"සිඳූ" - කබල්ලෑ ලෙන රජමහ විහාරය (2)

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    "සිඳූ" - කබල්ලෑ ලෙන රජමහ විහාරය (2)

    මම මේ ගැන ලිපියක් කලින් පල කලා. අද පල කරන මේ ලිපියෙන් මේ පන්සල ගැන වැඩි විස්තර මෙන්ම එහි අධිපති හිමියන් ගැන වචනයක් සඳහන් වෙනවා.

    සිඳූ කතාව ගොඩක්ජනප්‍රිය වුනේ පොඩි හාමුදුරුවො නිසා. ඒ එක්කම මේ කතාවෙන් වැදගත් සමාජ පණිවිඩ දෙන්න, බුදු දහමේ ඇති වටිනාකම් පෙන්නලා දෙන්න ලොකු හාමුදුරුවන්ගේ චරිතය ගොඩක් උදව් වෙනවා.

    දැන් මේ ලොකු හාමුදුරුවො කතාවෙන් කියන වැදගත් ධර්මානුකූල කරුණු මේ කතාවට ලබා දෙන්න අත්වැලක් වන්නේ පූජ්‍ය රාධාඇලේ සුධම්ම ස්වාමීන් වහන්සේ කියලා කියන්න පුලුවන්. සුධම්ම ස්වාමීන් වහන්සේ 'සිඳූ' නාට්‍යය නිෂ්පාදනය කරන්න අනුශාසනා සහ විස්තර ලබා දෙන බව මේ හාමුදුරුවන්ගෙ නම කතාව පටන් ගන්න කොට පලවෙන credits වල සඳහන් වීමෙන් පෙනී යනවා.


    (මේ ස්වාමින් වහන්සේගේ නම නාට්‍යයයේ සඳහන් වන්නේ 'රාවඇලේ සුධම්ම හිමිපානන් වහන්සේ' කියල. ඒත් මුලාශ්‍ර වල සටහන් වන්නේ 'රාධාඇලේ සුධම්ම හිමිපානන් වහන්සේ' කියල. මට හිතන්නේ කිසියම් තැනක මුද්‍රණ දෝෂයක් ඇති)


    Credits_zps2wrdt19r.jpg



    සුධම්ම හාමුදුරුවො තමයි සිඳූ නාට්‍යය රූ ගත කරන කබල්ලෑ ලෙන රජමහවිහාරයේ විහාරාධිපති වහන්සේ. උන් වහන්සේ මෙම පුරාණ පන්සල පවත්වා ගෙන යාමට මෙන්ම එහි තිබෙන පැරණි කෞතුක පුරා වස්තූන් රැක ගැනීමට ලොකු වෙහෙසක් දරනවා.

    මෙම කබල්ලෑ ලෙන රජමහ විහාරය ගැන සම්පූර්ණ විස්තරයක් පහත සඳහන් වෙනවා.
    ______________________________________________________________________________________

    යුගයෙන් යුගයට නෑකම් කියන කබල්ලෑලෙන පුරාණ රජමහා විහාරය ..... (වැල්ලෑගල පුරාණ රජමහා විහාරය)



    T1_zps8rnxfdn7.jpg


    වයඹ පළාතේ කුරූණෑගල දිස්‌ත්‍රික්‌කයේ හිරියාල හත්පත්තුවේ පොල්පිතිගම උප දිසාපති කොට්‌ඨාසයට අයත් දාගම ග්‍රාසේවා වසමේ කබල්ලෑලෙන පුරාණ විහාරය පිහිටා තිබේ. මෙම විහාරය මිටි කන්දක්‌ ආශ්‍රිතව ඉදිකර ඇත.
    ඉබ්බාගමුව - පොල්පිතිගම මාර්ගයේ 15 වැනි සැතපුම් කණුව පිහිටා ඇති දාගම හන්දියේ ඇති දාගම විද්‍යාලය අසලින් ඇති ගුරු පාරේ කිලෝමීටරයක්‌ පමණ ගිය පසු විහාරස්‌ථානය හමුවේ.

    විහාරස්‌ථානයේ ඇති ලෙන් විහාරය ප්‍රධාන තැනක්‌ ගනී. කඳු පාමුල තට්‌ටු කිහිපයක්‌ සිටින සේ බටහිර දිසාවට මුහුණලා ලෙණ පිහිටා තිබේ. මේ ලෙන කොටස්‌ තුනකට වෙන්කර බිත්ති බැඳ ඇත. මුල්ම කොටස කුඩා කාමරයකි. එහි විෂ්ණු දේවාලයක්‌ වෙයි. මහත් හාස්‌කම් ඇතැයි සැලකෙන මේ දේවාලයට භාරහාරවීම පිණිස නිතර මහජනතාව පැමිණෙයි. එහි ඉදිරිපසට බිත්ති නැත.



    T2_zpsjein0gtc.jpg


    දෙවන කොටස ශාලාවක්‌ සකස්‌ කර ඇත. මෙම කොටස ධර්ම ශාලාවක්‌ වශයෙන් ප්‍රයෝජනයට ගනී. තෙවන කොටස විශාලය. එය බුදුමැදුරකි. විහාර මන්දිරයට ඇතුල්වීම සඳහා ඉදිකර ඇති දොරටුව ලීවලින් සකස්‌ කර ඇත. මේ දොරටුව දෙපස බිත්තිය පිටපැත්තේ සිංහ රූප දෙකක්‌ තබා තිබේ. ඒ රූපය දෙපස දේවතා රූපදෙක බැගින් අඹා තිබේ. ඉන් එක්‌ රුවක්‌ කළසක්‌ අතින් දරා සිටින ස්‌වරූපය නිර්මාණය කෙරේ. දොරටුව මකර තොරණකින් යුක්‌තය.

    විහාරය තුළ ප්‍රධාන ප්‍රතිමාව ඔත් පිළිමයකි. සිරස නැගෙනහිරට මුහුණලා ඉදිකර ඇත. ලෙණ වහලය මිශ්‍ර කර ඇත. සූවිසි විවරණය හා මාර පරාජය චිත්‍ර අතර වේ. ඔත් පිළිමය පාමුල බිත්තිය බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ හා ආදාහන උත්සවය චිත්‍රකර තිබේ.


    T3_zpsxslolze4.jpg


    මෙයට අමතරව පැරැණි ස්‌තූපයක්‌ ඇති අතර එය ගරාවැටී මෑතකදී තහවුරු කර තිබේ. අඩි 159 ක්‌ පමණ වෙයි. මෙම ස්‌ථූපය කංචුක ස්‌තූපයක්‌ බව එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.
    මෙම විහාරය භූමියේ ලෙන් ලිපි පහක්‌ ඇති අතර ඒවා සියල්ලෙන් සඳහන් කර ඇත්තේ මහා සංඝයාට පිදූ බවයි.


    මෙම විහාරස්‌ථානය යුග හතරකම අයත් බව එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති. ලෙණවල කොටා ඇති ලිපි සියල්ලම දෙවන ශතවර්ෂයට අයත් වෙයි. ඒවා මහා සංඝයාට පූජා කර ඇති බව සඳහන් වෙන නිසා කබල්ලෑලෙණ පුරාණ විහාරය මුලින්ම භික්‌ෂු වාසයක්‌ බවට පත්ව තිබේ. ස්‌තූපය දෙවන ශතවර්ෂයත් හත්වැනි ශතවර්ෂයත් අතර කාලයේ ඉදිකර ඇත.


    T4_zpsln0tojdd.jpg




    ඈත අතීතයේ සිටම කබල්ලෑලෙන (වැල්ලෑගල) පුරාණ රජමහා විහාරයේ ගල්ලෙනක් තිබී ඇති අතර එම ලෙනේ නොනිමෙන පහනක් දැල්වූ බව පැරැන්නෝ පවසති.

    කබලක් රැගෙන රාත්‍රියේ ගම් වල සැරිසරන සූනියම් දේවරාජයා එම පහන පසෙක තබා ගිමන් හරින ස්ථානයක් හැටියට මෙම ගල් ලෙන ප්‍රසිද්ධියට පත්ව ඇති අතර එම කබල පසෙක ලූ තැන නිසා එම ලෙන "කබල ලෑ ලෙන" ලෙසත් පසුව ජනවහරේ පහසුව පිණිස "කබල්ලෑලෙන" ලෙසත් ව්‍යවහාරයට පැමිණ ඇතැයිද කියනු ලැබේ.දැනට ඇති විහාරයේ බුදු පිළිමවල ලක්‌ෂණ අනුව ඒවා මහනුවර යුගයට පෙර නිර්මාණය කර ඇති බව පැහැදිලි වෙයි.එහෙත් මේ සම්බන්ධ තවත් ජනශ්‍රැතියක වළගම්බා රජු මෙහි විහාරය කරවන ලද බව කියෑවේ. එතුමා වනගතව සිටි කාලයේ කබල්ලෑලෙනට පැමිණි බවත්, එවකට එහි කබල්ලෑවුන් සිටි බැවින් උන් ඉවත්කර විහාරය කරවූ බව මේ ජනශ්‍රැතියේ සඳහන්ය.


    T5_zpspstphong.jpg


    කබල්ලෑලෙන රජමහා විහාරය අනුරාධපුර යුගයේ මුල් කාල දක්‌වා දිවෙන ඉතිහාසයක්‌ ඇති විහාරස්‌ථානයකි. කටාරම් කෙටූ ලෙන්වල ඇති බ්‍රාහ්මී සෙල්ලිපි මේ සඳහා සාක්‌ෂා දරයි. අද දැකිය හැකි ස්‌තූපය කලින් පැවැති කුඩා ස්‌තූපයක්‌ වසා ඉදිකර ඇත. වර්තමානයේ විහාර ලෙන තුළ ඇති චිත්‍ර හා ප්‍රතිමා මහනුවර යුගයට හා ඉන්පසු කාලයට අයත් නිර්මාණ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සටහන් කර තිබේ. කබල්ලෑලෙන රජමහා විහාරයේ පිහිටි විහාර ලෙන 1965 වසරේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරක්‌ෂිත ස්‌මාරකයක්‌ ලෙස ප්‍රකාශ කර තිබේ.

    එය කෙසේ වුවත් අද පවතින තත්ත්වය අනුව කබල්ලෑලෙන පුරාණ විහාරස්‌ථානයේ චිත්‍ර සහ බුදුපිලිම විනාශයට යමින් පවතී. නිසි නඩත්තුවක්‌ නොමැති නිසා අද විහාර මන්දිරය තුළ වවුලන් පිරී සිටීම නිසා වවුල් ගඳින් පිරී පවතී.



    T6_zpsqs2myy4a.jpg



    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකිවයුතු අයගේ අවධානය යොමු වී මෙම විහාර මන්දිරය නිසි නඩත්තුවක්‌ කර පිළිම හා චිත්‍ර ආරක්‌ෂා කර දෙන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

    මෙම විහාරස්‌ථානයේ වත්මන් විහාරාධිපති වශයෙන් රාධාඇළ සුධම්ම හිමියෝ වැඩවසති.


    ( උපුටා ගැනීම: www.sasunkethaaswadduma.blogspot.com.au )
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිදු පෙන්නලා හම්බ කරන ගානේන්වත් පන්සලට ආධාරයක් කරොත් හොඳා, දැන් වෙළඳ දැන්වීම් යන්නෙ වැඩිහරියක්.
     
    • Like
    Reactions: sahani_000

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ

    මොනවා උනත් ඔය ටෙලි නාට්‍ය යේ ලොකු හාමුදුරුවන්ට ඉන්න එකා නම් ආගම දහම ගැන හැගීමක් නැති එකෙක්...

     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    සිදු පෙන්නලා හම්බ කරන ගානේන්වත් පන්සලට ආධාරයක් කරොත් හොඳා, දැන් වෙළඳ දැන්වීම් යන්නෙ වැඩිහරියක්.

    ඒක නම් එහෙම තමයි පැය භාගෙ ස්ලොට් එකේ නාට්‍යය තියෙන්නෙ මිනිත්තු 17-18 ක් විතර.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia

    මොනවා උනත් ඔය ටෙලි නාට්‍ය යේ ලොකු හාමුදුරුවන්ට ඉන්න එකා නම් ආගම දහම ගැන හැගීමක් නැති එකෙක්...


    ඒ කියන්නෙ ඩබ්ලිව් ජයසිරිද?