සිතන්නට යමක්...

Jun 23, 2016
1,044
136
0
Maharagama
"යම්කිසි භික්ෂුවක් වරදක් කළවිට ඔහු බුද්ධශාසනය වනසතැයි ගිහියෝ කෑ ගසති. ගිහියා වරදක් කිරීමෙන් ඔහුත් බුද්ධශාසනය වනසන බැව් හෙතෙම නොසිතයි. ක්රිස්තියානි පූජකයෙකු වරදක් කළත්, මුස්ලිම්කාරයෙක් වරදක් කළත්, සැබැවින්ම එය බුද්ධශාසනය කඩ කිරීමකි. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූයේ එක්පක්ෂයක පමණක් යහපත පිනිස නොවේ. උන්වහන්සේ සියල්ලන්ට සාධාරණය. එනිසා කවරකු වරදක් කළත් එය උන්වහන්සේගේ අවවාදය, ශාසනය නො රැකීමකි.

භික්ෂුවක් බරපතළ වරදක් කළ බැව් දැනගත් විට “බුද්ධාගම පිරිහෙතැ”යි ක්රිස්තුභක්තිකයෝ ප්රීතියට පත්ව එය ඔවුන්ගේ පත්රවල පළකරති. ක්රිස්තියානි පූජකයකු එබඳු වරදක් කළ විට, “ක්රිස්තියානිය පිරිහෙතැ”යි බෞද්ධයෝ ප්රීතියට පත්ව එයද ඔවුන්ගේ පත්රවල පළකරති. ඒ වරද කළ අවාසනාවන්තයා සියල්ලන්ට සාධාරණ සත්යය, ධර්මය අනුගමනය නොකිරීමෙන් විපතට පත්වූ බැව් ඔවුහු නොසිතති.

අහෝ! අද ආගම්වල තත්ත්වය! බෞද්ධයෝ ධර්මය නොව බුද්ධාගම දියුණු කරති. ක්රිස්තු භක්තිකයෝ ධර්මය නොව ක්රිස්තියානි ආගම දියුණු කරති. ඔවුහු ධර්මය නැති කොට ආගම් දියුණු කරති. ඔවුහු ඒ ඒ ලේබල් අලවා ගත් පිරිස කොපමණදැයි ගණන්කරති. නමුත් සර්ව සාදාරණ ධර්මය, සත්යය ගැන නොසලකති.

අද බුදුරජාණන්වහන්සේ ජීවමානව ඇත්නම්, යම් කිසි ක්රිස්තියානි පූජකයෙකු වරදක් කල විට, උන්වහන්සේ ඒ ගැන සංවේගයට පත්ව, ඔහුට අනුකම්පා කොට, ඔහු ඒ වැරදි මගින් බේරා ගෙන, හරිමඟෙහි ගමන් කරවන්නට වෑයම් කරන බැව්, අබ මල් රේණුවක පමණවත් සැකයක් නැතිව,අපි විශ්වාස කරමු. එසේ ම, ක්රිස්තුස් වහන්සේද ජීවමානව ඇත්නම්, අර වරද කළ භික්ෂුව ගැන කනගාටුවට පත්ව ඔහු එයින් මුදා, ඔහුට යහපතක් කරන්නට වෑයම්කරනු නො අනුමානයි. එහෙත් අද ඒආගම් ප්රකාශ කරන්නවුන්ගේ අදහස් කොතරම් පටුදැයි පුද්ගලිකදැයි සිතා බැලිය යුතුයි."

-සත්‍යෝදය-
 
  • Like
Reactions: SanukaWick

SanukaWick

Active member
  • Jul 31, 2016
    515
    43
    28
    බෞද්ධයෝ ධර්මය නොව බුද්ධාගම දියුණු කරති.
    :baffled::baffled::baffled: