සිත දෙස ප්‍රඥාවේ කැඩපතින් බලන්න...!!!
පුද්ගලයා නිරන්තරවම නිහතමානී විය යුතුය. විවිධ සැප සම්පත්, නම්බු නාම මුල් කොටගෙන පුද්ගලයා අධි මානසික තත්ත්වයන්ට පත් වීම නිවනට බාධාවකි. එමෙන්ම සාමාන්‍ය පුද්ගල ජීවිතයේදී ද ඔහුට විවිධ කරදර බාධකවලට මුහුණ පෑමට සිදු වේ. එබැවින් සාමාන්‍ය පුද්ගල ජීවිතය සාර්ථක කර ගැනීම සඳහාත්, නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම සඳහාත් තමා නිහතමානී පුද්ගලයකු වීම වැඩදායක වේ. පුද්ගලයා නිහතමානී අයකු බවට පත්වන්නේ කෙසේ ද?
ප්‍රථමයෙන්ම, තමා තමාට කල්‍යාණ මිත්‍රයකු විය යුතුය. තමා තමාටම කල්‍යාණ මිත්‍රයකු වීමේදී නිතැතින්ම එම චරිතය තුළම නිහතමානී බව වර්ධනය වේ. නිහතමානී බව නැති පුද්ගලයා කිසි දිනක තමාටම කල්‍යාණ මිත්‍රයකු වන්නේ නැත.
නිහතමානී බව වර්ධනය වී නොමැති නම් පුද්ගලයාට පිටස්තර කල්‍යාණ මිත්‍රයන් දහසක් සිටියද ඉන් ඵලක් වන්නේ ද නැත. ඒ මන්දයත් අධි මානසික තත්ත්වයේ සිටින පුද්ගලයා තමා දන්නේය යන ආකල්පයේ සිට ක්‍රියා කිරීම නිසා පිටස්තර කල්‍යාණ මිත්‍රයන්ගේ වටිනා උපදෙස් පිළිපදින්නේ නැත. එබැවින් පළමුව තමා තමාට කල්‍යාණ මිත්‍රයකු විය යුතුය.
ධර්ම මාර්ගයේ ඉදිරියට යාමට නම් ඔබ තුළ අනිවාර්ය අංගයක් ලෙස නිහතමානී බව පුරුදු පුහුණු කළ යුතුය. “සක්කායදිට්ඨි, විචිකිච්චා, සීලබ්බතපරාමාස” එනම් යමක් තිබෙන්නේ තේරුම් ගැනීමට ය. කුමක්ද මේ “සක්කාය දිට්ඨි” ය? මමත්වය ඇලුනා වූ මම ය, මගේ ය කියමින් රැස් කරගත්තා වූ දැඩි භාවයන්ය.
පෘථග්ජන පුද්ගලයින් දැනුමෙන්, කීර්තියෙන්, නායකත්වයෙන් සිත් පුරවාගෙන සිටී. යන යන තැන තමාම නායකත්වයට පත් විය යුතුය යන මානසිකත්වයේ පිහිටා ඇතැමුන් ක්‍රියා කරති. එහෙත් ඔවුන් ඒ රැස් කරගත්තේ “සක්කාය දිට්ඨිය” බව ඔවුන්ට වැටහීමක් නැත.
අප නොදැන රැස් කරගත්තා වූ අකුසල කර්මයන් ධර්මය ඇසුරු කොටගෙන තමා විසින්ම අත්හල යුතුය. එය කෙසේ කළ යුතු ද? රූපයේ අනිත්‍ය දකිමින් ඇසේ අනිත්‍ය දකිමින්, කන, නාසය, දිව, මනසේ අනිත්‍ය දකිමින් පුරවාගත් අකුසල කර්ම තමා විසින්ම අත්හළ යුතුය.
එහිදී තමා එක්රැස් කළ අකුසල කර්මයන් හිස් කළ තරමට ඒ ඇති වූ හිඩැස පිරෙන තුරුම තව තවත් අවබෝධය සකස් වේ. මෙහිදී තමා ධර්මාවබෝධයෙන් යමක් වටහා ගනීද එහිදී තමාට තමා අතහැරෙන තැනටම අවබෝධය සකස් වේ. එසේ අවබෝධ වූ පුද්ගලයා “පටිච්ච සමුප්පන්නව” ජීවිතය දකී.
පටිච්ච සමුප්පන්නව ජීවිතය දෙස බලන පුද්ගලයා ජීවිතය තුළ ආත්මයක්, සත්වයෙක්, පුද්ගලයකු නොදකී. එසේ නම්, ධර්ම මාර්ගයේ ගමන් කරමින් එම පුද්ගලයා අවබෝධය සකස් කර ගනී. අවබෝධය සකස් කර ගැනීමේදී පටිච්ච සමුප්පන්නව ජීවිතය දෙස බලන පුද්ගලයා ප්‍රථමයෙන්ම අවබෝධ කරගනු ලබන්නේ සක්කාය දිට්ඨිය යි. එසේ නම්, තමාම අවබෝධයෙන් තමා තුළ නිහතමානීභාවය සකස් කර ගත යුතුය.
පුද්ගලයකු සෑම රාත්‍රියකදීම ස්වයං පරීක්ෂණයක් කරමින් තමා තුළ ශීලය අඩු වෙනවාද? ආඩම්බරකම වැඩි වෙනවාද? මාන්නය වැඩි වෙනවාද? තමාගෙන්ම විමසා එයට තමාගෙන්ම පිළිතුරු ද විමසිය යුතුය. එසේ විමසීමේදී තමා ගමන් කරන්නේ වැරදි මාර්ගයක නම් වහාම එයින් ඉවත් විය යුතුය.
මේ අයුරින් සිය ජීවිතය නිවැරදි මඟකට යොමු කර ගැනීමේදී ආදර්ශයට ගත යුත්තේ අනේපිඬු සිටුතුමා, විශාඛා මහා උපාසිකාව වැනි උපාසක උපාසිකාවන්.
වර්තමානයේ පුද්ගලයන් ජීවත් වන්නේ කාමච්ඡන්දයන් වඩන චරිත සමඟිනි. එසේ නම් අප මේ කාමච්ඡන්ද චරිතයන්ගෙන් දුරස් වී අතීතයේ සිටියා වූ පරමාදර්ශී චරිත ඇසුරු කර ගනිමින් ජීවිතය නිවැරදි මඟ වෙත සකස් කරගත යුතුය.
ජීවිතය දෙස මේ අයුරින් දකිමින් යමකු ජීවත්වනවා නම් එම පුද්ගලයා සෝවාන් ඵලයට පත්වන්නට, සතර අපායෙන් මිදෙන්නට කරුණු තුනක් අවශ්‍ය වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ.
ඉන් පළමුවැන්න තෙරුවන් කෙරෙහි වූ අචල ශ්රද්ධාවයි. දෙවැන්න ශීලය යි. ආර්ය කාන්ත ශීලය යි. තුන්වැන්න පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය යි. මේ කාරණා ත්‍රිත්වය ඉතා සරල ය.
පුද්ගලයකු ජීවත් වන්නට ඉතා අපහසු දේ කරයි. රැකියා උදෙසා, ව්‍යාපාර උදෙසා, දරුවන්ට උගන්වා ගැනීම උදෙසා ඉතා අපහසු දේ කරයි. එහෙත් පළමුව සඳහන් කළ කාරණා ත්‍රිත්වය ඉතා ම සරල වූවකි. එයින් භව ගමන උපරිම ආත්ම හතකට සීමා කරයි. වරක් බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳ උදාහරණ සහිතව පැහැදිලි කර ඇත.
අතට පස් අහුරක් ගනිමින් බුදු රජාණන් වහන්සේ පෙන්වා දුන්නේ සෝවාන් ඵලයට පත් වූ පුද්ගලයා ඉදිරියට භව ගමනේ විඳින්නට තිබෙන්නා වූ දුක මෙපමණකි. නමුත් එම පුද්ගලයා මහ පොළොවේ තිබෙන්නා වූ පස් ප්‍රමාණයට දුක්විඳ තිබේ.
ව්‍යාපාර ජීවිතය, විවාහ ජීවිතය ගතකරන්නට විඳින දුක් ප්‍රමාණය බැලූ විට නිවන් මඟෙහි එක් පියවරක් වූ සෝවාන් ඵලයට පත්වීම කෙතරම් සරල ද?
නමුත් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණන් පසුකර ආවත් මේ සරල බව තේරුම්ගෙන නොමැත. තවමත් තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව සකස් කොටගෙන නොමැත. මේ ධර්ම කරුණු කියවනවා සේම බුදු රජාණන් වහන්සේගෙන් ද ඔබ බණ අසා තිබේ. අසූ මහ ශ්රාවකයින් වහන්සේලාගෙන් ද බණ අසා තිබේ. රහතුන් වහන්සේලාගෙන් ද බණ අසා තිබේ.
නමුත් තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, සිල්පද පහ ආර්යකාන්ත ශීලයක් හැටියටත්, පංච උපාධානස්කන්ධයේ අනිත්‍යභාවයත් තවම දකින්නට දක්ෂ වී නැත.
ඒවා අවබෝධ කර නොගත් බව ඔබම වටහාගත යුතුය. එසේ නම් තෙරුවන් කෙරෙහි වූ අචල ශ්‍රද්ධාව ඔබ විසින් සකස් කරගත යුතුය. බුදු රජාණන් වහන්සේගේ මහා කරුණාව, මහා ඥානයන්ගේ ගුණය මනසින් දැක නිවන් මඟ වෙත යොමු වන්නට මාවත සකස් කර ගන්න.
පරමාදර්ශ

පිංවත් රාජගිරියේ අරියඥාන ස්වාමීන්වහන්සේ විසින් ලියන ලද සටහනකි.-