සින්හල සින්දු පිටුව - Sinhala Sindu Pituwa

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
    බියද දැනේ දුකද දැනේ
    රුදුරු වුනේ හිමි සඳුනේ
    රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්

    පතා පැමිණි සුර පුරවර
    වෙලා ගැණුනි ඝණ කළුවර
    දෑස පුරා දුටු සිනා කවට කෙළි
    කඳුළු කථාවක කෙලවර
    අසන් හිමියනේ කාට කියන්නද මේ දුක
    ඔබ හැර

    රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්

    වළාකුලක පිරි පුරහඳ
    අතැර ගොසින් සිය පියබඳ
    එදා පිදූ මුදු වදන් අසන්නට
    බලා හිඳී සිත පිලිසිඳ
    අසන් හිමියනේ කාට කියන්නද මේ දුක
    ඔබ හැර

    රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
    ගලින් ගලට පා තබමින් දුවන්නට එපා
    ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී

    ආල හැඟුම් මං හින්දා හිතෙන්නට එපා
    දෑස තෙමා ලන දුක් ගිනි නැගෙන්නට එපා
    දෙමාපියන් පිට ගමකින් මට බහ දේවී

    නිල් ලන්දේ ගම් මැද්දේ ඉද්ද සමන් ඉපෙනවා
    වෙල් බැද්දේ වගුරු පුරා කෙකටිය දළු දිලෙනවා
    ගේ මැද්දේ බරණි පුරා වී අස්වනු පිරෙනවා
    හිත මැද්දේ ලොකු අඩුවක් මගේ සතුට මකනවා

    ආල හැඟුම් මං හින්දා...

    ගමෙන් ඈත සිදාදියේ ලොකු නුවරක් තියෙනවා
    මාල වළලු අරුමෝසම් එහි ඇති බව කියනවා
    දෙමාපියන් ගමෙන් පිටට මා දෙන්නට හදනවා
    සිදාදියෙන් කුමාරයෙක් මා බලන්න වඩිනවා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    හිමින් සැරේ පියා විදා
    සුමුදු සයනේ සිනිඳූ ඇතිරිල්ලෙන්
    පලා ඇවිත් සියොත් සියොතුන්

    මලක් නම් එය මලක් වුව මැන
    සිනිඳූ සුකොමල රුවෙන් සරසන
    විලක් නම් එය විලක් වුව මැන
    නීල ඉඳූවර දියෙන් උපදින

    නැවුම් වත්සුනු රොනින් මත් වී
    සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
    සිහින් හඬකින් මහද අමතයි
    මුදා හැරදා පවුරු සිරි යහනේ
     

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    ඈත්තටම හොද වැඩක් මචන්.....අද තියෙන්නේ ගීත නිර්මාණ නෙමෙයි නිකන්ම නිකන් ප්‍රකාශන කිසිම අර්ථයක් නැති ඒවා තමයි හුගක් බිහි වෙන්නේ....මේ වගේ ඒවාගෙන් වෙලා තියෙන්නේ මිනිහගේ රස වින්දන හැකියාව නැති කරන එක.. මේ වගේ අර්ථවත් දෙයක් කරන්න උඹට හිතුන එකත් ලොකු සතුටක්..:)

    කොච්චර රැලි ආවත් ඒවාගෙන් ගසා ගෙන නොයන,හිතන්න පුළුවන් පිරිසක් මෙතෙනට එකතු වේවි......:cool::cool:
     

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී
    ඒ ඉර හදින් නුඹෙ ලෝකය එළිය වුනී
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
    පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී

    සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
    කුසයේ නොදැරුවත් දිවි බර මට රැදුනේ
    මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
    පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ

    මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ
    මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
    පිය සෙනෙහස නැතිද දරුවනි අදුනන්නේ
    අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ.......
     
    • Like
    Reactions: blacktulip

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඈත්තටම හොද වැඩක් මචන්.....අද තියෙන්නේ ගීත නිර්මාණ නෙමෙයි නිකන්ම නිකන් ප්‍රකාශන කිසිම අර්ථයක් නැති ඒවා තමයි හුගක් බිහි වෙන්නේ....මේ වගේ ඒවාගෙන් වෙලා තියෙන්නේ මිනිහගේ රස වින්දන හැකියාව නැති කරන එක.. මේ වගේ අර්ථවත් දෙයක් කරන්න උඹට හිතුන එකත් ලොකු සතුටක්..:)

    කොච්චර රැලි ආවත් ඒවාගෙන් ගසා ගෙන නොයන,හිතන්න පුළුවන් පිරිසක් මෙතෙනට එකතු වේවි......:cool::cool:
    thanx machan:yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: sanduntharu

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    මිනිසා මරණ තුනක් ඇති මිනිසා බලා සිටී
    නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී
    ලිහිල් සළුව අනතුරේ වැටෙද්දි
    පයෝධර තුඩු ඉකි බිදිද්දි සංත්‍රාසයෙන්
    අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන් වයන්න වීණා

    නියඟලා මල් පා‍ට දේදුණු දෙබැ කර එන ගිරා කොවුලන්
    පියුම් කැකුළක් තුඩින් පාරා බලෙන් පුබුදන හංසයා
    බලන්න නිරුවත් දෑසින් ඔකඳ වී රිද්මයෙන්
    රසා තලය කල එලි ගන්වා වයන්න වීණා කන්‍යාවි
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සෙනහසක අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා
    වෙරළේ රළ මැන්නා
    සීමාවක් මා ඉමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී

    කැකුලක් සිදුලින් හදවත පිපුණූ
    කඳූලෙත් කටුමත විස තිබුනා
    බිදුනොත් බදුනක පිළියම් කරනට
    බැරි කැලලක් මතුවී පෙනෙනා

    පවකින් පෙර අත් භවයක සිදුවූ
    සිතකින් සිතකට දුක පිරුණා
    මගෙ අත දිගුකල හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුනා....
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සිතින් විතරක් පෙම් කරන්නම්
    දුරින් හිද ඔබ දෙස බලන්නම්
    ලංව ඉන්නට බෑ ‍ඔබේ අපට අප හිමි නෑ ලොවේ
    ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ

    නිසල නෙතින් ඔබ මදෙස බලා හිදි
    දෙතොල් ඔබගේ මදහසින් සැරසේ
    දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ
    දෙතොල් සිනහා මවනු මට ‍බෑ
    අපට අප හිමි නෑ ලොවේ
    ඔබට මා හිමි නෑ ම‍ටද ඔබ හිමි නෑ
    සිතින් විතරක්...

    සසල උනත් මගෙ සිතිවිලි ඔබ ලග
    නිසල කරන් මම ඉන්නම් සෑම දින
    කාත් කවුරුවත් නොමැති මා හට
    ඔබත් අහිමව ගියපු අරුමය
    අපට අප හිමි නෑ ලොවේ
    ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
    සිතින් විතරක්...
     

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
    මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
    නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්
    දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං

    බොසත් ඔබ සිත ලග උවැසිය වි දැහැනට වී
    සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී
    පුදසුන් මත මිය යද්දි සහසක් මල් පරවී
    නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී

    මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
    ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී
    මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී
    එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී

    සිනාතොටක් විය.......
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දෑස නිලුපුල් තෙමා . .
    කඳුළු මුතුවැල් සලා . .
    දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
    හඬනු මල්මාලියේ . . . .

    නිහඩ හදවත් පොතේ ලියවුනු . .
    සොඳුරු ගී වැල් නැතේ මා තැනූ . .
    ඔබේ කඳුලැලි මා සිතේ
    නිබඳ පදවැල් ඇඳේ . . . .

    පබළු මිණිමුතු නැතේ මා සතූ . .
    කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ . .
    තුෂර පිනි ලෙස මල් මතේ
    කඳුලු පොකුරේ රැදේ . . . .
     

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    මල්ලියේ නරක මිතුරන් පිලිගන්න එපා..
    නංගියේ නොහොබිනා කම් හුරු වෙන්න එපා..
    බෝගම්බර සිපිරිගෙදරට එන්න එපා..
    හතුරෙකුට වත් මට වන් දුක වෙන්න එපා..

    දළදා මැදුරේ තේවා හඩ රැව්දෙනවා..
    කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා..
    සියක් වාරයක් මැරි මැරි උපදිනවා..
    තිබහට වතුර වෙනුවට කදුලැලි බොනවා..

    ලැබුවේ අවවාද නොහිබින ආරකය..
    දුදනන් නිසා විය සෙනසුරු මාරකය..
    මම පෙර ගියේ වරදින් පිරි පාරකය..
    ඒ ගිය මගේ අවසානය පෝරකය..
     

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    පිණිබර යාමේ සැවුලන් හඬලනවා
    අම්මා වටකර ලිප ගිනි මැලවෙනවා
    කොළඹ රේල්ලුව රජ ගමනක එනවා
    නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා....//

    පුතුනේ අකුරට යන්න පමාවී
    ගුරු සිත රිදිලා වේවැල් හඩවාවී
    ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා
    මුරණ්ඩු වුදා.... දුක්වේවී අම්මා...

    වේල දෙව්ලේ කුසගිනි නොබලා
    කඩමලුඇන්දත් පින්කඳ බැබලෙනවා
    කලට රුවන් වැසි වස්සන කාලේ
    ශිල්ප උගත් දා... නුඹ සක්විති වෙනවා.....
    පිනිබර යාමේ.......
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දවසක්‌ පැල නැති හේනේ
    අකාල මහ වැහි වැස්‌සා
    තුරුලේ හංගාගෙන මා
    ඔබ තෙමුනා අම්මේ
    පායන තුරු හිටි පියවර
    හිටියා ඔබ අම්මේ

    නුවර වීදි යට කරගෙන
    නින්දා වැහි වැගිරුණදා
    බිරිඳකගේ සෙනෙහේ ගියා
    යෝද ඇළේ නැම්මේ
    නුඹ සෙනෙහස සුවඳ දිදී
    දැනුනා මට අම්මේ

    කොළඹ අහස කලුකරගෙන
    මුහුදු හුළඟ අඩලනකොට
    ඔටුන්න බිමදා දුවගෙන
    එන්නද එක පිම්මේ
    මං එනතුරු ඉඳිකඩ ලඟ
    ඉන්නවාද අම්මේ
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
    හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
    වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ

    කිළිපොළා සැලී යමින් නොහිටි සීතලේ
    තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
    හෙට උදේම අවදිවී යා යුතුව තිබේ

    රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
    ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
    කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
    සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සරා සඳේ සිනා සේලේ
    ගිලිහී වැටිලා
    වලා තලේ ඔබේ දෑසේ
    සිනහා මැවිලා
    තනිවී අඳුරේ සුසුමේ වෙලිලා......

    වැතිරී සීත මීදුම් යායේ
    හදේ වේදනා
    හඬා වැටේ එදා ඇසූ
    ඔබේ ගීතිකා

    සරා සඳේ......

    සැඟවී ඈත මේ හිම යායේ
    කොහේ පාවෙලා
    මිලාන වී ගියාද ඒ
    සිනා වාසනා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
    දැවටී රන්දැලේ හද පුරා සැනසිලා

    ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්
    නොසරා මල් කැලේ රොන් සොයාලා //

    බඹර තුඩු ගා නැතී කුමුදු මලකින් පෙතී
    ගෙනෙමි දුර ඈත විලකින් බලා
    ඒ මැද ඔබෙ යහන සාදන්නෙ නාදල්ලෙනී
    සුවඳ උලා

    අරුණ පිනි බිංදුවයි පියුමෙ මකරන්දයයි
    පොවමි මේකුළක කලතා නිවා
    ඉන් මතු කිසිදාක යන්නෙහිද
    හද රන් ලෙනේ පහන නිවා