සිපගැනීම විද්‍යාත්මක ඇසෙන්

Jobutexter

Well-known member
  • Feb 21, 2014
    1,131
    1,516
    113
    WANNITHAMMANNAWA
    සිපගැනීම විද්‍යාත්මක ඇසෙන්

    zbhXmVQ.jpg

    ඔවුන් ඉන් පෙර කිසි දිනෙක හමු වී නොතිබිණි. මේ මොහොතේ එකිනෙකාගේ ඇස් එකිනෙකාට හමුවී ගෙවී ගිය නිමේෂයේ, ලජ්ජාවට පත්වූවාක් වැනි හෝ කිසියම් නුහුරු හැඟීමක් එක්වරම ඔවුන් වෙළාගත් බව ඔවුන්ට දැනිණි. එහෙත් තවත් මොහොතකින් එකිනෙකා වෙතට සමීප වූ ඔවුහු ප්‍රේමණීය සිපගැනීමක ආශ්වාදය විඳගත්හ.

    ආගන්තුකයන් දෙදෙනකු සිපගන්නා විට සිදුවිය හැක්කේ කුමක්ද? මේ චිත්‍රපට අධ්‍යක්‍ෂිකා තතියා පිලෙවා ‘ෆර්ස්ට් කිස්’ නම් වීඩියෝව හරහා පිළිතුරු සෙවීමට වෑයම් කරන පැනයයි. මේ වීඩියෝව නිකුත්වී තවමත් වැඩි දවසක් නැත.
    i8tyCKi.jpg


    ඇතැම් අයට එහි නිර්ව්‍යාජභාවය පිළිබඳ ගැටලු තිබේ. නොයෙක් තර්ක – විතර්ක එලෙසම තිබියදී වුණ ද, නිර්මාණයක් ලෙස එය ඉක්මනින් කිපෙන අයගේ පවා හදවත් ස්පර්ශ කිරීමෙහි සමත් බව තවත් අයගේ මතයයි.


    ඇතැම් අධ්‍යයනවලින් පෙනීගොස් ඇත්තේ බොහෝ දෙනකුට තමන් ලිංගික සබඳතාවක් පැවැත්වූ පළමු අවස්ථාවට වඩා හොඳින් පළමු හාදුව මතකයේ තැන්පත්ව ඇති බවයි. බ්‍රිතාන්‍යයේ හදවත් පදනම මගින් සිදුකළ අධ්‍යයනයකදී හෙළිදරව් වූයේ ඊට සහභාගිවූ විවාහකයන්ගෙන් 18% දෙනකුට සිය සහකරු හෝ සහකාරිය සතියකින් හමුවී නැති බවයි. 40% දෙනා තත්පර 5ක් හෝ ඊට අඩු කාලයකට සිය සහකරු හෝ සහකාරිය සිපගෙන ඇත.


    ඔක්ස්ෆර්ඩ් සරසවිය මගින් මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළිදරව් කෙරුණේ මිනිසුන් සිය දෙතොල් වසාගෙන සිටින්නේ ජෛව විද්‍යාත්මක අනුරූප්‍යතාව පවත්වා ගැනීමට බවයි. මේ සිද්ධාන්තය ‘ද සයන්ස් ඔෆ් කිසින්ග්’ කෘතියේ කතුවරිය ෂෙරිල් කිෂන්බවුම් ද සනාථකර තිබේ.
    පර්යේෂණවලදී පෙනීගිය කාරණයක් තමයි, බොහෝ කාන්තාවන් ආකර්ෂණය වන්නේ පිරිමින්ගේ සුවඳට බව. අතිශයින්ම වෙනස් ජාන කේත සැකැස්මකට මේ තත්ත්වය හේතු වෙනවා. ප්‍රතිශක්තිය, ශක්තිමත්බව ආදී කාරණා ඔස්සේ සෞඛ්‍යසම්පන්න දරුවන් බිහිකිරීමටත් මේක බලපාන බව මේ අනුව පැහැදිලි වෙනවා.


    හොඳ සිපගැනීමක් නැත්නම් හාදුවක් සිය සහකරු දිගුකාලීනව තමන්ට ගැළපෙනවාද කියන කාරණය නිශ්චය කරගැනීමට කාන්තාවන්ට විශාල පිටුබලයක් සලසනවා...” මේ සමඟම මතුවුනු තවත් ප්‍රශ්නයක් වන්නේ අඩුවෙන් සිපගන්නා දිගුකාලීන සම්බන්ධතාවන් සහිත යුවළක් කෙරෙහි මෙය බලපාන්නේ කෙසේද යන්න ය.


    සිපගැනීම නැත්නම් හාදුව පිළිබඳ කෘතියක් රචනා කළ තවත් ලේඛිකාවක වන ඇන්ඩ්‍රියා ඩෙවිර්ජියැංට අනුව, සිප ගැනීම මගින් සැලසෙන සෞඛ්‍යමය ප්‍රතිලාබ බෙහෙවින් වැදගත් ය. ජීවිතයට අප්‍රමාණ සතුටක් රැගෙන එන කාරණයක් ලෙස ද ඇය සිපගැනීම විස්තර කරයි. “දෙතොල්වල බොහෝ ස්නායුන්ගේ අන්තයන් පිහිටා තිබෙනවා.
    PbEhMxJ.jpg


    හාදුවකදී එක්වරම උද්වේගයක් ඇතිවන්නේ ඒ නිසයි. එවැනි මොහොතක සංඥාා රැසක් මොළය වෙත යොමු කෙරෙනවා. මෙහිදී රුධිර නාල පළල් වෙනවා, රුධිර පීඩනය අඩු වෙනවා. හදවතට රුධිරය පොම්ප කෙරෙන අතර ඔබට විශාල සැහැල්ලුවක් උදාවෙනවා...” ඩෙවිර්ජියැංග් මෙය උපමා කරන්නේ ධාවකයකු ගේ උපරිමයටයි.


    සතුට ඇතිකිරීමට හේතුවන රසායනික වන සෙරටොනින් සහ ඩොපමින් ප්‍රේරණය වීම ද මෙහිදී සිදුවේ. එනම් එක් අතකින් බලන විට ඇඩ්‍රිනලින් ඝ්‍රාවය වේගවත් වේ. එහිදී ඔබ අත්විඳින්නේ ඔබේ මුහුණ රතුවන අන්දමේ හැඟීම් සමුදායකි.


    නමුත් ඒ හා සමඟම ඔබේ රුධිර පීඩනය හා හෘදයේ වේගය පහත වැටෙන බව ද පෙනීගොස් තිබේ. එය රුධිර නාල පුළුල්වීමට හේතුවකි. මේ නිසා යම් හිසරද ගතියක්, කෙණ්ඩා පෙරළෙන්නාක් වැනි ගතියක් සමඟ හදවතේ වේගය ඉහළ යාමක් ද කැලරි දහනය වේගවත් වීමක් ද සිදුවිය හැකි ය.


    මාෂල් ඩැනසි, ‘හිස්ට්රි ඔෆ් ද කිස්’ මැයෙන් මෑතකදී ලියන ලද කෘතියෙන් පෙන්වා දෙන්නේ රොමාන්තික සිපගැනීමේ ඉතිහාසය සොයාගැනීමට ජනපි‍්‍රය සංස්කෘතියේ ආරම්භය කරා ගමන් කිරීමට සිදුවන බවයි. ඔහුට අනුව රොමාන්තික සිපගැනීම ජනපි‍්‍රය සංස්කෘතිය නිර්මාණය වීමට පවා බලපෑ සාධකයකි.
    “රොමාන්තික සිපගැනීමේ නැතිනම් හාදුවේ මුල කොතැනද කියල දැනගන්න මට ඕන වුණා. මං පැරැණි සිතුවම් පිළිබඳ විමසිලිමත් වුණා. හැබැයි ඒවායින් මට එය හමුවුණේ නෑ. මධ්‍යතන යුගය දක්වාම රොමාන්තික සිපගැනීම දක්නට නොතිබූ බව මගේ අධ්‍යයනවලදී පැහැදිලි වුණා...
    ස්වස්ථතාව සහ නිවර්තන වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලන්ඩන් පාසලේ වෛද්‍ය මැලේරි ‘ක’ ටිස්ට අනුව, සිපගැනීම නැතිනම් හාදුව පරිණාමය වූයේ එකිනෙකා කෙරෙහි ඇති මූලික අරුචියත් සමඟයි. ඔහු පිළිකුල පසුපස ඇති විද්‍යාව පිළිබඳ කෘතියක කතුවරයා ද වෙයි.


    “මිනිසාට වැඩිම අනතුර තියෙන්නේ විශාල විලෝපිකයන්ගෙන් නෙමෙයි. අප තුළම සිටින පණුවන්, පරපෝෂිතයන් ආදී ජීවීන්ගෙන්. මේ නිසා පරම්පරාගතවම ඔවුන්ගෙන් බේරී සිටිය යුතු බවට අපට උපදෙස් ලැබෙනවා.


    කවුරු හරි වීදියක යනවා ඔබ දැක්කොත් ඔහු හෝ ඇයත් හරියට මේ පරපෝෂිතයෙක් වගේ. ඔබට ඔහ හෝ ඇය සිපගැනීමට ඇත්තටම වුවමනාවක් නෑ. අනෙක් අතට මිනිසා කියන්නේ සමාජශීලි සත්වයෙක්. එතකොට අපට මේ ගැටලුවත් එක්ක ගනු- දෙනු කරන්න වෙනවා...”
    මිනිසුන් එකිනෙකා සිපගැනීම නතර කළොත් කුමක් සිදුවෙයි ද? ඒකෙන් හැඟෙන්නේ ඔවුන් අතර තවදුරටත් බැඳීමක් නැති බව. සම්බන්ධතා මනෝවිද්‍යාවේ පැහැදිලි කරන පරිදි ඔබේ විවාහ ජීවිතය අනතුරුදායක අවදියකට ප්‍රවේශවී ඇති බව අඟවන පළමු සංඥාවක් වන්නේ ඔබ පැලඳ සිටි සපත්තු ඉවත් කරන විට හෝ මේස් ඉවත් කරනවිට ඔබේ බිරිය නාසය හකුළා ගැනීමයි.


    එය තවදුරටත් ඇය ඔබට ආදරය නොකරන බව කියාපාන සංකේතයකි. “කවුරු හරි විවාහක දෙන්නෙක් දීර්ඝකාලයක් එකිනෙකා සිප ගන්නෙ නෑ කියන්නෙ ඔවුන් අතර බැඳීම ලිහිල් වෙලා කියන එකයි...” මේ එය ඇය පැහැදිලි කරන අන්දමයි.


    ඇරිසෝනා සරසවියේ පර්යේෂක කණ්ඩායමක් විවාහක හෝ එකට ජීවත්වන යුවළවලට උපදෙස් දෙමින් කියා ඇත්තේ නිරන්තරයෙන් එකිනෙකා සිපගන්නා ලෙසයි. එමගින් ආතතිය අඩුවනවා පමණක් නොව සබඳතා තෘප්තිමත් වීමද සිදුවේ. අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පහත වැටීම, එකිනෙකා අතර ගැටුම් අවමවීම ද සෙසු ප්‍රතිලාබ ය.


    “සිපගැනීමකට සිරුරත් සමඟ ආධ්‍යාත්මික බැඳීමක් ඇති කළ හැකියි, එය ආත්මීය බැඳීමක් ලෙසද දකින්න පුළුවන්. ආදරය වේගයෙන් හා භෞතිකව මිනිසුන් වෙනස් කරනවා. ඒ වෙනසට ලෝකයත් වෙනස් කළ හැකියි.” සැනෙසි අවධාරණය කරයි.

     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    අපිට නම් ඉතින් කොට්ටේ තමා සිපගන්න කියලා තියෙන්නේ :(