සින්දු කාමරය

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මාධවගේ නිවෙසට ගිය ඉෂාර ඔහු පැමිණෙන තෙක් සාලයේ වාඩිවී සිටියේය. එම නිවෙසේ නාන කාමරය පිහිටා තිබුණේ සාලයට යාබදවය. මාධවගේ පියා පැමිණ නාන කාමරයට ඇතුළු වී පයිප්පය හැර සින්දුවක් කියන්නට පටන් ගත්තේය. ඔහු තුවාය ද කරේ දමාගෙන ඉන් පිටවෙද්දී මාධවගේ මව නාන කාමරයට රිංගා ගත්තාය.


ඇයද සින්දුවක් කියන්නට පටන් ගත්තාය. ඉන්පසුව පිළිවෙළින් නාන කාමරයට පිවිසි මාධවගේ අයියා ද, අක්කා ද සින්දු කියමින් නානවා ඉෂාරට ඇසුණි.


ඔහු ඉමහත් කුතුහලයකින් විපිළිසරව සිටියදී මාධව තේ බන්දේසියක් රැගෙන ඔහු වෙත ආවේය.
‘හරි පුදුමයිනෙ බං. උඹලගෙ ගෙදර හැමෝම නාන කාමරේ ඉන්නේ සින්දු කියාගත්ත ගමන්නෙ. මොකද ඒ?’ ඉෂාර ඇසුවේ තම කුහුල සන්සිඳුවා ගැනීමේ අදහසිනි.


‘ඒකෙ ඇති පුදුමයක් නෑ. උඹ අපේ නාන කාමරේට ගියොත් උඹටත් අනිවාර්යයෙන්ම සින්දුවක් කියන්ඩ වෙනවා.’ මාධව සිනාසෙමින් කීවේය.


‘ඒ මොකද ඒ?’ ඉෂාර පුදුමයෙන් ඇසීය.


අපේ නාන කාමරේ දොරක් නැහැනෙ බං.’ මාධව සිනාවෙන්ම පිළිතුරු දුන්නේය.
 
  • Like
Reactions: crazybuddy

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මං දීපු රෙප් වලට උඹගෙ කොටුවක් පැන්නා නේද..? :nerd:

අම්මපා ගිනි බෝලයක් වගේ මූනටම නොවැ වැදුනෙ! මම ඒත් බැලුව මොකක් වුනාද කියල එකපාරටම. :D
 
Last edited: