සිත් නිවන තෝතැන්න මාලිගාතැන්න
මාළිගාතැන්න රජ මහා විහාරය | Maligatenna Raja Maha Viharaya
මාලිගාතැන්න රජමහා විහාරයේ ඉතිහාසය අනුරාධපුර රාජධානියේ යුගය දක්වා දිව යයි.
සතුරු ආක්රමණ වලදී මෙම විහාරය රජවරුන්ට සහ ඔවුන්ගේ ඇමතිවරුන්ට වැදගත් ස්ථානයක් බවට පත් වූ ආකාරය විස්තර කරන ප්රධාන ජනප්රවාද දෙකක් මෙහි දැක්වේ. පළමු ජනප්රවාදයට අනුව, මෙම විහාරය අනුරාධපුර චෝල ආක්රමණවලදී වළගම්බා රජු සැඟවී සිටි එක් ස්ථානයක් ලෙස සැලකේ.
අනෙක් ජනප්රවාදය ලෙස, කෝට්ටේ රාජධානියේ දොන් ජුවාන් ධර්මපාල රජු පෘතුගීසි යුගයේදී ක්රිස්තු ධර්මය වැළඳගත් අවස්ථාවේදී (දෙල්ගමුව රජමහා විහාරයට වැඩම කරවීමට පෙර) බුදුරදුන්ගේ දළදා වහන්සේ ආරක්ෂාව සඳහා සඟවා තැබූ ප්රථම ස්ථානය මෙම විහාරයයි.
වීඩියෝවට කැමති නම්, Sub එකක් දැම්මා...