කවර බුද්ධිමතෙකුට හෝ කර්මවාදය පිළිබඳව ඇතිවන ඇතිවිය හැකි කෙබඳු වු හෝ ප්‍රශ්නයක නියම පිළිතුර බුදුරදුන් වදාළ කර්ම විභාගයෙහියෙදී ඇත්තේ ය. සූත්‍රාන්ත නයින්, අභිධර්ම නයින් හා විපාක නයින් විද්‍යාත්මක ලෙස ඊට පිළිතුරු ලැබිය හැකි ය. අන්‍ය තීර්ථකයන් හෙවත් වෙනත් ශාස්තෘවරුන් කිසිවෙක් නුදුටු, නොකිව හැකි කර්මවිපාක පිළිබඳව විග්‍රහයක් බුදුරදුන් විසින් විශාරද ලෙස “මහා කම්ම විභාග සූත්‍රයේ” වදාරා ඇත. මේ වනාහි අනන්‍ය සාධාරණ වූ බුද්ධ ඥානයේ විචිත්‍ර විශිෂ්ට අවස්ථාවකි. එනම් වෙනත් චෙතොවසිප්‍රාප්ත ශ්‍රමණ බ්‍රාහ්මණයන් දිව්‍යඥානයෙන් අපායගත සත්වයන් හා දේවලෝක ගත සත්වයන් බලා පව්කරන්නවුන් අපාගත වන බවත්, පින් කරන්නවුන් සුගතිගාමී වන බවත් පවසමින් දෙයාකාර විග්‍රහයක් කරන අතර, බුදුදහමෙහි එය සිව්වැදෑරුම් වේ. එනම්,
1. පව් කරන්නා දුගතියට යයි,
2. පව් කරන්නා සුගතියට යයි (ආසන්න කුසලකර්මයක් නිමිති වීමෙනි)
3. පින් කරන්නා සුගතියට යයි,
4. පින් කරන්නා දුගතියට යයි (ආසන්න අකුසල කර්මයන් කර්ම නිමිති වීමෙනි)
මේ වෙනස දෘෂ්ටිගතිකයන්ට නොපෙනේ.
කර්මවිපාක ප්‍රශ්න
කවරෙකු විසින් හෝ කර්මය පිළිබඳව නැඟිය හැකි ප්‍රශ්න මේවායි සලකතහොත් ඒවාට අදාළ පිළිතුරු මේ මූලධර්මයන් සාධක කොට ඉදිරිපත් කළ හැකි ය.
1. සියල්ල සිදුවන්නේ කර්මයෙන්මද? නැත, පංචවිධ නියාම ධර්ම අතුරෙන් කර්ම නියාමය එකකි.
2. සියලුම කුසලාකුසලය කර්මයට විපාක විඳිය යුතුමද? නැත. අහෝසි කම්ම විධියෙන් විපාක නොලබන අවස්ථා ඇත.
3. කර්ම විපාක වෙනස් නොවේ ද? වෙස් කළ නොහැකි ද? වෙනස් ද වේ. වෙනස් කළ හැකි ද වේ. ගති සම්පත්ති, ගති විපත්ති, කාල සම්පත්ති, කාල විපත්ති, උපධි සම්පත්ති, උපධි විපත්ති යන තුනෙන් වෙනස් විය හැකිය. පයෝග සම්පත්ති, පයෝග විපත්ති යන දෙකින් වෙනස් කළ හැකි ය.
4. ඊශ්වර නිර්මාණවාදය අනුව දෙව්බඹුන්ගේ කැමැත්ත අනුව දුක සැප සිදුවේද? නැතහොත් ඉබේ නියතිවාදය අනුව සිදුවේද? නැත. ලෝකයේ හේතුඵල වශයෙන් සිදුවේ. එනම් පටිච්ච සමුප්පන්නයි. කර්ම හේතුයි. විපාක ඵලයි.
කර්ම රැස් කිරීමේ දී පුඤ්ඤභිසංඛාර (කුසල්) අපුඤ්ඤාභිසංඛාර (අකුසල්) ආනෙඤ්ජාභිසංඛාර (ධ්‍යාන) වශයෙන් ද දාන සීල භාවනා වශයෙන් ත්‍රිවිධ වූ දශවිධ පුණ්‍ය ක්‍රියා වශයෙන් ද රැස්කරනු ලැබේ. ඒවාට විපාක ලැබීමේ දී දිට්ඨධම්මවේදනීය ආදී 4 ක් කාල වශයෙන් ද ජනකාදී 4 ක් කෘත්‍ය වශයෙන් ද, ගරුකාදී 4 ක් ක්‍රම වශයෙන් ද, කාම සුගති, දුගති ආදී 4 ක් ස්ථාන වශයෙන් ද බල පවත්වන අතර, ගති, ආදී සම්පත්ති – විපත්ති වශයෙන් අට ආකාරයකින් කර්ම විපාක වෙනස් වන බවත් බෞද්ධ අධ්‍යයනයෙහි ප්‍රසිද්ධ පාඩමකි. මෙකී 24 ආකාර මූලධර්ම වලින් පිළිතුරු කිසිවෙකුටත් නොනැඟිය හැකි ය.
කර්මක්ෂය කිරීම
මෝක්ෂය (නිර්වානය) සඳහා කර්ම ක්ෂය වීම අවශ්‍යම බව සියලු ශාස්තෘන් පවසා ඇත. මක්ඛලිගෝසාල ආදී නියතිවාදීන් කියන්නේ ඉබේම පරිණාමයෙන් කල්ගතවීමෙන් කර්ම ක්ෂය වන බවයි. ජෛන ආදීන් පවසන්නේ දුෂ්කර ක්‍රියාවෙන් (නිර්ජරාවෙන්) කර්ම ක්ෂය කළ යුතු බවයි. එහෙත් බුදුරදුන් කර්ම ක්ෂය වීම වදාළ ආකාරය ඉතා විසිතුරුය.
“කර්මක්ෂය කර ඥානය” යන්න මෙහි පාරිභාෂික වචනයයි. දීර්ඝ විස්තරයක් පතන මේ වචනයට සැකෙවින් දිය හැකි පිළිතුර නම් අර්හත් මාර්ග ඥානයෙන් මෙය ඇතිවන බවයි. රහතුන් වහන්සේලාගෙන් සිදුවන හෝ සිදුකරන කර්ම කුසල්ම වන අතර ඒවා අව්‍යාකෘත නමින් හැඳින්වෙත්. විපාක ඥාන ශක්ති නැත. ඇහැ වූ බීජ මෙනි. උන්වහන්සේලාට විපාක ලැබෙන්නේ පෙර කළ කර්මවල අපරාපරීය කොටස පමණය. ඒවා විපාක මිස කර්ම නොවේ. කර්මයන්ගේ නිදානය (මූල හේතුව) “ඵස්සා භික්ඛවේ කම්මා නං නිදානං” කියා වදාරා කර්ම නිරෝධය “ඵස්ස නිරෝධො කම්මානං නිරෝධො” යනුවෙන් වදාරා ඇත. මෙහි “ඵස්සා නිදාන” යනු ආත්මභාවයයි. ඵස්ස නිරෝධ යනු නිර්වාණයයි. විමුක්තිය නම් කර්ම බන්ධනාගාරයෙන් මිදීමයි.
කාය වචී කර්මයනට වඩා මනෝකර්ම “මහාසාවජ්ජතර” (අකුසල්) බව දීඝ තපස්සී ජෛනයාට (උපාලි සූත්‍රයේ) බුදුරදුන් දේශනා කර ඇත. කුසල කර්ම අකුසල් කර්මයන් පිළිබඳ බෞද්ධ ප්‍රතිපත්තිය (ක්‍රියා කළ යුතු හැටි) සම්‍යක් ප්‍රධාන වීර්යසතරින් බුදුරදුන් පැහැදිලි කර ඇත.
සත්ත්වයන්ගේ නානාත්වය (වෙනස්කම්) ඇතිවන්නේ කර්ම විපාක අනුව බව (කම්මං සත්තේ විහජති යදිදං හීනප්පණීතතාය)වදාරා ඇති අතර, කර්ම විපාක වලින් මිදිය හැකි කිසිම තැනක් ලොව නැති බව ද (න විජ්ජතී සො ජගතිප්පදෙ සො....) වදාරා ඇත. සැකැවින් පවසතොත් මුළු ලෝකයම පවතින්නේ කර්මයෙන් බව (කම්මනා වත්තතී ලොකො කම්මනා වත්තතෙ පජා) බුද්ධ දේශනාවයි.
කම්ම – විපාක සම්බන්ධය
කර්මයන්ගේ “දිට්ඨධම්මවේදනීය” විපාක කොටස හේතු ඵල වශයෙන් සලකා බැලීමේ දී බුද්ධිමතෙකුට එක්තරා ප්‍රමාණයකට වටහා ගත හැකි ය. එහෙත් අනෙක් කොටස් නියත ලෙස සාමාන්‍ය බුද්ධියකින් දැක ගැනීම අපහසුය. කෙසේ වෙතත් සම්‍යග්දෘෂ්ටිකයෝ දුක සැප ලැබීම කර්ම විපාක අනුව සිදුවන බව අදහති. දුන් විපාක නැත ආදී වශයෙන් සිතන්නේ මිථ්‍යාදෘෂ්ටිකයෝ ය. බුදුදහමෙහි “කර්ම” යනු “චේතනාව“ යයි කියන ලදී.
එය චෛතසිකයකි. එහි විපාක වනාහී “නාම ධර්මය” ක් (චිත්ත චෛතසිකයක්) ද? නැතහොත් රූප ධර්මයක් ද? අබිදහම අනුව “විපාක සිත්” යයි කොටස් තිබෙන බව ප්‍රසිද්ධයි. පි‍්‍රය හෝ අපි‍්‍රය චක්ඛුවිඤ්ඤාණාදියක් (විÁදනයක්) ලබන්නේ කුසලා කුසල සංඛ්‍යාත චේතනාවල විපාක වශයෙන් බව එහි කියන ලදී.
මේ අනුව කර්මයත් නාම ධර්මයකි. විපාකයත් නාම ධර්මයකි. “දන්දීම” කුසල කර්මයකි. එනම් අලෝහ චෛතසිකයකි. දන්දීමේ කර්මයෙන් භව බෝග සම්පත් විපාක වශයෙන් ලැබේ. ඒවා රූප ධර්මයයි. නාමධර්ම නොවේ. නාමධර්මයක විපාක රූප ධර්ම වූයේ කෙසේ ද? මෙය ඉතා ගැඹුරු තැනකි. මෙහි සම්පත් ලැබුනායි කියන්නේ ඒවා පිළිබඳ අයිතිය ලැබීමයි.
අයිතිය යනු, සිතේ පවතින තත්ත්වයකි. ඒවා වනාහී කුසල විපාක චඛුවිඤ්ඤාණාදීවිපාක සිත් මිස අනිකක් නොවේ. යමක් අයිති යැයි සිතා ලෝභ යයි ද ඒ නිසා අලෝහයෙන් (දන්දීමෙන්) ලෝභයක් (සම්පත් අයිතියක්) විපාක විය හැකි ද? වරදවා නොගත යුතු ය. වස්තු සම්පත් ලැබුණාම, අයත්වුනාම කෙනෙකුන්ට ඒවා පිළිබඳ ලෝහ ඇතිකර ගත හැකි බව සැබෑය. එහෙත් විපාක වනාහී ඒ ලෝහය නොව ඇස් කන් නාසාදියෙන් ඒවා වින්දනය කිරීමයි. එනම් චක්ඛු විඤ්ඤාණාදියයි.
මෙසේ කුසල් කර්මයකින් අකුසල් විපාකයක් නොලැබේ. මෙය සරලව පැහැදිලි කළහොත් මෙසේ ය. වින්දනය කිරීමේ දී බාහිර සහ අභ්‍යන්තර වශයෙන් ගැටුමක් හිංසාවක්, බාධාවක් ඇති නොකරගත යුතු ලෙස පරිහරණය කළ යුතු වෙයි. තමාගේ දෙය හෝ භුක්ති විඳිය යුත්තේ තමාටත් වෙනත් අයකුටත් අහිතක්, කරදරයක් ඇති නොවන පරිදිය.
බුදුරදුන් වදාළ බෞද්ධ කර්මවාදය පුද්ගල වගකීම් සහ සමාජගත වගකීම් තහවුරු කරන අතර, විපාක විවරණයෙන් මිනිසා සහ සමාජය ආරක්‍ෂා කොට තබයි. පැමිණි දුක ඉවසීමෙන් දාර්ශනිකව විඳ දරා ගැනීමට හැකි වීමත්, අනාගතය දෙස සාපේක්‍ෂ (බලාපොරොත්තු සහිතව) වීමටත්, එහෙයින්ම අස්වැසිල්ලක්, සැනසිල්ලක් ඇතිවීමට උපයෝගී වේ.
හෑගොඩ විපස්සී හිමි
තෙරුවන් සරණයි!
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම