සිගිරියෙ

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    කාශ්‍යපට ගෙයක් (මාලිගාවක්) හදන්න ගෙනාපු ගල් ලෝඩ් එකක ඉතුරු ටික පරිස්සමට තිබ්බද දන්නේ නෑ. පස්සේ පූල් එකක් හදන කාලෙක ගන්න බැරි යෑ කියලා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    (Copied)

    මෙම ස්ථානය සිංහපාද මලුවේ දෙවන මාලකයි . උතුරු දොරටුවේ සිට පැමිණෙන උතුරු ප්‍රවේශ මාර්ගය සිංහපාද මලුව වෙත ප්‍රවිශ්ඨ වන්නෙ මෙම මලුව හරහාය. මෙම මලුවේ දැව කණු භාවිතා කරමින් සකස් කරගත් ගොඩනැගිල්ලක් දැක ගත හැකිය . මෙම ජයාරෑපයේ දක්වා ඇත්තෙ මෙම මලුවේ දක්නට ලැබෙන පර්වත මුහුණතේ හිස් විවරයක් පර්වත මුහුණතේම කොටසක් බවට සකස් කරගැනිම සඳහා කලුගලින් සකස් කරගත් බැම්මකි
    මෙම ස්ථානයේ විශේෂත්වය වන්නෙ සිංහපාද මලුවේ සිට උතුරැ පිහිටි දෙවන මාලකය අංශක 90 ක පමණ බැවුමක පිහිටා තිබිමත් එම මලුවේ සිට සිංහපාද මලුව වෙත ප්‍රවිශ්ටවිමට සකස් කරගත් ලී වලින් ⁣ෙසා්පානයක පාදම් ලකුණු (කට්ට සලකුණු ) මෙම පර්වත මුහුණතේ දැක ගත හැකිවිමයි.
    මෙම පිංන්තූරයේ දක්නට ලැබෙන සලකුණ පියස්සක් සකස් කරගැනිමද සදහා යොදන ලද සලකුණකි.

    මෙම සකස් කරගත් බැම්ම සිංහපාද දෙවන මලුවේ පර්වතයේ නැගෙනහිර දිශාවෙන් දැක ගත හැකිවන අතර එය සම්පුර්ණයෙනි කලුගලින් පුරවා ඇති බව දැක ගතහැකිවේ.එහි පවතින ලක්ෂණ අනුව කාශ්‍යප අවධිය (ක්‍රි.ව 05) පෙන්නුම් කරන අතර තදාශ්‍රිත්‍රවේ අනිකුත් කලුගලින් සිදුකරන ලද බැමි වලට සමානකමක් ඇත. මෙහි දැනට විද්‍යාමන වන ලක්ෂණ අනුව වාස්තුවිද්‍යාත්මක නිර්මාණ අවශ්‍යතාවය මත කාශ්‍යප යුගයේ සකස් කරනලද්දක් බවට හදුනාගත හැකිය.
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    කොහොමත් අපේ ඉතිහාසයම විකුර්ති කරලා tieyenne, සුද්දට ඕන විදියට සහ එහෙන් මෙහෙන් හොයා ගත්ත කරුණුවලින්,, ලංකාවේ ඉන්න බොහෝදෙනෙක්ට අම්පාර රජගල, අනුරාධපුරේ රිටිගල යන්න පුළුවන්ම් සහ ගහින් දකින්න පුළුවන් නම් බුද්දාගම, බුදු වැඩ සිටියේ කොහේද? යන්න සෑහෙන්න දල අදහසක් ගන්න පුලුවන්, (මම මේ කරනා වැඩිය මෙතන කියන්න යන්නේ නෑ, මොකද මේකේ ඉන්න එවුන් මාත් එක්ක trigger වෙන්න පුළුවන් නිසා ) හැබැයි dn ඔය මම කියපු ස්ථාන වලින් හොයාගත්ත සෙල් ලිපි වලින් අපේ ඉතිහාසය සෑහෙන්න වෙනස් වෙනවා, oka මම නෙවි මහාචාර්ය රාජ් සෝමදේව පවා කියනවා )
    මහාචාර්ය රාජ් සෝමදේව මහතා සහභාගී වන Neth FM රේඩියෝවේ විකාශණය වන Unlimited History වැඩසටහන මේ වන විට කොටස් 117 ක් විකාශණය වී ඇති අතර එහි ශ්‍රාවකයකෙු වන මම එම වැඩසහන් 117 න් 100 කට අධික ප්‍ර‍මාණයක් ශ්‍ර‍වණය කර ඇත.

    එම වැඩසටහන් තුලදි එතුමා විසින් ගෞතම බුදු රජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය හෝ පිරිණිවන්පෑම යන අවස්ථා සියල්ලම ඉන්දියාවේ සිදු වූ බවට සහ බුදුරජාණන් වහන්සේ තම ජීවිත කාලය ඉන්දියාවේ ගත කල බව අවස්ථා කීපයකදීම ප්‍ර‍කාශ කර ඇති මුත් ඔබ කියන පරිදි එතුමා විසින් සෘජුවම හෝ ව්‍යංගයෙන් බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවේ වැඩ විසු බව ප්‍ර‍කාශ කර නොමැති බව මා හට ඉතාමත් පැහැදිලිව මතකයේ ඇත. තවද එතුමා විසින් ගෞතම බුදුරජාණන් වහන්සේ අපගේ ලක් දිවයිනට තෙවරක් වැඩම දහම් දෙසු බව පුරා විද්‍යා සාක්ෂි ඔස්සේම මනාවට පැහැදිලි කරදීමටද කටයතු කල බව මට හොදින් මතකයේ ඇත.

    ඔබ ඔබගේ අදහස් දැක්වීම ඔස්සේ ප්‍ර‍කාශ කරන්න උත්සාහ දරන්නේ බුදු රජාණන් වහන්සේගේ අපගේ ලක්දිව පහළ වී ලක්දිව තුල වැඩ වාසය කර ලක්දිවෙහිම පිරිණිවන් පෑ ඇති බවය. ඔබ එසේ අදහස් කරන්නේ නම් කෙටිම පිළිතුර ඔබ වැරදියි යන්නය. මන්දයත් පුරාවිද්‍යා සාක්ෂි අනුව බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ වැඩ විසු බවට මේ වන විට 100% ක් ඔප්පු කොට හමාර වී ඇති නිසාය.

    ඔබ කෙසේ කීවත් ඔප්පු කර ගත නොහැකි මිත්‍යාවක් පටලවාගෙන අපේ ඉතිහාසය විකෘති කොටගෙන ඇත්තේ අපි විසින්මය. ඔබ අපගේ ඉතිහාසය ගැන පදනමක් නැති තර්ක ඉදිරිපත් කරන YouTube කරුවන්ගේ මුලාවට හසුවී පොට පටලවාගෙන ඇති බව පෙනේ. මෙලස අප ජනතාව දිගින් දිගටම ඉතිහාසය ගැන පොට පටලවා ගත්තොත් අපි අපටම ලෙසටම කෙළවා ගත හැක.

    ඔබ ඔබගේ අදහස් දැක්වීමේදී සටහන් කර ඇති මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ විසින් අපෙගේ සැබැ ඉතිහාසය ගැන කියන ඉතා වටිනා හර බර දේශණ දෙකක් පහතින් මා මෙහි පෙළ ගස්වන්නම්. කරුණාකර එය බුද්ධියෙන් සහ හදවතින්ම දේශණයට සවන් යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඊට පසුව ඔබට හැකියාවක් ඇත් නම් Neth FM රේඩියෝවේ Unlimited History වැඩසටහනේ YouTube හි පෙළගැස්ම මුල සිට අගටම නරඹන ලෙසත් තව දුරටත් ඉල්ලමි. අපි කෙතරම් මුලාවක අතරමං වී සිටිනවාද යන්න පිළිබදව එයින් ඔබට අවබෝධ වේවි.

    තවද වසර 2500 ක රෙද්ද පල්ලේ බේරෙන ලිං මැඩි ඉතිහාසය කිය කියා තම රටේ ඉතිහාසයවත් හරියට නොදැන අපේ පෞඩ ඉතිහාසයට ගරහන කිරියේ සිටින බක පණ්ඩිතයන් සියල්ලටද ඉහත විඩියෝ 02 හි ඇති හර බර දේශණයට සවන් යොමන ලෙස ආරාධනය කරමි.

    "oka මම නෙවි මහාචාර්ය රාජ් සෝමදේව පවා කියනවා" ලෙස සටහන් කරමින් ඔබ සිදු කල ප්‍ර‍කාශයේ සාක්ෂිකරු විසින්ම බුදුරජාණන් වහන්සේ ලංකාවේ නොව ඉන්දියාවේ වැඩ විසු බව පහත විඩියෝවෙන් ප්‍ර‍කාශ කරනු ලබයි. (විඩියෝවේ 02.50 සිට ඉදිරියට නරඹන්න)

    මා විසින් මම මේ විඩියෝවම තෝරා ගැනිමට හේතු වූ කරුණක් ඇත. එනම් අපේ රටට ආදරය කරන රටේ නිවැරදි ඉතිහාසය ගැන සොයන සවිඥාණික මුසලිමානු ආගමේ සහෝදර අසන්නකු විසින් සිංහල බෞද්ධයකු වන අප විසින් ඇසිය යුතු ප්‍ර‍‍ශ්ණයක් මහාචාර්යතුමා වෙත යොමු කිරීම ඔබ සැමගේ අවධානයට යොමු කිරීම සදහායි.

    සිතන්න මදක්........ සිංහල බෞද්ධයන් වශයෙන් අප කෙතරම් අපගේ අනන්‍යතාවයටත්, අපගේ මව්බිමටත් මෙන්ම අපගේ පෞඩ ඉතිහාසයට ගරහමින් කෙතරම් දීන, අරාජිත සහ ඛේදණීය තත්ත්වයට පත්ව අවසන්ද?

    තවත් අපි ඉතිහාසය ගැන වැරදි මිත්‍යාවන් ඔළුගෙඩි වලට පුරවාගන්නවාද? එයින් අප සමගම රටත් තව තවත් වල පල්ලට යනවාද? නැතහොත් නිවැරදි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන අපිට යහපත් අනාගතයක් තනා ගන්නවාද?

    තිරණය ඔබ සතුයි.....
     
    Last edited:

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067

    තවත් ඇවි අපි ඉතිහාසය ගැන වැරදි මිත්‍යාවන් ඔළුගෙඩි වලට පුරවාගන්නවාද අපත් රටත් තවත් වල පල්ලට යනවාද? නැතහොත් නිවැරදි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන අපිට යහපත් අනාගතයක් තනා ගන්නවාද?

    තිරණය ඔබ සතුයි.....

    මම කියන්නේ නෑ රාජ් සෝමදේව kiwwa කියලා බුදුන් ලංකාවේ ඉපදුන එක, මම කිව්වේ ලංකා ඉතිහාසයේ සෑහෙන්න, නොපැහැදිලි තැන්, නොගැලපෙන තැන් තිඑයෙන විත්තිය රාජ් සෝමදේව කියලා තිඑයෙනවා වර්තමානයේ soyagattha සෙල් ලිපි ආශ්‍රිතව සහ පැරණි සෙල් ලිපි කියවීම් ආශ්‍රිතව,
    ඔව් බුදුන් ඉන්දියාවේ ජන්ම වූ බවට මා පිලිනොගන්නා අතර ජම්බුද්දිපය ශ්‍රීලංකාවේ යන්නද පිලි නොගනිමි,
    එත් මාත් මචන් ඔය සිද්දි පිලිබදව සෑහෙන්න කරුණු හෙව්වම, බුද්ද චරිතයට අදාල සෑහෙන්න කරුණු ලංකාවෙන් සොයා ගන්න පිළුවන්,
    එක ඉන්දියාවට සාපේක්ෂව 95% විතර කියන්න පිළුවන්,
    සරලම උදාහරණයක් දෙන්නම් සිදුහත් කුමාරයා අබිනිශ්ක්‍රමණය කරපු වෙලේ කපන ලද කෙස් වැටිය සහ කඩුව ලංකාවේ වෙහෙරක් තුල තන්පත් කරතිබීම ආසන්නම කරුණක්,
    නිකමට හිතන්න බුදු වුනාට පස්සේ ඒ අදාල දාතු ඉන්දියාවේ ඉදලා වැඩම්මුව කියලා හිතන්න පුළුවන්, එත් බුදුවන්න පෙර ඒ දේවල් එහෙම තිඑයල thieyenawada සංරක්ෂණය කරලා මේ තැනැත්තා බුදු වෙයි කියලා හිතලා
    මම ඉන්දියාවේත් මේ කියන ස්ථානවලට ගහිල්ලා තිඑයෙනවා, සෑහෙන්න පරස්පර විරෝදී බාවයක් තියෙනවා මේ ස්‌ථානවල, මම එකයි සරල තැන් 2ක්‌ දුන්නේ රිටිගල සහ අම්පාර රජගල තව තැන් tjieyenawa නමුත් මේ ස්ථාන වලට ගියාම යමක් වටහාගන්න පුළුවන් වෙයි,
    මම තාම කියන්න ඉක්මන් වෙන්නේ නැ, බුදුන් ලංකාවේ ජන්ම වුණා කියලා,හැබැයි ඉන්දියාවේ කියලා පිළිගැනීමත් සෑහෙන්න මම බැහැර කරලා තියෙන්නේ
    You tube ආශ්‍රයෙන් නොව තමන්ම ගවේෂණය කරලා හොයාගන්න, කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා අපේ ඉතිහාසය විජයගේ ඉදන්ම විකුර්ති කරලා thieyenne,
    අනික් දේ තමයි නිවැරදි ඉතිහාසය කියන එක අපේ රටේ තිඑයෙනවද කියන එක,
    සිගිර්ය ගොඩ නැගුවේ කාශ්‍යප කියලා තමයි අපේ ළමයින්ගේ පෙළ පොත් වල thieyenne, නමුත් සීගිරියට කශ්වපට එහා ගිය අතීතයක් තිඑනව,
    බුද්දාගම පවා විකුර්ති නේ, පෙළ පොතේ පවා සහ හමුදුරුවොන්ගේ ධර්ම දේශනාවල,
    සරලම උදාහරණයක් තමයි සිද්දාර්ථ බුද්දත්වයට පත්වෙලා "සත් සතියක් " අනිමිසලොචන පුජාව කරා කියපු එක, ඒ කියන්නේ සති හතක්, බුදුන්ගේ කාලේ සති මාස ක්‍රමය තිබුනේ නැ, සුද්දා තමයි සති මාස ක්‍රමය හදුන්වල දුන්නේ,
    "සද් සත්‍යක් " කරා කියන එක තමයි අපේ අය පටලවාගෙන thieyenne,
     
    Last edited:
    • Dislike
    Reactions: lodbrok

    01. මම කියන්නේ නෑ රාජ් සෝමදේව kiwwa කියලා බුදුන් ලංකාවේ ඉපදුන එක,

    ඔබ කිව්වේ නෑ කියන්න බෑ නේ.. ඔබමනේ ඔබගේ පෙර අදහස් දැක්වීමෙදි රාජ් සෝමදේව කියන කීර්තිමත් චරිතය ඔබගේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කර තියෙන්නේ. මම කලේ ඔබ ඉදිරිපත් කරපු සාක්ෂියම භාවිතා කරලා ඔබ කියපු දේ වැරදියි කියන එක පෙන්වාදීපු එක. ඊට පස්සේ ඔබට එය වැරදියි යැයි වැටහුනු වහාම "ලංකා ඉතිහාසයේ සෑහෙන්න, නොපැහැදිලි තැන්, නොගැලපෙන තැන් තිඑයෙන විත්තිය රාජ් සෝමදේව කියලා තිඑයෙනවා" වගේ වෙන කථාවක් එයට පටලවන්න යන්න එපා.

    කරුණාකර මම ඔබට යොමු කර ඇති මුල්ම වීඩියෝ ද්විත්වය මුල සිට අගටම නරඹන්න කියලා නැවත යෝජනා කරනවා. එවිට ඔබ තේරුම් ගනීවි රාජ් සෝමදේව කියන චරිතය ලංකාවේ ඉතිහාසය පිළිබදව දරණ අදහස කුමක්ද කියලා.

    02. එත් මාත් මචන් ඔය සිද්දි පිලිබදව සෑහෙන්න කරුණු හෙව්වම, බුද්ද චරිතයට අදාල සෑහෙන්න කරුණු ලංකාවෙන් සොයා ගන්න පිළුවන්,
    එක ඉන්දියාවට සාපේක්ෂව 95% විතර කියන්න පිළුවන්,

    ඔබ යම් කිසි දෙයක් හෙව්වා නම් එය විද්‍යානුකූල විය යුතුයි නේද? ඔබවත් හෝ මම පුරා විද්‍යාඥයින් නොවේ. එහෙයින් ඉතිහාසය පිළිබදව ඔබ හෝ මා කියන දෙයක් වැරදි විමට ඇති සම්භාවිතාවය 100% වෙන්න පුළුවන්. මොකද අප එහි මහා නිපුනයන් නොවන නිසා. ඔබ ඔය අභියෝගයට ලක් කරන්න හදන්නේ පුරා විද්‍යා ඉතිහාසයේ එච්.සී.පී. බෙල් මැතිතුමා, සෙනරත් පරණවිතාන මැතිතුමා, සිරාන් දැරණියගල මැතිතුමා ඇතුළු එදා මෙදා තුර සිටි එකි මෙකි නොකී සියළුම විද්වතුන් කිසිවකු විසින් පුරාවිද්‍යාත්මකව ඔප්පු කර නොමැති දෙයක් නේද?

    ඔබ කියන විදියට බුදු රජාණන් වහන්සේ අපේ රටේ වැඩ වාසය කල බවට ඉන්දියාවට සාපේක්ෂව ලංකාවේ සාක්ෂි 95% ක් පවතින්නේ නම් ඒ පිළිබදව විද්‍යාත්මකව සිදු කල පුරා විද්‍යා පරීක්ෂණ ඕනෑතරම් තියන්න ඕනේ නේද? එහෙනම් කරුණාකරලා ඊට අදාලව සිදු කල පර්යේෂණ වාර්ථාවක් හෝ එහි මූලාශ්‍ර‍යක් ඉදිරිපත් කරන්න පුළුවන්ද?

    03. සරලම උදාහරණයක් දෙන්නම් සිදුහත් කුමාරයා අබිනිශ්ක්‍රමණය කරපු වෙලේ කපන ලද කෙස් වැටිය සහ කඩුව ලංකාවේ වෙහෙරක් තුල තන්පත් කරතිබීම ආසන්නම කරුණක්,

    එසේ නම් එම වෙහෙරේ නම කුමක්ද? එම වෙහෙර ආශ්‍රිතව පුරා විද්‍යා පර්යේෂණයක් සිදු කර ඇත්තේද? සොයාගත් කෙස් වැටිය සහ කඩුවේ කාල නීර්ණය තහවුරු කිරීමක් සිදු කර තිබේද? එවැනි මුලාශ්‍ර‍ ඇත්නම් ඉදිරිපත් කරන්න.

    04. නිකමට හිතන්න බුදු වුනාට පස්සේ ඒ අදාල දාතු ඉන්දියාවේ ඉදලා වැඩම්මුව කියලා හිතන්න පුළුවන්, එත් බුදුවන්න පෙර ඒ දේවල් එහෙම තිඑයල thieyenawada සංරක්ෂණය කරලා මේ තැනැත්තා බුදු වෙයි කියලා හිතලා

    මෙය ඔබ සිතන දෙයක් පමණක්ම වන නිසා එය ඔප්පු කර පෙන්වීම ඉතාමත් අසිරුයි. මම හිතන්නේ නෑ එය ඔබට හෝ මෙරට ඉන්න කිසිම පුරා විද්‍යාඥයකුට හෝ සාධක හා සාක්ෂි සහිතව ඔප්පු කිරීමට හැකි වෙයි කියලා.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    05. මම ඉන්දියාවේත් මේ කියන ස්ථානවලට ගහිල්ලා තිඑයෙනවා, සෑහෙන්න පරස්පර විරෝදී බාවයක් තියෙනවා මේ ස්‌ථානවල, මම එකයි සරල තැන් 2ක්‌ දුන්නේ රිටිගල සහ අම්පාර රජගල තව තැන් tjieyenawa නමුත් මේ ස්ථාන වලට ගියාම යමක් වටහාගන්න පුළුවන් වෙයි,

    ඉන්දියාවේ දඹදිව ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කරන්න ගිය මට නම් ඔබ කියන්නා වූ පරස්පරතාවයක් ගැන නම් තේරුම් ගන්න බෑ. කරුණාකරලා ඔබ අදහස් කරන පරස්පරතාවය කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද?

    අනික මගේ පසුගිය කාල සීමවක පැවති රාජකාරී ස්වාභාවයක් සමග අම්පාර රිටිගල සහ රජගල වගේ ස්ථාන වල දිවා, රෑ දෙකේදිම මාස ගණන් ගත කරපු අවස්ථා තියනවා. එම ප්‍රදේශ වල වැඩ වැඩවසන ගරුතර සංඝරත්නය, ජනතාව සහ වැඩිහිටි පුද්ගලයන් එක්ක කථා බහ කරලා තියනවා. එම ස්ථාන හොදින් නරඹලාත් තියනවා. මම ඒ රාජකාරී කරපු දවස් වලදී නම් බුදුරජාණන් වහන්සේ එම ස්ථාන වල තම ජීවිත කාලයම වැඩ විසු බවට කියන එක කවුරුවත්ම කිසිම අවස්ථාවක කියලා නම් නෑ.

    කෙසේ හෝ ඔබ කියනන්න උත්සාහ කරන එම ස්ථාන දෙකේ තියන සාධක ගැන පැහැදිලිව යමක් කියන්න පුළුවන්ද?

    06. මම තාම කියන්න ඉක්මන් වෙන්නේ නැ, බුදුන් ලංකාවේ ජන්ම වුණා කියලා, හැබැයි ඉන්දියාවේ කියලා පිළිගැනීමත් සෑහෙන්න මම බැහැර කරලා තියෙන්නේ You tube ආශ්‍රයෙන් නොව තමන්ම ගවේෂණය කරලා හොයාගන්න,

    ඔබ කියන්න ඉක්මන් නොවුනට මේ වගේ Open Forum එකක ඔබම බුදු රජාණන් වහන්සේ මෙරට ජන්මෝත්පත්තිය ලැබුවයි කියලා මීට පෙර අදහස් දැක්වීමෙන් සිද්ධ කරලා තියනවා නේද? ඔබගේ පෙර අදහස් දැක්වීම කියවපු මට නම් එය පැහැදිලිවම තේරුනා. මට වගේම ඒක කියවන වෙන අයටත් ඒක තේරෙනවා.

    බුදු රාජණන් වහන්සේ ඉන්දියාවේදී උප්පත්තිය ලැබූ බව හෝ එහි වැඩ විසු බව ඔබ විසින් බැහැර කලාට ඉන්දියාවේ සහ ලංකාවේ තියන පුරාවිද්‍යාව කියන විෂය නම් එම කරුණ බැහැර කරලා නෑ. ඒ සදහා පවතින ප්‍ර‍භල කරුණු කාරණා සහ සාක්ෂි සහ අවුරුදු ගානක් පුරා විද්‍යාව කියන විෂයේ සිටින අතිශය ප්‍ර‍වීන යන් සිදු කල සාර්ථක පර්යේෂණ සියල්ල ඔබ කියන නිසා අපත් අත්හල යුතුද?

    කොහොම කෙළෙස කිව්වත් අපේ රටේ ඉතිහාසය උඩ යටිකුරු කරලා ජනතාව ඉතිහාසය ගැන වැරදි ආකල්පයක් මවන්න මෑත කාලීනව YouTube කාරයෝ බහුතරයක් සුපිරියටම ක්‍රියා කරලා තියනවා. ඔබ කියන දේවල් අනුව පෙනි යන්නේ ඔබත් ඒ සුනාමියට අහු උන කෙනෙක් විදියටයි.

    07. කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා අපේ ඉතිහාසය විජයගේ ඉදන්ම විකුර්ති කරලා thieyenne,

    මටත් කණගාටුවෙන් කියන්න තියෙන්නේ මෑත කාලීනව බොරු මිත්‍යාවක් මවලා අපිත් අපේ සමස්ථ ඉතිහාසයම සුපිරි ලෙසටම විකෘති කරලා තියෙන්නේ. දැන් බලන්න අවුරුදු 2,500 ක රෙද්ද පල්ලේ බේරෙන ඉතිහාසය කියලා තමන්ගෙම ඉතිහාසයට ගරහන උන් කීයක් මේ කිරියෙම ඉන්නවාද? අපේ රටේ මානව ශිෂ්ඨාචාරයේ ඉතිහාසය අවුරුදු 150,000 සිට 200,000 කට අතර කාලයක් ඇතට දිව බව එහෙම ගරහන උන්ගෙන් කීයෙන් කී දෙනාද දන්නේ. විධිමත් මානව ශිෂ්ඨාචාරයක සලකුණු පෙන්වමින් මීට වසර 10,000 - 15,000 අතර කාලයේදී එකිනෙකට වෙනස් ක්‍ර‍මවේද 15 කට වඩා යොදා ගනිමින් මළගිය අය භූමදානය සහ ආදහනයට ලක්කර ඇති බව අද අපේ රටේ දන්නේ කීයෙන් කී දෙනාද? තවද වසර 8,000 පමණ ජීවත් වූ අපේ මි මිත්තණියක් තම ජීවිත කාලයේදී රූපය ඔප් නංවා ගැනීම පිණිස ආභරණ පැළදීම සහ රූපලාවන්‍ය කටයුතු පවා සිදු කර ඇති බවට විද්‍යාත්මක සාක්ෂි යටතේ ඔප්පු කර හමාරයි. එම ආදාහන විධි ක්‍ර‍ම සහ මී මිත්තණියගේ සොහොන් ගැබෙහි තැන්පත් කර සොයාගත් ආභරණ සහ රූපලාවන්‍ය කටයුතු සදහා භාවිතා කරන ලද උපකරණ කට්ටලය සියැසින්ම දැක බලා ගන්න ඕනේ නම් දඹුල්ල ඉබ්බන්කටුව පොදු සුසානයට ගිහින් බලන්න.

    අපිට අපේ ඉතිහාසය ගැන promote කරන්න සාක්ෂි සහිතව ඔප්පු කරපු මෙච්චර දේවල් තියෙද්දි බුදු රජාණන් වහන්සේ ලංකාවේ පහල වී වැඩ විසු බවට ඔප්පු කරගන්න බැරුව දගලන කල්පිතයක අතරමං වෙලා අපි මොන රෙද්දක් කරනවාද කියලා තමයි මටත් අහන්න තියෙන්නේ?
     
    • Like
    Reactions: Spiderman.Ayya

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    08. අනික් දේ තමයි නිවැරදි ඉතිහාසය කියන එක අපේ රටේ තිඑයෙනවද කියන එක,
    සිගිර්ය ගොඩ නැගුවේ කාශ්‍යප කියලා තමයි අපේ ළමයින්ගේ පෙළ පොත් වල thieyenne, නමුත් සීගිරියට කශ්වපට එහා ගිය අතීතයක් තිඑනව,

    අපේ රටේ නිවැරදි ඉතිහාසය ගොඩ නගන්න 1890 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ස්ථාපිත කරලා එදා මෙදා තුර විශාල කැපවීමක්, මහන්සියක් සහ දුෂ්කර කටුක අවස්ථාවන් යටතේ මහත් පරිත්‍යාගයක් සිදු කරමින් විවිධ පර්යේෂණ සහ කැණීම් විශාල සංඛ්‍යාවක් සිද්ධ කරලා අප රටේ මෙන්ම ලෝකයේත් පැරණිතම සහ දීර්ඝතම ඓතිහාසික ලේඛණයක් වශයෙන් සලකන මහාවංශයෙන් කියැවෙන ලිඛිත ඉතිහාසය සහ පුරා විද්‍යාව මගින් ඔප්පු කර ඇති ඉතිහාසය සමපාත වී ඇති නිසා ඔබ කොහොම අභියෝග කලත් 80% වඩා නිරවද්‍ය පැහැදිලි ඉතිහාසයක් අප රට සතුව තියනවා.

    කාශ්‍යප රජතුමා සීගිරිය ඉදි කල බවට කියන සත්‍ය අපේ ළමයින්ගේ පෙළ පොතේ තියෙන්නම ඕනේ. මොකද එය තමා විද්‍යාත්මකව ඔප්පු කර ඇති සත්‍ය. එය ඔප්පු කරලා තියෙන්නේ ඔබ ඉතිහාසගත යමක් ඔප්පු කරන්න උත්සාහ කරන ක්‍ර‍මය වන සිතට පහල වන අදහස් වල පිහිටලා නම් නෙවෙයි. ලේඛණගත ඉතිහාසය, ශිලා ලේඛණ, සහ ස්ථානීය කැණීම් වලදී හමු වු විවිධ ද්‍ර‍ව්‍ය කාබන් කාල නීර්ණය කිරීම වැනි විද්‍යාත්මකව සහ අතිශ්‍ය නිවැරදි ලෝක සම්මත ක්‍ර‍මවේදයන් භාවිතයට අරගෙන. ඔබ කියන විදියට සීගිරිය කාශ්‍යප රජතුමාගේ කාලයට එහාට ගිය මානව ක්‍රියාකාරකම් හා බැදී තියනවා. මොකද සීගිරිය ආශ්‍රිතව මෙරට ස්වදේශික ජනතාවගේ ජනාවාස පිහිටලා තිබූ බවට ඔප්පු වී තිබෙනවා. නමුත් අද අපිට දැකගන්න පුළුවන් විදියට කාශ්‍යප රජතුමා විසින් අතිතයේදී නිකන්ම නිකන් ගල් පර්වතයක් ලෙස පැවති සීගිරිය තම වාසභවන කරගනිමින් ස්වාභාවධර්මයත් එක්ක පැහෙමින් සිදු කල ලෝයේ ඇති අති විශිෂ්ඨම නිර්මාණය වන සිගිරිය රාජ උද්‍යානය සහ රජ වාසල නිර්මාණය කරනවා. එය තමා ඔප්පු කොට ඇති සත්‍ය. ලංකාවේ YouTube කාරයෝ කියන විදියට රාවණා රජතුමා විසින් සිගිරිය රජ වාසල සහ උද්‍යානය ඉදි කලේ නැහැ. එය ඉදි කලේ කාශ්‍යප රජතුමා. ඒ සදහා කාශ්‍යප රජතුමාට එම වකවානුවේ සීගිරිය ආශ්‍රිත ජනාවාස වල සිටි ස්වදේශික ජන කණ්ඩායම් විශාල ලෙස උදව් කලා. එයට හේතු වුයේ කාශ්‍යප රජතුමා රාජ්‍ය උරුමයද සහිතව ස්වදේශික සම්භවයක් සහිත බිසවකට දාව උපන් නිසා.

    සිගිරිය ගැන පෙළ පොත් වලින් සහ ඉතිහාසය ඉගෙන ගන්න විට මම එක් කරුණක් ඉගෙන ගත්තේ වැරදි විදියට. සමහර විට ඔබත් ඒ වැරදි ඉගැනීම සිදු කරන්න ඇති. එනම් සිගිරිය බලකොටුවක් යැයි කියන දේ. අන්න ඒ මෝඩ කථාව නම් අපේ දරුවන්ට ඉගෙනගන්න දෙන්න හොද නෑ. සිගිරිය යනු රජ වාසලක් සහ රාජ්‍ය උද්‍යානයක් මිසෙක එය බලකොටුවක් නම් නෙවෙයි. සිගිරියේ රජු වාසය කල යම් තරමක ආරක්ෂාවක් එයට ඇති කලත් කාශ්‍යප රජතුමා බයගුල්ලකු සේ සැගව සිටීමට සීගිරිය බලකොටුවක් නිර්මාණය කරා කියන කථාව කිව්වොත් අපි අපිටම උඩ බලාගෙන කෙළ ගසාගත්තා වැනි දෙයක් කලා හා සමානයි.

    සීගිරිය ඉදිකර වසර 700 කට පසුව මහාවශය ලේඛණගත කල ලේඛකයාණන් වහන්සේ පවා සිගිරිය ඉදිකල කාශ්‍යප රජතුමා ගැන ලිවීමට කටයුතු කර ඇත්තේ එය අඩු කොලේට දමා නොලියාම බැරිකමට. වෙනත් රජවරුන්ගේ කුඩා නිර්මාණ ගැන පිටු ගණන් වර්ණනා කරමින් ලියු දේවල් අද නොපැවතීමත්, පද පේලී හතරකින් (එම පද පේළිවලින්ද දෙකක් ලියැවි ඇත්තේ කාශ්‍යප රජු පීතෘ ඝාතකයෙක් කියාය) කාශ්‍යප රජතුමා ගැන ලියමින් එතුමා ඉතිහාසයෙන් සගවන්නට උත්සාහ කලත් වත්මන් පුරාවිද්‍යාවට පින්සිදු වන්නට එම සත්‍ය අද නූතනයේදී ඔප්පු වී ඇති අතරම, එහි මහේෂාක්‍යභාවය ලොවටම කියා පාමින් සීගිරිය අදටත් නොනැසි අපට ඉතිරිව උරුම වී ඇත. ඉතින් එලෙස ඔප්පු කල සත්‍ය වෙත වෙනත් උප්පැන්න සහතික ලබා දී තවත් අප සීගිරිය ඉදිකල කාශ්‍යප රජතුමාට තවදුරටත් අසාධාරණයක් කරනවාද?

    සීගිරිය ගැන අද YouTube කාරයෝ කියන්නේ පුකෙනුත් සිනා විමට හැකි පුහු තර්ක ගැන මහා මිත්‍යාවක් ජනතාවටගේ ඔළුවට කාවද්දමින්ය. සීගිරියේ අභ්‍යන්තර මාලිගයක් ඇති බවත්, එහි ගල් පර්වතය මුදුනේ එදවස ගුවන් යානා ගොඩ බැස්සවූ බවටත්, එහි ඉහලට ගමන් කිරීම සදහා විදුලි සෝපාන පවා තිබූ බවටත්, සීගිරිය පර්වතය මුදුනට එහි පහල සිට ජලය ගෙන ගිය තාක්ෂණය තාමත් සොයා ගෙන නොමැති බවයි. අහෝ දුකකි...... ඉරකි...... තිතකි..... දුක්ඛිතම දේ මෙම මිත්‍යා කරුණු වලින් අද ඇතැම් දෙමාපියන් පවා තම දරුවන් වෙතද මෙම මිතයාව කියා දී ඔවුන්ගේ මුළු අනාගතයම අදුරු කිරීමයි.

    සීගිරිය මුදුනේ ගුවන් යානා ගොඩ බැස්සවූවා නම් ඔය අවට නිකමට හරි කඩන් වැටෙන්න හරි තිබ්බා නේද? එහෙම වැටුන ගුවන් යානයක යකඩ කැල්ලක් හරි තියෙන්න ඕනේ නේද? එහෙම නැත්නම් අඩුම ලංකා භූමියේ වෙන කොහෙන් හරි පැරණි ගුවන් යානාවක කොටසක්වත් හමුවෙලා නෑ නේද?

    අනික සීගිරියේ විදුලි සෝපාන කථාවට මේ YouTube අයියලා ටික ඉදිරිපත් කරන සාක්ෂිය ලෙස ගලේ කොටා ඇති කට්ට රටාවක් පෙන්වා අලි කෙලියක් නටනවා. අයියෝ සල්ලි.... කියන්න මල්ලී කියලා තමයි හිගන විව්ස් හිගන YouTube අයියලා ටිකට කියන්න තියෙන්න්. මේ ගොන්නු ඒ කට්ට රටාව කැපුවේ මොකටද කියලා නිකමටවත් සිගිරියේ ගිය වෙලාවක එතැන පිහිටුවා ඇති පුරාවිද්‍යා කාර්‍යාලය මගින් විමසුවානම් කියලා දෙයි. සිගිරිය නිර්මාණකරුවන් යම් කිසි ගල් / ගඩොල් බැම්මක් නිර්මාණය කරගෙන යාමෙදි එයට ගලක් හෝ පර්වත කොටසක් හරස් වුවහොත් එම ගල හෝ පර්වත කොටස කඩා ඉවත් නොකර ස්වාභාවධර්මයටම එම කෘතිම ගල් / ගඩොල් බැම්ම බද්ධ වන පරිදි එය කඩා ඉවත් කොකිරීමට වග බලා ගත්තා. එහිදි ගල් / ගඩොල් බැම්ම ගලට හෝ පර්වතයට සම්භන්ධ වන ස්ථානය ගල් / ගඩොලට ගැලපෙන ලෙස කට්ට රටාවක් කපා ගඩොල් බැම්ම සවිමත්ව ගලට හෝ පර්වතයට කා වදින ලෙස සකස් කලා. කාලයත් සමගම ගල් / ගඩොල් බැම්ම කැඩි ගියාම කට්ට රටාව පමණක් ඉතිරි උනා.. අපේ වීර පුත්තු ටික එය විදුලි සෝපානයේ භාවිතයට ගත් කට්ට රටාවක් කියලා ඊට පට බැන්දා. අනෙ අම්මෝ එහි නිර්මාණකරුවෝ ඒක දැනගත්තා නම් මැරුනට පස්සේ වලදාපු වලෙන් නැගිටලා ඇවිත් මුන්ට මඩු වලිගයෙන් ගහයි.. පහලින් තියෙන්නේ එය සනාථ කරන රූපයක්

    View attachment 180250
     
    • Like
    Reactions: Spiderman.Ayya

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    අභ්‍යන්තර මාලිගය ගැනත් කියන්න තියෙන්නේ එකත් පට්ට කෙපරයක්. අපි හිතමුකෝ එහෙම එකක් තිබ්බයි කියලා... කෝ අම්මපා ඒක ඇතුලේ හිටපු උන්ට හුස්ම ගන්න වාතනය කිරීම සදහා ගල ඇතුලට වාතය ගෙනියපු තැනක්? අද තාක්ෂණය කෙතරම් දියුණු උනත් ගොඩනැගිල්ලක් හදනකොට වාතන පද්ධතියක් ස්ථාපිත කරන්න කෘතිම ද්‍ර‍ව්‍ය හා උපකරණ භාවිතා කරමින් කොච්චර මහන්සියක් වෙනවාද? ස්වාභාවධර්මයට පෑහෙන විදියට සීගිරිග රජ වාසල හා උද්‍යානය නිර්මාණය කරපු අපේ හෙළ නිර්මාණ කරුවාට අද උන්ට තියන පුකේ අමාරුව තිබ්බේ නැති නිසා ගසකට හෝ ගලකටවත් හානි නොවන පරිදි ස්වාභාවික ද්‍ර‍ව්‍ය පමණක්ම භාවිතයට අරන් සිගිරිය කියන අතිශය සොදුරු නිර්මාණය සිදු කලා. අන්න ඒ සරල බවතේරුම් ගනිල්ලා ඔක්කොටම කලින්. මේ කාලකන්නියෝ ඇදබාන කෙපර නිසා ෂුවර් එකටම ඔකෙන් ඔළුව කොලොප්පන් කරගත්ත උන් ස්කෑනර් එහෙම ගෙනල්ලා හෙට අනිද්දා දිහාට ඇවිත් සිගිරි මහා පර්වතයම බිමට සමතලා කරලා දානවා ෂුවර්.....

    සිගිරිය හා බැදී තියන ලොකුම මිත්‍යාව තමයි සිගිරි ජලවහන පද්ධතිය ගැන තියන මිත්‍යාව... සීගිරිය පර්වතය මුදුනට පර්වතයේ පාමුල ඉදන් ජලය ගෙන යාම කියන කථාව.... අම්මප අමු කැවිලා ඉන්න ඕනේ ස්වාභාවධර්මයත් එක්ක එකට පෑහිලා හිටපු අපේ මුතුන් මිත්තන්ට ඔය වගේ දෙයක් හිතෙන්න. යකෝ නිකමට හිතපන්කෝ අද තියන අශ්ව බල කීයක මෝටරයක් ඕන වෙයිද පර්වතය යට සිට මුදුනට ඇති උස මට්මම වෙනස යටතේ මහා ජල කදක් පොම්ප කරවන්න... අපෙ අද ඉන්න උන්ට වයර් මාරු උනාට එකල සිටි අපේ මුතුන් මිත්තන් මෙම නිර්මාණය කරද්දි සිහිණුවනින් හිතුවේ අපි කියන මේ මිත්‍යාවේ අනික් පැත්තට. ඒ විශිෂ්ඨ නිර්මාණකරුවන් සිදු කලේ පාපාන්දු පිටි දෙකක් තරම් වපසරියක පිහිටි සිගිරි පර්වත මුදුනට වැටෙන වැසි දිය පර්වතය මුදුනේ ආනතිය භාවිතා කොට පර්වත මුදුනේ එක් කොනක පිහිටි පොකුණු වලට රැස්වන ලෙස සකස් කලා. ඉන් පසුව පොකුණු වල සිට ගල් පර්වතයේ කාණු පද්ධතියක් ඇති කර පර්වත මුදුනේ රැස් කරපු ජලය පහලට ගෙනැවිත් අලංකාරවත් වතුර මල් වගේ නිර්මාණ සකස් කලා. අපේ ඒ අතිත නිර්මාණකරුවන් කිසිදාක ස්වාභාවධර්මයේ නියමයන්ට විරුද්ධව ගියේ නෑ. ස්වාභාවධර්මයේ නියමයට අනුව ජලය පහල සිට ඉහලට නොව ඉහල සිට පහලට ගැනීමට කටයුතු කලා. සීගිරි ජලවහනය මිත්‍යාවක් කරගෙන සිගිරි පර්වතයේ ජලය පහල සිට ඉහලට ගෙන ගියා කියන විදයාඥයොන්ට කන රත්වෙන්න දෙකක් දීලා අපේ පැරණ්නන් විදියට හිතපන් කියලා කියලා දෙන්නම වෙනවා. නැත්නම් වෙන්නේ මහ විපතක්.

    සීගිරිය ගැන මට කියන්න දේවල් බොහෝමයක් තිබුනත් මෙහි අවසන් වශයෙන් කියන්න තියෙන්නේ වර්තමානය දක්වා පුරාවිද්‍යාව මගින් සීගිරි පරිශ්‍රයේ බටහිර කොටස සහ පර්වතය මූලික කර ගනිමින් දැනට හතරෙන් එකක පමණ කොටසක් කැණීම් සහ විද්‍යාත්මක පර්යේෂණ මගින් නිරාවරණය කර ගෙන තිබෙනවා. එහෙත් සිගිරියේ නැගෙනහිර පිවිසුම ඇතුළු සිගිරි පරිශ්‍රයේ හතරෙන් තුනක පමණ කොටසක් කැණීම් මගින් නිරාවරණය කර ගන්න මතු පරපුරට භාර දීලා තියනා. අපි අපේ අනාගත පරපුරට ආන්න ඒ භාරදූර වගකීම නිවැරදිව පවරන්න ඕනේ. නැතිව සීගිරිය ගැන නැති මිත්‍යාවක් පතුරවා අපේ අනාගත පරපුරේ වයර් ෂෝට් වෙන විදියට ක්‍ර‍ියා කලොත් වෙන්නේ මහම මහ විනාශයක්. එයට ඔබ ඉඩ දෙනවාද? එහෙනම් දැනුවත් වෙන්න... ඒ සදහා මෙන්න මේ විඩියෝ පෙළම නරඹන්න කියලා ආරාධනය කරනවා.

    https://www.youtube.com/watch?v=lKW74AqsbGY&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=6
    https://www.youtube.com/watch?v=lz3IiCO2hAc&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=7
    https://www.youtube.com/watch?v=4K94Ibpwyd4&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=8
    https://www.youtube.com/watch?v=vT-QsOvKq_Y&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=9
    https://www.youtube.com/watch?v=KLPa11_xT2g&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=10
    https://www.youtube.com/watch?v=AxCJn7xVVlc&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=11
    https://www.youtube.com/watch?v=sk1jneftyec&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=12
    https://www.youtube.com/watch?v=wEyfxBM2Em0&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=13
    https://www.youtube.com/watch?v=_9sRuPQGGg4&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=14
    https://www.youtube.com/watch?v=G-GOrXyhIys&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=15

    09. බුද්දාගම පවා විකුර්ති නේ, පෙළ පොතේ පවා සහ හමුදුරුවොන්ගේ ධර්ම දේශනාවල,
    සරලම උදාහරණයක් තමයි සිද්දාර්ථ බුද්දත්වයට පත්වෙලා "සත් සතියක් " අනිමිසලොචන පුජාව කරා කියපු එක, ඒ කියන්නේ සති හතක්, බුදුන්ගේ කාලේ සති මාස ක්‍රමය තිබුනේ නැ, සුද්දා තමයි සති මාස ක්‍රමය හදුන්වල දුන්නේ,
    "සද් සත්‍යක් " කරා කියන එක තමයි අපේ අය පටලවාගෙන thieyenne,

    මම සිංහල බෞද්ධයෙක් උනාට ඔබ කියන මේ කරුණට නම් උත්තර දෙන්න දන්නේ නෑ. ඒත් දන්න විදියට සුද්දා කාලය ගණනය කරන්න කැලැන්ඩරය ගේන්න කලියෙන් අපේ මුතුන්මිත්තන් චන්ද්‍ර‍ මාස ක්‍ර‍මය වගේ දේවල් භාවිතයට අරන් තියනවා. තව හිරු සදු තාරුකා ගැන නිරික්ෂණය කරලා ජෝතිෂය සහ නක්ෂත්‍ර‍ වගේ විෂයන් මගින් කාලය වර්ෂ මාස දින යනාදියට මෙන්ම අපගේ ක්ෂීරපථයට අයත් නවග්‍ර‍යින් පිළිබදවත්, ප්‍ර‍ථිවියේ ගමන් මග සලකලා හිරුවටා පරිභ්‍ර‍මණයට ගතවන කාලය දින වශයෙන් අතිශය නිරවද්‍ය අයුරින් ගණනය කර තිබෙනවා.

    සත් සතිය නොඑසේ නම් සද් සතියද කියන්න ඇත්තටම මම දන්නේ නැති නිසා ඒ පිළිබදව නිවැරදිව දන්නා කෙනෙක් අදහස් දක්වාවි.

    එහෙත් මට ඔබ වෙත කෙටියෙන්ම කියන්න තියෙන්නේ අපේ රටේ ඉතිහාසය ගැන නියමිත ලෝක සම්මතයන්ගේ පිහිටා විද්‍යාත්මකව ඔප්පු කර ඇති දෙයට ඔබගේ හිතළුව ආදේශ කරන්නට ගොස් මිත්‍යාවේ තවදුරටත් නොවැටෙන ලෙසයි. එය ඔබ සිතා මතාම ගොස් කළුගලේ ඔළුව ගසා ගෙන ඔළුගෙඩිය පලා ගැනීමක් වැනි නිශ්ඵල ක්‍රියාවකි.

    මම මෙච්චර පැහැදිලිව කියලත් ඔබට එය තවදුරටත් නොතේරෙන්නේ නම් එය මාගේ පව්කාර කමක් මිස ඔබගේ පව්කාරකමක් නොවන බව කරුණාවෙන් සලකන්න.

    පවතින සත්‍ය ගැන දෑස් හැර බලන්න... ඔබට එය තිත්ත උනත් සත්‍ය එය පමණක්ම වේ. එය වෙනස් කරන්නට සක්කරයට තියා උගේ පුතා වන වයිමාටවත් බැරි වේවි.

    පැහැදිලිව ඔප්පු කර ඇති ලක් ඉතිහාසය ගැන තවදුරටත් මිත්‍යාවට නොයන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,136
    31,895
    113
    සිගිරියෙ උතුරු දෙරටුව පැතෙ කැලේට වන්න මිනිස් ඇසට නොපෙනෙන ලෙස ඇති එක උමං ද්වාරයක්.මෙහි පියස්සක් සවි කරන්න හැකි ලෙස ගලෙ මුදුනෙ කට්ට කපා ඇත.මෙසේ ගල් කුට්ටි දමා වසා ඇත..View attachment 179634

    ..
    Pinhole cam ekak yawanna barida sidurakin?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    කරලා බලන්න ඇති. මුකුත් නැති හින්දා තමයි ඔය ගල් ටික ඔහොම පිලිවෙලට තියෙන්නෙ

    ඕවත් හාරලා තියෙන ඒවා අරං තමයි මන් හිතන්නෙ අප්පච්චි මේ පාර ගියේ. 🙏😂
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    සිගිරියෙ උතුරු දෙරටුව පැතෙ කැලේට වන්න මිනිස් ඇසට නොපෙනෙන ලෙස ඇති එක උමං ද්වාරයක්.මෙහි පියස්සක් සවි කරන්න හැකි ලෙස ගලෙ මුදුනෙ කට්ට කපා ඇත.මෙසේ ගල් කුට්ටි දමා වසා ඇත..View attachment 179634

    ..
    මේ සදහා ගොඩක් උත්තර මෙම විඩියෝ තුල අන්තරගත වෙන නිසා එකිනෙක පිළිවෙලට ඇතුලත් කරනවා