සින්හලුන්ට සතුට ගේන නිව්ස්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මාධ්‍යවේදී අසාම් අමීන් බිබිසි සිංහල සේවයෙන් නෙරපා ඇති බව වාර්තාවනවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමග සිදුකළ කතාබහක හඩපටයක් නිකුත් වීමත් සමග අසාම් අමීන් පිළිබඳ ආන්දෝලනාත්මක තත්වයක් ඇති වුණා.

    එම හඬ පටවල දැක්වුනේ අසාම් අමීන් පසුගිය ජනාධිපතිවරණයෙදී සජිත් ප්‍රේමදාසට සහය පළකල අයුරුයි.

    කෙසේ වෙතත් අසාම් අමීන් පිළිබඳ කිසිදු අභ්‍යන්තර පරීක්ෂණයකින් තොරව සේවයෙන් නෙරපා හැරීමට බිබිසි සිංහල සේවය කටයුතු කර ඇති බවයි වාර්තාවන්නේ.

    අසාම් අමීන් ඉදිරියේදී එක්තරා රූපවාහිනි නාලිකාවක් සමගින් එක්වීමට නියමිත බවද වාර්තා සඳහන් කරනවා.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පසුගිය මාස කිහිපයේ සිටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු මිල අද (21) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශාල වශයෙන් පහත පහත බැස තිබේ.

    මෙසේ එළවළු මිල පහත වැටීමට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ යාපනය අර්ධද්වීපයේ විශාල වශයෙන් එළවළු තොග අද (21) අලුයම සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම ආරම්භ වීමත් සමඟ බව වෙළෙන්දෝ කියති.

    කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන ගෝවා ,බෝංචි,කැරට් , ලීක්ස් හැර අනෙකුත් එළවළු බොහොමයක මිල මේ ආකාරයෙන් පහත වැටී ඇත.

    එළවලු වර්ග බොහොමයක් ඉකුත් සතියේ දී කිලෝවක් රුපියල් 150- 300ත් අතර මිලයකට අලෙවි වූ අතර අද (21 ) පෙරවරුව වන විට එම එළවලු කිලෝවක තොග මිල රුපියල් 60 - 80 දක්වා පහත වැටී තිබිණි.

    විදේශ රටවලින් ගෙන්වා ඇති ලොකු ලූණු කිලෝවද රුපියල් 45 සිට රුපියල් 90 දක්වා වූ මිලකට අලෙවි වෙති. පසුගිය සතියේ ලොකු ලූනු කිලෝවක් රුපියල් 150ත් 200ත් අතර ඉහළ මිලකට අලෙවි වීම සිදු වූ අතර මේ වන විට එම මිලද කිලෝව රුපියල් 45 දක්වා අඩු ව තිබීම විශේෂයකි.

    පසුගිය සති කිහිපයේ රුපියල් 400 ත් 600ත් අතර අලෙවිවූ අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 180 ත් 200 දක්වාද රුපියල් 250කට අලෙවිවූ වම්බටු කිලෝව මේ වන විට රුපියල් 45ත් 60 දක්වාද රුපියල් 180 කට අලෙවි වූ දඹළ කිලෝ රුපියල් 35 දක්වාද රුපියල් 180 කට අලෙවි වූ පතෝල කිලෝව රුපියල් 60 දක්වා පහත වැටී තිබේ.

    නුවරඑළිය ප්‍රදේශයේ පහුගිය දින කිහිපයේ පැවති වර්ෂාව හේතුවෙන් ගෝවා බෝංචි ලීක්ස් කැරට් මිල පසුගිය සතියට වඩා යම් මට්ටමකින් අඩු වුවද කැරට් කිලෝවක් රුපියල් 350-400ත් අතර බෝංචි කිලෝවක් රුපියල් තුන්සියයකට අලෙවි වූ බෝංචි කිලෝව රුපියල් 160 දක්වා මිල පහත වැටී තිබේ .

    ලීක්ස් කිලෝවක් රුපියල් තුන්සිය හැටකට අලෙවි වූ අතර මේ වන විට ලීක්ස් කිලෝවක තොග මිල ද රුපියල් 240 දක්වා පහත වැටී තිබේ. ඉකුත් සතියේ රුපියල් 350ක් 400ක් අතර වූ අතර අලවි වූ තක්කාලි කිලෝ තොග මිල ද රුපියල් 250 දක්වා පහත වැටී තිබීම විශේෂත්වයකි.

    ඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දන් කියා සිටියේ මින් ඉදිරියට දිගටම එළවළු ලැබීමත් සමඟ මිල පහත යන බවට විශ්වාසය පළ කළ හැකි බව ය .යාපනය අර්ධද්වීපයෙන් වීශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට බීට්රූට් තොග ලැබීමත් එක්ක පසුගිය සතියේ කිලෝව්ක් රු 280කට අලෙවි වූ බිට් කිලෝව රුපියල් 60 දක්වා පහත වැටි ඇති බව දඹුල්ලේ වෙළෙන්දෝ කියති .
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජල ගාස්තුව කිසිලෙසකින්වත් වැඩිකිරීමට රජය අදහස් නොකරන බව පවසන ජල පහසුකම් රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර, ඉදිරියේදී ජල ගාස්තු වැඩි කරන්​නේ නම් එහිදී පළමු ඒකක 20 සඳහාම දැනට දෙන මිල සහනය ලබාදෙන බව පැවැසීය.

    ඊයේ (20 වැනිදා) බොරැල්ලේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවැසීය.

    එම ඒකක 20 සහනය ඉහළ ආදායම් ලබන පවුල් සඳහා ලබානොදෙන බවද හෙතෙම එහිදී සඳහන් කළේය. එමෙන්ම අනවසර ජල ලබාගැනීම් පිළිබඳ තමන්ට දින දහයෙන් දහයට වාර්තා ලැබෙන බවත් ඇමැතිවරයා පැවැසීය.

    එහිදී 20 දෙනෙකු බැගින් හමුවන බවත් ඔවුන් සියලුදෙනා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් බවත් පැවැසීය.

    ඔවුන්ට ජලය ලබාදීම විසන්ධි කළද නැවත ඒ දේම ක්‍රියාත්මක කරන බවත් ඔවුන්ට ඒ සඳහා ඇති එකම නීතිය වසර දෙකක ජල ගාස්තු ගෙවීමක් පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.

    අනවසරයෙන් ජලය ලබාගන්නා සෑම පුද්ගලයකු සඳහාම අවම වශයෙන් වසර දෙකක සිරදඬුවම් ලබාදීමට නීති සංශෝධනය කරන බවත් දැනට පවතින නීතියද ඔවුන් සඳහා ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පාසල් පාදක ක්‍රමයට අනුව ‘ඉසෙඩ් ලකුණු සැකසීමට අදාළව කාණ්ඩ තුනක් යටතේ පාසල් වර්ග කිරීමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පත්කර ඇති ජනාධිපති කාර්ය සාධක බළකාය තීරණය කර ඇත.

    පළමු දෙවැනි හා තෙවැනි වශයෙන් කාණ්ඩ තුනකට පාසල් වර්ග කර ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමට නියමිතය.

    ඒ සඳහා පාසල් තෝරා ගැනීමේ කටයුතු මේ දිනවල සිදුකෙරේ. පහසුකම් සහිත පාසල්, පහසුකම් අඩු හා පහසුකම් නොමැති පාසල් වශයෙන් මෙම වර්ග කිරීම කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    උසස් පෙළ විභාගයෙන් සුදුසුකම් ලබන්නන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා ඉසෙඩ් ලකුණු සකස් කෙරෙන්නේ දිස්ත්‍රික් ක්‍රමයටය. මෙම දිස්ත්‍රික් ක්‍රමය වෙනුවට පාසල් පාදක ක්‍රමය යටතේ ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමෙන් වඩා සාධාරණයක් ඉටුවන බවද අමාත්‍යාංශය පවසයි.

    ඉසෙඩ් ලකුණු නිකුත් කිරීම සඳහා පාසල් පාදක ක්‍රමයක් හඳුන්වා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේද සඳහන් විය.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පාසල් පාදක ක්‍රමයට අනුව ‘ඉසෙඩ් ලකුණු සැකසීමට අදාළව කාණ්ඩ තුනක් යටතේ පාසල් වර්ග කිරීමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පත්කර ඇති ජනාධිපති කාර්ය සාධක බළකාය තීරණය කර ඇත.

    පළමු දෙවැනි හා තෙවැනි වශයෙන් කාණ්ඩ තුනකට පාසල් වර්ග කර ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමට නියමිතය.

    ඒ සඳහා පාසල් තෝරා ගැනීමේ කටයුතු මේ දිනවල සිදුකෙරේ. පහසුකම් සහිත පාසල්, පහසුකම් අඩු හා පහසුකම් නොමැති පාසල් වශයෙන් මෙම වර්ග කිරීම කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    උසස් පෙළ විභාගයෙන් සුදුසුකම් ලබන්නන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා ඉසෙඩ් ලකුණු සකස් කෙරෙන්නේ දිස්ත්‍රික් ක්‍රමයටය. මෙම දිස්ත්‍රික් ක්‍රමය වෙනුවට පාසල් පාදක ක්‍රමය යටතේ ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමෙන් වඩා සාධාරණයක් ඉටුවන බවද අමාත්‍යාංශය පවසයි.

    ඉසෙඩ් ලකුණු නිකුත් කිරීම සඳහා පාසල් පාදක ක්‍රමයක් හඳුන්වා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේද සඳහන් විය.

    එතකොට private ලියන අය ? :confused:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ සඳහා Online හරහා දින වෙන්කර ගැනීමේ නව ක්‍රමවේදයක් අද හඳුන්වා දුන්නේය.ඒ, විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.

    නව ක්‍රමවේදය හරහා ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පැමිණීමකින් තොරව, එම පරීක්ෂණ සඳහා දින වෙන් කරගත හැකි බව, ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී කේ.එස්.එම්. සමරසේකර මහත්මිය පැවසුවාය.

    නව ක්‍රමවේදය හරහා දින වෙන්කර ගැනීම ලබන 27 වැනිදා ආරම්භ කරන බව, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සඳහන් කළේය.

    ඒ අනුව වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.ntmi.lk වෙබ් අඩවියට
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන්ගේ කණ්ඩායම සමග සබඳතා පැවැත් වූ ඩුබායි පොලිසිය මගින් අල්ලා රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් පස් දෙනකු ඩුබායි වෙත ගිය පොලිස් කණ්ඩායමක් මෙරටට රැගෙන විත් ඇත

    මේ වන විට රඳවා ගැනීමේ නියෝග මත සැකකරුවන් පස්දෙනා රහස් පොලිසිය භාරයේ රඳවාගෙන තිබේ.

    ඩුබායි පොලිසිය කළ දැනුම්දීමක් මත ඉකුත් 19 දා රහස් පොලිස් කණ්ඩායමක් ඩුබායි වෙත ගොස් එරට බලධාරීන් භාරයේ සිටි මෙම කණ්ඩායම මෙරටට ගෙනැවිත් ඇත.

    මෙම සැකකරුවන් වසර ගණනාවක් ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් අන්තවාදී කණ්ඩායම් සමග සබඳතා පැවැත්වූ බවට හෙළි වූ කරුණු මත එරට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.
     

    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    in a dream


    BAIYEK NE BAN BAIYANTA KIYANNE. 6.5 MIL ELA HARAK NE. HANDE WAWAPU HAL KAPU UNGE DARUWONE
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොරෝනා වෛරසය පැතිර යමින් පවතින චීනයේ වුහාන් ප‍්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් සියලුදෙනා වහාම ආපසු ගෙන්වා ගැනීමට විධි විධාන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා.

    ඒ සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය, බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යයාලය සහ චීනයේ හුබේ ප‍්‍රාන්තයේ ශ්‍රී ලංකා දූත කාර්යයාලයේ සහය ලබා ගන්නා ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙන්නේ.

    කෙසේ වෙතත් වූහාන් ප‍්‍රාන්තයට පිවිසීම සහ ඉන් පිටවීම චීන බලධාරීන් විසින් තහනම් කර ඇති බැවින් ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනෙකු තවමත් එහි කොටු වී සිටිනවා. ඒ අනුව එම තහනම ඉවත් කළ වහාම සිසුන් යළි මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවයි විදේශ ලේකම් රවිනාත් ආරියසිංහ ප‍්‍රකාශ කළේ.

    මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන සිව්දෙනෙක් ඊයේ IDH හි පිහිටි ජාතික බෝ වන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් කෙරුණා. කෙසේ වෙතත් ඔවුන්ගෙන් එක් රෝගියෙකුට එම වෛරසය ආසාදනය වී නොමැති බව සිදු කෙරුණු පරීක්‍ෂණවලින් තහවුරුවීමෙන් පසු රෝහලෙන් පිටත්ව ගිය බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා අප සමඟ ප්‍රකාශ කළා.
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ලංකාවෙ ජනගහනයෙන් පහෙන් එකකට දියවැඩියාව.


    දැන් එතකොට සීනි කර්මාන්තශාලාව ආවොත් ඉතුරු 4/5 ටත් සීනි එයි නේද?? :lol::lol::lol::lol::lol::lol:
    මොකක් හරි කියනව ඉතින්,

    බ්‍රෝ ඔය කියන 1/5න් 80% කටම දියවැඩියාව තියෙන්නේ සීනි කාලා නෙවෙයි, High GI එකක් තියෙන සුදු බත් ජාති කාලා...
     
    • Like
    Reactions: Pessimist