සිතට කීකරු වෙන්න එපා…
තාලපුට මහරහතන් වහන්සේ වදාළේ “ඒයි සිත..! මම හැම තැනකදීම කළේ නුඹ කියපු දේ..” කියලයි. ඔබත් එයම සිහිකරන්න. “මට සිදුවුනෙත් එයම නේද?” කියල පිළිගන්න. ජීවිතය ආපස්සට හැරිල අප කළ දේ කී දේ සිහි කරල බලන්න. එතකොට ඔබ පිළිගනීවි ඔබත් හැම තැනකදීම කළේ හිත කියපු දේ බව. හිතට හිතෙන දේ කරමින් සිතට කීකරු වුණොත් එතන උපදින්නේ හිතුවක්කාර කමයි. ඒ නිසා අපි හිතට කීකරු නොවී කළ්‍යාණ මිත්‍රයන්ට කීකරු විය යුතුයි. එවිට අප තුළ හිතුවක්කාර බවක් නැහැ. කළ්‍යාණ මිත්‍රයන්ට කීකරු වුණොත් විතරයි, කීකරු බව උපදින්නෙ. කළ්‍යාණ මිත්‍රයාට කීකරු වීම තුළින් අපට සද්ධර්මය ලැබෙනවා. එවිට සද්ධර්මයේ තිබෙන ආකාරයට හිතන්ට පෙළඹෙනවා. හිතට කීකරු වීම අතහරිනවා. අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වෙනවා. මේ ශ්‍රී සද්ධර්මය භාග්‍යවතුන් වහනසේගේ යි. ඒ ධර්මයයි, අපට කළ්‍යණ මිත්‍රයා ගැන කියා දෙන්නෙ.
ඒ නිසා අපි කළ්‍යාණ මිත්‍රයාට කීකරු වුණොත් ඒ කළ්‍යාණ මිත්‍රයා යමක් ද කියන්නෙ, ඒ කියන දේ කරනවා. කීකරුයි කියල කියන්නෙ එයයි. ධර්මයේ කුමක්ද තියෙන්නේ ඒ දේ කරන්ට අපේ සිත නැවෙනවා. ඒ නිසයි සිතට කීකරු නොවිය යුත්තේ. සිතට කීකරු පුද්ගලයා කවදාවත් කළ්‍යාණ මිත්‍රයාට කීකරු වීමක් දකින්නට ලැබෙන්නේ නෑ. කළ්‍යාණ මිත්‍රයාට කීකරු නොවන පුද්ගලයා තුළ දකින්නට ලැබෙන්නේ මුරණ්ඩු කම, දැඩි බව, ගැටෙන ගතිය ආදී ස්වභාවයන්. එය තේරුම් අරගෙන, හිතට එන අදහස් පිළිනොගෙන, අවවාද අනුශාසනා ඇසුරු කරගෙන හිත දමනය කරගැනීමට, අප තුළ කැමැත්තක් ඇතිකරගත යුතුයි. මෙය තමයි මේ ලෝකයේ කරන්ට තිබෙන දුෂ්කරම දේ.
සිතේ නැඟ නැඟ එන අදහස් වලට හිත යටවෙලා තිබෙනවා නම්, ඒ අනුව තමයි සිතේ අදහස් ක්‍රියාත්මක වෙන්නෙ. සත්කාර සම්මාන වලට, කීර්ති ප්‍රශංසා වලට, ලාභ සත්කාර වලට, දැඩි කමට ආදී දේට සිත යටවෙලයි තිබෙන්නේ. සිත ඒ දේවල් වලට යට වුනාම ඒ සියලූම දේ මුල් වෙලා ඇති වෙන්නේ අකීකරුකම. ඒ නිසා ඔබ ඒ අකීකරුකම ඇතිකරන කරුණු හොදින් තෝරා බේරා ගෙන කටයුතු කරන්න. කළ්‍යාණ මිත්‍රයාට නැමෙන්නේ නැති මුරණ්ඩු ස්වභාවය අවබෝධ කරගෙන එය දුරුකරන්ට කැමතිවෙන්න. එවිට අපි කළ්‍යාණ මිත්‍රයාට ඇහුම්කණ් දෙන්ට කැමතියි. අපි සිතට කීකරු වෙන්නේ සංසාර ගමන පිළිබඳව නොදන්නා කම නිසාමයි. වෙන හේතුවක් නිසා නෙවෙයි.
ඒ නිසා මේ ජීවිතයේ දී ධර්මය ඇහෙන කොට ඒ ඇසූ ධර්මය ජීවිතයට ගලපලා බලන්න උත්සාහ කළ හොත්, යම් ප්‍රමාණයක හෝ සංවර කමක් ඇතිකරගන්ට පුළුවන්කම තිබෙනවා. එහෙම නැතිව අපිට ඒ ඇසූ ධර්මයෙන් ප්‍රයෝජන ගන්ට බැරිව යනවා. ඒ දහම් දැණුමෙන් අකීකරුකම පෝෂණය කරගන්නවා.
සද්ධර්මය ඉගෙන ගනිද්දී මේ ජීවිතයේදී විදින්ට තිබෙන දුක් ගැහැට ඉගෙන ගන්නවා. ඒ දුක් කන්දරාව ජීවිතයට ගලපා බැලූවොත්, ජීවිතයට ආර්ය සත්‍යය ගලපා බැලූවොත් එපමණකින්ම අප සංවර වෙනවා. රළු ගතිය අඩුවෙන්ට පටන් ගන්නවා. ඒ නිසා අපට තිබෙන හොදම අවස්ථාව තමයි ඒ ආර්ය සත්‍යය අවබෝධ කරගැනීමට උත්සාහ කිරීම. ආර්ය සත්‍යය නිතරම ජීවිතයට ගලපලා බලන්න. හොදට ඒ පිළිබදව තේරුම් ගන්න උත්සාහ ගන්න.
ඔබ බලන්න, අපි සියලූ දෙනාම වයසට යන ස්වභාවයෙන් යුක්තයි. වයසට යන ස්වභාවය අපි ට නැතිවෙලා නැහැ. ඒ වයසට යන ස්වභාවය නිසා අපිට කොයි තරම් දුකට මූණ දෙන්ට සිදුවෙනවාද? ඒ වගේම ලෙඩ වෙන ස්වභාවය අපිට තිබෙනවා. ඒ ස්වභාවයෙන් අපි නිදහස් වෙලා නැහැ. ඒ ලෙඩ වෙන ස්වභාවය නිසා අපිට කොතරම් දුකකට මුහුණ දෙන්ට සිදුවෙනවාද? අප සියලූ දෙනාටම මැරෙන ස්වභාවයක් තිබෙනවා. ඒ මැරෙන ස්වභාවයෙන් අපි නිදහස් වෙලා නැහැ. ඒ මැරෙන ස්වභාවය නිසා අපිට කොතරම් දුකකට මුහුණ දෙන්ට සිදුවෙනවාද? ඒ වගේම ප්‍රිය යන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එකතු වීම මේ දේවල් අපට තිබෙනව. ඒ දෙයින් අප නිදහස් වෙලා නැහැ. ඒ දේ නිසාත් අපිට කොතරම් දුකකට මුහුණ දෙන්ට සිදුවෙයිද කියල සිතා බලන්ට.
මේ ආකාරයට දුක්ඛ ආර්ය සත්‍යය ජීවිතයට ගලපා ගත්තොත් එපමණකින්ම එයාගේ අර මුරණ්ඩු හිත මෙල්ල වෙන්ට පටන් ගන්නවා. ඔබ හොඳට හිතන්න වයසට යාම ගැන, ලෙඩ වීම ගැන, මරණයට පත්වීම ගැන, ප්‍රියයන්ගෙන් වෙන් වීම, අප්‍රියයන් හා එක්වීම ආදී මේ බොහෝ දුක් අපගේ ජීවිතය තුළ තිබෙනවා. එය සිතූ පමණින්ම අපි නිහඩ පුද්ගලයින් බවට පත්වෙනවා. ශාන්ත පිරිසක් බවට පත්වෙනවා. ඒ ශාන්ත බව බලහත් කාරයෙන් කෙනෙක් ඇති කළ දෙයක් නොවෙයි.
සත්‍යය කල්පනා කිරීම තුළින් මයි ඒ නිහඩ බව ශාන්ත බව අප තුළ ඇතිවෙන්නේ. ඒ සිත ඉතාමත් සංවර සිතක් වෙනව. ඔබ එලෙස සත්‍යය කල්පනා නොකළ හොත් හිතට ඕනැ දේ අප කරනවා. අපි ඒක පිළිගන්නවා. එවිට අපි මුරණ්ඩු හිතුවක්කාර අය විදිහටයි කටයුතු කරන්නෙ. ඒ මුරණ්ඩු හිතුවක් කාර ජඩ හිත මෙල්ල වෙන්නේ අපට මුහුණ දෙන්ට සිදුවන මේ ඇත්ත කල්පනා කළොත් පමණයි.
අපට ප්‍රමාණ කළ නොහැකි මහා දුක් ගොඩක් උරුමයි. මෙහොතින් මොහොත වයසට යනවා. තරුණ රූපය ටික ටික වැරහැළි වෙලා අප්‍රසන්න එකක් බවට පත්වෙලා යනවා. එදාට සැපයක් ඇතිවෙන්නේ නැහැ. කළු කෙස් සුදු වෙලා යනකොට, මේ හම රැළි ගැහිල යනකොට, කැළලි ඇවිත් විරූපී වෙනකොට, සිතට සතුටක් එන්නෙ නෑ. උහුලාගන්ට බැරි සංවේගයක් අපිට ඉතිරි වෙනවා. මට ඒ දුක විදින්ට තිබෙනවා කියල සිහිකරන්න. එලෙස සිතන අය තුළ මේ ඇවිස්සුනු ගතිය නැහැ. ඉතාම සාමකාමී පිරිසක්. අපට මුහුණ දෙන්ට තිබෙන මේ මහා දුක් ස්වභාවය ගැන සිහිකරන්න. මරණය කොයි මොහොතේද දන්නෙ නැහැ. තරුණ භාවය තුළදීම අපි මරණයට පත්වෙන්ට පුළුවන්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය සිහිකරන්න.
ඔබ තමන්ට විදින්ට තිබෙන දුක් ප්‍රමාණය සිහිකළොත්, මී හරකෙක් වගේ නොදැමු ඔබේ සිත දමනය වෙයි. එවිට තේරෙයි තමා කොතරම් අසරණ ස්වභාවයකද ඉන්නේ කියල. එයා කීකරු කමට කැමතියි. කළ්‍යාණ මිත්‍රයාට කැමතියි. කළ්‍යාණ මිත්‍ර ඇසුරේ සංවර වෙනවා. ජීවිතයේ සැබෑ ස්වභාවය තේරුම් ගන්නවා. ඒ සැබෑ ස්වභාවය තමයි තමන්ගේ ජීවිතය වටා තිබෙන මහා දුක් කන්දරාව.
මේ ආකාරයට ඔබ ජීවිතයේ සැබෑ ස්වභාවය කල්පනා කිරීම තුළින් සම්මා දිට්ඨිය වර්ධනය වෙනවා. මේ සියල්ල ඔබට ප්‍රායෝගිකව පුරුදුකරන්ට පුළුවන් දේවල්. මෙහි අද්භූත කිසිවක් නැහැ. අද්භූත බව අප සිතෙහි තිබෙන ස්වභාවයක්. ඒ සියල්ල අත්හැරල තමන්ට සිදුවෙන ඇත්ත කල්පනා කරන්න. එසේ කල්පනා කිරීම ඔහුගේ සම්මා දිට්ඨියයි. යම් දවසක එයාගේ කල්පනාව හොදින් පිහිටියොත්, ඔහු සම්මා දිට්ඨිය තුළම හොදින් පිහිටපු කෙනෙක් බවට පත්වෙනවා. එවිට දැඩි සිත දමනය වෙලා අකීකරු කම උපදින කරුණු දුරුවෙනව.
අකීකරු කම උපදින්නේ ලාභ සත්කාර වලට යටවුන හිතෙන්. දැඩි සිතෙන්, කෝපය හටගත්ත සිතින්. ඒ වගේම වෛරී සිතින්, එකට එක කරණ සිතින් අකීකරු කම උපදිනවා. මාන්නක්කාර සිතින් අකීකරු කම උපදිනවා. “තමාට තේරෙනවා, දන්නවා, වැටහෙනවා” යන අදහස තිබෙන තාක් කීකරු කම උපදින්නේ නෑ. එසේ වන්නේ තමාට තිබෙන අවධානම නොතේරෙන නිසයි. ඒ වගේම අකීකරු කම උපදින්නේ ළාමක දෙයින් සතුටුවෙන සිතින්. සත්‍යය තේරුම් ගන්ට බැරි, සත්‍යය පිළිනොගන්න සිත අකීකරුයි. ඒ නිසා සත්‍යය කල්පනා කරනවා නම් ඒ කාරණා සියල්ලම දුරුවෙන්ට පටන් ගන්නවා. ඒ සියල්ල බොරුවක් බව තේරුම් යනවා.
අපි ලෙඩවීම ඉදිරියේ මරණය ඉදිරියේ අසරණ වෙනවා. එය සිහිකරනවා නම් සිතේ දැඩි ගතිය දුරුවෙනවා. ඒ ආර්ය සත්‍යය ජීවිතයට ගලප ගලපා බලන විට අපි නිරන්තරයෙන් සංසුන් වෙනවා. ආර්ය සත්‍යය ජීවිතයට ගලපා බලන කෙනෙක් සිත කියන දේ කරන්ට කැමති වෙන්නේ නෑ.
හිත කියන දේ කරලා තමයි පේ‍්‍රත ලෝකයේ ඉපදුනේ, තිරිසන් ලෝකයේ ඉපදුනේ කියල එයා දන්නවා. ඒ සිත කියන දේ කරලයි මට මේ වයසට යාමේ දුක උරුම වුනේ, ලෙඩ වීමේ දුක උරුම උනේ, මරණයට පත්වීමේ දුක උරුම උනේ. මේ සියලූ දුක් උරුම වන්නේ සිත කියපු දේ කරපු නිසා නේද කියල කල්පනා කරන්න. ඒ නිසාම සිතට යටනොවී, සිත කියන දේ පිළිනොගෙන සිතෙහි තිබෙන දැඩි ගතිය දුරුකළ යුතුයි. දරු දඩු ගති සවභාවය දුරුකළ යුතුයි. එවිට සිත මෙල්ල වෙනවා. ඒ මෙල්ලවන සිතින් නිහතමාණී සිතින් කළ්‍යාණ මිත්‍රයාට ඇහුම්කණ් දීම තුලින් මේ දීර්ඝ සංසාරය පුරාවට නොකළ දෙයක් කරන්ට තරම් අපි දක්ෂයෝ වෙනව. මේ ආර්ය සත්‍යය අහලා පිළිගත්තොත් තේරුම් ගත්තොත් එපමණකින්ම අපි සංසාරය පුරාවටම නොකළ කළ්‍යාණ මිත්‍ර ඇසුරට කැමති වෙනව.
භාග්‍යවතුන් වහන්සේ ධර්මය කියාදුන් කාලයේ, රහතන් වහන්සේලා ධර්මය කියාදුන් කාලයේ නොදැමුනු මිනිස්සු, නොයෙක් මති මතාන්තර වල ගිලිල හිටපු මිනිස්සු, වාද විවාද කළ මිනිස්සු, සද්ධර්මය අහලා ඒ ධර්මය තේරුම් ගත්තාම ප්‍රකාශ කළා “ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස, ආශ්චර්ය යි අත්භූතයි නොඇසූ දෙයක් මම ඇසුවා. අදුරේ සිටි අයෙකුට රූප දැකීම පිණිස තෙල් පහනක් දැල්වුවා වගෙයි. මං මුළා වූ අයකුට පාර පෙන්නුවා වගෙයි. මම අද පටන් දිවි හිමියෙන්ම ශ්‍රාවකයෙක් විදිහට දරා ගන්නා සේක්වා….!” යයි ඉල්ලා සිටියා.
ඔවුන් ඇසුවේ දුක්ඛ ආර්ය සත්‍යයි. ඇසූ පමණින්ම ඒ ධර්මය ජීවිතය තුළින් දැක්ක. ජීවිතයට ගලපා බලනවා කියන්නෙ එයයි. එපමණකින්ම වාද කරපු හිත, දැඩි සිත, මාණ්නක්කාර සිත මෙල්ල වෙනවා. එවිට ඔහුට තේරුම් යනවා, මම ඇසුවේ ආශ්චර්යමත් දෙයක් කියල. කිසි දාක නොඇසූ දෙයක් අහන්න ලැබුණ නිසායි තේරුනේ, යටට හරෝපු දෙයක් උඩට හරවලා පෙන්නුවා වගේ මට ජීවිතේ විනිවිද දකින්ට පුළුවන් වුනා කියලා.
අපි හිතනවා, අපි මේ ලෝකය ගැන දන්නවා කියලා. නමුත් අපි දන්නෙ නැහැ. දැනගෙන හිටියේ මේ සිත කියන දේ කරන්ට විතරයි. හිත කියන කියන දේ කරමින් අපි වහළෙක් වගේ වැඩ කළා. නමුත් භාග්‍යවතුන් වහනසේගේ ධර්මය ඇසූ පමණින් අපි පිළිගත යුතුයි මා නොදත් දේ දැනගත්තා කියල. ඒ තුළින්ම අපි විශ්මයට, ප්රබෝධයට පත්වෙනවා.
ඒ නිසා මේ දීර්ඝ සංසාරය පුරාවට විඳපු දුක් අපට තේරෙන්නේ දුක් ස්වභාවය කල්පනා කරමින් ජීවිතයට ගලපලා බැලූවෝතින් විතරයි. වයසට යාම, ලෙඩ වීම, මරණයට පත්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම ආදී භාග්‍යවතුන් වහන්සේ කියා දුන් ධර්මය ගලපලා බැලිය යුත්තේ ජීවිතයෙන් බාහිරට නොවෙයි. තමන්ගේම ජීවිතයට ගලපා බලන විටයි, යථාර්ථය පෙනෙන්නේ. මහා ලොකු කමක් හිතේ තිබුණට අපිට හිතන්ට කිසීම ලොකු කමක් නැහැ. කෙස් පැහිල සුදුවෙනකොට, හිතට දුකක් ඇතිවෙනවා නම්, අපට මරණයට කොහොම මුහුණ දෙන්ට සිදුවෙයි ද කියල හිතන්න. එහෙම අපට තිබෙන දුක පිළිබදව කල්පනා කළොත් හිතේ නැගල එන බොරු ආඩම්බරය මහා බොරුවක් කියල තේරෙයි.
ඒක බොරුවක් මයි. සිතින් මවාගත් දෙයක්. මැවිල තිබෙන දෙයක් කියන්නේ පුස්සක්. ඒක නිසා ඒ පුහුදේට යටවෙන්ට එපා. ඇත්ත දකින තෙක් අපිට පවතින්නට කුමක් හෝ ඕන. ඇත්ත නැතිනම් පවතින්නේ බොරුව තුලයි.
ඒ නිසයි අපි ඇත්ත දැක්ක ගමන් බොරුව අත්හැරෙන්නේ. ඒ තුළින් බොරුව තුළ තිබුණ දැඩි සිත මෙල්ල වෙනවා. සිත දැඩි වෙන්නේ බොරුව තුළ වාසය කරන නිසයි. මවාගත් සිතින් වාසය කරන නිසයි. මේ සියලූ දේ සකස් වෙච්ච දේවල්. බොරුව තුළ වාසය කරන තාක් හිතට ඕනෙ ඕනෙ විදිහට රැවටි රැවටී ඒ තුළ වාසය කරන තාක් සිදුවෙන්නේ මුලාවෙන එකමයි. ඒ නිසා සත්‍යය කල්පනා කළාම බොරුව දුරුවෙලා සත්‍යය මතුවෙනවා. එවිට ඔබට තේරෙයි ඒ මාන්නක්කාර දැඩි රළු සිත තුළ වාසය කිරීම කොතරම් අපහසුද කියා. ඒ දඩබ්බර සිත අපිට ඉතිරි කරන්නේ වෙහෙසක්මයි. පීඩාවක් මයි.
ඔබ දඩබ්බර හිත හිරගෙයක් වගේ හිතන්න. ලොකු බරක් ඔලූවේ තබාගෙන ඉන්නවා කියල හිතන්න. එතකොට සුවපහසුව කොතරම් අගේද? ඒ සදහා භාග්‍යවතුන් වහන්සේ කියා දුන් ධර්මය සිහිකරන්න. ඒ ධර්මය ජීවිතයට ගලපා බලන්න. ඇත්ත සිහිකරන විට ඉතාමත් සුවපහසුවක් ඇතිවෙනවා. කීකරු කෙනෙක් බවට පත්වෙනවා. මහා ලාභයක් වූ කළ්‍යාණ මිත්‍ර ඇසුරට යොමු වෙලා ඒ තුලින් සද්ධර්ම ශ්‍රවණය ලැබෙනවා. ඔහුට පමණයි ධර්මය තුළින් කල්පනා කරන කෙනෙක් බවට පත්වෙන්නට පුළුවන් කම තිබෙන්නේ. ඔහු තුළ දැන් කීකරු කම මෝරා එනවා. කළ්‍යාණ මිත්‍රයා කියන දේ අනුව හිතන්න පෙළඹෙනවා. කීකරු කම තුලින් යෝනිසෝ මනසිකාරය උපදිනවා. එවිට ජීවිතය පිළිබඳව අවබෝධ ඥනය ඉතා හොදින් පිරිසිදු කරගැනීමේ දුර්ලභ ලාභය ඇතිවෙනවා.
ඒ නිසා අතිශයින් ම දුෂ්කර වූ, නමුත් ජීවිතයට මහත් සේ උපකාර වන, ජීවිතයට සැප සලසා දෙන දුෂ්කරම කරුණ වූ කළ්‍යාණ මිත්‍ර ඇසුරට කැමති වෙන්න. ඒ දුර්ලභ භාග්‍ය උදාකර ගැනීම පිණිස සියලූ දෙනාට වාසනාව උදාවේවා කියා අපි ආශිර්වාද කරනවා.
සියලූ දෙනාටම තෙරුවන් සරණයි..
නාවලපිටියේ අරියවංශ හිමි
http://dhammamedicine.net/2012/07/17/sithata_kikaru_wenta_epa_11/