්වය නැතිකරගත හැක. මෙහිදී පානය කරනා අරක්කු ප්‍රමාණය මෙන් දෙගුණයක ප්‍රමාණයක් ජලය පානය කිරීම බොහෝවිට සුදුසු වේ.
අරක්කු පානය කිරීමෙන් පසු යම් කිසි ආහාරයක් ගැනීම ඉතා වැදගත් වේ. මෙසේ කිරීම මගින් ද පසු දින ඇතිවන ශාරීරික අපහසුතාවලින් අත්මිදිය හැක. බර ආහාරයක් ගැනීමට අපහසුනම් කෙටි/ක්ෂ්ණික ආහාරයක් හෝ ගැනීම සුදුසු වේ.
කෝපි හෝ කෝපි අඩංගු පානයක් ගැනීම සුදුසු නැත. කෝපි වලින් සිදුකරන්නේද ශරීරය විජලනය කිරීමයි. එමෙන්ම කිරි වර්ග හෝ කිරි අශ්‍රිත පානයන් ගැනීම සුදුසු නැත. එසේ කිරීම මගින් ඔක්කාරයට ඒම හෝ වමනය යෑම වැනි දේ සිදුවිය හැක. එසේ වූ විට තත්වය වඩාත් දරුණු වේ.
විටමින් C සහිත පළතුරු පානයන් ගැනීම හිතකර වේ. විටමින් C මගින් ක්ෂණිකව ඔබේ ශරීරයට ශක්තිය ලබා දෙයි. දෙහි හෝ දොඩම් ඉස්ම මේ සදහා වඩාත් යෝග්‍ය වේ. ප්‍රමාණය ඉක්මවා අරක්කු පානය කර සිහි මුර්ඡාවී සිටිනා අයගේ හිසේ දෙපතුලේ දෙහි අතුල්ලන්නේ මේ හේතුව නිසා විය යුතුය. විටමින් C සපිරි පානයන් බීමට අපහසුවේනම් විටමින් C හෝ මල්ටිවිටමින් පෙති ගැනීමෙන් එම අවශ්‍යතාව සම්පූර්ණ කරගත හැක. මෙළෙසින් බෙහෙත් පෙති මගින් විටමින් වර්ග ගැනීමට පෙර සෑමවිටම වෛද්‍යය නිර්දේශය ලබාගැනීම අත්‍යවශ්‍ය වේ.
ඉහත ක්‍රමවේදයන් මගින් අරක්කු බීමෙන් පසුව ඇතිවෙන අපහසුකාරී තත්වයන්, සරළ සිංහලෙන් පවසනවානම් "කට් වීම" නොහොත් ඉංග්‍රීසියෙන් [FONT="]Hangover[/FONT] අවස්ථාවන්ට ගොදුරුවීම වළක්වා ගත හැක.
පුරුද්දක් ලෙස දිනපතාම අරක්කු සිගරට් පානය කිරීම ශරීර සෞඛ්‍යයට යහපත්ම නැත. මෙය සියළුම දෙනා දන්නා සත්‍යයකි. නමුත් කොපමණ අයහපත් යැයි කීවද එළෙසින් කරනා බොහෝ පිරිසක් ඇත. සමහරවිට ඔබේ හිතවතෙක්, මිතුරෙක් හෝ පවුලේ අයෙක් වුවද එළෙසින් හැසිරෙනවා විය හැක. එවන්නන්ගේ අරක්කු සිගරට් හේතුවෙන් පහළ වැටෙනා ශරීර සෞඛ්‍යය යම් තරමකට හෝ ඉහළ නංවා ගත හැකි ආකාර කීපයක් ඇත. විශේෂයෙන්ම ගන්නා ආහාරවලින් සහ ව්‍යායාම මගින් එළෙස අරක්කු සහ සිගරට් මගින් ශරීරයට ඇතිකරනා බලපෑම යම් තරමකට අවම කළ හැක.
නිතිපතා සිගරට් භාවිත කරන්නන් ගතයුතු ආහාර වර්ග
විටමින් A, B, C සහ E සපිරි ආහාරවර්ග භාවිතා කිරීම සුදුසුය. කිරි, කැරට්, බෝංචි, ඉරිගු, ගෝවා යනාදිය මගින් සිගරට් දුමින් ශරීරයේ ඇතිකරනා විටමින් ලුහුඩුතාව වර්ධනය කරගත හැක. එමෙන්ම මෙම ආහාර වර්ග මගින් ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තීකරණයද වර්ධනය කරයි.
කහට තේ පානය කිරීම සුදුසුය. මෙම තේ මගින් රුධිර නාළ තුළ කොලෙස්ට්‍රෝල් තැන්පත්වීම අවම කරයි. එමෙන්ම ගෑස්ට්‍රික් අම්ලය පාලනය කිරීම සහ රුධිරයේ අඩංගු සීනි සාන්ද්‍රණය අඩු කිරීමද තේ වලින් සිදු කරයි. තේ මූත්‍රවර්ධකයකි. මේ හේතුවෙන් ශරීරයේ රැදී පවතින යම් විෂ වර්ග මූත්‍ර මගින් වඩාත් ඉක්මනින් පිටකළ හැක.
සිගරට් දුම මගින් රුධිරයේ ඇති සෙලීනියම් සාන්ද්‍රණය අඩු කරයි. සෙලීනියම් යනු පිළිකා මඩින අලෝහමය මූලද්‍රව්‍යයකි. සත්ව පීකුදු (අක්මාව), මුහුදු පැළෑටි සහ ඉස්සන් ආහාරයට ගැනීමෙන් සිගරට් විෂ හේතුවෙන් විනාශවන සෙලීනියම් සාන්ද්‍රණය යළි වැඩිකරගත හැක.
යකඩ සහිත ආහාර ගැනීමෙන්ද සිගරට් විෂෙන් සිදුවන බලපෑම අඩු කරගත හැක. කිරි, නිවිති, සත්ව පීකුදු, මුහුදු පැළෑටි සහ සෝයා බෝංචි ආහාරයට ගැනීමෙන් මෙය සිදුකළ හැක.
සිගරට් දුම මගින් රුධිර නාළ තුළ කොලෙස්ට්‍රෝල් තැන්පත් කිරීම හේතුවෙන් රුධිර සංසරණයට බාධා සිදුවේ. මේ බාධාවන් හේතුවෙන් හෘධයාබාධ ඇතිවීම හෝ මොළයට සංසරණයවන රුධිරය අවම වීම නිසා මොළය වැහැරීම [FONT="]([/FONT]Brain Atrophy[FONT="])[/FONT] වැනි තත්වයන් ඇතිවිය හැක. එමනිසා නිතිපතා සිගරට් පානය කරන්නන් තෙල් අධික ආහාර ගැනීමෙන් වැළකිය යුතු අතර කොලෙස්ට්‍රෝල් අවම කරන ආහාර වර්ග වන කිරි, සෝයා ආහාර, මාළු සහ තන්තුමය ආහාර වන කුරුදු, කෙදි සහිත එළවළු වර්ග සහ පළතුරු වර්ග ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
එමෙන්ම කැරට්, නිවිති, මුංඇට සහ සෝයා ආහාර වැඩි වශයෙන් ගැනීම මගින් දුම්බීමේ අවශ්‍යතාව අවම කරගත හැකිය. එම ප්‍රකාශය සත්‍යයක්ද අසත්‍යක්ද වග නිර්ණය කිරීම පාඨක ඔබට භාරය.
දිනපතා අරක්කු පානය කරන්නන් ගතයුතු ආහාර වර්ග
තද වර්ණ සහිත එළවළු සහ පළතුරු වර්ග කැරට්, ඇප්රිකට්, නිවිති, ගම්මිරිස් වැනි දේ එමෙන්ම විටමින් C අධික ආහාරවර්ග වන දෙහි, දොඩම්, තක්කාලි වැනි දේ සහ විටමින් E අඩංගු ආහාර වර්ග වන එකක් හෝ කීපයක් ගැනීම අවශ්‍යවේ.
එමෙන්ම ප්‍රෝටීන් බහුල ආහාර වර්ග ගැනීමද සිදුකළ යුතුය. ප්‍රෝටීන් අධික ආහාර වර්ග වන පරිප්පු, සෝයා, බිත්තර සුදු මදය, මාළු වර්ග සහ මස් වර්ග ආහාරයට ගත යුතු වේ. මෙහිදී මස් වර්ග වලට වඩා මාළු වර්ග ආහාරයට සුදුසු වන්නේ මස්වලට සාපේක්ෂච මාළුවල මේදය අවම වන බැවීනි. මේද අධික ආහාර ගැනීමෙන් වැළකීම සුදුසු වේ.
සැමන්, මැකරල් වැනි තෙල් සහිත මාළු වර්ග සතියකට එක වතාවක් පමණ ආහාරයට ගැනීම සුදුසු වේ. එමෙන්ම සළාද වර්ග ආහාරයට ගැනීමෙන්ද අරක්කු මගින් ශරීරයට ඇතිකරනා අහිතකර බලපෑම යම් ප්‍රමාණයකට අවම කළ හැක.
නිවුඩ්ඩ සහිත බත් (රතු බත්) ආහාරයට ගැනීම නිරන්තර අරක්කු පානය කරන්නෙකුට අවශ්‍යම දෙයකි. එම නිවුඩ්ඩ මගින් රුධිරයේ ඇති ග්ලූකෝස් ප්‍රමාණය පාලනය කරනා අතර දියවැඩියා තත්වය සමනය කිරීම ඉන් සිදු කරයි.
තල, බෝංචි, දිඹුල්, තිරිගු වැනි ආහාර වර්ග මගින් අරක්කු පානය හේතුවෙන් ශරීරයෙන් ගිලිහෙන මැග්නීසියම් ප්‍රමාණය නැවත ලබාගත හැකි වන අතර නිරන්තර අරක්කු පානය හේතුවෙන් ශරීරයෙන් විනාශ වන තුත්තනාගම් (Zink) ප්‍රමාණය නියමිත පරිදි තබා ගැනීම තිරිගු, වට්ටක්කා සහ බිත්තර මගින් වඩාත් පහසුවෙන් ඉටුකරගත හැක.
අරක්කු සිගරට් පානය කිරීම කිසිසේත් යහපත් කටයුත්තක් නොවේ. නමුත් අරක්කු සිගරට් යනු මෙරට තුළ හාල්, පොල්, පාන් තරමටම අළෙවිවන පාරිභෝගික ද්‍රව්‍යයන් වේ. මිනිසුන් මේවා මිළදී ගන්නේ පානය කිරීමටය. දුම් ඉරීමටය. අරක්කු හා සිගරට් හේතුවෙන් වැළදෙන ලෙඩ රෝග බොහොමයකි. එකී ලෙඩ රෝග බොහොමයක් ඉහත දැක්වූ ආහාර රටාවන් මගින් යම් තරමකට හේ පාලනය කරගත හැක. අරක්කු සිගරට් පානය කිරීම හේතුවෙන් රෝගී වී රජයේ රෝහලක රෝහල් ගතවන කිසිවෙකුට නොමිලේ ප්‍රථිකාර නොකරන ලෙස නියෝගයක් සෞඛ්‍යය අමාත්‍යතුමන් පසුගිය දිනක සිදු කළේය. රටේ යම් පිරිසක් එම මතයට පක්ෂ වනවිට අනෙක් පිරිසක් විපක්ෂ විය. එම ප්‍රකාශය සදහන් පුවත රටේ විවාදයට තුඩුදෙන කාලයේදී ලේඛකයා සිටියේ මධ්‍යස්ථ මතයකය. ඔහුගේ එම මධ්‍යස්ථ මතය යම්තාක් දුරකට තහවුරු කිරීමද මෙම ලිපියෙන් සිදු විය.
"දැනුම යනු මහා සාගරයක්නම් මා දන්නේ ඉන් වතුර වීදුරුවක ප්‍රමාණය පමණි"යි ප්‍රකට දාර්ශණිකයෙක් වරක් ප්‍රකාශ කළේය. එළෙසින් අරක්කු යන මාතෘකාව පිළිබදව කතා කරද්දී ඒ පිළිබදව දැනුම මහා සාගරය හා සමානනම් ලේඛකයාගේ දැනුම අරක්කු බෝතල් මූඩියකටත් වඩා අවම වේ.

අපේ කට්ටියනම් ඉතින් සිගරට් අරක්කු දැකලවත් නැති කට්ටියක්නෙ.

. ඒක නිසා මේක වැදගත්වෙයි. අනිත් එක, මේක නම් ගොඩක් කට්ටිය දන්නව ඇති නොදන්න අයත් ඇති නොවැ. සිගරට් ගහල මොනව හරි කොලයක්
ඒ කියන්නෙ පේර කොලයක් වගේ සුවද මොනව හරි කොලයක් හපල ගියාම ගද එනව අඩුයි. අත්දැකීමෙන් කියන්නෙ.

ගත්තෙ මෙතනින්.
http://rana-liyana-blog.blogspot.com/2012/02/for-drinkers-and-smokers.html