සිනමාව ගිනිඅවි සහ බොරුව-2
චිත්‍රපට සමහරක්
Boondock Saints, Die Hard, Reservoir Dogs
ක්‍රියාදාම චිත්‍රපටවල එන සමහර දර්ශනවල සතුරාගේ හිසට අත්තුවක්කුවක්(පිස්තෝලයක් හෝ රිවෝල්වරයක්)අල්ලාගෙන සිටින විට ඔහු අවියේ මිටිය තම මහපට ඇගිල්ලෙන් පහළට අදින විට උස් ශබ්දයක් පිටවේ.දැන් තමන්ට මොහු වෙඩි තබන්නට සූදානම් වන බව සතුරා තේරුම් ගනියි.පහත දැක්වෙන්නේ Boondock Saints හි MacManus සහෝදරයන් ඒ හා සමාන දර්ශනයක පෙනී සිටින අයුරුය.
දැන් මොකක්ද මේකේ තියෙන අවුල?අවුල තමයි මිටිය(hammer) පසුපසට ඇදීමේදී එතරම් ශබ්දයක් සැබවින්ම ඇතිවේද යන්න.සත්‍යය නම් චිත්‍රපටය සංස්කරණය කරද්දී එහි සංස්කරණ ශිල්පීන් මෙම ශබ්දය වර්ධනය කර හෝ වෙනත් ප්‍රබල ශබ්දයක් ඊට ඇතුලත් කිරීමයි.රිවෝල්වරයක නම් මිටිය පසුපසට ඇදීමෙන් කරන්නේ බැරලයේ නියමිත ස්ථානයට නව උණ්ඩයක් රැගෙන ඒමයි.තවද ඉන් ලැබෙන එක් වාසියක් වන්නේ වෙඩි තැබීමේදී කොකා ගැස්වීමට යෙදිය යුතු බලය අඩුවීමයි,මන්ද මිටිය(hammer) පහලට ගෙන ආ විට කොකා ද පසුපසට ගමන් කරයි.සමහර පිස්තෝලවලද මිටිය පහලට ඇද වෙඩි තැබීමේ හැකියාව තිබෙන අතර නවීන පිස්තෝලවල මිටිය(hammer) තිබෙන්නේ ඇගිල්ලෙන් ඇදිය නොහැකි සේ ආවරණය කරය.
රිවෝල්වරයක මිටියේ ක්‍රියාකාරීත්වය
පිස්තෝලයක කොකා ගැස්සවීමේදී එන ශබ්දය
ක්‍රියාදාම චිත්‍රපටවල භාවිතා කරන ෂොට්ගන් එකක් නැවත පුරවද්දීද සැලකිය යුතු ශබ්දයක් නිකුත් කරනවා ඔබ දැක ඇති.
දැකගත හැකි චිත්‍රපට
Jaws, Casino Royale, Matrix Reloaded
සමහරක් පැරණි චිත්‍රපටවලදී වීරයා ගොඩනැගිල්ලකට වෙඩි තැබුවත් වාහනයකට වෙඩි තැබුවත් ඒවා වහා ගිනිගෙන පිපිරී විනාශ වේ.මෑත කාලීන ක්‍රියාදාම චිත්‍රපටවලද වැනි දර්ශන නොඅඩුව ඇතුලත් කරන්නට චිත්‍රපට රචකයන් ක්‍රියා කර තිබේ.වාහනයක තෙල් හෝ ගෑස් ටැංකියට වෙඩි තැබීමෙන් හෝ පෙරළී ගිය වාහනයකින් කාන්දුවන තෙල් මතට වෙඩි තැබීමෙන් හෝ ඒවා ගිනිගන්නවා පුපුරවා හැරීම හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටවල සුලභය.
රථවාහන නිෂ්පාදකයන් සහ අධි පීඩන බහලුම් නිපදවන්නෝ තම නිෂ්පාදනවල තත්ත්වය ගැන එතරම් නොසැලකිලිමත් නම් සිදුවන සෑම රථවාහන අනතුරක්ම මහා පිපිරීම් සහ ගිනිගැනීම්වලින් අවසන් වන ඛේදවාචකයන් බවට පත්වේවි.වාහන එකිනෙක ගැටුණු සැනින් පුපුරා යන දර්ශනද ඔබ අනන්තවත් චිත්‍රපට තුලින් දැක ඇති.නමුත් යථාර්තය ඊට හාත්පසින්ම වෙනස් බව ඔබ එදිනෙදා දකින රථවාහන අනතුරුවලින්ම පැහැදිලිය.ගෑස් හෝ තෙල් ටැංකියකට වෙඩි තැබූ පමණින් එය පිපිරී යයිද?වෙඩි උණ්ඩයක් එවැනි ටැංකිය තිබෙන වායුව හෝ ද්‍රවයට ගිනි ගැනීමට අවශ්‍ය ඡවලන අංකය සපයන්නේ කෙසේද?උණ්ඩයකට ගින්නක් ඇතිකිරීමට තරම් ගිනි පුලිගුවක් නිකුත් කල හැකිද?මේ සියල්ලට පිළිතුරු Mythbustersහි Scuba Diver and Car Capers - Episode 15 කොටසේදී දැකබලා ගත හැකිය.අපිට කොයින්ද ඕවා බලන්න ඩේටා!මෙහිදී ඔවුන් පරීක්ෂණ කිහිපයක්ම සිදුකරන අතර ඉන්ධන ටැංකි ඉලක්ක කරගෙන එල්ල කල කිසිම උණ්ඩයක් ගින්නක් හෝ පිපිරීමක් ඇතිකර නැත.(සතුරන් වෙඩි තබද්දී වාහනයක දොරට මුවා සිටින කතා නායකයාට කිසිදු හානියක් සිදුවන ඔබ විශ්වාස කරන්නේද? සිනමාව ඔබව කොතරම් මුලාවක දමා ඇද්ද යන්න දැන ගන්න MythBusters(2004 season) Episode 15 – "Scuba Diver and Car Capers" නරඹන්න)
පිස්තෝලයකට මෝටර් රථයක් පුපුරවා හැරිය හැකි යැයි තවමත් ඔබ විශ්වාස කරනවාද?හොලිවුඩයේ භාවිතා වන උණ්ඩවලට ඉන්ධන ටැංකිය හරහා ගමන් කල හැකි නම් පහත වීඩියෝවේ සිටින තුවක්කුකරුවන් රාක්කවලට මුවා වී වෙඩි උණ්ඩවලින් ගැලවෙන්නේ කෙසේද?
මේ ලිපිය ඔස්සේ සාකච්ඡා කලේ සිනමාවේදී ගිනිඅවි හා සම්බන්ධව සමාජගත කර තිබෙන මිත්‍යාවන්ගෙන් අල්පයක් පමණි.ඉතිහාසය සහ සමහරක් සත්‍යය සිද්ධීන් ඇසුරින් නිර්මාණය කල චිත්‍රපටවලද අසත්‍ය සිද්ධීන් ඇතුලත් කර තිබේ(එහෙම නැතුව චිත්‍රපටවල ගතියක් නෑ කියන්නේ).අවස්ථාවක් ලැබුණහොත් ඉදිරියේදී ඒ ගැනත් කතාකරමු.
Source:Cracked.com
-HarshaLulzSec-
කොකා ගැස්සීමේ කලාව
චිත්‍රපට සමහරක්
Boondock Saints, Die Hard, Reservoir Dogs
මිත්‍යාව
ක්‍රියාදාම චිත්‍රපටවල එන සමහර දර්ශනවල සතුරාගේ හිසට අත්තුවක්කුවක්(පිස්තෝලයක් හෝ රිවෝල්වරයක්)අල්ලාගෙන සිටින විට ඔහු අවියේ මිටිය තම මහපට ඇගිල්ලෙන් පහළට අදින විට උස් ශබ්දයක් පිටවේ.දැන් තමන්ට මොහු වෙඩි තබන්නට සූදානම් වන බව සතුරා තේරුම් ගනියි.පහත දැක්වෙන්නේ Boondock Saints හි MacManus සහෝදරයන් ඒ හා සමාන දර්ශනයක පෙනී සිටින අයුරුය.
සත්‍යය
දැන් මොකක්ද මේකේ තියෙන අවුල?අවුල තමයි මිටිය(hammer) පසුපසට ඇදීමේදී එතරම් ශබ්දයක් සැබවින්ම ඇතිවේද යන්න.සත්‍යය නම් චිත්‍රපටය සංස්කරණය කරද්දී එහි සංස්කරණ ශිල්පීන් මෙම ශබ්දය වර්ධනය කර හෝ වෙනත් ප්‍රබල ශබ්දයක් ඊට ඇතුලත් කිරීමයි.රිවෝල්වරයක නම් මිටිය පසුපසට ඇදීමෙන් කරන්නේ බැරලයේ නියමිත ස්ථානයට නව උණ්ඩයක් රැගෙන ඒමයි.තවද ඉන් ලැබෙන එක් වාසියක් වන්නේ වෙඩි තැබීමේදී කොකා ගැස්වීමට යෙදිය යුතු බලය අඩුවීමයි,මන්ද මිටිය(hammer) පහලට ගෙන ආ විට කොකා ද පසුපසට ගමන් කරයි.සමහර පිස්තෝලවලද මිටිය පහලට ඇද වෙඩි තැබීමේ හැකියාව තිබෙන අතර නවීන පිස්තෝලවල මිටිය(hammer) තිබෙන්නේ ඇගිල්ලෙන් ඇදිය නොහැකි සේ ආවරණය කරය.
මිටිය මොකක්ද ? මිටිය පිටතට පෙනෙන සහ නොපෙනෙන රිවෝල්වර තිබේ.පහත දැක්වෙන්නේ රිවෝල්වරයක කොටස් හඳුන්වාදී තිබෙන ඡායාරූපයකි.
පිස්තෝලයක මිටිය සහ අනෙකුත් කොටස් දැක්වෙන ඡායාරූපයක්

පිස්තෝලයක මිටිය සහ එහි අනෙක් කොටස් ක්‍රියාකරන අයුරු
රිවෝල්වරයක මිටියේ ක්‍රියාකාරීත්වය
පිස්තෝලයක කොකා ගැස්සවීමේදී එන ශබ්දය
ක්‍රියාදාම චිත්‍රපටවල භාවිතා කරන ෂොට්ගන් එකක් නැවත පුරවද්දීද සැලකිය යුතු ශබ්දයක් නිකුත් කරනවා ඔබ දැක ඇති.
උණ්ඩ සියලුදේ පුපුරවා හරියි
දැකගත හැකි චිත්‍රපට
Jaws, Casino Royale, Matrix Reloaded
මිත්‍යාව
සමහරක් පැරණි චිත්‍රපටවලදී වීරයා ගොඩනැගිල්ලකට වෙඩි තැබුවත් වාහනයකට වෙඩි තැබුවත් ඒවා වහා ගිනිගෙන පිපිරී විනාශ වේ.මෑත කාලීන ක්‍රියාදාම චිත්‍රපටවලද වැනි දර්ශන නොඅඩුව ඇතුලත් කරන්නට චිත්‍රපට රචකයන් ක්‍රියා කර තිබේ.වාහනයක තෙල් හෝ ගෑස් ටැංකියට වෙඩි තැබීමෙන් හෝ පෙරළී ගිය වාහනයකින් කාන්දුවන තෙල් මතට වෙඩි තැබීමෙන් හෝ ඒවා ගිනිගන්නවා පුපුරවා හැරීම හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටවල සුලභය.
සත්‍යය
රථවාහන නිෂ්පාදකයන් සහ අධි පීඩන බහලුම් නිපදවන්නෝ තම නිෂ්පාදනවල තත්ත්වය ගැන එතරම් නොසැලකිලිමත් නම් සිදුවන සෑම රථවාහන අනතුරක්ම මහා පිපිරීම් සහ ගිනිගැනීම්වලින් අවසන් වන ඛේදවාචකයන් බවට පත්වේවි.වාහන එකිනෙක ගැටුණු සැනින් පුපුරා යන දර්ශනද ඔබ අනන්තවත් චිත්‍රපට තුලින් දැක ඇති.නමුත් යථාර්තය ඊට හාත්පසින්ම වෙනස් බව ඔබ එදිනෙදා දකින රථවාහන අනතුරුවලින්ම පැහැදිලිය.ගෑස් හෝ තෙල් ටැංකියකට වෙඩි තැබූ පමණින් එය පිපිරී යයිද?වෙඩි උණ්ඩයක් එවැනි ටැංකිය තිබෙන වායුව හෝ ද්‍රවයට ගිනි ගැනීමට අවශ්‍ය ඡවලන අංකය සපයන්නේ කෙසේද?උණ්ඩයකට ගින්නක් ඇතිකිරීමට තරම් ගිනි පුලිගුවක් නිකුත් කල හැකිද?මේ සියල්ලට පිළිතුරු Mythbustersහි Scuba Diver and Car Capers - Episode 15 කොටසේදී දැකබලා ගත හැකිය.අපිට කොයින්ද ඕවා බලන්න ඩේටා!මෙහිදී ඔවුන් පරීක්ෂණ කිහිපයක්ම සිදුකරන අතර ඉන්ධන ටැංකි ඉලක්ක කරගෙන එල්ල කල කිසිම උණ්ඩයක් ගින්නක් හෝ පිපිරීමක් ඇතිකර නැත.(සතුරන් වෙඩි තබද්දී වාහනයක දොරට මුවා සිටින කතා නායකයාට කිසිදු හානියක් සිදුවන ඔබ විශ්වාස කරන්නේද? සිනමාව ඔබව කොතරම් මුලාවක දමා ඇද්ද යන්න දැන ගන්න MythBusters(2004 season) Episode 15 – "Scuba Diver and Car Capers" නරඹන්න)
පිස්තෝලයකට මෝටර් රථයක් පුපුරවා හැරිය හැකි යැයි තවමත් ඔබ විශ්වාස කරනවාද?හොලිවුඩයේ භාවිතා වන උණ්ඩවලට ඉන්ධන ටැංකිය හරහා ගමන් කල හැකි නම් පහත වීඩියෝවේ සිටින තුවක්කුකරුවන් රාක්කවලට මුවා වී වෙඩි උණ්ඩවලින් ගැලවෙන්නේ කෙසේද?
මේ ලිපිය ඔස්සේ සාකච්ඡා කලේ සිනමාවේදී ගිනිඅවි හා සම්බන්ධව සමාජගත කර තිබෙන මිත්‍යාවන්ගෙන් අල්පයක් පමණි.ඉතිහාසය සහ සමහරක් සත්‍යය සිද්ධීන් ඇසුරින් නිර්මාණය කල චිත්‍රපටවලද අසත්‍ය සිද්ධීන් ඇතුලත් කර තිබේ(එහෙම නැතුව චිත්‍රපටවල ගතියක් නෑ කියන්නේ).අවස්ථාවක් ලැබුණහොත් ඉදිරියේදී ඒ ගැනත් කතාකරමු.
Source:Cracked.com
-HarshaLulzSec-
Last edited:

උන්ටත් හිතෙන දේවල්