සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කරයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල වැඩි කර තිබේ.

    ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 55 කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 176 කි.

    සුපර් ඩීසල් මිල රුපියල් 95 කින් වැඩි කර ඇති අතර ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 254ක් ලෙසය.

    පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 254 ක් වන අතර එහි මිල වැඩිවීම රුපියල් 77 කි.

    පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 76 කින් වැඩිකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 283 කි.

    මෙම මිල වැඩිකිරීම 11 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බව සඳහන් වෙයි.

    මේ අතර ඊයේ (10) ලංකා අයි ඕ සී සමාගම ද ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළේය.

    ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එම සමාගම අලෙවි කරන සෑම වර්ගයකම පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 75කින් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කළේය.

    එය මෑත ඉතිහාසයේ මෙරට ඉන්ධන මිල එකවර වැඩිකළ පළමු අවස්ථාව වෙයි.

    ඒ අනුව මෙතෙක් රුපියල් 204ක්ව පැවති IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 254ක් දක්වා ඉහළ නංවා තිබේ.

    රුපියල් 233ක්ව පැවති IOC ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 283ක් ලෙසය.

    යුරෝ 3 පෙට්‍රල් ලීටරයක් මෙතෙක් පැවතියේ රුපියල් 213ක් වන නමුත් මෙම මිල සංශෝධනයත් සමග එය රුපියල් 263 දක්වා වැඩි වෙයි.

    මෙතෙක් රුපියල් 139ක්ව පැවති IOC ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 214 ක් වන අතර රුපියල් 174ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 249ක් විය.

    "එක්ස්ට්‍රා මයිල්" ඩීසල් ලීටරයක මිලද රුපියල් 145 සිට රුපියල් 220 දක්වා ඉහළ නංවා තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පැවසුවේ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල දෙවතාවක් අවප්‍රමාණවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ දැමීමට සිදුවූ බවය.