Elakiri...සිංහල ගී පදවැල්........New Thread..අපේ සංගීත කලාවට සාධා&

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    h.r jothipala...


    මාගෙ මතකෙ ඔබෙ රුව ඈදෙය්...
    සුහද මා ජීවිතෙ ඔබ සතුය්..
    ඔබෙ සුවද මනමත් කරය්
    ඔබ ම හදෙ සෑරි සරය්....

    ඈත එපිටින් ඔබෙ ඈසෙන පෙම් ගීතයය්..
    සීත සන්දපානෙ කිරි සයුර කලතා සොයය්..
    මහද ගුන්ගා මුව දොරින් එන්න සුහදෙ ඔයා...
    ජීවිතෙ ආදරින් ඉන්න මට ලන් වෙලා...

    සිත හුලගක් හමා පටුව පතුමන් ගෙනා..
    ඈත බවයෙ පටන් පතුම ලෙස ලන් කලා..
    ඔලු මනෙල් පිපි සුවන්ද පිනි හා වෙලි..
    සොදුරු ඔය මුහුන මිහිදුම් සෙලෙන් වෑසෙ..
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මචන් පුලුවන්නම් හැම සින්දුවකටම download link එකක් දාපන්.
    එතකොට කැමති කෙනෙකුට අහන්නත් පුළුවන්නේ
    :D
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    clarence wijewardhana...

    මෑනියනි හද සෙවන ගෙනෙන
    නිවන ඔබ තමා.....
    මාලයෙහි සුව මිහිර මවන...
    පහන ඔබ තමා..
    ජීවිතයෙ ම සොදුරු මිහිරි
    සිහින ඔබ තමා...
    මෑනියනි ඔබෙ දෙපය අසල...
    වදිමි දන නමා...


    ඔබෙ හසරෑලි ඔබෙ කදුලෑලි මට දෑක පුරුදුය්...
    ඔබෙ උදහස ඔබෙ අදහස මට හුරු පුරුදුය්...
    සිරුර පුරා දිවයන ලෙ සුවද සුපුරුදුය්...
    සිරස නමමි ඔබෙ නාමය සදා පිවිතුරුය්...
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    indrani perera

    සමනල රෑනක් සෙ...
    අනන්ත හෑගුම් මෑවෙය්...
    කෙසෙදො කියන්නෙ.....
    මගෙ සිත දෙතොල් අතර සෑන්ගී...

    පොදිවන සිතුවිලි අවදි වෙවි..
    සිත තෙරපෙය් නතර නොවෙ...
    නා.... දලුවක් සෙ මහද සලෙ..
    නෙත් යුග එක් රුවක වෙලෙ...

    දෙදුනු දහසක් සෙ.....
    ප්‍රසන්න දසුන් පෙනෙ
    රිදි මල් සින පා....
    සිගිරි ලන්දක් පිබිද ලන්වෙ...

    සිහිවන පන නල රෑදෙන තුරු...
    එය දවසකි පෙරුම් පිරු...
    ඔබ වත සද මත ලෙසින් සොමි...
    මම දින දින පතන්නෙමි...

     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    abeywardana balasuriya....

    භවයෙන් භවෙ පෑතුමන් පුරා...
    ආවෙ සොයා මා හද අදරෙ...
    නදීශානි නදීශානි නදීශානි නදීශානි.....

    නෙතුකෑන් සෑලෙ මා හද ගිම් නිවා....
    දෙසවන් පුර එ හසරෙල් ගලා ..
    පිපිමල් සිනවෙ මදු රොන් සලා...
    ලතෑවුල් නිවා ආ මට ලන් වෙලා....

    නටබුන් අතීතෙ දෑසින් වසා...
    අද මෙන් සාදා කල් සනසන්න මා...
    දිවි මන් තලාවෙ සෙවනක් සොය...
    යුගයෙන් යුගෙ හි හමුවන්න මා...
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අඳුර බිඳින්නට රැයක් දවාලූ
    ලන්තෑරුම් නිවලා
    තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර
    හිරු තව දවසක් ගෙනැවිල්ලා...

    මතකය නම් වූ මළ පොත පෙරළා
    මළ ගිය ඊයේ සිහිපත් කළ මැන
    පැතූ පැතුම් අත්මිට මොළවා ගත්
    දෑතෙහි දසැඟිලි දිග හැරලනු මැන
    එහි මොනවද ඇත්තේ...කිසිත් නැත
    හිස් බවෙකිය ඇත්තේ.....

    සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද
    යෞවන විය පියවර තබනා සඳ
    හිස් වන හද විත සපුරා ලන්නට
    මියැසි විරාමය යළි පැමිණී ඇත...
    අරුමෙකි පැවසෙන්නේ...එපමණයි
    පිළිසරණය වන්නේ....
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මම යන්නම්
    ඔබ කියන විටක යන්නම්
    ඔබට නොපෙනෙන්නට සැඟවී මම ඉන්නම්
    මොහොතක් හෝ ඔබ දැක ගනිමින් යන්තම්
    ඒ වනතුරු ඔබ ලඟ ඉන්නට ඇත්නම්....

    වනමල් සුපිපෙන අසපුව ඔබගේ හදවත
    එහි මට ඉන්නට අවසර දෙනු මැන හිතවත...

    සදාකාලිකව ඔබ හදවත මට හිමි නැත
    ටික කලකට වුව මට එහි ලොව්තුරු සුව ඇත...

    ~නෙළු අධිකාරී~
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    රුවක් ඇදෙනවා කවුදෝ එනවා
    මීවිත ඇඳීරිය දෑස වසනවා
    හද පොදි බැඳී දුක දියකර පාකර
    ඔබේ ලොවට මා මොහොතින් එනවා

    සොඳූරු යොවුන්විය මල්වග මුල හිඳ
    කිමතොල මීවිත පොඟවන්නේ
    නුරා විරහ ගිනි නිවා දමන්නයි
    සුරාවිතින් මා දෙතොල තෙමන්නේ

    නැගුණු නුරාගිනි මීපොද වැටිලා
    හතරවටින් දළුලා එනවා
    අවන්හලේ මිවිත තනිකරලා
    වරෙන් මලේ පියවර නගලා

    රුවක් ඇදෙනවා කවුදෝ එනවා
    මීවිත ඇඳීරිය දෑස වසනවා
    හද පොදි බැඳී දුක දියකර පාකර
    ඔබේ ලොවට මා මොහොතින් එනවා..
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ලියතඹරා..මුදු කුසුමකී ඈ
    තවුසන්ගේ..දැහැනේ සම බිඳිනා
    නෑ ලෝකේ ජීවේ ඇයයි
    නෑ ලෝකේ ජීවේ ඇයයි

    මායාව මායාව ලොව රවටනා
    සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා
    වීණාවෙ තත් නගන මුදු ස්වරය ඇයමයි
    මා හදට රස ගෙනෙන මධුවිත ඇයයි

    මිරිඟුවකි මිරිඟුවකි අප රවටනා
    දුර ඈත ක්ෂිතිජයකි ඉම නොපෙනෙනා
    නිල්නයන බිඟු දැලකි නෙත්සරය සුමුදුයි
    මගෙ ජීවෙ වැලිකතරෙ දියබිඳ ඇයයි

    ලියතඹරා..මුදු කුසුමකී ඈ
    තවුසන්ගේ..දැහැනේ සම බිඳිනා
    නෑ ලෝකේ ජීවේ ඇයයි
    නෑ ලෝකේ ජීවේ ඇයයි..
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    දිලි දිලි දලිසේවි මා ‍දැසේ ආලෝකේ
    කවුදෝ මාන බලන්නේ ඔබ ලග මා ඉන්නේ
    හිතවත මේ ලෝකේ බොරැවෙන්ද ජය ගන්නේ
    සතුරා සමග සිනාසි මිතුරා සේ ඉනනේ

    ඇස් බැන්දුමක් වාගේ මෙලො තලේ
    මොහොතින් බිදි යාවි සුව සෑම දේ
    අපගේ සිහින පාරැවේ පාවි
    සයුරේ ඈත ජිවිතේ යාවි
    මල්වර වී යවුවනේ සල් වනේ ආදරේ

    කව්දෝ මවා පාන මායාවකි
    ඔබගේ ලගින් ඉන්නේ ඡායාවකි
    ඔහුගේ දැස ඔබ සොයා එන්නේ
    සැගවු රහස නැ කෙනෙක් දන්නේ
    මල්වර වී යවුවනේ සල් වනේ ආදරේ
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොඳුරු අතීතේ නිමල පැතුම වී
    මගෙ හද තුල ඔබ ඉන්න ඇතී
    ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
    ආදරයෙන් හමුවෙන්න ඇති....

    කඳුලු සුසුම් මැද සතුටු සිනා මැද
    භවය පුරා ලඟ ඉන්න ඇති
    එදත් මගේ සිත අද මෙන් කැපවී
    ඔබේ නමට පුද දෙන්න ඇති......

    නොසැලී නොතැවී බාධක හමුවේ
    ආ හින්දා ජය ගන්න ඇති
    ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි
    මේ අයුරින් හමු වෙන්න ඇති..........
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සඳේ...ඔබ ඇයිද මේ යාමේ..අහස කරා නැගුනේ..
    සිතේ..දුක හිරු නිවා දැමුවේ..නැතුවද ඔබ දන්නේ..
    දිනිහිරු පායා..සොමි සඳ බැසලා..මගෙ ලොව එළිය වෙලා..

    ඔබ තරු වටකර
    හිනැහෙන යාමේ ඈ දුර යහන් ගැබේ..
    රෑ නොනිදාගෙන වැලපෙන මා හට ඔබගෙන් කිමද පලේ..

    සඳ දෙස බල බල
    මා පැතු පැතුමන් මෙතෙකැයි කියන්න බෑ..
    හිරු මා දැවුවත් මා ලද උණුසුම අමතක කරන්න බෑ..
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා..
    වෙරළේ රළ මැන්නා..
    සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී....
    කැකුළක් සිඳුනෙන් හදවත පිපුනු පඳුරෙත් කටු මත විස තිබුනා..
    බිඳුනොත් බඳුනක පිලියම් කරනට බැරි කැළලක් මතුවී පෙනුනා
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සුදු ඇඳූමින් සැරි මුව හසරැල්ලේ
    අරලිය ගහයට සුවිසුරු නිල්ලේ
    තනිවනවිට මා සමගින්
    ඉඟිකර අදිමදි කරමින්
    තනිවෙමු සොඳුරියෙ අපි සැනසිල්ලේ

    රන්තරු වටකර පායන සඳ ඇති සෙවණැලි සිතුවම් රෑ
    සිහිනෙන් ඔබ එනවිට මා පිබිදෙන්නෑ
    අඩවන්වූ දෙනෙතින් ඔබ බැලු කල මගෙ සිත ඉවසුම්නෑ
    කුමරියෙ ඇයි ඔබ තනිවම සුසුමන්පෑ
    කුමරියෙ ඔබ අද මා ළඟ නෑ

    ගංතෙර ළඟ බට පඳූරේ සිරි සිරි හඬ මට සිහිලැල්පෑ
    කුළුඳූල් ආදර හැඟුමන් විසිරෙන්නෑ
    පාසල් යන ඔබ මාවත සිහිවනවිට මට ඉවසුම්නෑ
    මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ
    කුමරියෙ ඔබ අද මා ළඟ නෑ..

    - ජය ශ්‍රී
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    wijayabandara walithuduva...

    ඔබෙ සුමුදු අතින් මගෙ කන්දුලු පිසින්...
    මා හඩවා රිදවා ගියදා...
    සෙනෙහෙ නොහදුනා නිසා...

    ඈත වසන්තෙ මල් මී දුන්නෙ..
    සිත වාලුකා නියන් තලවෙ..
    අතරෙ තනිවි හෑගුමන් තෙරපි...
    අතරෙ තනිවි හේගුමන් තෙරපි...
    මෙ ගෙවන... රුදු සන්සාරෙ...

    භවෙන් භවෙ අප පෙරුම් පුර විත්...
    මෙ භවයෙදි දෙතෙනක තනිවි...
    මතු සසරක් ගෙන පෙරුම් පුරන්නට...
    හමුවෙවිද මෙ සන්සාරෙ....
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    රෝස තොල් සිබිම් තොල් මත කදුලු බිදු රැදේයි
    ඔබ ආදරේ කියා දුන්නේත් ඒ වගේ තමයි
    මේ රැයයි සදයි හරියට ඒ උඹයි මමයි
    හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදේයි

    පිච්ච මල් පිපි යහනේ සුවද මා දවයි
    එක්ව කී කතා දෙසවන දෝංකාරදෙයි
    ඔබ උන්න තැන හදේ තාමත් හරිම උණුසුමයි
    ඉවසන්න බැරි තවම නුඹගේ වෙන්ව යාමමයි

    රෝස තොල් සිබිම් තොල් මත කදුලු බිදු රැදේයි
    ඔබ ආදරේ කියා දුන්නේත් ඒ වගේ තමයි
    මේ රැයයි සදයි හරියට ඒ උඹයි මමයි
    හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදේයි

    අදුර ඉකි ගසයි සුසුමින් තරැ නිවා දමයි
    සොදුර නුඹ ලගින් නැතිවත් හිතට උණුසුමයි
    කදුලු බිදු නැගි ඉදහිට නෙතට අත වනයි
    සිනාසේමි නමුත් මේ උණු කදුලු මගේ නොවෙයි

    රෝස තොල් සිබිම් තොල් මත කදුලු බිදු රැදේයි
    ඔබ ආදරේ කියා දුන්නේත් ඒ වගේ තමයි
    මේ රැයයි සදයි හරියට ඒ උඹයි මමයි
    හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදේයි
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ආරාධනා..ආරාධනා
    ජීවිතයේ තනිමංසල අතරමං වෙලා
    හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා
    අතීතයේ ගිලිහීගිය සතුට රැගෙන යළිවඩින්න
    ආරාධනා..ආරාධනා

    නෙලූ සුපෙම් කැටයම් හද පවුරුතලාවේ
    මැකීගියාදෝ.. කාලයේ වෙරළේ
    ජීවිතයේ දිගුගමනින් අනාථවූ මා
    සෙනෙහයේ සත්පියුමන් යළිඳූ පිපේවා
    ආරාධනා..ආරාධනා

    එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
    ඔබේ උණුසුමේ.. යළිඳූ උපන්නෙම්
    බිඳූණු එවන් රජදහනින් සමුගෙන යනදා
    ඔබේ නුවන් පහණීන් යළී එළිය ලැබේවා
    ආරාධනා..ආරාධනා..

    - පණ්ඩිත් අමරදේව.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ළඹ සවන් රන් පටින් දන නෙතින් තදින් බඳිමින්
    මිණි මෙවුල හඬවමින් පිපි සමන් කුසුම් දරමින්
    රණ හසුන් පිහිනමින් තුනු විලෙහි සිරිය මවමින්
    උන් රඟති වයති ගී ගය ගයා මියුරු අරුතින්

    දැහැමින් බැඳි සිත මඩිනට මාර සෙන් පටින්
    උන් පරදා අප මහසත් පාරමී බෙලෙන්
    සෙවණින් බෝපත් අතරේ ගැලූ අම ගඟින්
    පවසින් දහමේ නිවුනේ දම් අමා රසින්

    කැණි මඬල පළාලා - සුණු විසුණු කරා මැදුරක්
    යළි මැදුර සදාලා - වෙහෙසුමක් තොපට නැත්තේ
    මම ගයමි උදම් ගී - නද දුන්නු රාජ මිඟිදෙක්
    දැහමින් බවුන් වඩයි - නේරංජන නදි තීරේ

    දස දහසක් සක්වාතල එකම්පිත වෙවී
    දස දහසක් ලෝ ධාතුව ගුගුරුවා හැලී
    දෙව් බඹ සුර නා සේනා සාධුකාර දී
    පරසතු මල් ඟඳ විලවුන් දෙපාමුල පිදී

    කැණි මඬල පළාලා - සුණු විසුණු කරා මැදුරක්
    යළි මැදුර සදාලා - වෙහෙසුමක් තොපට නැත්තේ
    මම ගයමි උදම් ගී - නද දුන්නු රාජ මිඟිදෙක්
    දැහමින් බවුන් වඩයි - නේරංජන නදි තීරේ

    - මධුමාධව අරවින්ද