පසුගිය කාලයේ ලොව පුරා පැතිර ගිය කොවිඩ් වසංගතයත් සමගම ලොව බොහෝ සමාගම් නිවසේ සිට සේවය කිරීමේ ක්‍රමවේදය වෙත යොමු විය. එම වසංගත සමයේ මෙවැනි ක්‍රමවේදයකට යොමු වීම තුලින් සමාගම් යම් ප්‍රගතියක් අත්පත් කොට ගත්තේය.
නමුත් වර්තමානය වන විට බොහෝ සමාගම් නිවසේ සිට සේවය කිරීමේ ක්‍රමවේදය අත් හරිමින් සිටින්නේය. මේ වසරේ ජනවාරි මාසයේ එක්සත් රාජධානියේ Amazon සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් සියලුම සේවකයින්ගේ නිවසේ සිට සේවය කිරීම සම්පුර්ණයෙන් අවලංගු කල අතර සතියට අවම වශයෙන් දින පහක් ( සඳුදා සිට සිකුරාදා දක්වා ) කාර්යාලයේ සේවය කිරීම අනිවාර්ය කළේය. Amazon සභාපති Andy Jassy සිය සේවකයින්ට ලිකිතව දන්වමින් සිටියේ , "කාර්යාලය තුළ සිට වැඩ කිරීම අපට නව්‍යකරණය, සහයෝගීතාව සහ සභාගිත්වය ඉතා හොඳින් වැඩි දියුණු කර ගැනීමට හැකි වන අතර, එය ගනුදෙනුකරුවන්ට හා ව්‍යාපාරයට හොඳම දේ ලබාදීමට උපකාරී වේ" යැයි පැවසීය. නමුත් 10 % පමණ සේවකයින් මේ වෙනස් වීම පිළිබඳව සිය නොසතුට සහ කනස්සල්ල ප්‍රකාශකොට ඇත.කෙසේ නමුදු මෙම තීරණවලට එකඟ නොවූ සේවකයින්ගේ රැකියා අහෝසි කරන බවට දැන් වූ පසු 95% පමණ සේවකයින් සමාගම් පරිශ්‍රයේ සේවයට වාර්තාකොට ඇත.
තව දුරටත් Andy Jassy විසින් සඳහන් කර තිබෙන්නේ කාර්යාල සේවකයින්ගේ කාර්ය සාධනය විශාල වශයෙන් අඩුව ඇති අතර නිවසේ බාහිර පුද්ගලයින් වෙතින් ඇතිවන බලපෑම මත ඇතිවන අසමතුලිත භාවය මේ සඳහා විශාල වශයෙන් බලපෑ ඇත. තම ස්වාමි පුරුෂයාගෙන් , බිරියගෙන් , දරුවන්ගෙන් හෝ වෙනත් අයගේ බලපෑම මත නිවසේ සිට සේවය කරන්නන්ට තම සේවය සමාගම කෙරෙහි උපරිම වශයෙන් ලබාදීමට බාධා ඇති කොට තිබේ. එමෙන්ම සමාගම් සේවකයින්ගේ මානසික සෞඛ්‍ය අතින්ද විශාල ලෙස පිරිහීමකට ලක්ව ඇති බවට අධ්‍යනයකින් සනාථ වී ඇත.
මේ වන විට යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ බොහොමයක් තොරතුරු තාක්ෂණික සමාගම් සේවකයින්ට සේවයට වාර්තා කිරීම අනිවාර්ය කොට ඇත. ඒ අතර ඇපල් සමාගම , ටෙස්ලා සමාගම සහ බොහොමයක් තොරතුරු තාක්ෂණ සමාගම් මේ වන විට සම්පුර්ණයෙන්ම Work From Home (WFH) ක්‍රමවේදයෙන් ඉවත්ව සිටිති.
තවත් සමාගම් hybrid work ක්‍රමවේදයකට යොමුව ඇති අතර ක්‍රම ක්‍රමයෙන් සේවකයින් සමාගම් පරිශ්‍රය තුල සේවය කිරීමට හුරු කරවීම එහි ප්‍රධාන අරමුණ වේ.. ඉන් පසුව ක්රමනුකුලවය සහ උපායශීලිව Hybrid Work ක්රමයද ඉවත් කොට සමාගමේ පරිශ්‍රය තුල පමණක් සේවය කිරීමට පමණක් සේවකයින් යොදවනු ඇත. මෙම ක්‍රමය මේ වන විට Google , Microsoft වැනි සමාගම් ක්‍රියාවට නංවා ඇත.
වඩා හොඳ මූල්‍යමය කාර්ය සාධනයක්’
පසු ගිය වසර තුළ, යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ මූලස්ථාන සහිත විශාල සමාගම් රැසක් ඔවුන්ගේ සේවා ප්‍රතිපත්ති සමාලෝචනය කර ගෙදර සිට වැඩ කිරීම විශාල වශයෙන් සීමා කර ඇත. මේ වන විට, ඇමසන් සමාගමට අමතරව වෙනත් බොහෝ සමාගම් Work From Home (WFH) ක්‍රමවේදයන් අවසන් කර, සේවකයින්ට කාර්යාලයට නැවත පැමිණීමට උපදෙස් ලබාදී ඇත. පහත දැක්වෙන්නේ එවැනි සමාගම් කිහිපයකි:
- Amazon: 2025 ජනවාරි මස සිට, සේවකයින්ට සතියේ දින පහක් කාර්යාලයට පැමිණීමට උපදෙස් ලබාදී ඇත.
- Dell: 2025 මාර්තු මස 3 වනදා සිට, කාර්යාලයකට පැමිණිය හැකි දුරින් පදිංචි සේවකයින්ට සතියේ දින පහක් කාර්යාලයේ වැඩ කිරීමට නියමිතය.
- Disney: 2023 මාර්තු මස සිට, සතියේ දින හතරක් කාර්යාලයට පැමිණීමට සේවකයින්ට උපදෙස් ලබාදී ඇත.
- JPMorgan Chase: 2023 අප්‍රේල් මස සිට, කළමනාකාර අධ්‍යක්ෂකවරුන්ට සතියේ දින පහක් කාර්යාලයේ වැඩ කිරීමට නියමිතය.
- Goldman Sachs: 2022 මාර්තු මස සිට, සතියේ දින පහක් කාර්යාලයට පැමිණීමට සේවකයින්ට උපදෙස් ලබාදී ඇත.
- IBM: 2023 සැප්තැම්බර් මස සිට, සේවකයින්ට සතියේ දින තුනක් කාර්යාලයට පැමිණීමට උපදෙස් ලබාදී ඇත. Tech.co
- Meta: 2023 ජූනි මස, සේවකයින්ට සතියේ දින තුනක් කාර්යාලයට පැමිණීමට උපදෙස් ලබාදී ඇත.
- Tesla: CEO එලොන් මස්ක් විසින්, සේවකයින්ට සම්පූර්ණ කාලීනව කාර්යාලයට පැමිණීමට උපදෙස් ලබාදී ඇත.
- Oracle: සේවකයින්ට වැඩි වශයෙන් කාර්යාලයට පැමිණීමට උපදෙස් ලබාදී ඇත. pulse365.media
- Infosys: 2023 නොවැම්බර් මස සිට, සේවකයින්ට මසකට දින 10ක් කාර්යාලයට පැමිණීමට උපදෙස් ලබාදී ඇත. The Daily Guardian
- Rockstar Games: 2024 පෙබරවාරි මස සිට, සතියේ දින පහක් කාර්යාලයට පැමිණීමට සේවකයින්ට උපදෙස් ලබාදී ඇත.
- HCL Technologies: 2024 පෙබරවාරි මස සිට, සේවකයින්ට සතියේ දින තුනක් කාර්යාලයට පැමිණීමට උපදෙස් ලබාදී ඇත.
- Grindr: 2023 අගෝස්තු මස, සේවකයින්ට කාර්යාලයට නැවත පැමිණීමට උපදෙස් ලබාදී ඇත. Tech.co
- Ubisoft: 2023 සැප්තැම්බර් මස 11 වනදා සිට, සේවකයින්ට සතියේ දින දෙකක් කාර්යාලයට පැමිණීමට උපදෙස් ලබාදී ඇත. Tech.co
- Roblox: 2023 ඔක්තෝබර් මස සිට, සේවකයින්ට සතියේ දින තුනක් කාර්යාලයට පැමිණීමට උපදෙස් ලබාදී ඇත.
- Activision Blizzard: 2023 නොවැම්බර් මස සිට, සේවකයින්ට සම්පූර්ණ කාලීනව කාර්යාලයට පැමිණීමට උපදෙස් ලබාදී ඇත. The Daily Guardian
- Bank of America: සේවකයින්ට වැඩි වශයෙන් කාර්යාලයට පැමිණීමට උපදෙස් ලබාදී ඇත. pulse365.media
- Wells Fargo: සේවකයින්ට සතියේ දින තුනක් කාර්යාලයට පැමිණීමට උපදෙස් ලබාදී ඇත.
- Comcast: සේවකයින්ට සතියේ කොටසක් කාර්යාලයට පැමිණීමට උපදෙස් ලබාදී ඇත.
උපුටා ගැනීමකි.
