සින්දුවේ තේරුම කියමු බලන්න දන්න කෙනෙක්-අහසයි ඔබ මට

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    මේ සින්දුවේ තේරුම දන්න කවුරු හරි ඉන්නවා නම් කියමු බලන්න. ගොඩක් කල් ට්‍රයි කරා හොයාගන්න විදිහක් නෑ.

    අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
    ඉණිමං බඳිනු බැරී
    පොළොවයි ඔබ මට තරුවක් විලසට
    රෑ කල පතිත වෙමි //

    ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ
    අසිනි හඬින් නෑ කඳු බිම් සසල උනේ
    ගඟ කවදා හෝ මුව දොර හමු වෙනවා
    ලොව කැලඹුණු දා කඳු බිම් හැකිලෙනවා

    අහසයි ඔබ මට...

    අනාත සයුරට වැහි දිය දෝත ඔබයි
    අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි
    ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමී
    ඔබ වට කහවනු පවුරට මහ දුරකී

    අහසයි ඔබ මට... //

     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    කෙල්ල පෝසත්.කොල්ලා දුප්පත්.කෙල්ල කියනවා අපි දෙන්නට එකතු වෙන්න අමාරුයි කියලා.ඒත් කොල්ලා රෑට එනවා කෙල්ලව බලන්න.
    පලවෙනි අන්තරා එකෙන් කියන්නේ කොල්ල කීයටවත් ලෝකෙට බයේ කෙල්ල අතාරින්න කැමති නෑ කියලා.
    දෙවනි අන්තරා එකේ කෙල්ල කියනවා කොල්ල ගැන තියෙන ආදරේ.එතකොට කොල්ලත් කියනවා අපි දෙන්න අතරෙ කිසිම ප්‍රශ්නයක් නෑ එකම ප්‍රශ්නෙ සල්ලි තමයි කියලා.
    මට නම් තේරුනේ ඔහොම
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    කෙල්ල පෝසත්.කොල්ලා දුප්පත්.කෙල්ල කියනවා අපි දෙන්නට එකතු වෙන්න අමාරුයි කියලා.ඒත් කොල්ලා රෑට එනවා කෙල්ලව බලන්න.
    පලවෙනි අන්තරා එකෙන් කියන්නේ කොල්ල කීයටවත් ලෝකෙට බයේ කෙල්ල අතාරින්න කැමති නෑ කියලා.
    දෙවනි අන්තරා එකේ කෙල්ල කියනවා කොල්ල ගැන තියෙන ආදරේ.එතකොට කොල්ලත් කියනවා අපි දෙන්න අතරෙ කිසිම ප්‍රශ්නයක් නෑ එකම ප්‍රශ්නෙ සල්ලි තමයි කියලා.
    මට නම් තේරුනේ ඔහොම

    ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ
    අසිනි හඬින් නෑ කඳු බිම් සසල උනේ

    Me kalle theruma mokak kiyalada uba hithanne
     

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    Mata teruna widiyata kiyannam,kollatai kellai samaja thala dekaka aya, a dennata hinekin wath ekathu wenna ba etharam samaja paratharayak thiyenne,

    a dennage adare digatama karan yanawa mona badaka awath,mona balawegekata wath eka nawattanna ba. adare balawath kama hama detama yatai

    mage paalu loketa oya thamai eliya genne,kawada hari apita ekathu wenna puluwan

    wachanen wachane teruma kiyanna giyoth godak wela yanawa,mata terrna hatiyata oka thamai kiyanna try karanne
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
    ඉණිමං බඳිනු බැරී
    පොළොවයි ඔබ මට තරුවක් විලසට
    රෑ කල පතිත වෙමි //

    e dennage panthi paratharaya kiyanne machn.eth kolla rata enawa adare karanna

    ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ
    අසිනි හඬින් නෑ කඳු බිම් සසල උනේ
    ගඟ කවදා හෝ මුව දොර හමු වෙනවා
    ලොව කැලඹුණු දා කඳු බිම් හැකිලෙනවා

    meke mul pada deka kiyanne kella mchn. mata danuna hatiyata eke adahasa .gage watura ihalata gala giye na kiyanne .kella kiynawa mata oyawa labaganna ba ape adare kawadawat dinanna ba kiyala. asini hadin na kadu bim sasala une kiyanne kella kiynawa api monade kalat demapiyange teerana wenas wen na kiyala.dewani part eka kiyanne kolla. eya kiynawa kawadahari gaga muwadora hamuweno wage api ekawei. lokaya / samajaya kalabunama kadum bim walatat hakilenna wenawa.dawasaka eyalatat apiwa piliganna weno kiyala.;)


    අනාත සයුරට වැහි දිය දෝත ඔබයි
    අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි
    ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමී
    ඔබ වට කහවනු පවුරට මහ දුරකී

    meka nika kella kollage guna warnanawak.kolla kiyannawa oya lagai.eth ape panthi bedaya nosa eka loku durak kiyala
    අහසයි ඔබ මට... //
     
    • Like
    Reactions: Aitne

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ
    අසිනි හඬින් නෑ කඳු බිම් සසල උනේ

    Me kalle theruma mokak kiyalada uba hithanne
    ඕක කියන්නේ කෙල්ල.කෙල්ලට සම්බන්ධෙ ගැන විශ්වාස නෑ.ඔය දේවල් දෙකම වෙන්න බැරි දේවල්නේ.කෙල්ල ඒවා උපමාවට අරන් කියන්නේ අපේ ආදරෙත් මේ වගේ කවදාවත් හරියන් නැති දෙයක් කියලා.