සිතා සඟවාගෙන සිටි රාවණා ඇල්ල
සොබාදහමේ විශිෂ්ඨ නිර්මාණයක් වන රාවණා ඇල්ල හෙවත් බඹරගම ඇල්ල, ඇල්ල ( Ella ) – වැල්ලවාය මාර්ගයේ ඇල්ල නගරයෙ සිට කිලෝමීටර් 5ක් ගමන් කරනවිට අපට හමු වේ. විශාල ගල් තලාවකින් කොටස් කිහිපයකට ඇද හැලීමෙන් රාවණා ඇල්ල නිර්මාණය වී ඇත්තේය. රාවණා ඇල්ල පාර මට්ටමේ සිට අඩි 1078ක් උස අතර රාවණා ඇල්ලට ඉහලින් කුඩා රාවණා ඇල්ල නමින්ද දිය ඇල්ලක් ඇත. දිය ඇල්ලේ සුන්දරත්වය හා සම්බන්ධ වූ පුරාවෘත්ත රාශියක් ද ඇත. එයින් රාවණා රජු රාමා – සිතා සම්බන්ධ විවිධ කතා පුවත් රැසකි.
ඇල්ල සම්බන්ධ පුරාවෘත්ත ගනනාවක්ම තියනවා. පුරාණයේ රාම රාවණා කතාවේ රාවණා රජු සීතා කුමරිය සඟවාගෙන සිටියේ මේ ඇල්ල අසල පිහිටි ගල් ගුහාවක කියලා මතයක් තියෙනවා. මේ ඇල්ල කිට්ටුවම වගේ රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරයත්, දෝව පුරාණ විහාරයත් පිහිටලා තියෙනවා. රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරයට යන ඔයාලාට රාවණා රජු විසින් සීතා කුමරිය සඟවා සිටියා කියන ගල් ගුහාව දැක බලා ගැනීමට පුලුවන්.
වාල්මිකී විසින් රචිත රාමායණයේ කියැවෙන රාම – රාවණා කතා පුවතත් සමග මෙම අලංකාර දිය ඇල්ලත් සම්බන්ධතාවයක් පවතී. රාවණා රජතුමා විසින් සීතා කුමරිය රැගෙන විත් රදවා තැබුවායි සැළකෙන්නේ පෙර කී රාවණා ඇල්ල සමීපයේය. ඒ පිළිබද ඕනෑ තරම් ජනප්රවාද අප අසා තිබෙනවා. සීතා කුමරිය රැගෙන විත් ආරක්ෂා සහිතව රදවා තැබීමට සුදුසුම ප්රදේශය ලෙස රාවණා රජු මෙම රාවණා ඇල්ල අවට තෝරා ගත් බව පෙනෙයි.
එයට සාධකයක් ලෙස රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරය ( මෙම විහාරය ක්රි .පූ.2 සියවසේ දී වළගම්බා රජු විසින් කරවන ලද්දකි ) ආසන්නයේ පිහිටා ඇති රාවණා ගුහාව පෙන්වා දිය හැක. මෙම රාවණා ගුහාව, රාවණා රජු විසින් සීතා කුමරිය රදවා තැබූ ගුහාව යැයි ජනවහරේ කියැවේ.
වසරේ මැයි සිට සැප්තැම්බර් දක්වා වන කාල පරාසය තුල ඇද හැලෙන නිරිත දිග මෝසම් වර්ෂාව හැරුණු කොට රාවණා ඇල්ලෙහි සැඩ පහර වර්ධනය කරනුයේ ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා වන කාල පරාසයෙහි ඇද හැලෙන අන්තර් මෝසම් වර්ෂාව පමණි. කෙසේ වෙතත් සෑම වසරකම පාහේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු යන මාසයන් හිදී ඇතිවන වියළි කාළගුණික තත්ත්ව නිසාවෙන් රාවණා ඇල්ලෙහි ජල පහර නිරන්තයෙන් අවම මට්ටමක පවතී.
හැබැයි මේ ස්ථානය කොතරම් සුන්දර උනත් ඉතා අනතුරුදායක බවත් කියන්න ඕනි.ජලය පිරුණු ගැඹුරු වලවල්,ලිස්සන සුළු ගල් පර්වත,මෙහි බහුලයි..වාර්ෂිකව ජීවිත රැසක් බිලිගන්නා තැනක් හැටියටත් මේ ස්ථානය ප්රකටයි.වර්ෂා සහිත ජලය වැඩි කාලයට රාවනා ඇල්ලේ දිය නෑම කිසිසේත්ම සුදුසු නෑ කියලා ඒ අවට ඉන්න බොහෝ දෙනෙක් අපිට කිව්වා.ජලය අඩු කාලෙට නම් දිය නෑවට කමක් නෑ..ඒත් සුදුසු ස්ථාන වලින් විතරක්.
ඒ වගේම මෙහි ගල්කුළු මතින් ඉහලට නගින්න උත්සහ කරන්න එපා.පහලට ඇද වැටුනොත් ඔබේ ජීවිතය බේරීමේ ප්රවනතාව ඉතාම අඩුයි. ඒ නිසා සුන්දරත්වය නරඹන්න යන්න.විඳින්න එත් නිරන්තර අවධානයෙන් සහ සිහියෙන් කටයුතු කරන්න. මත්පැන් ,පොලිතින් මේ සුන්දර පරිසර කලාපයට ගෙනයන්න එපා. පරිසරය වගේම ඔබේ ජීවිතයත් අවධානමේ හෙලාවී.
source http://thewoman.lk/ella-sri-lanka/
රාවණා රජු සිතා දේවිය සඟවා තිබු රාවණා ඇල්ල