සින්හල සින්දු පිටුව - Sinhala Sindu Pituwa

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඉස්සර බෑදි පෙම
    හිත්වල සුවදයි
    යලි පුබුදන්න බෑරී
    එක්කර අතෑගිලි
    ඔබ ඔහු සමගයි
    මට ඉවසන්න හෑකී

    ඔබ පියමන්කල
    සමනළ මාවත
    මට යා ගන්න බෑරී
    ඔබ පතනා ලොව
    ඔබ ලබනා දින
    මගෙ හිත සතුට දකී

    මගෙ අසරණ ලොව
    අද මා පමණකි
    එය සගවන්න බෑරී
    එක්කල දෑගිලි
    වෙන් නොම වේවා
    පතනෙමි සුබාසිරී......

    Artist: Somasiri Madagedara
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අපි ඈතට ඈතට පා නගලා
    ඝන වනන්තරේ
    අතරමං වෙමු
    වසන්ත මල් ගොමුවේ

    කාත් කවුරුවත් නෑ එන්නේ
    ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
    අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
    බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ

    අපි ඈතට....

    කෙසේද අත් බැඳ ඇවිදින්නේ
    වෙරළේ උයනේ තුරුළු වෙමින්
    නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ
    උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ

    අපි ඈතට...

    Artist : Victor Rathnayaka
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සිහින සතක් දු‍ටුවෙමි මම
    සත් දවසක් එක විලසක
    එක සිහිනෙක ඔබ දු‍ටුවා
    සිඟන්නියක සේ//

    ඔබ මගෙ පැල්පතට පැමිණ
    ආයාචනයක් කරමින්//
    ජීවත් වන්නට කිසිවක්
    ඉල්ලා සිටියා

    කිසිවක් දෙන්නට මට නැත
    තිබුණේ පිරිසිදු හදවත//
    සිඟන්නියේ එය ඔබහට
    දුන්නා මතකයි

    එදා මගේ හද අරගත්
    ඔබ අද මට වැඩි පොහොසත්//
    ඒ හින්දා මටත් එලෙස
    පිහිට වනු මැනේ//

    Artist : Victor Rathnayaka


     
    Last edited:

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    නියම වැදගත් වැඩක් ..
    පුලුවනි නම් අදාල ගීතයත් බාගතකරගන්න ඒකත් ඔතනම් දාන්න..
    Bookmarked
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දෛවයෝගයකින් නොවේදෝ
    හමුවුණේ අප හමු වුණේ
    දෛවයේ සරදම් ලබන්නට
    කිම මෙසේ අප හමුවුණේ

    ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
    ඇදුරුතුමියයි යෞවනේ
    ශෝකයේ රුදු වේදනාවේ
    කඳුළු සයුරේ උල්පතයි

    නඳුන් උයනයි ස්නේහයේ ඔබ
    සඳුන් සිලිලයි ජීවිතේ
    සොම්නසේ ආනන්දයේ
    හසරැල් තරංගේ උල්පතයි

    Artist : Victor Rathnayaka
     

    juroshan

    Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    meka hoda da?

    2r7o8ya.jpg
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නිම්හිම් සෙව්වා මා සසරේ

    හමුවී යුගයෙන් බැඳී යුගයේ

    ළංවී වෙන්වී වරින් වරේ

    ඔබ හා මා රන්හුයකිනි බැඳූනේ

    දිවියේ ආශා ගැඹුරින් ගැඹූරේ

    ළයගින් සනහා අපමයි තැවුණේ

    ජන්මෙන් ජන්මේ රැව්දීලා

    ඔබ මා නෙතඟේ රැඳූණා

    ඉර හඳ සේ මා පැතුමන් පැතුවා

    සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා

    අතරින් පතරේ වියැකීලා

    සටනින් අද මා දිනුවා...
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මිනිසා මරණ තුනක් ඇති මිනිසා බලා සිටී
    නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී
    ලිහිල් සළුව අනතුරේ වැටෙද්දි
    පයෝධර තුඩු ඉකි බිදිද්දි සංත්‍රාසයෙන්
    අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන් වයන්න වීණා

    නියඟලා මල් පා‍ට දේදුණු දෙබැ කර එන ගිරා කොවුලන්
    පියුම් කැකුළක් තුඩින් පාරා බලෙන් පුබුදන හංසයා
    බලන්න නිරුවත් දෑසින් ඔකඳ වී රිද්මයෙන්
    රසා තලය කල එලි ගන්වා වයන්න වීණා කන්‍යාවි

    Artist: Amarasiri Pieris
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මලක් උනේ ඇයි ඔබ මට
    ජීවිතයට සුවඳ සලන
    එනමුදු සිප ගන්නට තහනම්...

    විලක් උනේ ඇයි ඔබ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්...

    පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද...
    ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින්...

    සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිවුවද...
    ඒ ගීයේ සොඳුරු වදන් මුමුණනු කෙලෙසින්...

    Artist : Amarasiri Pieris