සිගරට්.... බොන්න බොන්න මොකද වෙන්නේ...?

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සිගරට්.... බොන්න බොන්න මොකද වෙන්නේ...?

    [FONT=&quot]සිගරට් ගැන අහලා තියෙනවද? සිගරට් වලට එක එක වචන කියනවනේ. මගෙ යාළුවෙක් කියන්නේ [/FONT][FONT=&quot]"මචං, ෆැන්ටා එකක් ගහලා එන්නම්" කියලා. තව ඒ වගේ ඒවා ඇතිනෙ. සිගරට් නැති නිසා බන්ධනාගාරෙ ඉන්න කට්ටිය බොන්නෙ ලෝකල්. ඒවා හදන හැටි වෙන වෙලාවක කියලා දෙන්නම්. තව ඉතිං බීඩි, සුරුට්ටු වගේ දේවලුත් අයිති වෙන්නේ "දුම් වැටි" කියන කාණ්ඩෙටම තමයි. අද ලියන්නෙ ඒ ගැන. [/FONT][FONT=&quot]මං සිගරට් බොන්නෙ නෑ කියලා මේක කියවන්නෙ නැතුව ඉන්න එහෙම එපා හො[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ද?[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සිගරට් හදන හැටිවත්, සිගරට් වල තියෙන දේවල් වත් නොකියා සිගරට් නිසා මොකද වෙන්නෙ කියන තැනින්ම පටන් ගන්නම්. මොකද අනිත් දේවල් අහලා දැකලා හො[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ට පුරුදුයිනේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සිගරට් නිසා මිනිසුන් මිය යනවද? ඔව්.[/FONT]
    [FONT=&quot]කී දෙනෙක්ද? ඒක තමයි දන්නැත්තෙ නේද? එහෙනම් අහගන්න. සිගරට් බොන දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්නගෙන් එක්කෙනෙක් මිය යන්නේ සිගරට් නිසා ඇතිවන රෝගී තත්වයකින්. ඒ කියන්නේ සිගරට් බොන අයගෙන් 50%ක් සිගරට් නිසා මිය යනවා. මේ විදියට වසරකට මිය යන සංඛ්‍යාව ගණනය කලොත්, ඒ සංඛ්‍යාව මේ ලැයිස්තුවේ තියෙන කාරණා නිසා මිය යන සංඛ්‍යාවේ එකතුවටත් වඩා වැඩියි. [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    • [FONT=&quot][/FONT][FONT=&quot]Motor vehicle accidents [/FONT][FONT=&quot]- මෝටර් රථ අනතුරු[/FONT]
    • [FONT=&quot][/FONT][FONT=&quot]Suicides [/FONT][FONT=&quot]- සිය දිවි නසාගැනීම[/FONT]
    • [FONT=&quot][/FONT][FONT=&quot]Homicide [/FONT][FONT=&quot]- මනුෂ්‍ය ඝාතන[/FONT]
    • [FONT=&quot][/FONT][FONT=&quot]Tuberculosis [/FONT][FONT=&quot]- ක්ෂය රෝගය[/FONT]
    • [FONT=&quot][/FONT][FONT=&quot]Maternal deaths[/FONT][FONT=&quot]- මාතෘ මරණ[/FONT]


    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]දුම් පානය නිසා කෙනෙක් මිය යන්නේ කොහොමද?[/FONT]
    [FONT=&quot]දුම්කොළ වල අඩංගු විවිධාකාරයේ විෂ රසායන ද්‍රව්‍ය අපේ ස්වසන මාර්ගයට ඇතුල් වුනාම ඒවා අපේ ශරීරයට එරෙහිව ක්‍රියා කරනවා. ඒ නිසා මේ විදියේ රෝගාබාධ ඇති වෙන්න පුළුවන්.[/FONT]

    ·[FONT=&quot]හෘද රෝග[/FONT]


    • [FONT=&quot]Myocardial infarction [/FONT][FONT=&quot]- හෘදයාබාධ[/FONT]
    • [FONT=&quot]Stroke [/FONT][FONT=&quot]- ආඝාත (මොළයට රුධිරය සැපයීම අවහිර වීම)[/FONT]
    • [FONT=&quot]Sudden death [/FONT][FONT=&quot]- හදිසියේ මියයාම (හේතුවක් නැතිව)[/FONT]
    • [FONT=&quot]Peripheral vascular disease [/FONT][FONT=&quot]- රුධිර වාහිනී ආශ්‍රිත රෝග[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    ·[FONT=&quot]පිළිකා[/FONT]


    • [FONT=&quot]Lung [/FONT][FONT=&quot]- පෙනහළු[/FONT]
    • [FONT=&quot]Oral cavity [/FONT][FONT=&quot]- මුඛ කුහරය[/FONT]
    • [FONT=&quot]Oesophagus [/FONT][FONT=&quot]- අන්නශ්‍රෝතය[/FONT]
    • [FONT=&quot]Stomach [/FONT][FONT=&quot]- ආමාශය[/FONT]
    • [FONT=&quot]Pancreas [/FONT][FONT=&quot]- අග්න්‍යාශය[/FONT]
    • [FONT=&quot]Larynx [/FONT][FONT=&quot]- ස්වරාලය[/FONT]
    • [FONT=&quot]Bladder [/FONT][FONT=&quot]- මුත්‍රාශය[/FONT]
    • [FONT=&quot]Kidney [/FONT][FONT=&quot]- වකුගඩු[/FONT]
    • [FONT=&quot]Leukaemia [/FONT][FONT=&quot]- ලියුකේමියා (ලේ පිළිකා)[/FONT]
    • [FONT=&quot]Liver [/FONT][FONT=&quot]- අක්මාව[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    ·[FONT=&quot]පෙනහළු

    [/FONT]
    [FONT=&quot]Chronic obstructive pulmonary disease(COPD) [/FONT][FONT=&quot]- නිධන්ගත පෙනහළු රෝග[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේවාට අමතරව තවත් ගැටළු ඇති වෙන්න දුම්පානය හේතු වෙන්න පුළුවන්. ඒවායින් මූලික කාරණයක් තමයි ප්‍රජනක සෞඛ්‍යය ([/FONT][FONT=&quot]reproductive health[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]සම්බන්ධයෙන් ඇති වෙන ගැටළු. [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    • ·[FONT=&quot]ශරීරයේ නිපදවෙන ශුක්‍රාණු ප්‍රමාණය අඩු වෙනවා. සුළු පටු ප්‍රමාණයකින් නෙමෙයි. 24%කින්. ඒ කියන්නෙ හරියටම [/FONT][FONT=&quot]¼[/FONT][FONT=&quot] ක්.[/FONT]
    • · [FONT=&quot]විකෘති වූ ශුක්‍රාණු නිපදවෙනවා. ඒ ශුක්‍රාණු වල සඵලතාවය අඩුයි.[/FONT]
    • · [FONT=&quot]Erectile dysfunction - [/FONT][FONT=&quot]එහෙමත් නැත්නම් ලිංගික අප්‍රාණිකත්වය [/FONT][FONT=&quot](impotence)[/FONT][FONT=&quot]ඇති වෙන්නත් මූලික හේතුවක් වෙන්නේ දුම්වැටි. [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මේ ගැටළු ඇති වෙන්නේ දුම් බොන අයට විතරද? නෑ.[/FONT]

    [FONT=&quot]දුම් බොන අය ළ[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] ඉන්න දුම් නොබොන අයටත් මේ දේවල් බලපානවා. ඒකට කියන්නේ [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]අක්‍රීය දුම් පානය[/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]. එහෙම වෙන්නේ, සිගරට් දුමෙන් [/FONT][FONT=&quot]¾ ක් පිට වෙන්නේ වායුගෝලයට. මේ දුම සාමාන්‍ය වාතයට වඩා බරින් වැඩි නිසා සුළ[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ට ගසාගෙන යන්නෙ නැතිව ඒ අවට පරිසරයේම රැ[/FONT][FONT=&quot]ඳි[/FONT][FONT=&quot] තියෙනවා. මේ නිසා දුම් නෙබොන කෙනෙකුටත් මේ දුම ආඝ්‍රාණය වෙන්න පුළුවන්. ඒ නිසයි පොදු ස්ථාන, ආවරණය කළ ස්ථාන, ජනතාව රැස්වෙන ස්ථාන වගේ ඒවගේ දුම් බීම තහනම් කරන්න නීති ගෙනල්ලා තියෙන්නේ. ඒවා ක්‍රියාත්මක වෙනවද කියන එක වෙනම ගැටළුවක්. [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අක්‍රීය දුම් පානය නිසා මෙන්න මේ දේවල් වෙන්න පුළුවන්.[/FONT]


    • [FONT=&quot]Sudden infant death syndrome [/FONT][FONT=&quot]- හදිසියේ ළදරුවන් මියයාම[/FONT]
    • [FONT=&quot]Chronic cough [/FONT][FONT=&quot]- නිධන්ගතව පවතින කැස්ස[/FONT]
    • [FONT=&quot]Ear infection [/FONT][FONT=&quot]- කණේ ආසාදන[/FONT]
    • [FONT=&quot]Asthma [/FONT][FONT=&quot]- ඇදුම[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ගර්භනී මවක් [/FONT][FONT=&quot]අක්‍රීය දුම් පානයට ගොදුරු වුනොත් කළලයට මේ විදියට බලපාන්න පුළුවන්.[/FONT]


    • [FONT=&quot]Low birth weight [/FONT][FONT=&quot]- අඩු බර දරු උපත්[/FONT]
    • [FONT=&quot]Prematurity [/FONT][FONT=&quot]- නොමේරූ ළදරුවන් බිහි වීම (සති 36ට අඩු)[/FONT]
    • [FONT=&quot]Abortions [/FONT][FONT=&quot]- ගබ්සා වීම[/FONT]
    • [FONT=&quot]Still births [/FONT][FONT=&quot]- මළ දරු උපත්[/FONT]
    • [FONT=&quot]Congenital abnormalities [/FONT][FONT=&quot]- ආබාධ සහිත දරුවන් ලැබීම[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියන කාරණයක් තමයි එතුමා පෙනහළු රෝගයකට ගොදුරු වුනේ එතුමා ගර්භාෂයේ ඉන්නකොට සහ ළමා කාලයේ එතුමාගේ තාත්තා බීඩි බිම නිසා කියන එක. මේ නිසා බිරි[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] ගර්භනී අවස්ථාවේ ඉන්නකොටවත් දුම් පානයෙන් වැලකිලා ඉන්නවානම් හො[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]යි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අපි මේ වෙනකම් කතා කලේ සෞඛ්‍ය ගැටළු ගැනනේ. ආර්ථික සහ සමාජයීය ගැටළු ගත්තොත් අපේ රටේ කරපු සමීක්ෂණයකට අනුව මධ්‍යම පාන්තික පවුලක් සිගරට් සහ අරක්කු වලට වියදම් කරන මුදල ඒ පවුලේ ආදායමෙන් 1/3 ත් [/FONT][FONT=&quot]½[/FONT][FONT=&quot] ත් අතර ප්‍රමාණයක් වෙනවා. ඒ කියන්නේ මාසෙකට රුපියල් 12000ක් හම්බ කරන පවුලක් රුපියල් 4000ත් 6000ත් අතර මුදලක් සිගරට් සහ අරක්කු වලට වියදම් කරනවා. ඒ නිසා ඒ පවුලේ අනිත් සියළුම කටයුතු වලට ඉතිරි වෙන්නේ ආදායමෙන් 2/3ත් [/FONT][FONT=&quot]½[/FONT][FONT=&quot]ත් අතර මුදලක් විතරයි. ඒ නිසා ඒ පවුල දවසින් දවස දුප්පත් වෙනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]නමුත් මේ කිසිම දෙයක් සිගරට් සමාගම් වලින් අපිට කියන්නෙ නෑ. ඔවුන්ට එක වාසියක් වෙලා තියෙන්නේ සිගරට් නිසා ඇති වන රෝග වලින් මියයන අය වාර්තා වෙන්නේ ඒ රෝගය නිසා මියගිය අය විදියට මිසක් සිගරට් නිසා මිය ගිය අය විදියට නොවීම. ඒ වගේම සමාජයේ සිගරට් ගැන මවලා තියෙන ප්‍රතිරූපයත් ඒකට හේතු වෙලා තියෙනවා. [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සිගරට් බීම නැවැත්තුවොත් කෙනෙකුට ඇතිවෙන වාසි මොනවාද?[/FONT]


    1. [FONT=&quot]අපි කලින් කියපු රෝග වලට ගොදුරු වීමේ අවදානම සැළකිය යුතු ලෙස අඩු වීම.[/FONT]
    2. [FONT=&quot]තම ආදායමෙන් විශාල[/FONT][FONT=&quot] මුදලක් දිනපතා ඉතිරි වීම.[/FONT]
    3. [FONT=&quot]තම පවුලේ අය [/FONT][FONT=&quot]අක්‍රීය දුම් පානයට ගොදුරු නොවීම නිසා පවුලේ ලෙඩරෝග අඩු වීම.[/FONT]
    4. [FONT=&quot]සිගරට් බොන්නන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට දායක වීම තුලින් සිගරට් බීම විලාසිතාවක් නොවීමට හා ඒ ගැන සමාජ මතය වෙනස් කිරීමට ඔබ දායක වීම. [/FONT]
    5. [FONT=&quot]ඔබගේ දරුවන් සිගරට් වලට යොමු වීමේ අවදානම අඩු වීම.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සිගරට් බීම නවත්තන්නෙ කොහොමද?[/FONT]

    [FONT=&quot]ඒක ඒ තරම් අපහසු නෑ. සිගරට් බීම නවත්තන්න සිගරට් බොන ඕනම කෙනෙකුට පුළුවන්. අවශ්‍ය වෙන්නෙ උනන්දුව විතරයි.[/FONT]


    • ·[FONT=&quot]සිගරට් බීම නවත්තන දවස විදියට ඔබගේ ජීවිතයට වැදගත් දිනයක් යොදාගන්න. (උදාහරණයක් විදියට දරුවාගේ උපන් දිනය)[/FONT]
    • ·[FONT=&quot]තමන් සිගරට් බීම නවත්තන බව ඔබ ඇසුරු කරන අනිත් අයට කියන්න. (බිරි[/FONT][FONT=&quot][/FONT][FONT=&quot], පවුලේ අය)[/FONT]
    • ·[FONT=&quot]සිගරට් බීම වෙනුවට වෙනත් විකල්පයක් යොදාගන්න. ( බබල්ගම් එකක්, තේ එකක්)[/FONT]
    • ·[FONT=&quot]සිගරට් වලට දිනපතා වියදම් කරපු මුදල එකතු කරන්න. සතියකට සැරයක් ඒ මුදල බැංකුවේ තැන්පත් කරන්න. මාසෙකට සැරයක් ගිණුමේ ශේෂය පරීක්ෂා කරලා බලන්න.[/FONT]
    • ·[FONT=&quot]ඔබගේ යාළුවන්ටත් සිගරට් බීම නවත්තන්න උපදෙස් දෙන්න.[/FONT]
    • ·[FONT=&quot]හැම අවුරුද්දකම ඔබ සිගරට් බීම නවත්තපු දිනය සමරන්න.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]එතකොට ඔබට ලොකු නිදහසක් දැනෙයි. අනික දීර්ඝ කාලයක් සිගරට් බීපු කෙනෙක් වුනත් සිගරට් බීම නවත්තලා අවුරුදු 5ක් යනකොට සිගරට් වලින් ශරීරයට ඇතුල් වුනු විෂ රසායන ඔක්කොට ශරීරයෙන් ඉවත් වෙනවා. එතකොට ඔබ සාමාන්‍ය මිනිසෙක්.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මේ ටික සිගරට් නොබොන අයට...[/FONT]

    [FONT=&quot]සිගරට් බීමෙන් වැලකිලා ඉන්නවා වගේම සිගරට් බොන කෙනෙක් ගලවාගන්නවා කියන්නේ ලොකු දෙයක්. ඔබට පුළුවන් වුනොත් සිගරට් බොන දෙන්නෙක් ඒකෙන් මුදවා ගන්න ඔබ ජීවිතයක් බේරා ගත් කෙනෙක් බවට පත් වෙනවා. මොකද මම මුලින්ම කියපු කාරණය නිසා. //[/FONT][FONT=&quot] සිගරට් බොන දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්නගෙන් එක්කෙනෙක් මිය යන්නේ සිගරට් නිසා ඇතිවන රෝගී තත්වයකින්//[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කොහොමද කෙනෙක් සිගරට් බොන එකෙන් වලක්වා ගන්නේ..?[/FONT]

    [FONT=&quot]හරිම පහසුයි. ඔබ සිගරට් බොන දස දෙනෙකුට (10) කිව්වොත් [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]සිගරට් බොන එක නවත්තන්න[/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot] කියලා, ඒ අයගෙන් එක්කෙනෙක් සිගරට් බීම නවත්තනවා කියලා හොයාගෙන තියෙනවා. එහෙම නැවැත්තුවේ නැත්නම් මේ කතා කරපු දේවල් ටිකක් කියලා බලන්න. නවත්තගන්න හැටිත් කියලා දෙන්න. ඔයාගෙ ජීවිත කාලෙදි සීයකට කිව්වොත් දෙතුන් දෙනෙක් හරි අහයි. ඒ හො[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ටම ඇති.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කෙනෙක් සිගරට් බීම නවත්තන්න කැමති වුනත් ඒක අපහසුනම් ගොඩක් වෙලාවට එයා දුම්කොළ වලට ඇබ්බැහි වෙලා වෙන්න පුළුවන්. ඒ වෙලාවට වෛද්‍ය උපදෙස් ලබාදීම වැදගත් වෙනවා. [/FONT]
    [FONT=&quot]
    [/FONT]


    Code:
    http://pradeepot.blogspot.com/2012/07/blog-post_24.html
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මට වැදගත් දින නෑබන්..හැම වැදගත් දවසකම කරන්නෙ ඕක :D

    කමක් නැ.. තෑන්ක්ස් +6
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැදගත් ලිපිය කොල්ලො.. සිගරට් පාවිච්චි නම් කරන්නෙ නැහැ මම..දැන් හැබැයි ගොඩක් දුරට කොල්ලො ඔය වැඩේ නවත්තලා දාලා තියෙන්නෙ.. පිළිකා කෙසේ වෙතත් ඕවා බොන කොල්ලන්ගෙ ලස්සනට තියෙන මූණ කැත වෙනවා.. හකු බහිනවනේ බලන් ඉද්දි.. තොල් පවා කලු වෙනවා.. ඒ වගේමයි ලඟින් එන ගඳ.. ඕවයි ඈත් වෙනවා නම් ගොඩක් හොදයි.. මම හැබැයි අරක්කු බියර් වගේ දේවල් නම් ඉදලා හිටලා පාවිච්චි කරනවා.. ඒකත් හොඳ නැහැ තමයි.. නවත්තගන්න බැරිව ඉන්නෙ.. සිඟරට් බොන අයට නවත්තන්නත් ක්‍රම තියෙනවා නේද.. මොකක්ද ටැටූ එකක් ගහනවා කියලා කවුද මට කිව්වා.. හරියට දන්නෑ..
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    වැදගත් ලිපිය කොල්ලො.. සිගරට් පාවිච්චි නම් කරන්නෙ නැහැ මම..දැන් හැබැයි ගොඩක් දුරට කොල්ලො ඔය වැඩේ නවත්තලා දාලා තියෙන්නෙ.. පිළිකා කෙසේ වෙතත් ඕවා බොන කොල්ලන්ගෙ ලස්සනට තියෙන මූණ කැත වෙනවා.. හකු බහිනවනේ බලන් ඉද්දි.. තොල් පවා කලු වෙනවා.. ඒ වගේමයි ලඟින් එන ගඳ.. ඕවයි ඈත් වෙනවා නම් ගොඩක් හොදයි.. මම හැබැයි අරක්කු බියර් වගේ දේවල් නම් ඉදලා හිටලා පාවිච්චි කරනවා.. ඒකත් හොඳ නැහැ තමයි.. නවත්තගන්න බැරිව ඉන්නෙ.. සිඟරට් බොන අයට නවත්තන්නත් ක්‍රම තියෙනවා නේද.. මොකක්ද ටැටූ එකක් ගහනවා කියලා කවුද මට කිව්වා.. හරියට දන්නෑ..

    තමන්ට හිතල නවත්තන්න බැරිනම් මොන මගුල කරත් නවත්තන්න බෑ බන්..
    හැම දේකම ඔය කියන තරම් අවුලකුත් නෑ :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තමන්ට හිතල නවත්තන්න බැරිනම් මොන මගුල කරත් නවත්තන්න බෑ බන්..
    හැම දේකම ඔය කියන තරම් අවුලකුත් නෑ :D
    ඔව් ඒක ඇත්ත මචං.. උඹ හරි..:yes:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    thanks for sharing machan
    mama num bonne naha bona eun inne mage watema ekai aula
    rep3+
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ගොඩක් වටින thread එකක් යාළුවා...

    quit-smoking-ad-02.jpg

    rep added