සියල්ලෝම අකමැති වෙති දඩුවමට... සියල්ලෝම භිය වෙති මරණයට

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    සිත ක්‍රමානුකූලව පුහුණු කිරීමේදී ඔබ පෙර බොහෝ පහසුවෙන් කිපෙන අයෙක් වුවද හිත රිදෙනම වදනක් හමුවේ හෝ උපේක්ෂිත වීමට පුරුදු වේවි. ඔබේ සිත රිදෙන වදන් ඇසීමට ඔබ අකමැති වනවා සේම සෙස්සෝද අකමැති වේ... බුදුරජාණන්වහන්සේ බොහෝ විට "අත්තානං උපමං කත්වා.... " යන වදනින් තමා උපමා කොට සිතන්න යැයි අවවාද දුන් සේක ...
    "සබ්බේ තසන්ති දණ්ඩස්ස ... සබ්බේ භායං මච්චුනෝ... අත්තානං උපමං කත්වා... න හනෙයිය න ගාථේ...."
    සියල්ලෝම අකමැති වෙති දඩුවමට... සියල්ලෝම භිය වෙති මරණයට.. තමා උපමා කොට සිතන්න ... කිසිවිටක කිසිවෙක් නොපෙලන්න.. තවෙකෙක්ගේ වේදනාවකට හේතුවක් නොවන්න ....

    ධම්ම පදයේ දණ්ඩ වග්ගයේ සදහන් ගාථාවක මෙය මෙසේ සදහන් වී ඇත ..

    අනෙකාගේ වේදනා ව අනෙකාගේ ජීවිතය තමා හා වටිනා බව සලකන්න ... ඇතැම් විට ඔබ නන්දි විසාල ගවයා ගේ කතාව අසා ඇත .. තම ස්වාමියාගේ එක් කරුණා බර වදනකට අවනත ව නන්දි විසාල ගවයා ගැල් පන්සීයක ක බර එක්වර ඇද්දා.. කරුණා මෛත්‍රිය දයා ගුණ යන්හි අප්‍රමාණ ශක්තිය ක් ඇත .. කරණීය මෙත්ත සූත්‍රය ඔබ නිතර භාවිතා කරන්නේ නම් එහි ගාථා පාඨයක බුදුරජාණන්වහන්සේ මෙලෙසින් අනුදැන වදාරා ඇත ...

    කාය විචාරයෙන් හෝ මනෝ විචාරයෙන් කිසිවෙකුත් තවෙකෙක්ගේ දුකක් කැමති නොවෙත්වා..... මේ ලෝකය තුල යම් සුභාෂිතයක් ඇත්නම් එය බුදුරජාණන්වහන්සේ ගේමය... ඒ අනුව ජීවිතය හැඩ ගස්වා ගැනීමම උත්තම මංගල කාරණයකි.. මල් වැනි සුභාෂිත වදන් ම උන්වහන්සේ ගේ ශ්‍රී මුඛයෙන් පිටවූ නිසාම උන්වහන්සේ පුප්ඵභානී වූ සේක .... දස දහසක් සක්වා තල නිවා සනසාලූ බුදු වදන් තම හද සන්තානයට පමුණුවා ලීමට ඒකාන්තයෙන් සුදුසු වන්නේය ... "සුභාෂිතාච යා වාචා" සුභාෂිත වදන් ම භාවිතා කරන්න ... මහණෙනි මෙය උතුම් මංගල කාරණයෙකි!!! ඔබ වෙනස් වෙන්න ..
    ඔබ සුභාෂිතයක්ම කතා කරන්න ...
    ඔබ අවට පරිසරය වෙනස් වේවි ...

    බුදුරජාණන්වහන්සේ ආර්‍ය් නිශ්ශබ්ද තාව බොහෝ කොට ගරු කල සේක .
    "දෙතිස් කතාවෙන් දුරුව අර්ථවත් දෙයක් කතා කල නොහැකි නම් මහණෙනි නුඹලා සිත රැකගනිමින් නිශ්ශබ්ද ව සිටින්න" ... නිරන්තර කතාව සතිය සමාධිය වනසන මහත් උවදුරකි...
    තවත් ගැඹුරින් ප්‍රඥා ගෝචරව ද්වේශයෙන් මිදීමට ඔබ මනෝ පවිචාර ධර්මයන් පිලිබද මනා අවබෝධයක් ලබනවා නම් බොහෝ ප්‍රයෝජනවත් වේ... කෝපය ව්‍යසනයකි... එයින් පළමුව තමා දැවේ... රත් වූ ගිනි අගුරු ගොඩක් දෝතින් ම ගෙන අනෙකාට දමා ගසන්නට පෙර තම දෑත් දැවේ .. එයින් වැඩි හානිය තමාටය. උප්පන්නා වූ විහිංසා, ව්‍යාපාද විතර්කයෝ ප්‍රහාණය කරගැනීමට උත්සුක නොවන ඔබ මෙලොව ත් දැවේ ... පරලොවත් දැවේ ....

    ඔබ ගැටෙන්නේ බාහිර සතුරෙක් සමග නොවේ !
    සතුරාද මිතුරාද නිර්මාණය කරන්නේ සිතිනි සිතුවිලි තුළිනි... සතිමත්ව බලන්න ව්‍යාපාද සිතුවිලි උපන් විටම එය හදුනා ගන්න ..
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    සියලු සත්වයෝ දඬුවමට බිය වෙති කියලා තමයි 2020 අසාදු (Grey List) ලේඛණයයෙන් ඉවත් උනේ, අන්තිමට ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ. 😊