සිත දියුණු කිරීමට නම් මහා වීර්‍යයක් තිබිය යුතුය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    සිත දියුණු කිරීමට නම් මහා වීර්‍යයක් තිබිය යුතුය. සිතට නිරන්තරයෙන්ම නැගෙන අකුසල් සිතිවිලි මැඩගෙන කුසල් සිතිවිලි පැවැත්විය යුතුය. ඒ සදහා සිතට එන සිතිවිලි දැන ගත යුතුය. සතිය අවශ්‍ය වන්නේ එබැවිනි. සතිය නැත්නම් මොනවා සිතනවාද, කිව්වාද, කරාද කියා නොදනී. කොතෙක් ධර්මය අසා , හොද නරක දැන සිටියද සතියෙන් තම සිත දෙස බැලීමට හැකියාවක් නොමැතිනම් ඒ දැන උගත් ධර්මය ක්‍රියාවට පත් කළ නොහැකිය.

    සතිය පුහුණු කළ යුතුය. ධර්ම මාර්ගයට එන ආධුනිකයා විසින් මුල සිට පුහුණු කළ යුතු ඉතාමත්ම වැදගත් දෙයකි සතිය. ඒ සදහා වීර්‍යයක් තිබිය යුතුය. සතිය නැතිනම් සමාධියේ වැඩීමක් තිබිය නොහැකිය . සිත අයාලේ යයි.
    උදාහරණයක් ලෙස අප අකමැති දෙයක් ඇසුණා, දුටුවා යැයි සිතමු. එවිට නිරායාසයෙන් මෙන් සිතට තරහක් එයි. ඒ පුද්ගලයා ගැන නොරිස්සීමක් හට ගනී. ඇතැම් විට බනින්නට පවා පෙළඹෙයි. ඒ සියල්ල සිදුවන්නේ සතිය නොමැති කම නිසාය. සතිය මනා ලෙස ක්‍රියාත්මක කළ හැකි නම් එවැනි අකමැති අරමුණක් හමුවූ කල්හි, එය අනිත්‍ය , අනාත්ම , අසුබ ආදී කවරාකාරයකින් හෝ විමසා බලා සිතට නැගෙන්නට තිබූ කෙලෙස් ජය ගත හැකි වනු ඇත. අසා දැනගෙන , කියවා තිබූ ධර්මය නිසි තැනට යොදා ගත හැකි වන්නේ සතිය නිසියාකාරව ක්‍රියා කරන්නේ නම් පමණි.

    එය වැඩිය යුතු දෙයකි. සතිය වඩවාගැනීමට මුල සිට කළ හැකි නොයෙක් ආකාරයේ ක්‍රම තිබේ. එදිනෙදා වැඩ කරන අතරතුර සිත නොයෙක් අරමුණු වලට දිවීම නතර කොට "බුද්ධෝ " යන වචනයම අඛණ්ඩව සිතින් මෙනෙහි කිරීම ඉතාමත් ප්‍රචලිත හා ප්‍රතිඵලදායක ක්‍රමයකි. තවද ඔබ කරන ක්‍රියාව පිළිබඳව සිතින් සිතමින් එහි නියළීමද සාර්ථකය. එනම් සෝදන විට " සෝදනවා " ලෙසින් සිතින් සිහි කරමින් ඒ වැඩෙහි යෙදීමයි.
    කෙළවරක් නැති සිතිවිලි වල පැටළෙමින්, අකුසල් උපදවා ගන්නවා වෙනුවට මෙවැනි පරිකම්ම වදන් භාවිතා කිරීම ඉතාමත් සුදුසුය.

    කයින්, වදනින් වැළකී සිටියද සිතින් කොතෙක් නම් ලෝභ, ද්වේෂ, මෝහ සිතිවිලි ගලා යයිද..! ඒවා කොපමණදැයි කියා අප දන්නේත් නැත. අප නිරතුරුවම ඇසින්, කණින් ආදී ආයතන වලින් ලැබෙන අරමුණු අරඹයා කොපමණ නම් සිතිවිලි ජනිත කර ගන්නවාද..
    උදාහරණයක් ලෙස ඔබ දකින රූපයක් ගැන සිතන්න. අපට ඒ අරඹයා නැඟෙන්නෙ කවරාකාර සිතිවිලිද..
    ඇඳගෙන සිටින ඇඳුම... ලස්සනද..කැතද.. දමා සිටිනා සපත්තු..ඔරලෝසු.. මාල වළලු. අත්බෑග්..ඒවා ගන්නට ඇත්තේ කොහෙන්ද...ඒවා ලස්සනයි.. කැතයි... ඇය ආඩම්බරයි. අහින්සකයි. පණිඩිතයි...මේ ආදී කොතෙක් නම් සිතිවිලි පැන නඟීද.. මේ සියල්ල සසර දික් කරවන සිතිවිලිය.. සතිය නොමැතිකම නිසා හිතට ගලා එන සිතිවිලිය. ඔබ මනා සතියෙන් යෝනිසෝ මනසිකාරයෙන් යුතු වූවා නම්, ඔබට ඒ රුව දකිත්ම එය පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු වලින් යුත් නිරන්තර අභාවයට යන රූපයක් බවත්.. දෙතිස් කුණපයෙන් යුත් රූපයක් බවත්..ඒ රුව අනාත්ම බවත්...ජරාව , ව්‍යාධිය, මරණය, ඒ රුව ඉක්මවා ඔබ මනසින් දකිනු ඇත..එයයි යෝනිසෝ මනසිකාරය.. එයයි සතිය...

    පුහුණු කරත්ම මේවා නිරායාසයෙන් සිතට නඟී. ඔබේ පුහුණුව කුමන මට්ටමක පවතින්නේදැයි ඔබටම විමසා බැලිය හැක. සතිය සම්පූර්ණ වන්නේ රහත් මාර්ග ඵලයෙනි. එතෙක් සතිය වඩවා ගත යුතුය.
    ධර්මය යනු පුහුණු කළ යුතු ප්‍රායෝගික දෙයක් විනා , හිඳගෙන අස අසාම සිටිය යුතු දෙයක් නොවේ. සසර පුරා අයාලේම දිවූ සිත මෙසේ හික්මවීම සුළුපටු වීර්යයකින් කළ නොහැක. වීර්යය අත්‍යවශ්‍යය. කළණ මිතුරු ඇසුර අත්‍යවශ්‍යයය. ගුරු ඇසුර අත්‍යවශ්‍යය..

    එක මොහොතකදීවත් ගිළිහී නොයන සතියක් පවත්වා ගන්නට තරම් අප දියුණු විය යුතුය. මේ සෑම දෙයම කරන්නට අපට ඇත්තේ ඉතා සීමීත කාලයකි. සිනා කවටකම් මැද, ගේ දොර වැඩ පළ මැද, රූපවාහිනි නාට්‍ය, සංගීත , සාජ්ජ, ගමන් බිමන් මැද අපට මේ සත්‍යය වැසී යන්නේ නොදැනුවත්වමය.. සිත දියුණු තියුණු කරවන දේවල් නොව, කෙලෙස් ආගාධයේ ගිලෙමින් තව තවත් සිත මොට කරවන අරමුණු වැහි වැහැලාය.. රූපවාහින්යේ ප්‍රවෘත්ති විකාශයක් බැලූ විට කොතෙක් නම් හිස් ලෝකයක, හිස් අරමුණු වල මිනිසා ගිළී ඇද්දැයි සිතේ. චන්ද ව්‍යාපාර, මිනී මැරුම්, සොරකම්, අනතුරු, අපරාධ, ලෙඩ රෝග, ස්ත්‍රී ළමා දූෂණ ආදී කෙළවරක් නැති කෙලෙස් මඬ ගොහොරුවකි.
    මම,මගේ , අපේ නොකර මමත්වයෙන් මිදී පොදු සත්වයන් යන හැගීමෙන් සිතින් බලන කල්හි මෙය කොතෙක් නම් දුක්ඛ සත්‍යයක්දැයි අවබෝධ වේ. නමුත් සාමාන්‍ය ජනතාව එසේ අවබෝධයක් ලබා ගන්නේ නැත. ඔවුන් ඒ පුවතක් පුවතක් පාසා කොපමණ නම් කෙලෙස් සිත් උපදවා ගන්නේද.. සිත අවුළුවා ගන්නේද... ඔබේ සිත නිවන හෝ අවුළුවන අරමුණු තෝරා බේරා ගෙන පරිශීලනය කළ යුත්තේ ඔබමය. පැයක් පුරා සිත නිවන දහම් දෙසුමක් අසනු පසෙකලා, පැයක් පුරා ප්‍රවෘත්ති , නාට්‍ය ආදී දෙයක් බැලීම තෝරා බේරා ගත යුත්තේ ඔබමය. ඒ පැය තුළ ඔබ සිතේ ජනිත වන කෙලෙස් සිතිවිලි කල්ප ගණනකට ඔබේ සසර සාදන්නේය. උතුම් දුර්ලභ මනුස්ස ජීවීතයේ ගතවී යන තත්පරයද අහක දැමිය යුතු නොවේ.. මන්ද යත් මේ ගෙවෙන්නේ බුද්ධෝත්පාද කාලයකි. අද පවතින දේ හෙට පවත්නේ නැත.
    එක මොහොතක් අපතේ හරින්නට වේලාවක් නොවේ.. ඒ අප්‍රමාදී බව සෑම මොහොතකම මෙනෙහි කරන්න..

    සිත මුලා කරවන කෝටියක් දේ අතර, සිත හරි මඟට ගෙන්වන දේ අති දුර්ලභය. එය ඉදිරියට තව තවත් දුලභ වනවා හැරෙන්නට...
    සුලභ නම් නොවනු ඇත...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    Deyyo Buduhmaduruwnagen ahuwama kivve try kareth ne try karanne nethuwa hitiyeth ne kiyala.oya kiyana widiyata mamek hadagena full niwan dakinna try karana scene ekak wagene :oo: wirya kiyana eke meaning eka weradilada
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    රූපය වනාහී නොඇලිය යුතු රාගයෙන් නොබැදිය යුතු පිළිකුල් කළ යුතු දෙයකි.. රූපයේ ආදීනව දකිමින් එහිලා චන්දය ප්‍රඥාවන්තයන් විසින් ප්‍රහාණය කළ යුතුය. රූපය කෙරෙහි නිබ්බිදාව හදවතින් තුළින් මතුකර ගත යුතුය.රූපයේ පැවතීම නිසා බහුල ලෙස දුක් විදින්නට සිදු වේ. රූපය යනු දුක් උල්පතකි! බුදුරජාණන්වහන්සේ දේශනා කල පරිදි ආදීනව බහුල හුලකි! කේශාන්තයේ සිට පාදාන්තය දක්වා වැළඳිය හැකි රෝග පීඩා පිලිබද යෝගාවරයෙක් නිතර නිතර මෙනෙහි කළ යුතුය. හිස් කබලේ දද හොරි.. මොලළයේ පිළිකා. අධික වේදනා ගෙන දෙන හිසරද.. අක්ශි රෝග ... මුඛ රෝග ආමාශගත රෝග .. ආදිය සිහි කරමින් රූපය වනාහී නොයෙකුත් රෝග පීඩාවන්ට කැදැල්ලක් බව සිහිනුවණින් දත යුතුය.

    " ගෘහපතිය සියුම් ස්ථරයකින් ආවරණය වූ මේ ශරීරය හරියට බිත්තරයක් වගේ. කොයි වෙලාවෙ කැඩෙයිද බිදෙයිද කුඩු වෙයිද කියන්න බෑ ! කුමන රෝගය කුමන අවස්ථාවක ඉස්මතු වෙයිද කියන්න බෑ ! මොහොතකට හරි කෙනෙක් සිතනවා නම් තමා නිරෝගී කියල ඒක මෝඩකම හැර වෙන කුමක්ද ? "

    කුණු හමෙන් කළ ආලේපය ඉවත් කොට රූපයෙ යථා තත්ත්වය නුවණින් විමසා බැලිය යුතුය ...

    " මේ ශරීරය ගඩුවක් වගේ ! කුණු වෙලා සැරව ගලන පණුවො පිරුණු තුවාලය කට කියන අධි වචනයක් ගඩුවක් කියන්නෙ ... මවුපියන්ගෙ සම්භවය නිසා සැදුණු.. බත් මාලු ගිල්වා පෝෂණය කල යුතු පිලිකුල් සහගත කුනපයක් මේ ශරීරය කියන්නෙ ... අවබෝධ කල යුතු සියල්ල අවබෝධ කල සත්‍යවාදී වදන්ය ඒ! මේ ශරීරයෙන් වැගිරෙන්නේ ගලන්නේම පිලිකුල් සහගත දුගදවත්දේය... නාසයෙන් සොටු ., කුනු කෙල සැරව , දහඩිය , මූත්‍රා අසූචි... කනේ කලාදුරු.... කුමන සාරයක් ද ? යෞවනත්වය ඉකමවූ වැහැරුණු කල කවරෙක් නම් බලයි ද මේ රූපය දෙස ... කුණු වී ඕජස් ගලනා මළ සිරුරක ඇති ජුගුප්සාජනක ස්වභාවය ... රස ආහාර ගිල්වමින් සුගන්ධයන් ගල්වමින් පෝෂණය කරමින් ආලේපන පිරිමැදීම් කරන කුණු කයේ යථාර්ථය දැකිය හැකි නම් බුදු වදනට අනුව. යෞවනත්වය ඉකමවා යෑමට පෙරම හෙතෙමේ මහත් ප්‍රඥාවන්තයෙකි ... මහත් වාසනාවන්තයෙකි...
     
    • Like
    Reactions: anunimous

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    Deyyo Buduhmaduruwnagen ahuwama kivve try kareth ne try karanne nethuwa hitiyeth ne kiyala.oya kiyana widiyata mamek hadagena full niwan dakinna try karana scene ekak wagene :oo: wirya kiyana eke meaning eka weradilada

    In order to cross the flood, you cant stay still cos you are not crossing then. One shouldnt rush either, coz that interrupts settling the mind. You need to have the perfect balance throughout the whole journey. Keeping this balance needs much effort.

    Dont listen to fellas who say do nothing and wait till the bell rings. lol
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    In order to cross the flood, you cant stay still cos you are not crossing then. One shouldnt rush either, coz that interrupts settling the mind. You need to have the perfect balance throughout the whole journey. Keeping this balance needs much effort.

    Dont listen to fellas who say do nothing and wait till the bell rings. lol
    But who's trying to be in balance?isn't it same as trying to swim or stay still.How can the balance cross anything
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    But who's trying to be in balance?isn't it same as trying to swim or stay still.How can the balance cross anything

    Swimming at steady phase. Staying will not cross. Pushing hard will make you tired and will not cross either.
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    But trying as a 'self' is again like just going shopping. :oo: It doesnt end samsara.

    You try as a 'self' and realize no self after the process. If you can already start with non-self, what do you even have to start? You are already done.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    You try as a 'self' and realize no self after the process. If you can already start with non-self, what do you even have to start? You are already done.
    Isn't that what buddha said not either swim nor non swim.to let it dissolve completly naturaly after samma diiti. :oo: because its not your self that is trying or not trying after that point.
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    Isn't that what buddha said not either swim nor non swim.to let it dissolve completly naturaly after samma diiti. :oo: because its not your self that is trying or not trying after that point.

    what about before that point?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    what about before that point?
    Its not the definition of right effort that buddha said.previously it involves a self.Thats why it all begins with samma diiti.then nature takes place after samma diiti it's not you doing anymore after that,that's the right effort :oo:
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    Its not the definition of right effort that buddha said.previously it involves a self.Thats why it all begins with samma diiti.then nature takes place after samma diiti it's not you doing anymore after that,that's the right effort :oo:

    In order to attain samma dhitti 'you' will have to put much effort into.
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    That's not the right effort buddha was talking about though. :oo: thats what i wanted to mention.

    OP - "සිත දියුණු කිරීමට නම් මහා වීර්‍යයක් තිබිය යුතුය"

    Right effort comes in a developed/developing mind. OP talks about the effort needed to get there. So, if one assumes there is nothing to be done or no effort is needed, everything comes by itself (like some monk says), that is not true.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    OP - "සිත දියුණු කිරීමට නම් මහා වීර්‍යයක් තිබිය යුතුය"

    Right effort comes in a developed/developing mind. OP talks about the effort needed to get there. So, if one assumes there is nothing to be done or no effort is needed, everything comes by itself (like some monk says), that is not true.
    Just asking how can someone have right speech after right view.after the right view how can you involve yourself again as a person to do any of these.Those seems to be qualities that comes after the right view not like training again as a person to have right speech