සිද්ධාර්ථය, තොපට ඔය වජ්‍රාසනය හිමිනැතැ”

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    සිද්ධාර්ථය, තොපට ඔය වජ්‍රාසනය හිමිනැතැ”

    582350_439970409364587_100000548965427_1551836_2112448328_n.jpg


    “ සිද්ධාර්ථය, තොපට ඔය වජ්‍රාසනය හිමිනැතැ” යි මාරයා කෝපයෙන් හඩගා කී විට, “”එම්බල මාරය පිරූ සමත්‍රිංසත් පාරමී දම් බලැති, ඥානාර්ථ චරියා, ලෝකාර්ථ චරියා, බුද්ධි චරියා සපුරා ඇති මට මිස තට මෙය උරුම නැතැ” යි බෝසත්හු ප්‍රකාශ කළහ. එවිට පාරමී දම් පිරූ බවට සාක්ෂි කවරේදැයි මාරයා ප්‍රශ්න කළේය.

    මේ මහා පෘථවිය ඊට සාක්ෂි දරණු ඇතැයි බෝසත්හු වජ්‍රාසනයේ සිටම දකුණත මහ පොළොවට දිගුකළහ. මහ පොළොව මහ හඩින් ගුගුරන්නට විය. මාරයා සහ සේනාවද බියපත්ව අත තිබූ දෑ එහිම දමා හිස් ලූ ලූ අත දිව ගියහ....”


    <<< හැබැයි අප ඉදිරියේ ප්‍රශ්ණයක් සහිත ගැළුවක් පවතී.... >>>>

    තුන්ලෝකාග්‍ර වූ සම්මා සම්බුද්ධ වූ මාගේ අමා මැණී නිදුකාන්න් වහන්ස... ඔබ වහන්සේට සෙවන සිසිල සලසමින් ආරක්ෂාව රැකවරණය සපයමින් උතුම් සම්බුද්ධත්වයට උපකාරී වූ ඒ අති උතුම් සිරි මහා බෝ සමිදුන්... අශෝක ආදිරාජ්‍යයාගේ බිසව වූද දැඩි හින්දු බැති මතියක් වූද තිසරක්ඛා නම් ගැහැණිය විසින් කටු ගසා විනාස කලා යැයි සම හරක්
    කියති... අනේ එසේ උනේ කෙසෙදැයි සම හරක් ද නොදනිති... එතකුදු නම් කම් නැත.... ඔබ වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පිළිපන් මොහොතේ ඔය සිරි දේහය දරා උසුලා සිටි ඒ උත්තරීතර වජ්රාසනය ද අද නැත... සම හරක් පවසනුයේ ඒවා විනාසවී ගිය බවයි...
    ##### සර්වඥයන් වහන්ස... පෘතග්ජන ලොකයාට කමා කරත්වා... ඔබ උපන් දීපයවත් සොයාගනු නොහැකි තරමටම සමිඳ, අපි අද ඔබෙන් දුරස් වී සිටින්නෙමු? ##
     
    • Like
    Reactions: ll-MegaMind-ll

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අපේ ධර්මයේ කිසිම නීතියක් න බුදු රජාණන් වහන්සේ ගැන ප්‍රශ්න කරන්න එපා කියල (දෙවියෝ ගැන ප්‍රශ්න කරන්න එපා කියල ඒ ඒ ආගම වල තියෙනවා ).

    සියලු දේවල් නැසෙන සුලුය් කියන්නේ නිකමට නෙවෙඉනෙ. අනිත් එක බුදු දහම magic තියෙන දහමක් නෙවෙඉ. එක මිනිස්සුන්ට හරියට ජීවත් වෙන්න කියල දෙන ආගමක්. මටනම් කවදාවත් ඕව ප්‍රශ්නයක් නෙවෙඉ. ධර්මයේ ප්‍රශ්නයක් තියෙනවනම් ඒවා දන්නා කෙනෙක්ගෙන් අහල විසදා ගන්න ඕනේ.
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    සියලු සංස්කාරයෝ නැසෙන සුලුය කියල දේශනා කළේ ඔය බෝදිය හෙවනෙම උතුම් සම්බෝදියට ආපු උත්තමයම තමා.
    ඉතින් බුදුන්ගේ හතර මායිම් හොයන්නේ නැතිව නොපැකිලිව ධර්මයේ හැසිරෙන්න.

    සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියෝ දපනං
    ඒතං බුද්ධාන සාසනං
     
    Last edited: