සිනමාව

chrishanthi_nadeeshani

Junior member
  • Dec 21, 2012
    53
    12
    8
    අද අපේ ජනප්‍රිය සිනමා දැවන්තයින් අධ්‍යක්‍ෂකවරුන් වෙලා ඉන්නෙ නිෂ්පාදකයන් නිසාය. හිතන්න ඔබට වඩු කාර්මිකයෙක් වෙන්න ඕනෙනනම් අඩුම ගානෙ වඩු මඩුවක වැඩ කරන්නම ඕනෙ. ඒ වගේ චිත්‍රපට අධ්‍යක්‍ෂක වරයෙක් වෙන්නනම් චිත්‍රපට අධ්‍යක්‍ෂණය කරන්නම වෙනමා. චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරන්නටනම් ලේසි නැහ සල්ලිම ඕනෙ. සල්ලි හොයාගන්න හොද අත්තක් හොයාගන්න වෙනවාමයි. ඒ කියන්නෙ ව්‍යාපරකයෙක් හොදට සල්ලි තියෙන.

    images

    220px-Prasanna_Vithanage.jpg

    පුසන්න විතානගේ, අශෝක හදගමගේ අයල ලංකාවෙ හොදම අධ්‍යක්‍ෂකවරුන් වුනේ එහෙමයි. ඒත් මේ වගේ අධ්‍යක්‍ෂකවරුන් අද රටේ නිශ්පාදකයන් විනශ කරනමින් ඉන්නෙ. බොරු බේගල් දාල සල්ලි තියෙන මින්සු අන්දවමින් ලක්ෂ 50ට කරන්න පුළුවන් චිත්‍රපට ලක්ෂ 200-300 වියදම් කර නිෂ්පාදනය කරල අන්තිමට ලක්‍ෂ 50ක්වත් ආදායම් ගන්න බැහ. හොදට බැලුවොත් මේ අධ්‍යක්‍ෂකවරුන් චිත්‍රපට 10ක් කලොත් නිෂ්පාදකවරුන් 10ක් ඉන්නවා. ඒ කියන්නෙ ආයෙත් උන් ෆිල්ම් හදන්න එන්නෙ නැහ. මම දන්න විදියට ප්‍රසන්න සහ අශෝක යන් අය හදපු සියළුම චිත්‍රපට ලොස්ට්... ප්‍රසන්න විතානගේ චිත්‍රපටියක් හැදුවායින් පස්සෙ නිශ්පාදකය දාල යනවළු.. අශෝක හදගම හදපු චිත්‍රපටි දෙකකින් ලක්‍ෂ 15ක්වත් හොයල නැතිළු. ඒ කියන්නෙ ලක්ෂ 150 ක් දාපු කෙනෙක්ට යන එනමක් නැහ. ප්‍රසන්නගේ "ඔබ නැතුව ඔබ එක්ක" සත පහක්වත් හොයල නැත. ඒ කියන්නෙ නිෂ්පාදකවරු තමන්ගෙ ගෙවල් උගස් කරල හදපු චිත්‍රපට වලට යන එනමක් නැහ. රු 1000කට චිත්‍රපටියක් හැදුවත් රු ලක්‍ෂ 60ක් ඕනෙ බෙදා හරින්න.

    මේ වගේ අධ්‍යක්ෂකවරුන් නිෂ්පාදකවරුන්ව නොමගයවා නිර්මාණ කරන්නේ සම්මාන ලැබීමට මිසක් නිෂ්පාදකවරුන්ව බේරා ගැනිමට නොවේ. මොකද, සම්මාන ලැබුණහම එය අධ්‍යක්‍ෂකවරයාට ලැබෙන දෙයක් මිස නිෂ්පාදකවරුන්ට කිසිම දෙයක් ලැබෙන්නෙ නැහ. අද සිනමාව වැටිල තියෙන්නෙ මේවගේ තම වාසිය පතා සිතන අධ්‍යක්‍ෂකවරුන් නිසාය.

    වැඩක් නැති නිර්මාණ නිසා අපි ඉස්සර සුනිල් ටී නිෂ්පාදකයාට අනන්තව බැණ බැණ ඉදියා. ඇත්තටම ඔහු කරන්නේ වියදම සොයාගත හැකි විකට ෆිල්ම් කරනවා මිසක් වෙන දෙයක් නොවේ. කවුද කැමති තමන්ගෙ සල්ලි ලොස්ට් වෙනවාට. ඔහු ලක්ෂ 50කට වඩා වියදන් කරන්නෙ නැහ. සොමරත්නලා, ජැක්සන්ලා දේශපාලන අතු හොයාගෙන හරි නිෂ්පාදයන් ගොඩ දානවා.

    මේ නූල ඔයාලට එච්චර වටින කමක් නැතිවුණාට මට මේක ලියන්න සිතුනෙ, මම දන්නා කෙනෙක් අශෝකගෙ චිත්‍රපටියකය මුදල් යොදා යන එනමක් නැතිව අනාථ වෙලා ඉන්නවා දැක්ක නිසාය.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මේක සුනිල් ටී. මහතා ඉලිප්පීම උදෙසා කල ප්‍රකාශයක්ද? නැතහොත් සිංහල සිනමාව ගැන නොදැන කල ප්‍රකාශයක්ද, එසේත් නැතිනම් අශෝක හදගම සහ ප්‍රසන්න විතානගේ යන අයවලුන් සමග ඇති කේන්තිය පිටකිරිමක්ද?

    ඔබ නම්කර ඇති තිදෙනාම ඉතා හොදින් දන්නා මෙන්ම ලංකාවේ අනෙකුත් චිත්‍රපට අද්යක්ෂක වරුන් හා නිෂ්පාදක වරුන් මෙන්ම ලංකාවේ සිනමාවට සෘජුව සම්බන්ද හෙයින් මෙය එක හෙලා ප්‍රතික්ෂේප කරමි.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    ihatha nam sandahan thidenawa hondin danna gac wa elakiriye danna kenek hatiyata math meka hela dakinawa :)
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මම දන්න විදියට කලාත්මක හෙවත් සම්භාව්‍ය සිනමාවයි වාණිජ සිනමාවයි කියලා දෙකක්තියෙනව,,,මේ අධ්‍යක්ශක වරු දෙන්නා කලාත්මක සිනමාවට අයත් නිර්මාණ කරන අය,,,රටක සිනමාවට පැවත්මට මේ දෙකම තියෙන්න ඕනෙ,,,,මේ වර්ග 2 ටම අයත් වෙනවෙනම ප්‍රේක්ශක පිරිසක් ඉන්නවා,,,කොහොමත් කලාත්මක නිර්මාණ කියලා සලකන බොහොමයක් චිත්‍රපට වාණිජ වශයෙන් අසාර්ථක වෙනවා,,,ලංකාවෙ විතරක් නොවේ,ඉන්දියාවෙ වෙනත් රටවල් වල වුනත් එහෙමයි,,,ඉතින් සල්ලි දාද්දි නිශ්පාදකවරයාට අදහසක් එන්න ඕනෙ මේක සම්මාන ගත්තොත් ඇද්ද,,ලාබ ලබන්නත් ඕනෙද කියලා,,හඳගමගෙ අප්‍රභංශ නිර්මාණ කොහොම වුනත් ප්‍රසන්නගෙ ෆිල්ම් වලින් යම් උසස් රසවින්දනයක් තිබුනා කියලා මට ප්‍රේක්ශකයෙක් විදියට කියන්න පුලුවන්,,,
     
    chrishanthi_nadeeshani

    Junior member
  • Dec 21, 2012
    53
    12
    8
    ප්‍රසන්නගෙ Films ඇත්තටම හොදයි. බලන්න පුළුවන්

    මම දන්න විදියට කලාත්මක හෙවත් සම්භාව්‍ය සිනමාවයි වාණිජ සිනමාවයි කියලා දෙකක්තියෙනව,,,මේ අධ්‍යක්ශක වරු දෙන්නා කලාත්මක සිනමාවට අයත් නිර්මාණ කරන අය,,,රටක සිනමාවට පැවත්මට මේ දෙකම තියෙන්න ඕනෙ,,,,මේ වර්ග 2 ටම අයත් වෙනවෙනම ප්‍රේක්ශක පිරිසක් ඉන්නවා,,,කොහොමත් කලාත්මක නිර්මාණ කියලා සලකන බොහොමයක් චිත්‍රපට වාණිජ වශයෙන් අසාර්ථක වෙනවා,,,ලංකාවෙ විතරක් නොවේ,ඉන්දියාවෙ වෙනත් රටවල් වල වුනත් එහෙමයි,,,ඉතින් සල්ලි දාද්දි නිශ්පාදකවරයාට අදහසක් එන්න ඕනෙ මේක සම්මාන ගත්තොත් ඇද්ද,,ලාබ ලබන්නත් ඕනෙද කියලා,,හඳගමගෙ අප්‍රභංශ නිර්මාණ කොහොම වුනත් ප්‍රසන්නගෙ ෆිල්ම් වලින් යම් උසස් රසවින්දනයක් තිබුනා කියලා මට ප්‍රේක්ශකයෙක් විදියට කියන්න පුලුවන්,,,
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඔය මොකුත් ඔනි නැ ඉස්සර ගැහුවා වගේ ඩබල් ටිකක් ගැහුවානම් ooo yes :-)