සිතට රැකවරණය සිහියයි
අපේ සිතට රැකවරණය සැලසෙන්නේ සිහියෙන් වාසය කිරීමෙනුයි. සිහිය ඉපදුනා ම රාගයට හිත යටවෙන්නෙ නෑ. ද්වේෂයට සිත යටවෙන්නෙ නෑ. මෝහයට සිත යටවෙන්නෙ නෑ. ඒ අකුසලයන්ට සිත යටවෙන්නෙ නෑ. සිහිය නැතිකොට ඒ අකුසලයන්ට හිත යටවෙනව. එතකොට හිත කිළිටිවෙනවා. ඒකයි සිතට රැකවරණය සිහියයි කියල භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දුන්නෙ. ඒක හරියට ගෙයක් හදපුවා ම සෙවිලි කරනවා වගේ. ඒ වහලය නිසා ගෙට ආරක්ෂාවක් සැලසෙනව. අන්න ඒ වගේ තමයි හිතට රැකවරණය වන්නේ සිහිය යි.
අපි, ඉපදුණ සිහිය බලවත් කරගත්තොත් අපේ සිත ඊර්ෂ්‍යාව, තරහ ආදී අකුසලයන්ට යටනොවී ආරක්ෂා කරගන්ට පුළුවන් කම ලැබෙනව. ඒ කෙලෙස් වලට යටනොවී සිත ආරක්ෂා කරගත්තොත් අපිට නුවණින් කල්පනා කරන්ට පුළුවන්කම ලැබෙනව. නුවණින් කල්පනා කරනවා කියල කියන්නෙ ඇත්ත ඇති සැටියෙන් කල්පනා කිරීමටයි. ඒ කියන්නෙ මේ තමයි දුක කියල ඇත්ත ඇතිසැටියෙන් කල්පනා කරනවා. මේ තමයි දුක හටගන්න විදිහ කියල ඇත්ත ඇතිසැටියෙන් කල්පනා කරනවා. මේ තමයි දුකේ නැතිවීම කියල ඇත්ත ඇතිසැටියෙන් කල්පනා කරනවා. මේ තමයි දුකේ නැතිවීම කියලත් ඇත්ත ඇතිසැටියෙන් කල්පනා කරනවා. ඒකට තමයි නුවණින් කල්පනා කරනවා කියල කියන්නෙ. එතකොට එයාට සිහියත් තියෙනව නුවණත් තියෙනව. ඒ විදිහට එයාට ජීවිතේ ඇත්ත කල්පනා කරන්ට පුළුවන්.
සිහිය තියෙන කෙනා නුවණින් කල්පනා කරනකොට එයාට තේරෙන්නෙ මොකක්ද..? ඇත්ත ඇතිසැටියෙන් තේරෙනව. සත්‍යය තේරෙනව. සත්‍යය තේරෙන කොට සිත ප‍්‍රබෝධයට පත්වෙනව. සත්‍යය තේරුම් ගත්ත කෙනා ප‍්‍රබෝධයෙන් වාසය කරනව. සත්‍යය තේරුම්ගෙන ප‍්‍රබෝධයට පත්වුණ කෙනා, යලිත් වතාවක් අසත්‍යයට යයිද? කිසිකලෙක අසත්‍යයට යන්නෙ නෑ. යම් කෙනෙක් මේ තමයි දුක කියල ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත්තොත් එයා කවදාවත් ඒ දුකට යන්නෙ නෑ.
දැන් හොඳට කල්පනා කරල සිහිය උපදවගන්න. සිහිය උපදවගෙන කල්පනා කරන්න මෙන්න මේ විදිහට, දන්න දා ඉඳල ඇහැට පේන ප‍්‍රිය රූප සොය සොයා ඒ ප‍්‍රිය රූප අත්කරගැනීම පිණිස වෙහෙසුනාද? නැද්ද? කියල කල්පනා කරන්න. කණට ඇහෙන පි‍්‍රය ශබ්ද වලට ගිජුවෙලා ඒවා සොයමින් ඒවා ලබාගන්ට ගිජුවුණාද? නැද්ද? කියල කල්පනා කරල බලන්න. ඒ විදිහට ම දිවට දැනෙන ප‍්‍රිය රසයට, කයට දැනෙන ප‍්‍රිය පහසට, ගිජුවෙලා ඒව ලබාගන්ට වෙහෙසුනාද? නැද්ද? කියල කල්පනා කරල බලන්න. ඒ විදිහට ප‍්‍රිය රූප, ප‍්‍රිය ශබ්ද, ප‍්‍රිය ගඳ සුවඳ, ප‍්‍රිය රස, ප‍්‍රිය පහස කියන ඒ ප‍්‍රිය දේවල්වලට රැවටිලා, ඒ ප‍්‍රිය දේවල්වලට ගිජුවෙලා ඒ ප‍්‍රිය දේවල් සොයමින් ජීවිතේ දින, සති, මාස, අවුරුදු කීයක් ගත කළා ද? කියල බලන්න. එහෙම කළාද නැද්ද? එහෙම වුණා නේද? ඒත් එක්ක ම බලන්න ඒ ප‍්‍රිය දේවල් ලබන්ට බැරිව අපි කොච්චර දුක් වින්ද ද කියල. ඊලඟට ඒ ප‍්‍රිය දේවල් යම් විදිහකින් ලැබුණොත් ඒ ප‍්‍රිය දේවල් රකින්ට කොච්චර දුක් වින්ද ද? ඒ ප‍්‍රිය දේවල් රකිද්දීත් ඒ ප‍්‍රිය දේවල් අපිට රැක ගන්ට බැරිවුණා නේද? ඊට පස්සෙ ඒ ප‍්‍රිය දේවල් අහිමි වෙද්දී කොච්චර දුක් වින්ද ද? ඒ අහිමි වෙච්ච ප‍්‍රියදේවල් යළි යළි සොයමින් කොච්චර දුක් වින්ද ද? කියල බලන්න.
මෙබඳු ඉතිහාසයක් නේද අපිට තියෙන්නෙ. අපේ ඉතිහාසය හාරල බැලූවොත් මේක නේද තියෙන්නෙ? අපේ ඉතිහාස කතන්දරය අපි පොතක ලිව්වොත් ඔච්චරයි නේද ලියන්ට තියෙන්නෙ. ඇහැට පේන ප‍්‍රිය රූප වලට ආස කළා. අපි හිතුව ඒකෙන් තමයි සැප ලැබෙන්නේ කියල. නමුත් ඒක සත්‍යයක් නොවේ. අපි ඇස තමයි සැප කියල හිතුව. ඇසට පේන රූපය තමයි සැප කියල හිතුව. කණ තමයි සැප කියල හිතුව. කණට ඇහෙන ප‍්‍රිය ශබ්ද තමයි සැප කියල හිතුව. මේ විදිහට ම නාසය, නාසයට දැනෙන ගඳ සුවඳ, දිව දිවට දැනෙන රස, කය කයට දැනෙන පහස තමයි සැප කියල හිතුවා. එහෙම හිතමින් නේද ඒ කාමයන් සොයමින් මහන්සි වුණේ. සොයමින් මහන්සි වෙන්නේ. ඒ ප‍්‍රිය රූප ශබ්ද ගන්ධ රස පහස නිසාම අපිට කොයි තරම් දුක් උහුලන්ට වුනාද? ඒවා අහිමි වෙද්දී කොච්චර දුක් උහුලන්ට සිද්ධ වුනාද? යලි යලිත් ඒ ප‍්‍රිය දේවල්ම පතමින් කොච්චර දුක් විඳිනවාද කියල කල්පනා කරල බලන්න. අන්න ඒ විදිහට කල්පනා කළොත් සිහිය ඉපදෙයි නුවණත් ඉපදෙයි. එතකොට බලන්න භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ ධර්මය ඇසීමෙන් සිහිය උපදිනව.
පටාචාරාව කාමයන් පස්සේ ලූහු බැන්ඳ. කාමයන් පස්සේ ලූහු බඳිද්දී තමන්ගෙ තරා තිරමවත් තේරෙන්නෙ නෑ. කාමයන් පස්සෙ ලූහු බඳින කෙනා අඳුනන්නෙ නෑ “මම කවුද? මම මොකද? කරන්නේ” කියල. ඒක හරියට මොණර නැටුමක් වගේ. ලෝකයට අලංකාරය පෙන්වනව. නමුත් තමන්ගේ පිටිපස්ස එලියෙ. අන්න ඒ වගේයි සිහිය පිට ගිය කෙනාගෙ ස්වභාවය. ලෝකයට අලංකාර කෙනෙක් වගේ පෙනී සිටිනව නමුත් ලෝකයට පේනව එයා සිහි නුවණ නැතිව කටයුතු කරන කෙනෙක් කියල. ඒ මට්ටමට ම සිහිය දුර්වල වෙනව කාමයන්ට ගිජුවෙන කෙනාගේ. බලන්න ඊටත් වඩා සිහිය දුර්වල වෙනවා කාමයන්ට මුසපත් වුණායින් පස්සෙ.
පටාචාරව කාමයන්ට මුසපත් වණා. එයා සිටු කුලයක උපන් දියණියක්. නම්බුකාර පව්ලක උපන් දියණියක් ගෙදර හිටිය වැඩකාරයාට රැවටුණා. ප‍්‍රිය රූප, ප‍්‍රිය ශබ්ද, පි‍්‍රය ගඳ සුවඳ, ප‍්‍රිය රස, ප‍්‍රිය පහසට රැවටුණා. එයා හිතුවෙ මෙතන තමයි සැප තියෙන්නේ කියල. රැවටුණා, ගිජුවුණා. සත්‍යය කියල අසත්‍යයට රැවටුණා. සැප කියල දුකට රැවටුණා. එතකොට සිහිය නැතිවුණා. එයා සත්‍යය කියල අසත්‍යයට රැවටුණා කියල දැනගත්ත නම් ඒත් සිහිය පිහිටනව. නමුත් පටාචාරවට සත්‍යය සත්‍යය විදිහට දකින්ට මුලින් බැරිවුණා. සත්‍යය කියල දැක්කෙ අසත්‍යය ම යි. කාමයන් තුළ සැප තියෙන්නේ කියල රැවටුණා, මුසපත් වුණා. ඊටපස්සේ සිහි කල්පනාව නැතිවෙලා ගියා අන්තිමට සිහි විකල්වෙලා ගියා. නමුත් එයාට යලිත් සිහිය ඉපදුණා. කුමකින්ද? භාග්‍යවතුන් වහන්සේ දැකීමෙන්ම පටාචාරාවට සිහිය ඉපදුණා. ඊටපස්සෙ එයා සත්‍යය, සත්‍යය වශයෙන් ම දැක්ක. අසත්‍යය අසත්‍යය වශයෙන් ම දැක්ක. එතකොට සිහිය බලවත් වුණා. බලවත් වූ සිහියෙන් යුක්තව නුවණින් කල්පනා කළා. ඒ කියන්නෙ සත්‍යය කල්පනා කළා. ඒ නිසා සියලූ දුකින් නිදහස් වුණා. පරිපූර්ණ ශාන්තිය උපදවා ගත්ත.
මේ සංසාරය පුරාවට අපි කවුරුත් අසත්‍යය සත්‍යය විදිහටයි දැක්කෙ. සැප තිබෙන්නේ කියල දුකට රැවටුණා. කාමයන් තුළයි සැප තිබෙන්නේ කියල රැවටුණා, ගිජුවුණා. ඒවා සොයමින් ම වෙහෙසුණා, මහන්සි වුණා. දුකින් දුකට පත්වුණා. විටක සිහිකල්පනාව පවා නැතිවෙන්ට ඇති, කඳුළු සල සලා අඬන්ට ඇති. හදවත පත්තුවෙලා දුක් විඳින්ට ඇති. එහෙනම් දැන් හරි තේරුම් ගන්න මෙතෙක් ආ මඟ දොස් සහිතයි. වැරදි සහිතයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ පෙන්වපු මේ ධර්මය අහල ඉගෙන ගෙන සිහිනුවණ උපදවගත යුතුයි කියල කල්පනා කරන්න. ඉතින් අපි මේ ධර්මය අහල තේරුම් ගත්තොත් සිහිය අපිටත් ඉපදෙනව. සිහිය උපදවගත්තොත් එයාට මේ ධර්මයට අනුව කල්පනා කරන්ට පුළුවන්. එතකොට නුවණ ඉපදෙනව. යළි යළිත් මේ ධර්මය අහල නුවණින් කල්පනා කරද්දී සිහි නුවණ බලවත් වෙනව.
එතකොට මේ තමයි දුක කියල දුක සම්පූර්ණ වශයෙන් තේරුම්ගන්ට පුළුවන්. පරිපූර්ණ වශයෙන් තේරුම්ගන්ට පුළුවන්. එතකොට අපිට දුකෙන් නිදහස් වෙන්ට පුළුවන් කමක් ලැබෙනව. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය හොඳින් ඉගෙන ගන්ට උත්සාහ කරන්න. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය හොඳින් ඉගෙන ගන්ද්දී සිහිය පිහිටනව. එතකොට ඒ ධර්මයට අනුව කල්පනා කරල නුවණ උපදවගන්ට පුළුවන් කමක් තිබෙනව. සිහි නුවණින් වාසය කරද්දී සියලූ දුකින් නිදහස් වෙන්ට පුළුවන් කමක් තිබෙනව. ඒ විදිහට සිහිනුවණින් වාසය කරමින් සියලූ දුකින් නිදහස්වී ලබන ඒ අමා මහ නිවන අවබෝධ කරන්ට සියලූ දෙනාට ම වාසනාව උදාවේවා.
පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.අපේ සිතට රැකවරණය සැලසෙන්නේ සිහියෙන් වාසය කිරීමෙනුයි. සිහිය ඉපදුනා ම රාගයට හිත යටවෙන්නෙ නෑ. ද්වේෂයට සිත යටවෙන්නෙ නෑ. මෝහයට සිත යටවෙන්නෙ නෑ. ඒ අකුසලයන්ට සිත යටවෙන්නෙ නෑ. සිහිය නැතිකොට ඒ අකුසලයන්ට හිත යටවෙනව. එතකොට හිත කිළිටිවෙනවා. ඒකයි සිතට රැකවරණය සිහියයි කියල භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දුන්නෙ. ඒක හරියට ගෙයක් හදපුවා ම සෙවිලි කරනවා වගේ. ඒ වහලය නිසා ගෙට ආරක්ෂාවක් සැලසෙනව. අන්න ඒ වගේ තමයි හිතට රැකවරණය වන්නේ සිහිය යි.

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
‘දිවයින බුදු මඟ’ ධර්ම සංග්‍රහයෙහි පළ වූ ලිපියක් ඇසුරෙනි.

සියලූ දෙනාට ම තෙරුවන් සරණයි…!