සිගරට්

charith05

Well-known member
  • Mar 19, 2007
    1,130
    590
    113
    Corpus Callosum.
    අරාබියේ වැඩ කරපු කාලේ මම දිනකට සිගරට් පැකට් එකක් බිව්වා,

    රෑ වැඩ විතරක් කරපු නිසා ටයිම් පාස් එකට සිගරට් එකක් බීම දෛනික චර්‍යාවේ කොටසක් වුනා,

    අපේ කම්පැනියේ සිගරට් බොන්න බාධාවක් නොතිබ්බ නිසාත් , මිළ අඩු නිසාත් , සිගරට් බීමට අපිටත් සීමා තිබුනේ නෑ , හැම එකාගෙම අතේ ලයිටරය සහ සිගරට් පැකට් එක තිබුනා,

    අරාබියෙන් රියාල් 6 ට පැකට් එකක් බීපු මම ලංකාවට ආවම ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා,

    අවසානයේ සිගරට් නවතන්න තීරණය කළා,

    දැන් වසර 2ක් සිගරට් නවත්තලා ,

    දවසට පැකට් එකක් බීපු මම ලංකාවෙදී කොහොමද නැවැත්තුවේ ?

    ඒක වැදගත් කතාවක් ,,

    සිගරට් නවත්තන්න බෑ කියන අයට මේ කතාව වැදගත් වෙයි.....

    ඉස්සෙල්ලම කියන්න ඕන ලංකාවේ විකුණන සිගරට් අරාබියේ ඒවට වඩා නිකොටින් සාන්ද්‍රණය වැඩියි , ආණ්ඩුව මිළ වැඩිකරන්න වැඩිකරන්න කම්පැනියත් මිනිස්සු අල්ලන්න අබ්බැහිකාරකය වැඩි කරනවා, එදා ඉදන් සිගරට් බීපු අය එදා එකෙයි අද එකෙයි වෙනස හොදට දන්නවා,

    ජෝන් අයියගේ විටමින් කූරේ ආතල් සාන්ද්‍රණය වැඩි බව තේරුම් ගන්න සිගරට් බොන අය වෙනසකටත් එක්ක කොට මොඩ්ල් එකක් ගහලා බලන්නකෝ , පැය 6ක් තුළ ජෝන් තුනක් බොන එකෙක්ට , කොට මොඩ්ල් එකක් පැය හයකටම සෑහේ , ඇයි හේතුව ? ජෝන් අයියගේ සාන්ද්‍රණය වැඩියි,

    ඒමේ මේ කතා මුකුත් ඕන නෑ එකපාරම නවත්තපන්...

    කෝමද නවත්තන්නේ ?

    උබ නවත්තලා දින තුනක් යද්දි උබට සිගරට් බොන්නම වැඩක් සෙට් වෙයි , ඒ අවස්ථාව කොහොම හරි මග ඇරපන් , ඒ තමා උබේ මාරයා, මාරයා උබව අදින්නෙම වලට,

    1)පළමු දිනය

    නැගිට්ට ගමන් මද රස්නෙට වතුර වීදුරුවක් කපලා ගහපන්...

    තේ වෙනුවට කෝපී බොන්න හැකිනම් ඒක හොද විකල්පයක් වෙයි අපේ වැඩේට...

    2) දවසම කන්ට්‍රෝල් කරත් හවසට වැඩ ඉවර වුනාට පස්සේ එකක් ඕනෙමයි ,

    ගැම්මට දත විකාගෙන ගෙදර වරෙන් ,

    අනං මනං මුකුත් නෑ කෑවා නිදාගත්තා ,

    ඉන්නම අමාරු නම් බබල්ගම් එකක් නිතරම සාක්කුවේ තියාගනින් , ඕනම වුනොත් කටේ දාගනින් ,

    3) සිගරට් නැතුව පලවෙනි රැය ගෙවිලා උදේ නැගිටිනකොට හිතෙයි , සිගරට් නොබී ඉන්න එක කොච්චර වටිනවද කියලා,

    වෙනදට වඩා ඇගටත් පොඩි පනක් තියෙයි..

    4) ලුණු කුඩු දාලා හොදට දිව ඇගිල්ලෙන් මැදපන් දිවේ තියෙන සිගරට් කහට ඔක්කොම යන්න,

    සමහරුන්ට සිගරට් එක නැතුව උදේට ටොයිලට් යන්න බෑ කියනවා ඒවා බොරු කතා උණුවතුර එකක් ගහලා විනාඩි 5න් බොක චාජ් වෙනවා...

    දැන් දෙවෙනි දවසේ හවස ,,

    ඉවසන්නම බැරි වෙයි , අද විතරක් එකක් බොන්නම් කියලා හිතෙයි ,

    ආපහු හැරෙන්න එපා , ආයේ ජෝන්ට නෝ චාන්ස් ,

    සිගරට් එකක් බොන්නම හිතෙනනවනම් උබ උබටම මෙහෙම කියාගනින් ,

    " Ok , තව පැය දෙකක් ඉවසලා බැරිම වුනොත් බොනවා "

    පැය දෙකකින් උබට ඕන වෙන් නෑ ,

    අන්න ඒ වගේ බොන්න හිතෙන හැම වෙලේම බොන එක කල්දාපන් ,

    " සිගරට් බීම අද නොවේ හෙට "

    5) උබ සිගරට් නවත්තලා දින 3ක් යනකොට කන කෑම වෙලත් වෙනදට වඩා රසයක් දැනෙයි , වැඩිපුර බඩ ගිනිත් දැනෙයි, එක එක කෑම කන්න හිතෙයි, පළතුරු ජුස් හැකිනම් උපරිම බීපන් ...

    හැකි තරම් දියර වර්ගම තමා බොන්න ඕන ( අරක්කු බියර් හැර )

    6) දින 5 යනකොට ඇගට උපරිම වෙනසක් දැනෙයි , ඒ කියන්නේ උබේ ඇගේ නිකොටීන් දැන් 60% ක්ම කැපිලා ඉවරයි ,

    පොඩ්ඩක් විතර සෙම බුරුල් වෙයි , ඒක තමා වෙන්න ඕන , සෙම බුරුල් කරලා යනවා නම් පෙනහැල්ලේ බැදුන විස තමා ඒ යන්නේ ,

    ඇඹුල් දොඩම් ගෙඩියක් මිරිකලා ගැහුවනම් තවත් හොදයි ,,

    6) සිගරට් නවත්තලා ගෙවෙන පළමු දින 21 හරිම දුෂ්කරයි ,

    නමුත් මතක තියාගනින් ඒ දින 21 පැන්නොත් එතනින් එහාට උබට ආපහු සිගරට් පොවන්න කාටවත් බෑ ....

    හිත තමා සේරටම මුළ......

    නවත්තමු එහෙනම් !!

    උබට ජය ,,

    (උපුටා ගැනීම - නලීන් )
     
    • Like
    Reactions: Eranga Sandaruwan

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ane manda sathiyakata dekakata ekak wage gahanawa gedara iddi na yaluwo set unoth witharai
    ekko bonna set unoth ithin gahanawa. bonna set wenneth awuruddatama 4 parak wage thama. eka nisa nawaththala wage inne set unama gahanawa :rofl: