සියලුම අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීමට නියෝග

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    (නිමන්ති රණසිංහ)

    ශ්‍රී ලංකාව තුළ පවතින සියලු අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත අද (29) නියෝග කළාය.

    අනර්ථකාරී වෙබ් අඩවි අන්තර්ජාලයට ප්‍රවේශ කිරීම් , එවැනි වෙබ් නාමයන් ලියාපදිංචි කිරීම් , ගෙවීම් කිරීම් හා සේවා සැපයුම්වලට අදාළ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරිය එම කොමිසමට නියම කළාය.

    අනර්ථකාරී වෙබ් අඩවි මගින් විවිධාකාරයේ මිනිස් වෙළෙදාම හා ලිංගික අපයෝජනය සිදු වන බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බැවින් මෙම වෙබ් අඩවි තහනම් කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළාය.

    අනර්ථකාරී වෙබ් අඩවි හේතුවෙන් දැනට පවත්නා තත්ත්වය ක්ෂණිකව පාලනය කිරීමට අධිකරණය මැදිහත් විය යුතුව ඇති බැවින්, වී අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 ප්‍රකාරව අධිකරණ බලය පාවිච්චි කරමින් මෙම නියෝග නිකුත් කරන බවද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය .

    ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි දැරියක අන්තර් ජාලය මගින් ලිංගික කටයුතුවල යෙදවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (29) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විණි.

    ඉකුත් නඩු දිනයේදී මහේස්ත්‍රාත්වරිය කළ නියෝගයකට අනුව, විදුලි සංදේශ නියාමන කොමිසම නියෝජනය කරමින් එහි නීති නිලධාරිනිය අධිකරණයේ පෙනී සිටියාය.

    මෙම නඩුවේ ප්‍රධාන සැකකරු ලෙස සැළකෙන රජිව් රවිනාත් යන අය ඊයේ (29) දින බන්ධනාගාරය අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර ඔහු මෙම නඩුවේ 31 වන සැකකරු ලෙස නම් කෙරිණි.

    බාල වයස්කාර දැරිය ලිංගික හිංසනයට ලක් කිරීම සඳහා මුලික වූ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කළ ලංකා ඇඩ් ඩොට් කොම් වෙබ් අඩවියේ නිර්මාණ පරිපාලක රණසිංහ ආරච්චිලාගේ දුමින්ද සම්පත් පෙරේරා හා එම වෙබ් අඩවියේ හිමිකරු මාකේවෙළ ගෙදර ධනුක කෞශල්‍ය යන සැකකරුවන් ලබන 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය .

    මෙම ප්‍රශ්නාර්ථ වෙබ් අඩවියේ නිර්මාණ පරිපාලක හා හිමිකරු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවනට ඔවුන්ගේ එම වෙබ් අඩවියේ මුරපද මුද්‍රා තබා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට නියෝග කළාය

    මෙම නඩුවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් නව දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන අවසන් බවට පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එක් අයකුට රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළාය.

    සෑම ඉරු දිනකම උදැසන 09- 12 අතර ළමා හා කාන්තා කාර්යාංශය හමුවේ පෙනී සිටීමට ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී සැකකරුවන්ට තවත් ඇප කොන්දේසියක් නියම කළාය.

    Lankadeepa
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අනර්ථකාරී අර්ථ දක්වන්නෙ කොහොමද :baffled:

    බුකියත් අනර්ථකාරී නේද

    gmail එකත් වහන්න වෙයි අනර්ථකාරී email එවන්න පුලුවන් නිසාබුකියත් අනර්ථකාරී නේද
    ------ Post added on Jul 30, 2021 at 7:25 AM
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    අනර්ථකාරී අර්ථ දක්වන්නෙ කොහොමද :baffled:

    බුකියත් අනර්ථකාරී නේද

    gmail එකත් වහන්න වෙයි අනර්ථකාරී email එවන්න පුලුවන් නිසාබුකියත් අනර්ථකාරී නේද
    ------ Post added on Jul 30, 2021 at 7:25 AM
    Sirawata meka balanne kohomada :baffled: sex trafficking sites walata amatharawa porn vid sites ehamath allanwda :baffled:
     
    • Like
    Reactions: Boralugoda01

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    අනර්ථකාරී අර්ථ දක්වන්නෙ කොහොමද :baffled:

    බුකියත් අනර්ථකාරී නේද

    gmail එකත් වහන්න වෙයි අනර්ථකාරී email එවන්න පුලුවන් නිසාබුකියත් අනර්ථකාරී නේද
    ------ Post added on Jul 30, 2021 at 7:25 AM

    okama thamai math ahanna haduwe.. :D

    patta gon neda lankawe oyawage gon theendu dena un..
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,637
    1
    32,407
    113
    - උඩරට -
    ලිංගික අඅධ්‍යාපනය දුන්නා නම් මුල් ලමා වියේදී ඔය මුකුත් නෑනේ - ඒවා දෙන්න ගියාමා සිවුරු දාගෙන ඉන්න එවුන් කෑ ගහනවනේ 🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    සෙක්ස් මැජික් ලකේපංකාවේ

    හතේපොත සිලබස් එකට දාන්න නොදුන් රටක කවර කතාද.

    ලංකාව යනු කැපිටලිසම් එකේ අල්ට්‍රා ප්‍රෝ මැක්ස් වර්ශන් එකක් . ප්‍රජාතන්ත්‍රවාදී රජ පවුල
    සීගිරි චිත්‍ර
    ස්පා පුලුවන් මඩම් බෑ
    පාරේ අතින් අල්ලන් යන්න බෑ ගෝල්ෆේස් එකේ සිපගන්න බෑ
    සෞක්‍ය ලිංගිකත්වය පාඩමට වෙනද එන ගුරුතුමිය නැ එදට පැරශුට් සර්
    කොන්ඩම් මෙසින් සමාජ් පරිහානිය

    වට් ද පක් යකෝ




     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ලිංගික අඅධ්‍යාපනය දුන්නා නම් මුල් ලමා වියේදී ඔය මුකුත් නෑනේ - ඒවා දෙන්න ගියාමා සිවුරු දාගෙන ඉන්න එවුන් කෑ ගහනවනේ 🤣
    ටට්ට යෝ
     
    • Haha
    Reactions: charitha2011

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,991
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නඩුකාර හාමුදුරුවෝ elakiri කියලා google කරොත් නම් මුළින්ම තහනම් කරන්නේ කිරිය තමයි

    thanujaka bro inna nisa baya wenna epa
    Meke inna asahana karayo nisa apitat lassanata inna ba kiriye
    Mama godak dukin ban inne me hitiyata
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    මේ කියන්නේ ලන්කාවේ තියන website ගැන නේද. ඔය අල්ලලා තියන එක වගේ. අනිත්වා අවුලක් නෑ වගේ.
     
    • Haha
    Reactions: topkollek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,958
    113
    එකමත් එක රටක
    නඩුකාර හාමුදුරුවෝ elakiri කියලා google කරොත් නම් මුළින්ම තහනම් කරන්නේ කිරිය තමයි
    නඩුකාර හාමුදුරුවොත් කොල්ලෙක් නේ බන්. එහෙම කරන එකක් නෑ