සිම්පත් 4ක (Quad Sim) ජංගම දුරකථනයක් ඇවිත්.
වර්තමාන ලෝකයේ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය මේ වන විට සීඝ්‍ර දියුණුවකට පත්ව තිබේ. මීට වසර දෙක තුනකට ඉහතදී අරුමයක් සේ පෙනුනු ද්විත්ව සිම් සහිත ජංගම දුරකථනය අද වන විට සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. දැන් එතැනිනුත් තවත් එහාට ගිහින් සිම් පත් හතරක්ම එකවර භාවිතා කළ හැකි ජංගම දුරකථනයක් වෙළදපොලට ඇවිත්.
Flying F160ලෙස නම් කර ඇති මෙම නවතම ජංගම දුරකථනය ලෝකයේ ප්‍රථම සිම්පත් හතරක දුරකථනය(Quad SIM card, Quad standby) ලෙස හැදින්වේ. මෙමගින් ඔබට සිම්පත් හතරකම සේවාව එක්වර ලබාගත හැකියි. සාමාන්‍ය ජීවීතයේදී සිම් පත් හතරක සේවාවන් අපට අත්‍යාවශ්‍ය නොවූවත් රටින් රටට සංචාරය කරන්නන්ට, කාර්බහුල ව්‍යාපාරිකයන්ට හා එකිනෙකට වෙනස් දුරකථන ජාල කිහිපයක්ම භාවිතා කරන්නන්ට මෙම ජංගම දුරකථනය කදිමට ගැලපෙන බව කිව හැකියි.
එමෙන්ම මෙම කුඩා හුරුබුහුටි ජංගම දුරකථනය තවත් විශේෂාංග රාශියකින් යුතුයි. අගල් 2 ක QVGA (පික්සල් 320 X 240) ස්පර්ශ සංවේදී තිරය, රූපවාහිනී සේවා හා ගුවන්විදුලි සේවාවන් ග්‍රහණය කර ගැනීමේ හැකියාව, 0.3 MP කැමරාව ආදියට අමතරව මෙය වර්ණ මාදිලි රැසකින් තෝරා ගැනීමේ හැකියාවෙන් ද යුක්තයි.
විශේෂයෙන් මෙය unlocked ආකාරයේ දුරකථනයක් නිසා කිසිදු බාධාවකින් තොරව ඕනෑම රටක, ඕනෑමජාලයක් සමග භාවිතා කළ හැකියි. QWERTY යතුරු පුවරුවක් සහිත නිසා SMS භාවිතය පහසුයි. එමෙන්ම ස්පර්ශ සංවේදී තිරය නිසා මෙනු අතර සැරිසැරීම පහසුයි...වේගවත්. ඒ වගේම ඊ-බඩී හා ඔපෙරා මිනි යන මෘදුකාංගත් ඇතුලත් බව පැවසෙනවා.
දුරකථන ජාල කීපයක් භාවිතා කරන්නන්ට නම් මෙම ජංගම දුරකථනය හොද විකල්පයක් වේවි. චීනයේ නිෂ්පාදිත අනෙකුත් දුරකථන වලට සාපේක්ෂව මෙම දුරකථනය විශේෂතා කීපයකින් යුතුයි. සාපේක්ෂව අඩු මුදලකට මිල කර ඇති මෙය ඩොලර් 75 කට මිලදී ගත හැකියි.

Last edited:
kolloOonta kellanta maru ban unta itin ekak dekak madii neh sim 