සින්දු ලියන, තනු තනන ඇමති විමල්!!
සින්දු ලියන, තනු තනන ඇමති විමල්
2011 පෙබරවාරි 12 වෙනි සෙනසුරාදා, 14:11 තිරෙන් පිටුපස - කසු කුසු
(කොළඹ-ලංකාපුවත්) අමාත්‍ය විමල් වීරවංශ යනු විවිධ හැකියාවන් ඇති අසහාය පුද්ගලයෙක් වන අතර ඔහු මේ දිනවල නිරතව සිටින අලුත්ම කාර්ය වන්නේ ගී පද රචනය හා තනු නිර්මාණයයි.
මේ සතියේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ විමල් වීරවංශ මහතා, ජන සෙවණ නිවාස වැඩසටහන වෙනුවෙන් ඔහු අතින්ම ලියවුණු ඔහුගේ කුළුදුල් ගී පද රචනය ජනපතිට පිළිගැන්වීය.
ජන සෙවණ වැඩසටහනේ තේමා ගීතයේ තනු නිර්මාණයද ඔහු විසින්ම නිර්මාණය කර තිබූ අතර එහි රූප රාමු ඇතුළත් වීඩියෝ දර්ශනයට ජනපති ඉදිරියේ ප්‍රදර්ශනය කෙරිණි.
විමල්ගේ මෙම කුළුදුල් ගී පද රචනය සහිත වීඩියෝ පටය දෙස සාවදානව බලා සිටි ජනාධිපතිතුමා, “විමල් ඔයාගේ වැඩ නම් අති විශිෂ්ටයි” යනුවෙන් මහත් වූ සතුටෙන් ප්‍රකාශ පැවසීය.
විමල් ඇමතිතුමාගේ මෙම දක්ෂතාවය අගය කරමින් ජනාධිපතිතුමා, තමන් යටතේ ක්‍රියාත්මක වන ගෙවතු වගා වැඩසටහනේ තේමා ගීතය නිර්මාණය කිරීමේ වගකීම විමල් ඇමතිතුමාට පැවරීය.
විමල් ඇමතිතුමාට සංගීත ක්ෂේත්‍රයේ පසු කිරීමට ඇත්තේ තවත් එක් කඩඉමකි. ඒ ගායකයෙක් වීම පමණි. විමල්ගේ මෙම හැකියාවන් දකින ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් නිරන්තරයෙන් දුක් වනු ඇත්තේ ඔවුන්ගේ අනාගත ‘විමුක්ති ගී’ සඳහා ‘සුපර් ස්ටාර්’ කෙනෙක් අහිමි වීම නිසාය.
ඉස්සරහට තව මොන මොන තාලේ සින්දු ලියයිද දන්නෙ නෑ!!