සියල්ල සිදු වන්නේ යහපතටයි

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    සියල්ල සිදු වන්නේ යහපතටයි

    2001 සැප්තැම්බර් 11 වන දින ඔබට මතකද?
    අමතක වීමට හේතුවක් නැත,ඒ මුලු ලොවම සසල කල ලෝක වෙළද මධ්‍යස්ථාන ප්‍රහාරය සිදු වූ දිනයයි. ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් තුන් දහසකට අධික ප්‍රමානයක් මිය ගිය අතර විශාල ප්‍රමානයක් තුවාල ලැබීය...

    එදින සිදුවූ පහත සිදුවීම් ඔබ දැන සිටියාද?

    •එක් විශාල සමාගමක හිමිකරුවෙකු එදින කාර්යාලයේ සේවයට වාර්තා නොකලේ ඔහුගේ පුතු එදිනම බාලාංශයට ඇතුල් වූ නිසාවෙනි.
    ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි.

    •මිතුරන් සමගින් ඇල්ලූ ඔට්ටුවකින් පැරදී ඔවුන්ට ඩෝනට් ගෙන ඒමට තවත් අයෙක් කාර්යාලයෙන් පිට විය.
    ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි.

    •තවත් කාන්තාවකට එදින කාර්යාලයට පැමිනීමට පමා වූයේ ඇගේ බස් රථය මග හැරුන නිසාය.
    ඒ නිසා ඇගේ දිවි ගැලවුනි.

    •තවෙකුගේ මෝටර් රථය පන ගැන්වීමට නොහැකි වීම නිසා ඔහුට සේවයට වාර්තා කිරීමට නොහැකි විය
    ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි.

    •උදේ ආහාර ගන්නා විට කුඩා දියණිය ඇගේ කිරි බදුන ඔහුගේ ඇදුම් මත ඉහිරවීම නිසා තව පුද්ගලයෙකු එදින පමා විය
    ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි.

    •පාරේ තිබූ රිය අනතුරක් නිසා ඇති වූ වාහන තදබදය හේතුවෙන් තවත් අයෙකු එදින පමා විය.
    ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි.

    •තම බිලිදාගේ අසනීප තත්වයක් නිසා රෝහලට යෑමට සිදු වූ තවත් කාන්තාවක් එදින සේවයට වාර්තා කලේ නැත.
    ඒ නිසා ඇගේ දිවි ගැලවුනි.

    •තවත් අයෙකු නිවසින් එලියට පැමිනෙන විටම ඔහුට පැමිනි දුරකථන ඇමතුමකට පිලිතුරු දීමට යලි නිවසට ගිය නිසා ඔහුගේ සුපුරුදු බස් රථය මගහැරුනි.
    ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි.

    •පුද්ගලයෙකු නිවසින් පිටත් පැමින මද දුරක් ගමන් කරන විට කුරුල්ලෙකු ඔහු මතට වර්චස් පිඩක් හෙලීම නිසා යලි ඇදුම් මාරු කිරීමට නිවසට යාමට ඔහුට සිදු විය,එම නිසා ඔහු පමා විය.
    ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි.

    •කාන්තාවක් පෙරදින අලුත් පාවහන් යුගලක් මිළදී ගත් අතර ඒවා පැලද මද දුරක් යාමේදී ඇයට වැටහුනේ ඒවා මදක් හිර නිසා දෙපා තුවාල වී ඇති බවයි. එම නිසා ඇය ප්ලාස්ටරයක් මිලදී ගැනීමට අසල වූ ෆාමසියකට ගොඩ වැදුනි.
    ඒ නිසා ඇගේ දිවි ගැලවුනි.

    එම නිසා ඔබ ඊළග මොහොතේ,

    •පාරේ වාහන තදබදයක සිරවී සිටින විට
    •විදුලි සෝපානයක් මග හැරුනු විට
    •ඔබව කෝප ගන්වන සුලු සුලු සිද්ධි සිදු වූ විට

    ඒ ඒ මොහොතේ ඔබ සිටිය යුතු නියම ස්ථානය බව සිතන්න

    ඊළග උදෑසන,

    •ඔබේ දරුවන් සූදානම් වීමට පමා වන විට
    •මෝටර් රථයේ යතුර සොයා ගැනීමට නොහැකි වන විට
    •පාරේ වාහන තදබදයකට හසු වූ විට
    •ඔබට ඉදිරියෙන් වාහනය ඉතා සෙමින් ගමන් කරනා විට
    •ඔබට බස් රථය මග හැරුනු විට

    ඒ සියලුම දේ සිදුවන්නේ යහපත් හේතුවකට බව සිතන්න,ඒ ඒ මොහොතේ ඔබ සිටිය යුතු ආකාරයයි,සියලු දේ සිදු වන්නේ ඔබේ යහපතට බව විශ්වාස කරන්න!!!.

    Source : Kajuwaththa Eksath
     
    • Like
    Reactions: tharinda76
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අඩේ ඔව් බන්...........
    අපට සිද්දවෙන හැම දෙයක්ම වෙන්නේ හොදට කියලා අපි හිතාගන්න ඔනේ...........:)

    You must spread some Reputation around before giving it to gayendra9*9 again.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Captain ජැක් ස්පැරෝ;11764198 said:
    අඩේ ඔව් බන්...........
    අපට සිද්දවෙන හැම දෙයක්ම වෙන්නේ හොදට කියලා අපි හිතාගන්න ඔනේ...........:)

    ඔව් මචන් අනිවාරෙන්ම!!තොට දෙන්න හිතෙන +4 ක්,කොහෙද ඉතින් අද උදේ පාන්දර දීපු නිසා ආපහු දෙන්න එපාලු....